1882න් පසු කාලයේ මෙරට ජනයාගේ ජල ප්‍රශ්න විසඳීමට එවකට කටයුතු කළ ආණ්ඩුකාරවරු උනන්දු වූ අතර, මේ කාලයේ අනුරාධපුරය සහ ඒ අවට ජනතාවට වගාවට ජලය සහ පානීය ජලය පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබිණි. ඒ අනුව එවකට කටයුතු කළ අයගේ අවධානය වැඩි වශයෙන් යොමු වූයේ තිසා වැව ප්‍රතිසංස්කරණයටයි. දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලද තිසාවැව යළි පිළිසකර කර ජනතාවට ප්‍රයෝජන ගතහැකි තත්ත්වයට පත්කරන්නට ලොංඩන් ක්‍රියා කළේ ඒ අනුවය.
එයින් අනුරාධපුරය සහ ඒ අවට බොහෝමයක් දෙනාට වගාවට සහ බීමට ජලය ලැබී එම ප්‍රදේශයේ ජල ප්‍රශ්නය විසඳුණේය.
කුමාර











