ප්‍රශ්න විසඳන රාජපක්ෂ සංස්කෘතිය
මාසයකට අධික කාලයක් තිස්සේ දේශපාලන කරළියේ තැන් තැන්වල එළිපිට සහ තිරය පිටුපස සාකච්ඡා වෙමින් තිබූ ‘බැසිල් රාජපක්‍ෂ’ මාතෘකාවට ඉකුත් බ්‍රහස්පතින්දා දින තිත වැටුණේ පළමුව අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දී ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දීමත් සමගය. නමුත් ඒ දක්වා ගෙවුණු මාසයක කාලය ඇතුළත බැසිල් මාතෘකා කොටගෙන විවිධ කටකතා, විවිධ අර්බුද, විවිධ මතගැටුම් ආණ්ඩුව ඇතුළේ නිර්මාණය නොවුණාම නොවේ. අප ඒ සියල්ල ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වරින් වර වාර්තා කිරීමට පියවර ගත්තේ බැසිල්ගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය ඒ තරම් විවිධ සිදුවීම් ඔස්සේ විවිධ පැතිවලට දෝලනය වෙමින් තිබීම නිසාය.
කෙසේ වෙතත් බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ පමණක් නොව රාජපක්‍ෂ පවුලේ ඇතුළේද විවිධ අර්බුද තිබිණි. විශේෂයෙන්ම බැසිල්ට ලබා දෙන අමාත්‍ය ධුරය කුමක්ද? රාජපක්‍ෂවරුන් සතුව ඇති ආයතන පමණක් බැසිල්ට ලබා දෙනවාද. එසේත් නැතිනම් අනෙකුත් ඇමැතිවරුන්ගේ ආයතනත් බැසිල්ට දෙනවාද, මහින්දගේ මුදල් අමාත්‍ය ධුරය දෙනවාද මුදල් අමාත්‍ය ධුරය දෙන්නේ නම් මහින්දට ලබා දෙන තනතුර මොකද්ද යනාදී වශයෙන් විවිධ අර්බුද බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන පිටුපස මතුව තිබිණි. ඒ නිසාම ඒවා විසඳා ගැනීම සඳහා රාජපක්‍ෂවරුන් අතර විශේෂ සාකච්ඡාද පැවැතී තිබිණි.
කෙසේ වෙතත් කුමන අර්බුද තිබුණද ඒවා විසඳා ගැනීම සම්බන්ධයෙන් රාජපක්‍ෂවරුන් අතර විශේෂ සංස්කෘතියක් තිබේ. ඔවුන් පවුල ඇතුළේ ඇති මතගැටුම් අර්බුද විසඳා ගන්නේ ඒ සංස්කෘතිය ඇතුළේය. උදාහරණයක් ලෙස ඉකුත් ජනාධිපතිවරණයේද අපේක්‍ෂකයා සම්බන්ධයෙන් රාජපක්‍ෂ පවුල ඇතුළේ සංවාදයක් මතුව තිබිණි. අවසානයේදී පවුලේ වැඩිමලා වශයෙන් චමල් මැදිහත් වී බත්තරමුල්ලේ පැලවත්තේ පිහිටි ඔහුගේ බාල පුත් ශෂීන්ද්‍රගේ නිවෙසේ සාකච්ඡාවක් සංවිධාන කොට ඒ මතගැටුම විසඳා ගැනීමට රාජපක්‍ෂවරු කටයුතු කළහ. ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට අවසන් තීන්දුව ගත්තේ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සමග පැවැති මේ සාකච්ඡාවේදීය.
ගෝඨාගේ ගෙදර සාකච්ඡාව
ඒ ආකාරයටම මෙවරත් චමල් මැදිහත් වී වරක් බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ගෝඨාභයගේ මිරිහාන නිවෙසේ හමුවක් සංවිධාන කළේය. ඊට බැසිල් හැර අනෙකුත් රාජපක්‍ෂවරුන් සම්බන්ධ වුවද අවසන් තීන්දුවක් ගැනීමට එම සාකච්ඡාවේදී හැකියාවක් ලැබුණේ නැත. ඒ අනුව නැවත වතාවක් ඉකුත් සෙනසුරාදා අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් සංවිධාන වූයේ බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීම සඳහාය. නමුත් ජනාධිපතිවරයාගේ කාර්ය බහුලත්වය මත අවසන් මොහොතේ හමුව ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවෙසේ පැවැත්වීමට සැලසුම් විය. චමල්ට ඒ පිළිබඳ දැනුම් දුන් අවස්ථාවේදී චමල් කීවේ තමන් තිස්සමහාරාමයේ සිටින බැවින් ඊට සහභාගි විය නොහැකි බවකි.
ඒ අනුව සාකච්ඡාව පැවැත්වූයේ ගෝඨාභය, මහින්ද හා බැසිල් අතර කිසිදු තුන්වන පාර්ශ්වයක සහභාගිත්වයකින් තොරවය. මේ නිසාම සාකච්ඡාවේදී ප්‍රධාන මාතෘකාව වූ බැසිල් පිළිබඳ සාකච්ඡා වෙනවාට වඩා වෙනත් වෙනත් කරුණුවලට මුල් තැන හිමිවන ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම සාකච්ඡාවේ මුල් වටයේ අවධානයට යොමු වූයේ ආර්ථික ප්‍රශ්න, ජාත්‍යන්තර තත්ත්වය, ආණ්ඩුවේ අභ්‍යන්තර සංවාද ආදිය පිළිබඳවය. සහෝදරයන් වුවත් වෙනත් ස්ථානවලදී සැහැල්ලුවෙන් කතාබහ කළත් මේ තුන්දෙනා පමණක් එහි සිටි බැවින්දෝ තරමක අපහසු වටපිටාවක් මේ සාකච්ඡාවේ ගොඩනැගී තිබිණි. එම නිසාම ප්‍රධාන මාතෘකාව වෙනුවට අවශේෂ මාතෘකාවන් පිළිබඳ එහි වැඩි අවධානයක් යොමු වූ ආකාරයක් දැකගත හැකි විය.
බොහෝ වෙලාවකට පසුව සාකච්ඡාව හරි මාර්ගයට ගැනීමට පියවර ගනිමින් බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන පිළිබඳ කතා කිරීම ආරම්භ කලේ මහින්දය. එසේ කිරීමට හේතු වී තිබුණේ එළියේ විවිධ කටකතාවලට මහින්ද සම්බන්ධයෙන් තටු ලැබී තිබීම නිසාය. ඒ එක් කාතකාවකින් කියැවී තිබුණේ මහින්ද මුදල් අමාත්‍ය ධුරය අත්හැරීමට අකැමැති වීම හේතුවෙන් අර්බුදයක් පැනනැගී ඇතැයි කියලයි. නමුත් ඒ කටකතාවල ඇත්තට වඩා පිරී තිබුණේ බොරුවය. එය මනාව පැහැදිලි කරමින් මහින්ද මෙහිදී කියා සිටියේ බැසිල් පාර්ලිමේන්තු එන්නේ නම් තමන්ගේ ඕනෑම දෙයක් බැසිල්ට ලබාදීමට තමන් සූදානම් යැයි කියාය.
මහින්ද සියල්ලම දෙයි
ඒ ආකාරයටම මෙවරත් චමල් මැදිහත් වී වරක් බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ගෝඨාභයගේ මිරිහාන නිවෙසේ හමුවක් සංවිධාන කළේය. ඊට බැසිල් හැර අනෙකුත් රාජපක්‍ෂවරුන් සම්බන්ධ වුවද අවසන් තීන්දුවක් ගැනීමට එම සාකච්ඡාවේදී හැකියාවක් ලැබුණේ නැත. ඒ අනුව නැවත වතාවක් ඉකුත් සෙනසුරාදා අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් සංවිධාන වූයේ බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීම සඳහාය. නමුත් ජනාධිපතිවරයාගේ කාර්ය බහුලත්වය මත අවසන් මොහොතේ හමුව ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවෙසේ පැවැත්වීමට සැලසුම් විය. චමල්ට ඒ පිළිබඳ දැනුම් දුන් අවස්ථාවේදී චමල් කීවේ තමන් තිස්සමහාරාමයේ සිටින බැවින් ඊට සහභාගි විය නොහැකි බවකි.
ඒ අනුව සාකච්ඡාව පැවැත්වූයේ ගෝඨාභය, මහින්ද හා බැසිල් අතර කිසිදු තුන්වන පාර්ශ්වයක සහභාගිත්වයකින් තොරවය. මේ නිසාම සාකච්ඡාවේදී ප්‍රධාන මාතෘකාව වූ බැසිල් පිළිබඳ සාකච්ඡා වෙනවාට වඩා වෙනත් වෙනත් කරුණුවලට මුල් තැන හිමිවන ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම සාකච්ඡාවේ මුල් වටයේ අවධානයට යොමු වූයේ ආර්ථික ප්‍රශ්න, ජාත්‍යන්තර තත්ත්වය, ආණ්ඩුවේ අභ්‍යන්තර සංවාද ආදිය පිළිබඳවය. සහෝදරයන් වුවත් වෙනත් ස්ථානවලදී සැහැල්ලුවෙන් කතාබහ කළත් මේ තුන්දෙනා පමණක් එහි සිටි බැවින්දෝ තරමක අපහසු වටපිටාවක් මේ සාකච්ඡාවේ ගොඩනැගී තිබිණි. එම නිසාම ප්‍රධාන මාතෘකාව වෙනුවට අවශේෂ මාතෘකාවන් පිළිබඳ එහි වැඩි අවධානයක් යොමු වූ ආකාරයක් දැකගත හැකි විය.
බොහෝ වෙලාවකට පසුව සාකච්ඡාව හරි මාර්ගයට ගැනීමට පියවර ගනිමින් බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන පිළිබඳ කතා කිරීම ආරම්භ කලේ මහින්දය. එසේ කිරීමට හේතු වී තිබුණේ එළියේ විවිධ කටකතාවලට මහින්ද සම්බන්ධයෙන් තටු ලැබී තිබීම නිසාය. ඒ එක් කාතකාවකින් කියැවී තිබුණේ මහින්ද මුදල් අමාත්‍ය ධුරය අත්හැරීමට අකැමැති වීම හේතුවෙන් අර්බුදයක් පැනනැගී ඇතැයි කියලයි. නමුත් ඒ කටකතාවල ඇත්තට වඩා පිරී තිබුණේ බොරුවය. එය මනාව පැහැදිලි කරමින් මහින්ද මෙහිදී කියා සිටියේ බැසිල් පාර්ලිමේන්තු එන්නේ නම් තමන්ගේ ඕනෑම දෙයක් බැසිල්ට ලබාදීමට තමන් සූදානම් යැයි කියාය.
මුල්ම හෙළිදරව්ව මව්රටෙන්
මේ කතාබහ අවසන් කර ගැනීම සඳහා විනාඩි 7ක 8ක කාලයක් වත් රාජපක්‍ෂවරුන්ට ගතව නොතිබීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව තිදෙනාම දිවා භෝජනයට වැඩි වීමත් සමගම නාමල් ද ජනාධිපතිවරයාගේ නිවෙසට පැමිණ දිවා භෝජනයට සහභාගි වූ ආකාරයක් දැකගන්නට ලැබිණ.
ඉන් අනතුරුව අමාත්‍යාංශය හා විෂයන් ගැසට් කිරීම සම්බන්ධයෙන් පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවලදී මහින්දගෙන් මුදල් ඇමැති ධුරය ඉවත් කරන්නේ නම් මහින්දට ලබා දිය යුතු ඇමැතිකම පිළිබඳවද සාකච්ඡා වට ගණනාවක් පැවැත්විණි. ඉතා රහසිගත ආකාරයට පැවැති මෙම සාකච්ඡාවලදී තීන්දු වූයේ අලුත්ම අමාත්‍යාංශයක් නිර්මාණය කොට එය මහින්දට බාර දිය යුතු බවකි. ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය නිර්මාණය වූයේ ඒ ආකාරයටය. මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා ඉතා රහසිගතව පැවැත්ම හේතුවෙන් වෙනත් කිසිදු මාධ්‍යයක් මේ පිළිබඳ හාංකවිසියක්වත් හෝ දැන සිටියේ නැත. නමුත් අඅඅගප්අර්ඒබැඅිගකන අප වෙබ් අඩවිය මගින් බදාදා සවස් වරුවේ අතිවිශේෂ පුවතක් ලෙස රටට අනාවරණය කරමින් බැසිල් සමග මහින්දද ඇමැති ධුරවල දිවුරුම් දීමට කටයුතු සූදානම් කොට ඇති බව අපි පළමු වතාවට රටට කියා සිටීමට පියවර ගත්තෙමු.
එමෙන්ම මෙම සාකච්ඡාවලදී බැසිල් මුලින්ම මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දෙනවාට වඩා ඇමැතිවරයකු ලෙස දිවුරුම් දී පසුව මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දීම යෝග්‍ය බවටද යෝජනාවක් ඉදිරිපත්ව තිබිණ. ඊටද එකගතාව ලැබීමෙන් පසු මුලින්ම බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු බව පත්වන ගැසට් නිවේදනය නිකුත් කොට මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමටත් පසුව මන්ත්‍රි ධුරයේ දිවුරුම් දීමටත් සැලැසුම් කෙරිණි.
මහින්දයි බැසිලුයි එකට
ඒ අනුව බැසිල් බ්‍රහස්පතින්දා දින උදෑසනම මුලින්ම ගියේ මහින්ද හමුවීම සඳහා අරලියගහ මන්දිරයටය. එසේ ගොස් මහින්ද හමුවී සාකච්චා කිරීමෙන් පසු දෙදෙනාම එකම වාහනයේ නැගී ජනාධිපති ලේකම් කාර්යාලයට පිටත්ව ගියේ අමාත්‍ය ධුරවල දිවුරුම් දීම සඳහාය. ඒ සඳහා කල්තියාම සුබ නැකැත් වේලාවන් දෙකක් සකස් කිරීමට පියවර ගෙන තිබිණ. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළමුව මුදල් අමාත්‍යවරයා ලෙස බැසිලුත්, දෙවනුව ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස මහින්දත් ජනාධිපති ගෝඨාභය ඉදිරියේ දිවුරුම් දීමට පියවර ගත්හ. එසේ දිවුරුම් දීමෙන් අනතුරුව මහින්දත්” බැසිලුත් පාර්ලිමේන්තුවට පැමිණියේ මහින්දගේ නිල රථයේ එකටමය.
පාර්ලිමේන්තු පැමිණි දෙදෙනාම කෙළින්ම ගියේ අගමැති නිල කාර්යාලයටය. එසේ එන විට අගමැති නිල කාර්යාලයත්, ජනාධිපති නිල කාර්යාලයත් අතර ඇති ආලින්දයෙහි ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් විශාල ලෙස රොක්වී සිටියේ දෙදෙනා පිළිගැනීම සඳහාය. එහිදී මැති ඇමැතිවරුන්ගෙන් බැසිල්ට ලැබුණේ ඉතා ඉහළ ප්‍රතිචාරයකි. ඔවුන්ගේ සුබපැතුම් පිළිගත් බැසිල් පසුව මහින්දගේ නිල කාර්යාලයට ගොස් මද වේලාවක් මහින්ද සමග එහි ගත කිරීමට පියවර ගත්තේය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් දිවුරුම් දීම සඳහා සභා ගැමට පැමිණීමට බැසිල් ගමන් ගත්තේ අගමැති නිල කාර්යාලයේ සිටය.
බැසිල් ආවේ ජනපතිගේ දොරෙන්
මෙහිදීද දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් තිබිණ. ඒ, බැසිල්, ජනාධිපතිවරයා පමණක් පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා භාවිත කරන සභා ගැබේ දොරටුව භාවිත කරමින් සභා ගැවට පිවිසීමය. සම්ප්‍රදායක් වශයෙන් වෙනත් කිසිදු මන්ත්‍රිවරයකු හෝ පුද්ගලයකු මෙම විශේෂ ජනාධිපති දොරටුව භාවිත කරන්නේ නැත. නමුත් මෙවර බැසිල් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම සඳහා පැමිණිමට භාවිත කළේ එම දොරටුවය.
දිවුරුම් දීමෙන් පසු බැසිල්ට හිමිව තිබුණේ ආණ්ඩුව පක්‍ෂයේ ඉදිරිපෙළ 9 වැනි ආසනයය. ඒ අසුනෙහි කළින් සිටියේ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනය. බැසිල්ට ඉඩ දීම සඳහා රෝහිතට පසුපසට යෑමට සිදුව තිබූ අතර, ඒ හේතුවෙන් අලි සබි්‍ර තමන්ගේ අසුන රෝහිතට ලබා දී තවත් ආසනයක් පසුපසට යෑමට සිදුව තිබිණ.
කෙසේ වෙතත් බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය මෙසේ සිදුවෙද්දී සියල්ලන්ම බලා සිටියේ මෙතෙක් දේශපාලන ක්‍ෂේත්‍රයේ බැසිල්ට ප්‍රසිද්ධියේ විරෝධය පළකළ විමල්, ගම්මන්පිල ඇතුළු කණ්ඩායම දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන්ය. විමල් – ගම්මන්පිලට අමතරව වාසුදේව විජේදාස සහ දයාසිරි ජයසේකරද අවස්ථා කිහිපයකදීම බැසිල්ව ඉලක්ක කර විවිධ ප්‍රකාශ ලබා දී තීබීම නිසා ඔවුන්ගේ ප්‍රතිචාරය පිළිබඳවද බොහෝ දෙනා විමසිලිමත් වන ආකාරය දැකගත හැකි විය.
බැසිල් විමල් හමුවුණාද
මෙහිදී ‘පුදන කොටම කාපි යකා’ කීවා සේ විමල් – වාසුදේව සහ විජේදාස එදින පාර්ලිමේන්තුවට පැමිණ නොසිටීම විශේෂ සිදුවීමක් විය. ගම්මන්පිල සහ දයාසිරි සභාවේ සිටි නමුත් ගම්මන්පිල සිය කතාවේදී දෙපිට කැපෙන ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය. එහිදී ගම්මන්පිල කියා සිටියේ තමන්ට ඉහළින් සිටින්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා පමණක් බවත්, තමන් වගකියන්නේ ඔවුන් දෙදෙනාට පමණක් බවත්ය’ දයාසිරි නම් බැසිල්ට ආචාර කොට සුබපැතීමට පියවර ගෙන තිබිණ.
කෙසේ වෙතත් විමල්, බැසිල් පාර්ලිමේන්තු එන දිනයේ එහි නොසිටියත් විමල් හා බැසිල් මුල්කරගෙන පසුගිය සතියේ විශේෂ පුවතක් දේශපාලන ක්‍ෂේත්‍රයේ පැතිර ගොස් තිබිණ’ ඒ බැසිල් ෂැංග්‍රිලා හෝටලයේ නිරෝධායනය වෙමින් සිටින අතරතුර විමල් එහි ගොස් බැසිල් සමග ඉතා රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවට වූ පුවතය. සමාජ ජාල වෙබ්අඩවි කිහිපයකම මෙම පුවත පළවී තිබීම නිසාත්, එකී පුවත බැසිල්ගේ හෝ විමල්ගේ පාර්ශ්වයෙන් ප්‍රතික්‍ෂේප කොට නොතිබීම නිසාත් එම හමුව සත්‍යයක් බව බොහෝ දෙනාගේ අදහස වී තිබිණ.
ඒ නිසා අපද එම හමුවේ යටගියාව පිළිබඳ තොරතුරු සොයා බලද්දී අපට දැකගත හැකි වූයේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් යැයි කියාය. එවැනි හමුවක් සිදුව නැති බවද අපට අනාවරණය විය’ මේ කතාව පත්තු වීමට හේතු වී තිබුණේ බැසිල් විසින් තමන්ට විමල් හමුවී මේ ප්‍රශ්න විසඳාගත යුතු බවට එක්තරා තැනක කර තිබූ ප්‍රශ්නයක් බවද ‘රාජ්‍ය රහස්’ තීයට ආරංචි විය.
ගම්මන්පිල දුන්න උත්තරය
කෙසේ වෙතත් බැසිල් – විමල් ෂැංග්‍රිලා හමුවක් පිළිබඳ මාධ්‍ය වාර්තා කරද්දී ආණ්ඩුවේම මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුම විමල්ගේ දේශපාලන මිතුරා වූ ගම්මන්පිලට කතා කොට ඒ පිළිබඳ විමසීමටද පියවර ගෙන තිබිණ. එහිදී තමන්ට කතා කළ සියලු දෙනාටම ගම්මන්පිල දී තිබුනේ අපූරු පිළිතුරකි.
‘අපි දෙන්නා සාමාන්‍යයෙන් දවසට දෙතුන් වතාවක් කතා කරනවා. ෂූම් එකෙනුත් සාකච්ඡා තියනවා. හැබැයි මම දන්න තරමින් නම් එහෙම සාකච්ඡාවක් වෙලා නැහැ. එහෙම වුණා නම් විමල් මට නොකියා ඉන්නෙ නැහැ’ යන්න එහිදී ගම්මන්පිල ලබා දී තිබූ පිළිතුර විය.
මේ අතරවාරයේ විමල්ද අතපය බැඳගෙන නිකම් නොසිටින බවට වූ ලකුණු පසුගිය සතියේදීම දැකගන්නට ලැබිණ. ඒ විමල්ගේ පක්‍ෂයෙන් ජ්‍යෙෂ්ඨ පක්‍ෂ සාමාජිකයන් වෙත නිකුත් වූ එක්තරා විශේෂ පණිවුඩයක් මුල් කරගෙනය. මෙම විශේෂ පණිවුඩයෙන් කියැවුණේ ඉදිරි සති පහ හය ඇතුළත පක්‍ෂ මට්ටමින් වැදගත් තීන්දු කිහිපයක් ගැනීමට සැලැසුම් කොට ඇති බවත්, ඒ සඳහා දැන්ම තියා සූදානම් වන ලෙසටත්ය.
ඊට සමගාමීව කළ යුතු කාර්යයන් පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමක් කිරීමට සැලැසුම් කොට ඇති බවක්ද එම පණිවුඩයෙන් වැඩිදුරටත් කියැවී තිබිණ. ඒ අනුව අළු යට ගිනි පුපුරු තවමත් නිවී නැති බවක් නම් මේ හරහා හොඳටම පැහැදිලිය.
ජනපති අලුත් වැඩක
බැසිල්ගේ පැමිණීමත් සමග ඊළඟට සාකච්ඡා වන ප්‍රධානම මාතෘකාව වන්නේ ගම්මන්පිලට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවය. මුලින් මුලින් ආණ්ඩුවේ පසුපෙළින් ගම්මන්පිල ඉලක්ක කර දැඩි ප්‍රහාර එල්ල කළත් පසුව එක් වරම වාගේ එම ප්‍රහාරයන් සියල්ලම නතර විය.
බොහෝ දෙනා සිතා සිටියේ එම ඉඟියත් සමග ගම්මන්පිලගේ ප්‍රශ්නය ආණ්ඩුව ඇතුළේ විසඳාගෙන ඇතැයි කියාය. නමුත් පසුගිය සඳුදා පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ තවමත් පොහොට්ටුව සිටින්නේ පෙර සිටි ස්ථාවරයේ යැයිම කියාය. ඒ අනුව ගම්මන්පිලගේ විශ්වාසභංගය ද තවමත් ඇත්තේ වැට උඩය.
මේ සියල්ල අතරවාරයේ ජනාධිපතිවරයා ලබන සඳුදා සිට වෙනම දේශපාලන මෙහෙයුමක් ආරම්භ කොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා සැලසුම් කර ඇත්තේ ලබන සඳුදා සිට ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම කොටස් වශයෙන් හමුවීමටය. ඒ අනුව 20 කණ්ඩායම් ලෙස මෙසේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හමුවීමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇත. මීට අමතරව ලබන 15 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවීමට ද ජනාධිපතිවරයා මේ වන විට එම පක්ෂය වෙත දින ලබාදී තිබේ. එම සාකච්ඡාවෙන් පසු ආණ්ඩුවේ අනෙක් හවුල්කාර පක්ෂ හමුවීමටද ජනාධිපතිවරයා මේ වන විට තීන්දු කොට ඇති බවද දැනගන්නට තිබේ.
කැබිනට්ටුවෙන් ඇලෝසියස්ට තහනමක්
පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රධාන කාරණාවක් වූයේ බැඳුම්කර චෝදනාවන්ට ලක්ව සිටින අර්ජුන් ඇලෝෂියස් හට මෙන්ඩිස් අරක්කු සමාගමේ බලපත්‍රය යළිත් ලබාදීමය. මෙරට කිසිදු සිංහල මාධ්‍ය ආයතනයක් මෙම පුවත වාර්තා නොකොට නිහඬව සිටි පසුබිමක පසුගිය සතියේ අප පුවත්පත පමණක් සිය මුල් පුවත මගින් මෙම සිදුවීම රටට අනාවරණ කිරීමට කටයුත කළෙමු.
එහිදී අප පෙන්වා දුන්නේ අර්ජුන් ඇලෝෂියස් විසින් රුපියල් බිලියන 17ක පමණ එනම් රුපියල් කෝටි 1,700ක පමණ මුදලක් ආණ්ඩුවට නොගෙවා සිටි පසුබිමක මෙම මත්පැන් බලපත්‍රය හිමිවීම පුදුමසහගත යැයි කියාය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඉකුත් යහපාලන සමයේදී බැඳුම්කර වංචාවක් සිදුවූ බව කියමින් දිනපතාම මාධ්‍යයට ප්‍රකාශ ලබාදුන්, මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ දේශපාලකයන් හිටි හැටියේම ඒ පිළිබඳ වචනයක් හෝ කතා නොකිරීම හා එදා බැඳුම්කර වංචාව කරේ තබාගෙන ගිය මාධ්‍ය එම සිදුවීම සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකිරීමය.
කෙසේ වෙතත් අප මේ පුවත පළකිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් විපක්ෂයත්, සමාජ මාධ්‍ය ජාලාත් ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධයක් ගෙන යද්දී ආණ්ඩුවට ද ඒ චෝදනාවෙන් ගැලවී සිටය නොහැකි ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ඉකුත් සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රධාන මාතෘකාව බවට පත් වූයේ ද ඇලෝෂියස්ට මෙම මත්පැන් බලපත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන්ය. ඒ අනුව ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාගෙන්ද මේ පිළිබඳ දැඩිව කරුණු විමසා ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. කෙසේ වෙතත් මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී විමල්, මහින්දානන්ද, ගම්මන්පිල, රමේෂ් පතිරණ ඇතුළු කැබිනට් ඇමැතිවරු රැසක්ම ඊට එරෙහිව කරුණු දැක්වීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව ජනාධිපතිවරයා අවසානයේදී තීරණය කළේ ඇලෝෂියස්ට ලබාදුන් බලපත්‍රය යළි අත්හිටුවීමටය.
මැදිහත් වූ ජනාධිපති නීතිඥයා
මෙසේ ඇලෝෂියස්ට ලබාදුන් අරක්කු බලපත්‍රය යළි අහෝසි කෙරුණද මෙපමණ බදු කන්දරාවක් ආණ්ඩුවට ගෙවීමට පැවතියදී පවා එම බලපත්‍රය ඇලෝෂියස්ට හිමිවූ ආකාරය පිළිබඳ ‘රාජ්‍ය රහස්’ තීරයද සොයාබැලීමක නිරත විය. ඒ අනුව අපට දැනගන්නට ලැබුණේ මෙම බලපත්‍රය යළි ලබාදීමට ලංකාවේ ප්‍රකට ජනාධිපති නීතිඥවරයකු ඇලෝෂියස් පවුල වෙනුවෙන් ඉදිරිපත් වී ඇති බවකි. එම ජනාධිපති නීතිඥයාට අමතරව ඒ පවුලේ තවත් නීතිඥයකුද ඊට දායක වී ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා විය. ඔවුන්ගේ එම ඉල්ලීමට අනුව ඇලෝෂියස්ට යළි මත්පැන් බලපත්‍රය නිදහස් කිරීම කෙරෙහි කොළ එළිය පත්තු වූ බවක්ද වාර්තා විය. නමුත් මෙම බලපත්‍රය ලබාදීම සඳහා අදාළ ජනාධිපති නීතිඥවරයා සහ එම පවුලේ තවත් නීතිඥවරයකු සම්බන්ධ වී ඇති බවට වාර්තා වීමත් සමග බොහෝ දෙනා විමතිය පළකර තිබුණේ එවැනි කටයුත්තක් සඳහා මෙවැනි ජනාධිපති නීතිඥවරයකු සම්බන්ධ වීම මුල් කරගෙනය.
මෛත්‍රිත් ගේමට බැහැලාද
පසුගිය සතියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
බොහෝ දෙනාගේ අවධානය මෛත්‍රිගේ සහ ටෙප්ලිට්ස්ගේ මෙම සාකච්ඡාව දෙසට යොමු නොවුණද මෛත්‍රී හා ඇමෙරිකානු තානාපතිවරු අතර පැවැති හමුවීම්වලට අමතක කළ නොහැකි විශාල ඉතිහාසයක් තිබේ. ඒ, සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් මෛත්‍රී කටයුතු කරද්දී එවකට ඇමෙරිකානු තානාපතිවරයා සමග පැවැති විශේෂ සාකච්ඡාවක් දැවැන්ත දේශපාලන පෙරළියකට මඟ පාදා තිබීමය. මෙම හමුව පැවැතෙද්දී මෛත්‍රි පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට හීනෙකින්වත් හිතා නොතිබුණු කාල පරිච්ඡේදයක් විය.
දෙදෙනා අතර මෙම හමුව පැවැත්වුනේ ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෛත්‍රී කළ සේවය අගයා සම්මානයක් ලබාදීම සම්බන්ධයෙන්ය. කෙසේ වෙතත් මෙම හමුව පිළිබඳ බොහෝ දෙනා එවකට ජනාධිපති මහින්ද හමුවී දැනුම්දී තිබුණත් මහින්ද ඒ පිළිබඳ එතරම් තැකීමක් කළේ නැත. පසුව ඇමෙරිකාව මගින් මෛත්‍රිට සම්මානය හිමිවෙද්දී පවා බොහෝ දෙනා නැවත වතාවක් මහින්දව හමුවී යළිත් මේ සම්බන්ධයෙන් සැලකර සිටියද මහින්ද එහිදීත් ඒ පිළිබඳ එතරම් තැකීමක් කළේ නැත.
නමුත් මහින්දට තරු විසි වුනේ තමන් සමග අවසන් හමුවේදී එකට ආප්පත් කා ආණ්ඩුවෙන් එළියට බැස පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රි එළියට එද්දීය. තම පරාජයෙන් පසු මහින්ද බොහෝ හිතවතුන්ට කියා තිබුණේද තමන්ගේ පරාජයට ආරම්භය වැටී තිබුණේ මෛත්‍රි සහ ඇමෙරිකානු තානාපති අතර පැවැති හමුවෙන් පසුව බවත්, එකල තමන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකළ බවත්ය.
මෛත්‍රි හා ටෙප්ලිට්ස් අතර පසුගිය සතියේ හමුව පැවැත්වුණේද දේශපාලන කරළියේ විවිධ හැලහැප්පිලි මතුවෙමින් පැවැතියදීය. ඒ අනුව එම හමුව තවත් විශාල දේශපාලන පෙරළියකට මඟපාදාවීදැයි කියන්න දැන්ම කල් වැඩිය.
දයාසිරිට වටකර ගහයි
මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතෘකාව බවට පත්ව සිටින්නේ එහි නායක කාරකාදීන්ටත් වඩා පක්ෂ මහ ලේකම්වරයා වන දයාසිරි ජයසේකරය. ඊට හේතුව වී ඇත්තේ වෙන කිසිවක් නොව ආණඩුව පැත්තෙන් දයාසිරි ඉලක්ක කරගෙන දැවැන්ත ප්‍රහාරයක් එල්ලවීම හේතු කරගෙනය. විශේෂයෙන්ම පසුගිය සති කිහිපයේ දී දයාසිරි ඉලක්ක කරගෙන ආණ්ඩුව පාර්ශ්වයෙන් සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, දිලුම් අමුණුගම දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර ඔවුන් සියලු දෙනාම කියා සිටියේ දයාසිරිට ආණ්ඩුවේ කටයුතු කිරීමට නොහැකි නම් ඉල්ලා අස්වන ලෙසටය.
ආණ්ඩුව ඇතුළෙන් ආ එම බලපෑම දයාසිරිට පක්ෂය ඇතුළෙන්ද නොආවා නොවේ. ශ්‍රීලනිපය නියෝජනය කරන කිහිප දෙනකුම ප්‍රසිද්ධියේම කියා සිටියේ දයාසිරි කරන ප්‍රකාශවලින් ආණ්ඩුව පමණක් නොව ශ්‍රීලනිපයද අපහසුතාවට පත්වනවා යැයි කියාය. ඒ හේතුවෙන් දයාසිරි සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගතයුතු බවද එම සාකච්ඡාවලින් වැඩිදුරටත් කියැවිණි.
මේ හේතුව මත පසුගිය අඟහරුවාදා පැවැති පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙදී ද ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ දයාසිරිය. විශේෂයෙන්ම චාමර සම්පත් අදහස් දක්වමින් කියා සිටියේ දයාසිරි කරන ඇතැම් ප්‍රකාශ නිසා ආණ්ඩුව ඇතුළේ ශ්‍රීලනිපය අර්බුදයකට පත්ව ඇතැයි කියාය. චාමරගේ මතයේම අමරවීර, ලසන්ත, දුමින්ද වැන්නවුන්ද සිටි බවක් දැකගන්නට ලැබිණි.
ඇමැතිකම අතාරින්න ලෑස්තියි
කෙසේ වෙතත් මෙහිදී දයාසිරි තම මතය ඍජුවම පක්ෂයට දැනුම්දීමට කටයුතු කළේය. එහිදී දයාසිරි කියා සිටියේ තමන් නියෝජනය කරන්නේ පක්ෂයේ බිම් මට්ටමේ සිටින ජනතාවගේ මතය බවත්, අවශ්‍ය නම් තමන් ඇමැති තනතුරෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත්ය.
“මම කියන්නේ අපේ පක්ෂය ජනතාවගේ තියෙන මතය. පාක්ෂිකයො අපට කියන්නේ මේ ආණ්ඩුවත් එක්ක ඉන්න එපා කියලයි. මම කියන්නේ ඒක. පක්ෂය කියනවා නම් මට ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න කියලා, මම කැමැතියි ඕනෑම අවස්ථාවක ඉල්ලා අස්වෙන්න. මම මහලේකම්කමේ ඉඳගෙන පක්ෂය හදන්නම්. පක්ෂය ඕන කෙනෙක්ව ඇමැතිකමට දාගන්න. යනුවෙන් දයාසිරි කියා සිටියද සියල්ලන්ම කියා සිටියේ එවැනි තීන්දුවක් ගතයුතු නැති බවත්, ඇමැතිකමෙන් ඉල්ලා අස්වීම අනවශ්‍ය බවත්ය.
කෙසේ වෙතත් මේ පසුබිම යටතේ පසුගිය බදාදා දින තවත් අපූරු සිදුවීමක්ද සිදුවිය. ඒ, දයාසිරි නියෝජනය කරන පඬුවස්නුවර ප්‍රාදේශය සභාව තුළය. මෙතෙක් එම සභාව පාලනය වූයේ පොහොට්ටු පාර්ශ්වයේ සභාපතිවරයකු හරහාය. නමුත් බදාදා දිනයේදී නව සභාපතිවරයකු පත්කර ගැනීම සඳහා නිලවරණයක් පැවැති අතර, එහිදී පොහොට්ටු අපේක්ෂකයා පරාජය කරමින් ශ්‍රීලනිපය සභාපතිවරයකු පත්කර ගැනීමට ශ්‍රීලනිපය තීන්දු කර තිබිණි. බොහෝ දෙනකු එම සිදුවීම හැඳින්වූයේ දයාසිරි තිරය පිටුපස සිට තමන්ට බැණවැදුණු පොහොට්ටුවේ ඉදිරිපෙළ නායකයන්ට හොඳ දේශපාලන ෂොට් එකක් දීමට කටයුතු කළා හා සමාන සිදුවීමක් ලෙසටය.
සජබෙ පාරට බහී
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සුපුරුදු පරිදි මේ සතියේ පැවැත්වුණේ පාර්ලිමේන්තු කමිටු ශාලාවකදීය. පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ මෙන්ම දේශපාලන තත්ත්වය ගැනද මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමු විය. කණ්ඩායම් රැස්වීම ආරම්භයේදීම ආණ්ඩුව ක්‍රියාත්මක කරනු ලබන මර්දනකාරී වැඩපිළිවෙළ කෙරෙහි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධානය යොමු කළේය.
“මේ ආණ්ඩුව ජනතා මර්දනයෙන් ඉදිරියට යන්න උත්සාහ ගන්නවා. විරෝධතා පැවැත්වීම මර්දනය කරමින් ජනතා මතය යට ගැසීමට ගන්නා උත්සාහයට එරෙහිව අපි නැගීසිටිය යුතුයි.” සජිත් කීවේ මර්දනයට එරෙහිව පුළුල් ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යායුතු බව පවසමිනි.
ඒ අනුව සජිත් පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් ආණ්ඩුවේ මර්දනයට එරෙහිව හඬ නැගුවේය. මාධ්‍යවේදී තරිදු ජයවර්ධනට එල්ලද්‍වූ තර්ජනය පිළිබඳ මෙන්ම විරෝධතා පැවැත්වීම නිසා අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් ගැනද ඔහු පාර්ලිමේන්තුවේදී කතා කළේ විපක්ෂ නායකයා යනු එක් පක්ෂයක නායකයෙක් නොව විපක්ෂයේ සියලු පක්ෂ වෙනුවෙන් පෙනීසිටින නායකයා බව පෙන්වමිනි.
ඒ අතරම පාර්ලිමේන්තුව ඉදිරිපිටදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධතාවයක්ද සංවිධාන කළේය.
මේ අතර සමගි ජන බලවේගයට සහාය දුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉලක්ක කරගෙන එල්ල වන තර්ජන ගැනත් මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමුවිය.
“මේ මන්ත්‍රීවරු ඡන්දයට ආවේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඒත් අපිත් එක්ක තමයි ඉන්නේ. ඒ අයගේ මන්ත්‍රී ධූර අහෝසි කරලා බය කරන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනවා.” කබීර් හෂීම් පැවසුවේය.
“විපක්ෂයේ වැඩ කරන පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි කළාට පොහොට්ටුවත් එක්ක ඉන්න මන්ත්‍රීවරුන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. ගාල්ල නගර සභාවේ පොහොට්ටුවත් එක්ක එකතු වෙලා ඉන්න මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි කරලා නෑ. ඒත් ගම් මට්ටමින් ආණ්ඩුවට විරුද්ධ වන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි කරලා.” මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා කීවේය.
“මේ මන්ත්‍රී ධූර අහෝසි කරලා තියෙන අයත් එක්ක තමයි ගමේ මිනිස්සු ඉන්නේ. මොන අභියෝග ආවත් ඒ අය සමගි ජන බලවේගය අතහැරලා ගියේ නෑ. ඒ නිසා මේ අය ආරක්ෂා කරගත යුතුයි.” නලින් බණ්ඩාර පැවසුවේය.
“ඉදිරියේදී කොහොමත් පළාත් පාලන මැතිවරණයක් එනවානේ. ඒ නිසා ලංකාවම නියෝජනය වන ආකාරයට පළාත් පාලන අපේක්ෂකයන්ගේ නාම යෝජනා කැඳවමු.” ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා ගෙන ආ යෝජනාවට මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික අනුමැතිය හිමිවිය. “නාම යෝජනා කැඳවීමට අදාළ කටයුතු ඉදිරි සති දෙක ඇතුළත සූදානම් කරන්න.” සජිත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.
TNA සජිත්ට ස්තූති කරයි
‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහිකිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක ‘ජන සුවය’ ව්‍යාපෘතිය යටතේ රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් මන්නාරම දිස්ත්‍රික් රෝහලට ප්‍රදානය කළේය.
මෙම උපකරණ ප්‍රදානය කිරීම් අවස්ථාවට එක්වන්නැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට කල් ඇතිවම ආරාධනා කර තිබිණි. ඒ අනුව එම්.ඒ. සුමන්තිරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, ගෝවින්දන් කරුණාකරම් සහ ශනක්‍යන් රාසමාණික්කම් පැමිණ සිටියහ.
“ආණ්ඩුව උතුරේ ජනතාව අමතක කරනකොට ඔබතුමා උතුරේ ජනතාව වෙනුවෙන් මේ වගේ දෙයක් කිරීම අගය කරන්න ඕනෑ.” සුමන්තිරන්, සජිත්ට කීය.
“දකුණේ ජනතාව වගේම උතුරේ ජනතාවත් මේ රටේ ජනතාව කියන එක මම අමතක කරලා නෑ.” සජිත් බරපතළ දේශපාලන කතාවක් කෙටියෙන් කීවේය.
“මේවා ආණ්ඩුවෙන් කරන්න ඕනෙ වැඩ. ආණ්ඩුවෙන් ඒ දේවල් වෙන්නේ නැති වෙලාවක විපක්ෂ නායකතුමා විදියට ඔබතුමා මේ කරන දේ ජනතාවට ගොඩක් වටිනවා. ඒ වගේම විපක්ෂයේ ඉන්න අපේ පක්ෂයත් මේ දේවල්වලට සම්බන්ධ කරගන්න එක ගැන ස්තුතිවන්ත වෙන්න ඕනෙ. රාසමානික්‍යම්, සජිත්ට ස්තුති කළේය.
– කපිල පුංචිමාන්නගේ