• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මහ දවල් නිවෙසට එන හිස නැති පිල්ලියක්

June 27, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
මහ දවල් නිවෙසට එන හිස නැති පිල්ලියක්
Share on WhatsAppShare on Facebook

දිනය සෙනසුරාදාවකි. වේලාව දහවල් 12 පසුවී විනාඩි කිහිපයක් ගෙවී ගාසින් තිබිණි. ඉන්දුලතා මහත්මිය සිටියේ තම නිවෙසට යාබදව ඇති දියණියගේ නිවෙසේ දරුවන් සමග පොත්පත්වල වැඩක් කරමිනි. සිය නිවෙසේ දොර ජනෙල් යන්තමින් අඩවල් කොට දියණියගේ නිවෙසට යෑම ඉන්දුලතා මහත්මියගේ දෛනික පුරුද්දකි. එකම ඉඩමේ පෙනෙන දුරින් පිහිටි නිවාස දෙකක් නිසා නිවෙසේ දොර ජනෙල් අගුල් දැමීමේ අවශ්‍යතාවක් තිබුණේම නැත. එහෙයින් කිසි දිනෙක දොර ජනෙල් වසා දමා යන්නට ඉන්දුලතා මහත්මිය උනන්දු වූයේද නැත.

එදිනද සුපුරුදු ලෙස දරුවන් සමග පොත්පත්වල කටයුතු කරමින් සිටි ඉන්දුලතා මහත්මියට අමුතු ශබ්දයක් ඇසුණේ හිටි හැටියේමය. ඒ, කවුරුන් හෝ කතා කරන හඬකට සමාන හඬකි. ඇය තරමක් විමසිල්ලෙන් සිය නිවෙස දෙස මොහොතක් බලාගෙන සිටියාය. කිසිවකුත් පෙනෙන්නට නැතත්, නිවෙස තුළ කවුරුන් හෝ සිටිනවා යැයි ඇයට සිතුණේ හේතුවකින් තොරවමය.

“මං ගෙදරට ගිහින් ටක්ගාලා එන්නම් පුතේ….”

දියණියගේ පිරිමි දරුවන් දෙදෙනාට එසේ කියූ ඇය, අසුනෙන් නැඟිට යන්නේ නිවෙස දෙසට යෑමට සූදානම් වනවාත් සමගම සිය නිවෙස දෙසින් යමක් වැටෙන හඬට සමාන ශබ්දයක් ඇසුණේය.

“පූසෙක් ගෙට පැනලද කොහෙද…”

ඇය දරුවන්ට ඇසෙන්නට එසේ කියා පුංචි එවුන්ගේ හිස අතගාගෙනම මිදුලට බැස්සාය. තරමක් වේගයෙන් පියවර තැබූ ඉන්දුලතා මහත්මිය සිය නිවෙසේ අඩවල් කර තිබූ ඉදිරි දොර විවර කරගෙන නිවෙසට ඇතුළුවන්නට පළමු පියවර තැබුවාය. ඒ මොහොතේ කාමරයක් තුළ සිටි කවුදෝ කලබලයෙන් පිටතට පැමිණ පිටුපස දොර දෙසට ගමන් කරනු ඇය දුටුවාය. කාමරයේ දොර රෙද්ද සිරුරේ දැවටී ඇදී ගොස් ආපසු පහළට වැටෙනතුරු එම පුද්ගලයා හරියට නොදුටුවද ඉන්දුලතා මහත්මිය අසැබි වචන කිහිපයක්ද කියමින් නිවෙසට ඇතුළු වූයේ කේන්තියෙනි. එහෙත් පිටුපස දොර අතරින් අමුත්තා පිටව යන මොහොතේ දුටු දසුනින් ඇගේ සර්වාංගයම සලිත විය.

එම පුද්ගලයා සුදු පැහැති අඳුම් කට්ටලයකින් සැරසී සිටි අතර හිසක් නොතිබූ බව දැකීමෙන් ඇය භීතියට පත් වූවාය. එහෙත් ඒ බවක් නොපෙන්වා නිවෙසින් පිටතට පැමිණි ඇය වහා වටපිට පරීක්ෂා කර බැලුවේ කලබලයෙනි. මිදුලට බැසගෙන පිටවී යනු හොඳින්ම දුටුවද එවැන්නකු සොයාගන්නට ඉන්දුලතා මහත්මියට හැකියාවක් ලැබුණේ නැත. ඇය ආපසු නිවෙසට විත් පරීක්ෂා කර බැලුවේ වැටුණේ කුමක්ද යන්න සැක හැර දැනගන්නටය. මේසය මත තිබූ බෙලෙක් පිඟානක් තිබූ ආකාරය වෙනස් කර මුණින් අතට තබා තිබෙනු ඇය දුටුවාය. තමා යද්දී එහි දමාගිය ජලය විසිරී තිබිණි.

එම සිදුවීමෙන් දැඩි කම්පනයකට පත්වුවද ඇය හිතේ හයියට එය සඟවාගෙන දින ගණනාවක්ම සිටියාය. ඒ දිනවල රාත්‍රියට සිය නිවෙසේ තනිවම නිදාගත්තාය. එහෙත් රාත්‍රියේ එවැනි අත්දැකීම් කිසිවක් ඇයට අත්දකින්නට නොලැබිණි. අවසානයේ ඇය එම අත්දැකීම අමතක කර දමන්නට කටයුතු කළේ තමා මනෝ විකාරයකට සිත කලබල කරගන්නට ඇතැයි සිතමිනි.

එහෙත් වැඩි දවසක් එලෙස ඉන්නට ඇයට අවස්ථාවක් නොවූයේ යළිත් පෙර පරිදිම එම දසුන ඇයගේ නෙත ගැටුණු නිසාවෙනි. එදින ඇය එද්දී පෙර දුටු හිස නැති පුද්ගලයා ඇගේ නිවෙසේ පුටුවක් මත වාඩිවී හිඳ නැඟිට ගියේය. මෙලෙස විටින් විට දින ගණනාවක්ම ඇය මෙම දසුන දුටුවාය. මුලින් මුලින් හිත ගැස්සුණද පසුව ඇයට එහි අමුත්තක් නොවීය. පැමිණෙන්නා කවරකු වුවද තමාට කරදරයක් නැතැයි ඇය වටහාගෙන තිබිණි. එහෙත් ඇගේ සිත තුළ තිබූ දෙගිඩියාව නිසාම යම් තරමක මානසික ආතතියකට ලක්වෙමින් සිටි හෙයින් ඒ බව ඇය තුළින් පෙනෙන්නට විය. එමෙන්ම එම පුද්ගලයා පැමිණ යන සෑම දිනෙකම දරාගන්නට නොහැකි සැර විලවුන් සුවඳක් ඇයට දැනිණි. එය දින කිහිපයක්ම දැනිණි.

මේ අතරේ ඉන්දුලතා මහත්මියගේ වෙනස ඇගේ දියණිය හඳුනාගත් හෙයින් ඇගේ ප්‍රශ්නකිරීම හේතුවෙන් සත්‍යය පවසන්නට ඉන්දුලතා මහත්මියට සිදුවිය. කතාව ඇසූ මොහොතේ සිටම යම් බියකින් පසුවූ දියණිය සිය සැමියා පැමිණි විගස මේ බව පැවැසුවේ සිය දරුවන්ටත් මවටත් අනතුරක් වේ යැයි බියෙනි.

ඒ අනුව ඇගේ සැමියා දන්නා කියන අයකු මාර්ගයෙන් බණ්ඩාර කපුමහතා හමුවට යන්නට ඔවුන්ට අවස්ථාව ලැබිණි. සිදුවූ සියල්ල අසා දැනගත් බණ්ඩාර කපුමහතා දිනයක් යොදාගෙන ඔවුන්ගේ නිවෙසට පැමිණියේ අවශ්‍ය අඩුමකුඩුම සියල්ලද රැගෙනය.

නිවෙසේ මල් බුලත් තටුවක් සකස් කළ ඔහු අවශ්‍ය පුදපූජා තබා අවසානයේ නිවෙසේ සිටි පිරිසට තරමක් පසුපසින් සිටින්නැයි කියා යළිත් මතුරන්නට පටන්ගත්තේය.

“දැන් අම්මට මොනව හරි පේනවද?”

මොහොතකින් බණ්ඩාර මහතා ඇසුවේය.

“නැහැ…”

ඉන්දුලතා මහත්මිය කීවාය. යළිත් මතුරන්නට පටන්ගත් බණ්ඩාර මහතා දෙවැනි වර තමා දෙසට හැරෙද්දී මෙතෙක් දවස් තමා දුටු හිස නැති පුද්ගලයා මල් බුලත් තටුව අසල සිටගෙන සිටිනු ඉන්දුලතා මහත්මිය දුටුවාය. ඇය සිය දියණිය දෙසත්, ඇගේ සැමියා දෙසත් බැලුවේ ඔවුන්ද එය දකිනු ඇතැයි සිතමිනි. එහෙත් ඔවුන් කිසි වෙනසක් නැතිව සිටිනු දක්නට ලැබීමෙන් ඇය නිහඬ වූවාය.

“දැන් මොනව හරි පේනවද?”

“ඔව් මහත්තයා ඔව්… ඒ මනුස්සයා තමයි…”

“පිල්ලියක්…මොකද කියන්නේ කරපු කට්ටියව හොයාගෙන ආපහු හරවන්නද? නැත්නම් මෙහෙමම හිරකරලා මුහුදට දාන්නද?”

ඉන්දුලතා මහත්මිය සිය දියණිය දෙස බැලුවේ තීරණයක් නොගත හැකිවය.

“ආපහු යවන්න කපුමහත්තයෝ….”

කිසිවක් නොපෙනුණද දියණියගේ සැමියා පැවසුවේ කේන්තියෙනි.

“හොඳයි. මහත්තයලගෙ කැමැත්තක්. හැබැයි ඉතින් දවස් හත අටක් මහත්තයලටත් නිදිමරන්න සිද්ධවෙයි ඕං….”

බණ්ඩාර මහතා යළිත් මතුරන්නට පටන්ගනිමින් පැවැසුවේය. මොහොතකින් තමා ඉදිරිපිට පෙනීසිටි පුද්ගලයා එතැනින් අතුරුදන්ව ගියේය. පූජාවේ කටයුතු අවසන් කළ බණ්ඩාර මහතා නිවෙසේ සහ ඉඩමේ හතර කොන වළලන්නට ආරක්ෂක යන්ත්‍ර අටක් ලබාදුන්නේ පාන්දර ජාමයේය. ඒ මොහොතේම දියණියගේ සැමියා ඒවා අදාළ ස්ථානවල වළලා දැමීමට කටයුතු කළේය.

“අනේ අපේ මහත්තයා….”

උදෑසන හිරු පායන්නට ඔන්න මෙන්න කියා තිබියදී අසල්වැසි නිවෙසක් දෙසින් ළතෝනි හඬක් ඇසුණේය. ඉන්දුලතා මහත්මිය සිය දියණිය දෙස බලද්දී දියණිය සැමියා සිය ඉඩමට පහළින් වූ ඉඩමේ තිබූ නිවෙසට දිවගියේ අසල්වැසියන්ද සමගිනි. බණ්ඩාර මහතා මඳ සිනාවක් පෑවේ සිදුවී ඇති සියල්ල දන්නා පරිදිය.

“තණ්හාව ඉහට ගැහුවාම ඔය වගේ දේවල් වෙනවා. ඒ ඇත්තන්ට ඉඩකඩම් තණ්හාව ගහලා දැන් ඉතින් කරන්ට දෙයක් නෑ. තමන් වපුරපුවා නෙව නෙළාගන්නේ. ඔය කට්ටියට තියෙන්නේ ඕවා අමතක කරලා කෑම වේලක් කාරිය දීලා කරන්ට හැකි උදව්වක් කරන එක….”

බණ්ඩාර මහතා කතාව අවසන් කරද්දීම දියණියගේ සැමියා ආපසු ආවේ කලබලයෙනි.

“සර් බෙල්ලෙ වැල දාගෙන…” ඔහු කලබලයෙන් කීවේය.

“මහත්තයා ආයෙ ගියාම බලන්න මේ පුවක් මලේ කිනිත්තක් ඒ කාමරේ කොහේ හරි තැනක ඇති….”

බණ්ඩාර මහතා පිටත්ව යමින් කීවේය.

එදින මරණ ගෙදර කටයුතුවලට සම්බන්ධ වූ ඉන්දුලතා මහත්මියගේ දියණියගේ සැමියාට මියගිය සෙනරත් මහතාගේ දේහය රැගෙන යෑමේ කටයුතුවලට උදව් කරන්නට සිදුවූ අතර ඒ මොහොතේ සෙනරත් මහතාගේ කමිස සාක්කුවේ පුවක් මල් කිනිත්තක් තිබෙනු දැකීමෙන් බණ්ඩාර මහතාගේ කතාව යළිත් සිහිපත් විය.

දිවයිනේ සුප්‍රසිද්ධ මන්ත්‍රාචාර්යවරයකු පැවැසූ සත්‍ය කතාවක් ඇසුරිනි
නම්ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න

සැකසුම – කුමාර රත්නායක

SendShareShare
Previous Post

මහනුවර දෙදෙනෙක්ව කුරුසියේ තියා ඇණ ගහලා! පොලිසියෙන් වහා පරීක්ෂණ අරඹයි!!

Next Post

S-lon රූෆින් අපනයනය ආරම්භ කරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.