• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

තම ලෙයින් දරුවන් ලක්ෂ 24කට ජීවය දුන් ආදරණීය තාත්තා

July 3, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
තම ලෙයින් දරුවන් ලක්ෂ 24කට ජීවය දුන් ආදරණීය තාත්තා
Share on WhatsAppShare on Facebook

ලේ, නැත්නම් රුධිරය දන්දීමක් යනු කියා අවසන් කළ නොහැකි තරමේ උතුම් පින්කමකි. එහෙත් එම උතුම් පින්කම 1,773 වතාවක් කළ අපූරුම මිනිසකු පිළිබඳ පසුගියදා අපට ආරංචි විය. ඒ අනුව මා දැන් පැවැසීමට යන්නේ 1,773 වතාවක් දරුවන් ලක්ෂ 24කට (මිලියන 2.4) තම ලේ පරිත්‍යාග කළ පින්වන්ත මිනිසකු ගැනය. ඔහු නමින් ඔස්ටේ්‍රලියානු ජාතික ජේම්ස් ක්‍රිස්ටෝපර් හැරිසන්ය. සැබෑවටම ඔහු මිනිසුන් අතර උත්පත්තිය ලැබූ එක් දෙවියෙකි. මෙම කතාව අවසානයේදී ඔබට එසේ සිතෙනු ඇත.

ඕස්ටේ්‍රලියානු ජාතික ජේම්ස් ක්‍රිස්ටෝපර් හැරිසන් තම ලෙයින් දරුවන් ලක්ෂ 24ක් මරණයෙන් බේරාගත් බව මා පවසන විට කියවන ඔබට එය සත්‍යක්දැයි සිතනු ඇත. එහෙත් එය සත්‍යයකි. ඊට හේතුව මෙම කරුණ සනාථ කරනුයේ ලියන මා නොව, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ ඕස්ටේ්‍රලියානු ශාඛාවයි. (Australia Red Cross Blood Service) මෙහි ප්‍රතිඵලයක් ලෙස ජේම්ස් ක්‍රිස්ටෝපර් හැරිසන්ට ලෝකයේ වැඩිම වරක් ලේ දන්දුන් මිනිසා ලෙස 2003 වසරේ ගිනස් වාර්තාවක් තැබීමට හැකිවිය. මේ වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වන ඔහු, තමා තැබුවේ වර්තාවක් නම් එය කවුරුන් හෝ බිඳදමනු බලන්නට කැමැති බවත්, මියයන්නට සිටිය දරුවන් විශාල සංඛ්‍යාවකට ජීවිතය දීමට හැකිවීම පිළිබඳ තමාට විශාල සතුටක් දැනෙන බවත් පවසා තිබේ. තවද වරක් 1999 වසරේදී Medal of the Order of Australia (OAM) සම්මානය පවා ලබාගැනීමට ජේම්ස් ක්‍රිස්ටෝපර් හැරිසන්ට හැකිවිය.

ජේම්ස් ක්‍රිස්ටෝපර් ඉපදෙන්නේ 1951 වසරේදීය. ඔහුගේ අන්වර්ථ නාමය ‘ගෝල්ඩන් ආම්’ විය. එහෙත් පෙරභවයක කළ එක්තරා පවකට දෝ වයස අවුරුදු 14දී කුඩා ජේම්ස්ගේ දිවියට මාරයා අත වනන්නට වූයේ ඔහු දරුණු පෙණහලු රෝගයකට ලක්කරමිනි. අනතුරුව ඔහුගේ ජීවිතය බේරාගැනීමට පැය ගණනක බරපතළ සැත්කමක් කරන්නට සිදුවූ අතර, එය සිදුකිරීමට විශාල වශයෙන් ඔහුට රුධිරය දීමට සිදුවිය. ප්‍රමාණයෙන් එය රුධිරය ලීටර් දහතුනකි. පසු කලෙක ඔහු ඒ පිළිබඳ CNN පුවත් සේවය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ එදා තමාට රුධිරය ලීටර් දහතුනක් ලබාදුන් බවට තම පියා පැවැසූ බවත් තමාගේ ජීවිතය බේරාගත් ඒ උතුම් මිනිසුන් කවුද කියා තමා අදටත් නොදන්නා බවත්ය. කෙසේ වුවද එදා ඔහුගේ ජීවිතය බේරුණද අසනීපයේ ප්‍රතිඵලයක් වූයේ ඔහුගේ එක් පෙණහැල්ලක් ඔහුට අහිමිවීමයි. ඒ අනුව මාස ගණනක් රෝහලේ සිට ඔහු එයින් පිටව යන්නේ මරණය පෙනි පෙනී සිට නැවතත් හුස්ම ගනිමිනි.

මේ අනුව එදා පුංචි ජේම්ස් ක්‍රිස්ටෝපර් හැරිසන් රෝහලෙන් පිටව යන විට තම පියාට පොරොන්දුවක් විය. ඒ, තමාගේ වයස අවුරුදු දහඅට සම්පූර්ණ වූ පසු දිගින් දිගටම ලේ දන්දෙන බවයි. එය ඔහු ජීවත්වීමට ලේ දන් දුන් උතුම් මිනිසුන් වෙනුවෙන් කරන කළගුණ සැලකීමක් බඳු විය. එහෙත් මුල්වරට ලේ දන් දෙන විට වෛද්‍යවරුන් පවා පුදුමයෙන් පුදුමයට පත්විය. ඒ, මෙම තරුණ ජේම්ස් ක්‍රිස්ටෝපර්ගේ ලේ ඉතා දුර්ලභ ගණයේ ලේ වර්ගයක් බව එහිදී හඳුනා ගැනීම නිසයි. සැබෑවටම ඔහුගේ රුධිර ප්ලාස්මාවල ඇති විශේෂත්වය වූයේ ඒවා ප්‍රති – Dනම් ප්‍රතිජීවකවලින් පොහොසත් වී තිබීමයි. වෛද්‍ය ක්ෂේත්‍රයේ එය Anti – D Products ලෙස හඳුන්වයි. ඒ මගින් මිනිස් සෛල තුළ නිපදවෙන Anti – D Immunoglobulin නමින් හඳුන්වන ඉමියුනෝග්ලොබියුලිනය ‘රීයස්’ නම් රෝගයට එය ස්වර්ණමය ඔසුවක් විය. පසුවට රුධිර ප්ලාස්මාවල Anti – D එන්නත එරටේ නිපදවන අතර මුලින්ම එය නිපදවූයේද ජේම්ස්ගේ රුධිරයෙනි.

ඉහතින් සඳහන් කළ ‘රීයස්’ රෝගය යනු තරමක් අමුතු වූ රෝගයකි. එය 1967 වසරේදී ඕස්ටේ්‍රලියානු වෛද්‍ය ක්ෂේත්‍රය පවා කැලඹවීය. දරුවන් ගබ්සාවලට ලක්වීමත් මළදරු උපත් වැඩිවීමත් මොළය දුර්වල දරුවන් ඉපදීමත් දරුවන් මියයාමත් මෙම රෝගයේ දරුණු ප්‍රතිඵල විය. නමුත් ජේම්ස් ක්‍රිස්ටෝපර්ගේ රුධිරය රීයස් රෝගයට එරෙහිව සටන් කළේ එරටේ දරුවන්ගේ වාසනාවටය. ඒ අනුව අදටත් ඕස්ටේ්‍රලියානු ගැබිනි මවුවරුන්ගෙන් 17%ක් පමණ දරු සුරතල් බලන්නේ ඔහු නිසාය. මේ අතර අදටත් ජේම්ස්ගේ සිරුර තුළින් මෙම සුවිශේෂ ප්‍රතිජීවකය නිපදවෙන්නේ කෙසේදැයි එරටේ වෛද්‍යවරුන්ට පවා ප්‍රශ්නයකි. ඔවුන්ගේ එකම අනුමානය වන්නේ කුඩා කල ඔහුට සිදුකළ සැත්කම අවස්ථාවේ ලබාදුන් අතිවිශාල රුධිර පරිමාව මීට හේතුව බවයි.

නොකඩවා වසර හැටක් තිස්සේ ජේම්ස් හැරිසන් තම ලේ දන් දී ඇති අතර මේ වෙනවිට ඔහුගේ වයස ප්‍රශ්නය නිසා ඔහුගෙන් තව දුරටත් ලේ නොගැනීමට රතු කුරුස සංවිධානය තීරණය කර තිබේ. ඒ අනුව මේ ලියන මොහොත වන විට ජේම්ස් අවුරුදු හැටක් තිස්සේ සතියකට වරක් බැගින් 1,773 වතාවක් ලේ දන්දී තිබේ. ‘ස්වර්ණමය දෑත් හිමි මිනිසා’ ලෙස මෙදා හඳුන්වන ඔහුගේ දකුණු අතින් 1,763 වතාවක් මෙන්ම වම් අතින් 10 වතාවක් ලේ දන්දී ඇත. සැබෑ ලෙසටම මෙවන් මිනිසුන් රටකට සම්පතකි. ඕස්ටේ්‍රලියාව ඒ අතින් පින්වන්ත භූමියකි. මෙම හේතුව නිසාම මෙදා ජේම්ස්ගේ වටිනාකම හොඳින්ම දන්නා එරට සිටින වෛද්‍යවරුන් පවසන්නේ ජේම්ස් වැනි තවත් අයෙක් ඔවුන්ට කිසිදිනෙක යළිත් නොලැබෙන බවත් ජීවිත මිලියන 2.4ක් බේරාගන්නට තරම් ඔහුගේ නහර ශක්තිමත් බවත්ය. එසේම මේ ලෝකයට අවශ්‍ය වී තිබෙන්නේ එවැනි වූ නහරකාරයන් බවත් ඔවුන්ගේ අදහසයි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

පුත්තලමට ‘හුස්ම ගන්න’ සජිත් ලක්ෂ විසිතුනහමාරක උපකරණ දෙයි! (PHOTOS & VIDEO)

Next Post

මහජන බැංකුවේ දංකොටුව ශාඛාව නව පරිශ්‍රයකට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.