• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

තාමත් හෙළි නොවූ රෙනෝක් දූපතේ අබිරහස

January 17, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
තාමත් හෙළි නොවූ රෙනෝක් දූපතේ අබිරහස
Share on WhatsAppShare on Facebook

අපි නොදන්න අපට නොඇසුණු කොයිතරම් අදහාගත නොහැකි සිදුවීම් අද්භූත දේ ඇත්ද? ඉතින් මේ කියන්නට යන්නේ එවැනි සිද්ධියක් ගැන. අතීතයේ සිට අතුරුදන් වීම් පිළිබඳ බොහෝ තොරතුරු අපි අහලා තියෙනවා. එහෙත් ජනපදයක සියලු වැසියන් එකවර අතුරුදන් වීම් ගැන ඔබ අහලා නැතුව ඇති.

රෙනෝක් දූපත කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙ උතුරු කාර්ලිනාහි ඩෙයාර් ප්‍රාන්තයේ පිහිටා ඇති සුන්දරතම දිවයිනක් වෙනවා. යටත්විජිතකරණයත් සමග මෙම දූපත බි්‍රතාන්‍යයන් යටත් කර ගැනීමට සමත් වෙනවා. බි්‍රතාන්‍ය රැජින දුටු සුන්දර අලංකාර ප්‍රදේශයකට ඇය වර්ජිනියා කියලා නම තියනවා. මෙම ප්‍රදේශයේ ජනපද ඇතිකිරීමට වෝල්නර් රයිනිට ඇය පවරනවා. ඔහුගේ පර්යේෂණ අනුව රිචාර්ඩ් ග්‍රින්විල් නැමැත්තා 1585 වසරේදී පළවෙනි කණ්ඩායම එහි ජනාවස කරනවා. එයින් වසර දෙකකට පස්සෙ එනම් 1587 ජෝන් වයික්ගේ ප්‍රධානත්වයෙන් සමන්විත 117ක පිරිසක් රෙනෝක් දූපතට ඇවිල්ලා එම දූපතේ ජනපදයක් පිහිටවගන්නවා. මෙම වර්ෂයේම අගෝස්තු මස ජෝන් වයිට්ගේ දියණිය රෙනෝක් දූපතේදී උපත ලබනවා. ඇයගේ විශේෂත්වය නම් මෙම දූපතේ ඉපදුණු පළවෙනි බි්‍රතාන්‍ය ජාතික දරුවා ඇය වීමයි. ඇයට නම තියන්නෙ වර්ජිනියා ඩෙයා කියලා. නමුත් ඔවුන් ඇමෙරිකාවේ වාසය කළ ස්වදේශික ගෝත්‍ර සමග ගැටුම් ඇතිකරගත්තා. ඔවුන් උපක්‍රමශීලීව ගෝත්‍රිකයන් මිත්‍ර සම්බන්ධතා පැවැත්වීමට උත්සාහ කළා. එහෙත් ඔවුන්ට මිත්‍ර වීමට හැකි වුණේ කොයිටෝවන් හෙවත් කෝටන් ගෝත්‍රය සමග පමණයි. අනෙකුත් ගෝත්‍රික කණ්ඩායම් ඔවුන්ට විරුද්ධව කටයුතු කළා.

දවසක් රෙනෝක් දූපතේ විසූ ජෝන් කොවෑක් නම් පුද්ගලයෙකු වෙරළ තීරයේ ගෝත්‍රික කණ්ඩායම් පහරදී මරලා දාලා තිබුණා. මෙම සිදුවීම නිසා මෙහි වාසීන් බියට පත්වුණා. හැම ගෝත්‍රික කණ්ඩායමක්ම එකතු වෙලා ඔවුන්ව මරලා දායි කියලා.



මෙම දූපතේ නායකයා වුණු ජෝන් වයිට් විසින් හමුදා ආධාර ලබාගැනීමට බි්‍රතාන්‍යයට ගියා. එහෙත් රෙනෝක් වැසියන් සිතූ පරිදි ඉක්මනින් උදව් ලබා ගැනීමට නොහැකි වුණා. එයට හේතුව මෙම කාලය තුළ සීත කාලය ආරම්භ වීම නිසා නාවුක ගමනාගමන කටයුතු අපහසු වීමයි. නාවුක කපිතාන්වරුන්ද අකමැති විය. දිගින් දිගටම පැවති බි්‍රතාන්‍ය හමුදා හා ස්පාඤ්ඤය අතර යුද්ධයට සියලුම බි්‍රතාන්‍ය නාවුක යාත්‍රා යොදවා තිබුණි. මේ හේතුව නිසා ජෝන්වයිට්ගේ පැමිණීම පරක්කු වුණා. කෙසේ වෙතත් වසර 3කට පසු රෙනෝක් ජනපදයට ඔහු එන විට කවුරුත් මේ දූපතෙ හිටියෙ නැහැ. හැමෝම මෙම ජනපදය අතඇරලා ගිහින් වගේ පාළුවට ගිහින් තිබුණා.

ඔහුට දකින්නට ලැබුණෙ CROATOAN සහ cro යන වචනය පමණයි. නමුත් ඔහු කියා තිබුණෙ කාගෙන් හෝ දූපතට බලපෑමක් එල්ල වුණේ නම් මෝල්ටීස් ලකුණ සලකුණු කරන්නට කියලා. එහෙත් ඔහුට එවැනි සලකුණු දැකගැනීමට නොහැකි වුණා. ඔහුට ගෝත්‍රික ජනවාස සොයා ගියත් එහි රෙනෝක් වැසියන් කවුරුත් දකින්නට ලැබුණේ නැහැ. ඔහුට කවුරුත් නැතිවම ආපසු එන්නට සිදුවුණා. ඇත්තටම ඔවුන්ට සිදුවුණේ මොකද්ද ඔවුන්ගේ ගෝත්‍රවලට එකතු වුණාද CROATOAN ගෝත්‍රිකයන් සමග ගැටුමක් ඇති වුණාද නැත්නම් ගෝත්‍රිකයන් සියල්ල එකතු වී ඔවුන් මරා දැම්මාද යන්න ගැටලුවක්.

එහෙත් පසුකාලීන වැසියන් ගෝත්‍රිකයන් අතර ඉංග්‍රීසි භාෂාව කතා කරන වැසියන් දැක ඇති බවට පවසනවා.

නමුත් CROATOAN ගෝත්‍රයේ එවැනි පුද්ගලයන් හමු වී නොතිබීම ගැටලුවක්. ස්පාඤ්ඤ ජාතිකයන්ට මොවුන් හසුවී මරා දැම්මාද, අදටත් ප්‍රශ්නාර්ථයක්. මොකද ඒ යුගය වන විට ස්පාඤ්ඤ හා බි්‍රතාන්‍ය අතර පැවතියේ යුදමය වාතාවරණයක්. කෙසේවෙතත් රෙනෝක් වැසියන්ට සැබවින් සිදුවූයේ කුමක්ද අදටත් නොවිසඳුණු අබිරහසක්.

කාංචනා මධුවන්ති රත්නායක

SendShareShare
Previous Post

ලොව ප්‍රමුඛ Epson බිස්නස් ප්‍රොජෙක්ටර්ස් දැන් වෙළෙඳපොළේ

Next Post

සුද්දා ප්ලාස්ටර් ගහල වහපු හෙළ වෙදකම

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමානය වීම හේතුවෙන් පසුගිය වසරේ විදෙස් ණයගෙවීම සඳහා අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැයවී ඇති බව රාජයේ...

Read more
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.