ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර් වෙතින් නව වසර සඳහා සුවිශේෂී ආරම්භයක් සනිටුවන් කරමින් ලොව ප්‍රමුඛ Epson සන්නාමයේ බිස්නස් ප්‍රොජෙක්ටර්ස් මාදිලි රැසක් වෙළෙඳ පොළට නිකුත් කර ඇත.
ප්‍රොජෙක්ටර් සඳහා ලොව ප්‍රමුඛ ගෝලීය වෙළෙඳ සන්නාමයක් වන Epson සහ සිංගර් අතර ඇතිකරගත් ප්‍රධාන පෙළේ හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම නවතම නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතරට පත් විය. මෙම හවුල්කාරීත්වය හරහා සිංගර්හි තාක්ෂණික නිෂ්පාදන පෙළ තව දුරටත් ශක්තිමත් වූ අතර, 50කට අධික සිංගර් හා බැඳුණු විශිෂ්ට සන්නාම පෙළ අතරට Epson සන්නාමය විශිෂ්ට එකතුවක් වනු ඇත.
2019 වර්ෂයේදී Epson සන්නාමය 41.4%ක ගෝලීය වෙළෙඳ පොළ කොටසකට සහ 44.4%ක දකුණු ආසියානු වෙළෙඳ පොළ කොටසකට හිමිකම් කියන ලද ලොව අංක එකේ ප්‍රොජෙක්ටර් සන්නාමයක් බවට පත්විය. උසස් ජපන් තාක්ෂණය සමඟින් ඉහළම ගුණත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයාට ඉදිරිපත් කිරීම Epson සන්නාමයේ විශේෂත්වය වන අතර, ඔවුන්ටම අවේණික වූ 3LCD තාක්ෂණය වඩාත් පැහැදිලි, විචිත්‍රවත් සහ තරගකාරී නිෂ්පාදන හා සැසඳීමේදී තුන් ගුණයකින් වැඩි වර්ණ දීප්තියක් සහිත රූප රාමු ලබා දෙයි.











