• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මවගෙ නමින් රජවූ අපූරු සිංහලයා

October 2, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

යටිනුවර කඩුගන්නාවේ මාමුඩාවෙල සැබවින්ම සුන්දරය. කඳුකර ගම්මානයක් වූ නිසාම ආරක්‍ෂිතය. කඩුගන්නාව ගිරිදුර්ග ප්‍රවේශයත්, පහළින්වූ ගන්නවය පත්තුවේ මහකඩවතත්, බලනත්, මාමුඩාවෙලට ආසන්නව පිහිටි නිසා මේ ගම තවත් විශේෂිත විය. උඩරට ප්‍රවේශ දොරටුවක පිහිටි මාමුඩාවෙල හා ඒ අවට බොහෝ ගම්මානත් රණකාමීන්ගේ වාසස්ථාන විය. එවන් පසුබිමක උඩරට රාජ්‍ය හා මාමුඩාවෙල ග්‍රාමය තදබල ලෙස බැඳෙන්නේ “කොස්බොක්කේ කුමාරයා” මාමුඩාවෙල උපන් බැවිනි.

කොස්බොක්ක යනු අතිශූර රණවිරු පවුල් හා සෘජු ඥාති සබඳතා සහිත ප්‍රභූ පවුලකි. උඩුනුවර, හියවල මඩුවේගෙදර අංගම්කාර පවුල, දන්තුරේ ශ්‍රී මල්ලවයෝ, මාමුඩාවෙල සරණසේවා බණ්ඩාර පවුල හා උඩපළාතේ නාගහපිටියේ මහබාගේ පවුල ඒ අතර විශේෂ වේ. මොවුන්ට අමතරව හතර කෝරලය, හත්කෝරලය, මාතලේ ආදී ප්‍රදේශ සමගද ඔවුන් සබඳතා පැවැත් වූ බව පැවසේ.

හැඩිදැඩි ජවසම්පන්න රණකාමී පුද්ගලයකු වූ බව ජනප්‍රවාදයේ සඳහන් කොස්බොක්කේ ගම් ප්‍රධානියට “විමලු” නම් දියණියක විය. ඇයද පියාගේ දේහ ලක්‍ෂණ සහිත කළුපැහැ සුන්දර තරුණියක වූවාය. අංගම් සටන් කලාවේද ප්‍රවීණත්වයක් ලබා සිටි ඇය තම පවුලට ඥාතීත්වයක් පේරාදෙණියේ වීරසුන්දර නම් තරුණයකු හා විවාහව සිටියාය. වීරසුන්දර මාතලෙන් පේරාදෙණියට පැමිණි අයකු බව ජනප්‍රවාදයේ සඳහන්ය. විමලුගේ ස්වාමි පුරුෂයා වීරසුන්දර බණ්ඩාර ලෙසද හඳුන්වයි.

මෙම වීරසුන්දර බණ්ඩාරද උඩරට ප්‍රභූ පෙළපතකින් පැවත එන අතර, ඔහු විවාහ වී මාමුඩාවෙලම පදිංචිවූ බව සඳහන්ය. මෙම දෙපලගේ පුත්‍රයකු වන කොස්බොක්කේ කුමාරයා ළමා කල හඳුන්වා ඇත්තේ “කොස්බොක්කේ අප්පු” ලෙසය. ජනවහරේ පහසුවට එම දරුවා “කොස් අප්පු” ලෙසද ඉතිහාසකරුවා “කොන්අප්පු” ලෙසද හඳුන්වා ඇත.

මෙම කාල වකවානුවේ උඩරට රාජ්‍ය විචාල කරල්ලියද්දේ බණ්ඩාරට විරුද්ධව කොස්බොක්කේ පවුල කටයුතු කර ඇත. වීරසුන්දර බණ්ඩාර උඩරට ආක්‍රමණය සඳහා පැමිණි සීතාවක රාජසිංහ රජුට බලනේදී සහාය පළකර කරල්ලියද්දේ උඩරටින් ත්‍රිකුණාමලයට පලවාහැර ඇත.
ත්‍රිකුණාමලයේ දී කරල්ලියද්දේ සහ බිසව මියගිය අතර, ඔවුන්ගේ දියණිය “කුසුමාසන” උඩරට රාජ්‍යයේ උරුමකාරිය ලෙස ඉතිරි විය. මේ අවස්ථාවේදී වීරසුන්දරට උඩරට රාජ්‍ය බලය අල්ලා ගැනීමේ යටි අරමුණක් වූ අතර, එවකට උඩරට රාජ්‍ය බලය ලබාගෙන සිටි සීතාවක රාජසිංහ වීරසුන්දරගෙන් ඉදිරි කුමන්ත්‍රණයක් සිදුවීමට ඉඩ නොතබාම ඔහුට “වළගම වට්ටාරම දෙනවා” කියා බොරු වළක වට්ටවා මරාදැමීය.

තම ස්වාමියාගේ මරණයෙන් තැතිගත් කොස්බොක්කේ විමලු ආරක්‍ෂාව පතා උඩපළාතේ ඥාතීන් කරා ගිය අතර, තම පුත්‍රයා කොළඹට පිටත්කර හැරියාය. සල්ලප්පු නමැත්තකු සමග කොළඹට ගිය කොස්අප්පු නැතහොත් කොන්අප්පු එහිදී ධර්මපාල රාජුගේ රැකවරණය ලැබීය. කොළඹදී සල්ලප්පු සමග වූ ගැටුමකින් වැරදිකරුවූ කොස්අප්පු රජු පෘතුගීසින්ගේද සහයෙන් ගෝවට පිටත්කර යවන ලදී.

ගෝවේදී “ගජබා” නම් දක්‍ෂ කඩුහරඹකරුවෙකු පරාජය කර ජයගත් කොස්අප්පු තම පරපුරේ රණකාමීත්වය එහිදී ප්‍රදර්ශනය කරන්නට විය. යළි මවුරට පැමිණි මොහු පෘතුගීසින්ගේ ඉල්ලීමෙන් ගනේතැන්නේදී සීතාවක සේනා පරාජය කරන ලදී. පසුව පෘතුගිසීන් යමසිංහ බණ්ඩාරට වහකෝට්ටේදී ඔටුනු පලඳවා උඩරට රජකරවීය. නොබෝ දිනකින් යමසිංහ මියගිය අතර, ලද අවස්ථාවෙන් කොස්අප්පු හෙවත් කොස්බොක්කේ කුමරු උඩරට රජවිය.

ජනප්‍රවාදයට අනුව විමලු නම් මාතාව සැබෑ කරගැනීමට දුටු සිහිනය සැබෑවක් විය. ඇය තම පුතු රජවනු දැකීම එකම සිහිනය කොටගෙන සිටි බව ජනප්‍රවාදයේ සඳහන්ය. පුත්‍රයා රජකරවීමට විමලු නම් මාතාව ගත් උත්සාහයන් ඉතා සූක්‍ෂ්ම විය. විශේෂයෙන් ජනප්‍රවාද අධ්‍යයනයෙන් ඒ බව පැහැදිලි වේ. මවගේ එම උත්සාහය පිළිබඳ රජුද දැන සිටි අතර, මව කෙරෙහිවූ අප්‍රමාණ ආදරයත්, කැපවීමත් මත රජු තම මාතාවගේ නාමය රාජ නාමය කරගැනීමට දෙවරක් නොසිතීය.

එබැවින් රාජකීය මාතාවගේ “විමලු” නම් නාමය තම නමේ මුලට යොදා ගනිමින් රජු “විමලදහම්සූරිය” නම් වූ බව ජනප්‍රවාදයේ සඳහන්ය. ලක් ඉතිහාසයෙහි මෙවන් අපූරු නාමයක් ලබාගත් වෙනත් රජෙකු නොවීය. මෙම රාජකීය නාමය බිහිවීම පිළිබඳ ඉතිහාසකරුට නිසි පිළිතුරක් ලබාදීමට නොහැකි පසුබිමක ජනප්‍රවාදය එයට නිසි පිළිතුරු ලබාදී ඇත.
දන්තුරේ සටනින් පසු විමලදහම්සූරිය රජු කුසුමාසන හෙවත් දෝන කතිරිනා විවාහ කරගත් අතර, එතෙක් තමාට උරුම රණශූරත්වයට නීත්‍යනුකූල රාජ්‍යත්වයද එක්කරගන්නා ලදී. නමුත් රජු දන්තුරේ සටනින් පසුවද කුසුමාසන දේවියගේ නාමයන් බැහැර කරමින් තම රාජකීය මාතාවගේ නාමයටම ගරු බුහුමන් දක්වමින් දන්තුරේ සටනේ විරුවන්ට සන්නස් ප්‍රදානය කළේ “මාමුඩාවෙල කොස්බොක්කේ ගෙදර විමලු නම් රාජකීය මාතාවගේ අතිජාත පුත්‍ර විමලදහම්සූරිය වන මා” ලෙස සනිටුහන් කරමිනි.

එන්.පී.එම්.ඩබ්ලිව්. හේවාදිපති

SendShareShare
Previous Post

ටෙලි රැලි බිදගෙන තිරයට ආපු ‘පාතාල රැජින’

Next Post

විග්නේෂ්වරන්ගෙන් උතුරට එකක්: දකුණට තවත් එකක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.