• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මිනිසුන් 2000ක් අවුරුදු 20ක් හදලත් වැඩ අවසන් නොවූ අරුම පුදුම කෝවිල

July 11, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මිනිසුන් 2000ක් අවුරුදු 20ක් හදලත් වැඩ අවසන් නොවූ අරුම පුදුම කෝවිල
Share on WhatsAppShare on Facebook

පරංගින්ට කොළඹ’ කොටුවට හිරවෙලා බළල් මස් පවා කන්න සිදුවන තරමට අසරණ කරපු ශ්‍රේෂ්ඨ රජතුමෙක් වන සීතාවක රාජසිංහ රජතුමා පිළිබඳ බොහොම කනගාටුදායක කතා පුවතකුත් අපේ මතකයෙ තියෙනවා. ඒ ඔහු තමන්ගෙ පියාව ඝාතනය කළ බව. ජනප්‍රවාදයන්වල වගේම ඇතැම් සාහිත්‍ය මූලාශ්‍රවලත් සඳහන් වන ඒ පුවත් අනුව පිතෘ ඝාතනය නිසා රජතුමා ජීවත්වෙන්නෙ දැඩි චිත්ත පීඩාවකින්. මේ නිසා රජතුමා භික්ෂුන්වහන්සේලා හමුවෙලා පීතෘ ඝාතක පාපකර්මයෙන් මිදීමට උපකාර කරන ලෙස ඉල්ලුවත් භික්ෂුන්වහන්සේලාගෙ අදහස වෙන්නෙ පියා මැරීම ආනන්තරීය පාප කර්මයක් නිසා කුමන අන්දමේ සේවයක් කළත් ඉන් මිදිය නොහැකි බව.

මේ කාලය වන විට පෘතුගීසීන්ට අමතරව දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි විශාල පිරිසකුත් රජවාසල ඇසුරේ හිටියා. මෙලෙස දැඩි චිත්ත පීඩාවක් මැද රජු දිවි ගෙවද්දි මෙරටට පැමිණි සිටි අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් නම් කපටි ආඬි ගුරෙක් රජුගෙ චිත්ත පීඩාව දුරුකරන්න හැකි බව කියමින් රජුට සමීප වෙනවා. ඔහු පවසන්නෙ බුදුදහම අතහැර ශීව ආගම වැලඳගෙන රජ මාලිගාව පිහිටි ස්ථානයට සමීප සීතාවක ගඟේ යාගයක් කිරීමෙන් රජුට මේ පවෙන් මිදිය හැකි බව. චිත්ත පීඩාවෙන් සිටි රජතුමා තමන්ගෙ පැත්තට හරව ගන්න සමත්වුණු මේ ආඬිගුරු “රාජා හෝ මා හෝ ගංගා හෝ” යනුවෙන් ගායනා කරමින් සීතාවක ගඟේ මහා යාගයක් සිදුකරනවා. මේ සුප්‍රකට කියමන ජනප්‍රවාදයට එන්නෙත් මේ නිසා. රජා හෝ මා හෝ ගංගා හෝ කියන්නෙ එක්කො රජා, එක්කො මම, එක්කො ගඟ යන්න. එනම් ‘එක්කෝ රජාට සැනසිල්ලක් ලැබී නින්ද යයි. එසේ නොවුණහොත් රජු අතින් මා මියයයි. නැතිනම් ගඟ පිටාර ගලා අප දෙදෙනාම ගසාගෙන යයි’ යන්න. ඇතැම් ජනප්‍රවාදවලට අනුව මේ අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් සැබෑ මන්ත්‍ර ශාසත්‍රඥයෙක් නෙවෙයි. ඔහු ගඟේ බැහැලා ‘රාජා හෝ මා හෝ ගංගා හෝ’ යනුවෙන් බොරුවට කෑ ගසමින් යාගයක් රඟදක්වා රජු මුළා කර තිබෙනවා.

කොහොම නමුත් බොහෝ කාලයක් චිත්ත පීඩාවෙන් සිටි රජුට මේ යාගය නිසා හොඳින් නින්ද යනවා. ඒක වාසියක් කරගත්ත පෙරුමාල්, රජුව තමන්ට අවශ්‍ය පරිදි අවනත කරගන්න කටයුතු කළ බව ජනප්‍රවාදයෙ දැක්වෙනවා. යාගයෙන් පසුව ශීව දෙවියන් වෙනුවෙන් කෝවිලක් ඉදිකළ යුතු බවට අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් රජුට උපදෙස් ලබාදෙනවා. අදටත් සීතාවක ගං ඉවුරෙ හමුවන ‘බැරැණ්ඩි කෝවිල’ නම් නටබුන් කෝවිල මෙලෙස අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල්ගේ උපදෙස් පරිදි රාජසිංහ රජු තැනවූ කෝවිල බව පොදු ජන මතය බවට පත්වෙලා තියෙනවා. අවිස්සවේල්ල නගරයේ සිට යටියන්තොට දෙසට යන විට සීතාවක ගඟ පසුකරනවාත් සමග ඇති පටු මාර්ගය දිගේ මීටර් 500ක් පමණ ඇතුළට වන්නට තල්දූව ප්‍රදේශයේ සීතාවක ගං ඉවුරේ මේ කෝවිලේ නටබුන් අදටත් දකින්න පුළුවන්.

මේ කෝවිල ඉදිකිරීම පිළිබඳ පවතින තවත් ජනප්‍රවාදයකට අනුව රජු මේ කෝවිල ඉදිකරන්නෙ ගඟ ගොඩකරලා ගඟෙහි යාගය කළ ස්ථානයේ. මෙම කෝවිල අසලදී ගඟ වංගුවක් ගෙන ගලන්නෙ මේ ගොඩකිරීම නිසා බව ඒ ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ශිව දෙවියන් උදෙසා ඉතාමත් අලංකාර අයුරින්, මහල් හතකින් යුතුව බැරැණ්ඩි කෝවිල සැදීමට අරිට්ඨකී පෙරුමාල් රජතුමාට උපදෙස් දුන් බවත් එලෙස ඉදිකිරීම් ආරම්භ කළත් රජු මියයන තුරුම එය තනා නිමකිරීමට නොහැකිවූ බවත් තවත් ජනප්‍රවාදයක කියැවෙනවා. මිනිසුන් 2,000ක් යොදා වසර 20ක් පුරා තැනූ මේ කෝවිල කිසි දිනෙක සකසා නිම කළ නොහැකි වන ලෙස නැකැත් දීමට පෙරුමාල් කටයුතු කළ බවත් ‘රාජා හෝ මාහෝ ගංගා හෝ යන ප්‍රකට කියමන මගින් කියැවෙන්නෙ රජු මියගිය පසු හෝ තමන් මියගිය පසු හෝ ගඟ පිටාර ගලා ගොඩනැංවීම අතැර දැමීම යන ආකාර තුනෙන් එකකින් එහි ඉදිකිරීම නැවතිය යුතුය යන්න බවත් එම ජනප්‍රවාදය දක්වනවා.

ජනප්‍රවාදයේ එලෙස සඳහන් වුණත් මේ බොහෝ කතා පිළිගන්න පුරාවිද්‍යාඥයන් සූදානම් නෑ. රාජසිංහ රජු පීතෘ ඝාතකයෙක් ලෙස ප්‍රකට මතයක් පැවතුණත් පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන්නෙ එය අසත්‍ය පුවතක් බව. ඒ වගේම මේ කෝවිල රාජසිංහ රජුගෙ නිර්මාණයක් බව පිළිගන්නත් බොහෝ පුරාවිද්‍යාඥයන් මැළිකමක් දක්වනවා. මේ කෝවිල ගඟ ගොඩකර ඉදිකළ බව පැවසුණත් මේ වන විට ලැබී තිබෙන සාධක අනුව එය පවතින්නෙ පිහිටි ගලක් මත. රාජසිංහ රජතුමා මෙය ඉදිකළ බව සැලකීමට ප්‍රධාන හේතුව වන්නෙ රාජසිංහ රජු ශිව දහම වැලඳගැනීම. නමුත් බොහෝ පුරා විද්‍යාඥයන් පෙන්වා දෙන්නෙ මෙම කෝවිල රාජසිංහ රජුගේ පියා වූ මායාදුන්නේ රජු විසින් එම කාලයේ රජයේ සේවයේ යෙදුණු ශීව භක්තිකයන් වෙනුවෙන් ඉදිකරන ලද්දක් බව. මායාදුන්නේ රජතුමා මිනිසුන් දෙදහසක් පමණ යොදවා මෙය ඉදිකිරීම කළ බව පර්නාද ක්වේරෝස් නම් පෘතුග්‍රීසි ජාතික පියතුමාද තමන්ගෙ ලේඛනවල දක්වා තිබෙනවා. ‘පෘතුග්‍රීසීන් 1551 දී සීතාවක ආක්‍රමණය කරද්දි මායාදුන්නේ රජු සතුරු සේනාවට මුහුණ දීමට නොහැකිව දැරණියගලට පලාගිහින්. මේ නිසා පෘතුග්‍රීසින් බාධාවකින් තොරව රජමාලිගාව හා මේ කෝවිල කොල්ලකා විනාශ කර පලාගිහින් තියෙනවා.

‘පරමේශ්වර නම් දෙවියන් උදෙසා තනන ලද බැරැණ්ඩි කෝවිල ගඟේ එක් පසෙක විය. මෙය දිවයිනේ ඇති ඉතා අංලකාර කෝවිල විය. මෙම කෝවිල තැනීම සඳහා මිනිසුන් දෙදාහක් නොකඩවා අවුරුදු විස්සක් වැඩ කළ බව සඳහන් වේ’ යනුවෙන් මේ කෝවිලේ මුල් ස්වාභාවය පිළිබඳ විස්තර පෘතුග්‍රීසි ලේඛක රිබෙයිරෝ විසින් සිය ලංකා ඉතිහාසය කෘතිය මගින්ද ඉදිරිපත් කරලා තියෙනවා. මේ අනුව පැහැදිලි වෙන්නෙ මේ කෝවිල එකල මෙරට ප්‍රධාන ආගමික ස්ථානයක්ව තිබුණු බව. මේ කෝවිල 1551 දී පෘතුග්‍රීසීන්ට විනාශ කරන්නට නම් එය රාජසිංහ රජුට පෙර සෑදිය යුතුයි. ඒ නිසා මායාදුන්නේ රජු සෑදූ කෝවිල පෘතුග්‍රීසීන් විනාශ කළ පසුව යළිත් රාජසිංහ රජතුමා විසින් ගොඩනැංවූ බව සැලකීම වඩා යුක්ති සහගත බව මේ පිළිබඳ අධ්‍යයනය කළ විද්වතුන් පෙන්වා දෙනවා.

බොහෝ දෙනෙක් දන්නෙ නැති වුණත් ජනාකීර්ණ නගරයක් මැද පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තැනක පිහිටි අලංකාර ශෛලමය කැටයම් පිරුණු මේ ආගමික නිර්මාණය අපේ ජාතික උරුමයක්. මේ නිසා මේ ස්ථානයක් වෙත ගොස් ඒවා දැකබලා එහි අතීත සුන්දරත්වය ස්මරණය කිරීම ඉතා වැදගත්.

අසිරු වේදිත කරුණාරත්න

SendShareShare
Previous Post

ජනපති දොරෙන් බැසිල් ඇතුළට! විමල්ගෙන් තීරණාත්මක පණ්වුඩයක්! (රාජ්‍ය රහස්)

Next Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් රුපියල් බිලියන 8.6ක දැවැන්තම බෝනස් දීමනාවක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.