ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය ආහාර සහ රසකැවිලි නිෂ්පාදන සමාගම් සමූහයක් වන සිලෝන් බිස්කට්ස් ලිමිටඞ් (CBL) සමාගමේ 2018/19 වාර්ෂික සම්මේලන සහ විකුණුම් තරු සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
පසුගිය මූල්‍ය වර්ෂය පුරා සමාගමේ වර්ධනය සඳහා දායකත්වය ලබාදුන් ක්ෂේත්‍ර විකුණුම් බළකාය සහ ඉහළ විකුණුම් කාර්යසාධනයක් පෙන්නුම් කළ විකුණුම් බළකායේ සාමාජිකයන් ඇගයුමට ලක් කිරීම මෙම වාර්ෂික සම්මාන උළෙලේ ප්‍රධානතම අරමුණයි. ක්‍ඊඛ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරීන්, ක්ෂේත්‍ර විකුණුම් කළමනාකාරිත්වය සහ එම සමාගම නියෝජනය කරමින් තවත් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
පසුගිය මූල්‍ය වර්ෂය තුළ විවිධ නිෂ්පාදන කාණ්ඩ රැසක් ඔස්සේ සිය අසමසම වෙළෙඳපොළ හිමිකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින් CBL සමාගම මෙරට වඩාත් සාර්ථක ම ආහාර නිෂ්පාදන සමාගමක් බවට යළිත් තහවුරු වී ඇති බව 2018/19 CBL වාර්ෂික විකුණුම් සමුළුවේදී පිළිබිඹු විය. තවද, එම මූල්‍ය වර්ෂය තුළ CBL සමාගමේ මන්චි, රිට්ස්බරි, ලංකාසෝයි සහ සමපෝෂ ඇතුළු සන්නාම රැසක් සිය වෙළෙඳපොළ හිමිකාරිත්වය කැපීපෙනෙන ලෙස වර්ධනය කර ගනිමින් වෙළෙඳපොළ ප්‍රමුඛස්ථානය තවත් ඉදිරියට ගෙන යාමට සමත් වී තිබේ.
2018/19 මුල්‍ය වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද විකුණුම් ඉලක්ක සාර්ථකව සපුරා ගැනීම සඳහා දායකත්වය ලබාදුන් ක්ෂේත්‍ර විකුණුම් බළකාය සහ ඉහළ විකුණුම් කාර්යසාධනයක් පෙන්නුම් කළ විකුණුම් බළකා සාමාජිකයන් ඇගයුමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ වඩාත් ආකර්ෂණීය අංගයක් විය.