• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

බුදුරදුන් පස්වග තවුසන්ට බණ කිව්වේ ලංකාවේද?

September 28, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

මහනුවර සිට යාපනයට ඇදෙන ඒ 9 මාර්ගයේ මැදවච්චිය නගරය පසුකර ටික දුරක් ඉදිරියට යන විට පාරේ දකුණු පසින් ඉසින්බැස්සගල දක්නට ලැබේ. මැදවච්චිය යනු දිගින් දිගට තැනිතලා භූමි විහිදුණු ප්‍රදේශයක් බැවින් ඉතා ඈත ප්‍රදේශයකට ඉසින්බැස්සගල දර්ශනය වේ. රාත්‍රී කාලයට ඒ දර්ශනය ඉතා විචිත්‍රවත් එකක් වේ. කඳු පාමුල සිට ඉසින්බැස්සගල මුදුනට ඇදී යන පහන් වැට ඒ 9 පාරේ දුරක් යන තුරුම මනාවට දර්ශනය වේ. යාපනයේ හෝ වවුනියාවේ සංචාරය කරන බොහෝ දෙනෙක් තම සංචාරයේ එක් නවාතැනක් ලෙස ඉසින්බැස්සගල තෝරාගන්නා නමුත් හරිහැටි තොරතුරු නොදන්නා කමින් ඒ සුන්දර ඓතිහාසික ස්ථානය බොහෝ දෙනකුට මඟහැරෙන බවක්ද දක්නට ලැබේ.

යාපනයේ සංචාරය කරන්නකු ඉසින්බැස්සගල තම සංචාරයට අනිවාර්යයෙන්ම එකතු කරගත යුතු ස්ථානයක් ලෙස හැඳින්වීමට එහි පිහිටීමද හේතුවී තිබේ. කොළඹ සිට යාපනයේ සංචාරය කරන්නකුට ගමනේ හරි මැද්දට වන්නට ඉසින්බැස්සගල පිහිටා තිබීම එයට හේතු වේ. නමුත් ඉසින්බැස්සගල මුදුනට දිවා කාලයේ ගමන් කිරීම තරමක් අපහසු කාරණයකි. පර්වතය මුදුනට පතිත වන දැඩි අව් රශ්මිය මධ්‍යයේ පර්වතය තරණය කිරීමේදී ගතට දැනෙන විඩාව සුළුපටු නොවේ. නමුත් අවට පැතිරී ඇති නිල්ල පිරුණු ගහ කොළ පිස එන සුළඟ එම දාහය නිවාදමමින් ගතට මෙන්ම සිතටද අත්කර දෙන සිසිල සුවදායක වේ. ඉසින්බැස්සගල රජමහා විහාරයට ළඟාවිය හැක්කේ ප්‍රධාන මාර්ගය දිගේ මඳක් ගමන් කිරීමෙන් පසුවය. නමුත් ඒ 9 මාර්ගය අයිනෙන්ම ඉසින්බැස්සගල පර්වතය මුදුනට ගමන් කළ හැකිය. එසේත් නැතිනම් ඉසින්බැස්සගල රජමහා විහාරය අසලින්ද පර්වතය මුදුනට ගමන් කළ හැකිය.

ඒ 9 මාර්ගය අසලින් පර්වතය මුදුනට ගමන් කරන මාර්ගයේ මෑතකාලීනව ඉදිකරන ලද තොරණක් දක්නට ඇත. එය පසුකරමින් ඉහළට ගමන් ගන්නා විට පර්වතයේ එක් පසෙක දක්නට ලැබෙන්නේ පොකුණකි. ප්‍රදේශවාසීන් පවසන ආකාරයට එම පොකුණ කිසි දිනෙක සිඳීයන්නේ නැත. මෙතරම් වියළි කාලගුණයක් පවතින ප්‍රදේශයක පර්වතයක් මධ්‍යයේ එවැනි ආකාරයේ පොකුණක් පැවතීමද විස්මයජනකය.

තවත් ඉහළට ගමන් කිරීමේදී මෑතකාලීනව ඉදිකළ ඉදිකිරීම් කිහිපයක් දක්නට ලැබෙන අතර පර්වතයේ වම් පසට වන්නට බෝධිය පිහිටා ඇත. චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකර ඇත්තේ පර්වතය මුදුනේය. චෛත්‍යයේ පසෙකට වන්නට දක්නට ඇත්තේ නාග ගල සහ සිරිපතුල ගලය. ඉසින්බැස්සගල ඓතිහාසික වටිනාකම කියෑපෑම සඳහා වර්තමානයේ ඉතිරිව ඇති වටිනාම සාධක වන්නේද මේ නාග ගල සහ සිරිපතුල ගලය. නාග ගල සිරිපතුල ගල යනු යුග දෙකක මිනිසුන් වන්දනාමානය සඳහා යොදාගත් ස්මාරක වීමද සුවිශේෂ කරුණකි. ඉතිහාසඥයන් පවසන අන්දමට නාග ගල වන්දනාව සඳහා යොදාගෙන ඇත්තේ බුදුදහම මෙරටට පැමිණීමට පෙරය. බුදුදහම මෙරටට පැමිණීමට පෙර නාග වන්දනාව මෙරට බහුලව දක්නට ලැබුණු බව ඉතිහාසයඥයන්ගේ විශ්වාසයයි. සිරිපතුල වන්දනා කිරීම බුදුදහම මෙරටට පැමිණීමෙන් පසු ඇතිවූවක් වුවද, එය බහුලව ප්‍රචලිතව තිබී ඇත්තේ පිළිම නෙළීම ආරම්භයට පෙරය. එබැවින් නිශ්චිතව ඉතිහාසය සොයාගෙන නොමැති මෙම නාග ගල සහ සිරිපතුල මඟින් ඉසින්බැස්සගලට එකතු කරන වටිනාකම මිල කළ නොහැකිය.

මහාවංශයට අනුව ඉසින්බැස්සගල ඉතිහාසය ඇරැඹෙන්නේ දේවානම්පියතිස්ස රජ සමයේදීය. මෙරටට බුදුදහම රැගෙන පැමිණි මිහිඳු මාහිමියන් මුලින්ම ගොඩබැස ඇත්තේ ඉසින්බැස්සගලට බවට මතයක්ද ඒ සමඟ ඇත. ඒ මතයට අනුව ඉසින්බැස්සගලට ඍද්ධියෙන් වැඩම කළ මිහිඳු මාහිමියන් ඇතුළු පිරිවර එතැන් සිට මිහින්තලය දක්වා පාගමනින් ගමන්කර ඇත. එය සිහිපත් කිරීම සඳහා ඉසින්බැස්සගල පර්වතය මුදුනේ චෛත්‍යයක් ඉදිකිරීමට දේවානම්පියතිස්ස රජතුමා කටයුතු කර ඇත. වර්තමානයේදී ඉසින්බැස්සගල දක්නට ලැබෙන චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකර ඇත්තේ ඒ පැරැණි චෛත්‍යය මතමය.

ඉසින්බැස්සගල පර්වතයට ඒ නම ලැබී ඇති ආකාරය සහ මිහිඳු මාහිමියන්ගේ ගොඩබැසීම සමඟ ඇති සම්බන්ධයද විශේෂිත එකකි. ඉසින්බැස්සගල යන්නෙන් අදහස් කරන්නේ ඍෂිවරයන් ගොඩබැස්ස ගල යන්නය. එලෙස ගොඩබට ඍෂිවරයන් වන්නේ මිහිඳු හිමියන් ඇතුළු පිරිස බව විශ්වාසයයි. නමුත් ඉසින්බැස්සගල ඉතිහාසය ඊටත් එහාට දිවයන බව විශ්වාස කරන පිරිසක්ද අප අතර ඇත. ඉතිහාස වාර්තා සහ සාක්ෂි අනුව ඔප්පු කළ නොහැකි වුවද එම පිරිසගේ විශ්වාසයට අනුව ඉසින්බැස්සගලට හිමිවන වටිනාකම සුවිශේෂය. ඔවුන්ගේ විශ්වාසය අනුව ඉසින්බැස්සගල යනු බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම දේශනාව සිදුකළ කිඹුල්වත්නුවර ඉසිපතනාරාමයයි.

මේ පිළිබඳ දැඩි මතභේදයක් නිර්මාණයවී තිබුණද, එම පිරිස ඉදිරිපත් කරන කරුණු කාරණා ඉතා තර්කානුකූලය. එබැවින් මේ ඓතිහාසික පින්බිමේ වටිනාකම තවත් වැඩිකිරීමට ඒ කරුණු කාරණාද ඉවහල්වී ඇත. ඉසින්බැස්සගල යනු ඉසිපතනාරාමයය යන විශ්වාසය ගොඩනැඟී ඇත්තේ බුදුරජාණන් වහන්සේ උපන්නේ ශ්‍රී ලංකාවේය යන උපකල්පනය මතය. එම පිරිස පවසන ආකාරයට සිදුහත් බෝසතාණන් වහන්සේ උපන් ජම්බුද්වීපය යනු ඉන්දියාව නොව ශ්‍රී ලංකාවයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවට ඇතුළත් එක් එක් ස්ථාන ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති බවද ඔවුන්ගේ අදහසයි. ඔවුන් පවසන්නේ සිදුහත් බෝසතුන් බුද්ධත්වයට පත්වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටා ඇත්තේ හබරණට නුදුරු හිරිවඩුන්නේ බවයි.

දුෂ්කර ක්‍රියාවෙන් පසු වෙසක් පුන් පොහෝ දිනෙක බුදුබවට පත්වූ උන්වහන්සේ පස්වග තවුසන් සඳහා වූ තම පළමු ධර්ම දේශනාව ඇසළ පුන් පොහෝ දිනෙක සිදුකළ බව ඉතිහාසයේ සඳහන්ය. එමෙන්ම බුදුබවට පත්වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ සති 07ක කාලයක් දුෂ්කර ක්‍රියා කළ බවත් කියැවේ. වෙසක් පෝය සහ ඇසළ පෝය දින අතර කාලය සැලකීමේදී එම සති 07ක කාලය ඉවත් කළ විට ශ්‍රී මහා බෝධිය අබියස සිට ඉසිපතනාරාමය දක්වා පැමිණීමට උන්වහන්සේට ඉතිරිව ඇත්තේ සතියක කාලයක් පමණි. නමුත් වර්තමාන ඉන්දියාවේ බුද්ධගයාවේ සිට කිඹුල්වත්නුවර ඉසිපතනාරාමය යැයි පිළිගන්නා ස්ථානයට ඇති දුර කිලෝමීටර් 400කට වැඩිය. එතරම් දුරක් එක් සතියක් තුළ පැමිණීමට හැකිදැයි යන්න ඉසින්බැස්සගල යනු ඉසිපතනාරාමය යැයි පිළිගන්නා පිරිසගේ ප්‍රධාන තර්කයක්වී ඇත. එම සාධකය තවත් පැහැදිලි කරන ඔවුහු පවසන්නේ හබරණ හිරිවඩුන්නේ සිට බුදුකෙනකුට උරුම ශාන්ත ගමනින් පැමිණියද සතියක් ඇතුළත ඉතාම පහසුවෙන් ඉසින්බැස්සගල ප්‍රදේශයට ළඟාවිය හැකි බවය.

එමෙන්ම පස්වග තවුසන් දුරතියාම බුදුරජාණන් වහන්සේ දුටු බවත් උන්වහන්සේ ඉදිරියේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පස්වග තවුසන් කල් තියාම කතාබහ කරගත් බවත් බුදුසිරිතේ සඳහන්ව ඇත. එබැවින් එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වැඩසිට ඇත්තේ නිසැකවම උස් ස්ථානයක විය යුතුය. එයද කිඹුල්වත්නුවර ඉසිපතනාරාමය යනු ඉසින්බැස්ස ගල යැයි යන මතය පැහැදිලි කිරීම සඳහා එම පිරිස් යොදාගන්නා තවත් සාධකයක්වී ඇත. එම සාධකය සනාථ කිරීම සඳහා කරුණු දක්වන එම පිරිස් පවසන්නේ වර්තමාන ඉන්දියාවේ කිඹුල්වත් නුවර යැයි පිළිගන්නා ස්ථානය එවැනි උස් පිහිටීමකට උරුමකම් නොකියන බවය.

ඉතිහාසයේ සඳහන් කරුණු සහ විශ්වාසයන් කොයි හැටි වෙතත් ඉසින්බැස්සගල පිහිටා ඇත්තේ ගුවනින් පැමිණෙන්නකුට ඉතාම පහසුවෙන් ගොඩබැසිය හැකි ආකාරයටය. හිත දියුණු කරගත් පුද්ගලයන්ට ගුවනින් ගමන් කළ හැකි බවට වන විශ්වාසය අපේ ඉතිහාසය ඇරඹුණු මුල් යුගයේ පටන්ම තවමක් නොනැසී පැවැතෙන විශ්වාසයක්වී ඇත. එසේම රයිට් සහෝදරයන් ගුවන් යානය සොයාගැනීමට බොහෝ කලකට පෙර අපේ මිනිසුන් සතුව ගුවනින් ගමන් කළ හැකි තාක්ෂණයක් පැවැති බවට සාක්ෂිද ඕනෑ තරම් හමුවී ඇත. ඉසින්බැස්සගල සිට වටපිටාව නිරීක්ෂණය කරන ඕනෑම අයකුට හැඟීයන්නේ එවැනි සැහැල්ලු ගුවන් යානයක් ඉතාම පහසුවෙන් ගොඩබැස්සවිය හැකි සුදුසුම ස්ථානය එය බවය.
ඉතිහාසය ලියැවෙන්නේ විශ්වාසයක් මතය. විශ්වාසයන් දිනෙන් දින අලුත් වන බැවින් ඉතිහාසයද දිනෙන් දින අලුත් වීම සාමාන්‍ය දෙයක් බව ඉතිහාසඥයන්ගේ අදහසය. ඉසින්බැස්සගල ඉතිහාසය සහ ඒ වටා ගොඩනැඟී ඇති විශ්වාසයන්ද ඇතැම් විට කිසි දිනෙක ඔප්පු කළ හැකි ඒවා නොවනු ඇත. එහෙත් යම් දවසක ඉසින්බැස්සගල මතට ගොඩවීමට පෙර මේ කරුණු කාරණා දැනගෙන සිටීම ඔබේ ගමන වඩාත් හරවත් රසවත් එකක් වීමට උපකාර වනු ඇත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ගෝඨා-සජිත් මුහුණට මුහුණ සටනට තව දින 12යි

Next Post

CBL විකුණුම් බළකාය ඇගයුමට පාත්‍ර වෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.