ශ්‍රී ලංකාවේ කාන්තාවන් තුළ වඩාත් සුලභව දක්නට ලැබෙන පියයුරු පිළිකාව දිනෙන් දින ඉහළ යමින් පවතියි. කල්තියා හඳුනාගතහොත් සුව කිරීමේ හැකියාව ඇති මෙම පිළිකාව පිළිබඳව කල්තියා අනාවරණය කරගැනීම, දැනුවත් වීම සහ එම පිළිකා වැලඳීම වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම අත්‍යවශ්‍ය වේ.
2020 වසරේ දී පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයේදී සිදුකෙරෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම COVID-19 වසංගත තත්ත්වය නිසා හරියාකාරව සිදුකිරීමට නොහැකි විය. මෙම අභියෝගාත්මක කාල වකවානුව අතරතුරදී AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකා පිළිකා සංගමය හා අත්වැල් බැඳ ගනිමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ සංගමය වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට සහාය විය. 2020 වසරේ දී AIA ඉන්ෂුවරන්ස් පිළිකා සංගමයෙහිිඡසබන ‘Pink Ribbon’ පරිත්‍යාග සහ bookmark අලෙවි කිරීම සඳහා AIA හී ප්‍රධාන කාර්යාලය ඇතුළුව සියලුම ප්‍රාදේශීය කාර්යාල හරහා මෙන්ම AIA හී සියලුම සමාජ ජාල තලයන් ඔස්සේ ද සහාය වන ලදී. මෙසේ රැස් කරගන්නා අරමුදල් ශ්‍රී ලංකා පිළිකා සංගමය නොකඩවා සමාජය වෙත කරන්නා වූ විශිෂ්ට සේවාවන් සඳහා උපකාර වනු ඇත. වසංගත තත්ත්වය නිසා ඔක්තෝබර් මාසයේ ඇති වූ හුදකලා කිරීම් හේතුවෙන් AIA ඉන්ෂුවරන්ස්, මෙම පරිත්‍යාග කිරීමේ වැඩසටහන 2020 වසර අවසානය තෙක් දිගු කළ අතර එමගින් ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත AIA කාර්යමණ්ඩල සාමාජිකයින්හට වසර අවසානය තෙක් ඔවුන්ගේ පරිත්‍යාගයන් නොකඩවා සිදු කිරීමේ අවස්ථාව උදාවිය.