• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ජලය ඉස්සොත් දෙගොඩතලා වැසි වසින රන්තෝඩු දැමූ ආඳකු වරින් වර මතුවෙන බද්දේගම සන්දරවලේ අබිරහස

May 20, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ජලය ඉස්සොත් දෙගොඩතලා වැසි වසින රන්තෝඩු දැමූ ආඳකු වරින් වර මතුවෙන බද්දේගම සන්දරවලේ අබිරහස
Share on WhatsAppShare on Facebook

හාත්පස ඇත්තේ නිල්ල පිරුණු ගහකොළය. සීරුවට හමාගෙන යන මඳ සුළඟට මුසුව ඒ ගහකොළ තාලයකට මෙන් චලනය වෙයි. විටෙක අමුතු ගුප්ත බවකුත් තවත් විටෙක සිසිල් සුවදායී බවකුත් පරිසරයට මුසුකරන මේ ස්වභාවික සිද්ධි මාලාවන් අතරින් නිහඬව නිසලව ගලාබසින සන්දරවල ඇළ කිසිවකුට නොකී කිසිවකු නොදන්නා මහා රහසක් සඟවාගෙන සැඟවී ඉන්නවාක් මෙන් බැලූ බැල්මටම පෙනෙයි. තම රහස තමාගේ වරදකින්ම කාට හෝ හෙළිවෙතැයි බියේ සැඟවෙන වැරැදිකරුවකු සේ සැඟවී ඉන්නට මාන බලන සන්දර ඇළ පිහිටා ඇත්තේ දකුණේ සුන්දර ප්‍රදේශයක් වන බද්දේගමය.

ඉතා මනරම් භූමිභාගයක පිහිටි ගිරිශිඛරයක් මත ඉදිවූ හැඩිදෙමළ කන්ද නම් ඓතිහාසික රජමහා විහාරයේ පින්බර බැල්ම වැටෙන ඉසව්වේ සීරුවට ගලාබසින මෙම ඇළ හා බැඳුණු කතා පුවත් අතර සුවිශේෂ කතා පුවතක් ජනප්‍රවාදයේ ඉතා ප්‍රචලිතය. එදා මෙන්ම අදද බද්දේගම හෝ එම ප්‍රදේශයට පැමිණි අයකු රන් තෝඩු දැමූ අමුතු මාළුවකු දුටුවා යැයි පැවැසුවහොත් එම ප්‍රදේශයේ කිසිවකු පුදුම වන්නේ නැත. ඔවුන් එකහෙළා ප්‍රශ්න කරන්නේ “සන්දරවලේ නේද ?” යනුවෙනි. ඒ තරමටම සන්දර වලේ කඩුක්කන් ආඳා බද්දේගම ජනයා අතර ප්‍රසිද්ධය.

මෙරට රාජ්‍යත්වය දැරූ ශ්‍රේෂ්ඨ රජකු වන දුටුගැමුණු රජුගේ පිය රජු වන කාවන්තිස්ස රජු මෙම ඇළ කරවූ බවත්, එමගින් ගෙන එන ජලය ඊට යාබදව ඇති කිඹි ඇළ නම් ඇළට සම්බන්ධ කර කෙත්වතු අස්වද්දා ප්‍රදේශයේ ජනතාව බතින් ස්වයංපෝෂිත කරවූ බවත් පැවැසෙයි.
මෙම ඇළ හා සම්බන්ධ කඩුක්කන් ආඳා හා බැඳුණු කතාද කිහිපයක් වෙයි. ඒ අතරින් විශේෂ තැනක් ගන්නේ දුටුගැමුණු රජු හා බැඳුණු කතාවකි.

එවකට දුටුගැමුණු රජු රුහුණේ සිට අනුරාධපුරයට සංක්‍රමණය වූවාට පසු එළාර රජුගේ ප්‍රබල සෙනවියකු වන සන්දර නමැත්තා තම අතවැසියකුත් සමග රුහුණට පලා එන්නේ ජීවිතය ආරක්ෂා කරගන්නා අදහසිනි. ඔහු දකුණු රටේ බද්දේගම සිය වාසය සඳහා තෝරාගන්නා අතර පසුකාලීනව දෙමළ ජනයා මෙම ප්‍රදේශයට පැමිණීම හේතු කොටගෙන එම ප්‍රදේශයේ පිහිටි විහාරය දෙමළ ජනයාගේ කොල්ලකෑමට ලක්ව තිබේ. එසේ කොල්ලකෑමට ලක්වන විහාර ගැන පුවත දුටුගැමුණු රජුගේ කනවැකීමත් සමගම කෝපයට පත් රජු සිය සේනාව සමග පැමිණ බද්දේගම ප්‍රදේශය වටලා තිබේ.

දුටුගැමුණු රජු පැමිණි වග දැනගත් සන්දර නම් සෙනවියා සිය ජීවිතයට තිබූ ආශාව අතහැර රන් රිදී මුතු මැණික් සහිත සිය වස්තුවද රැගෙන එම ප්‍රදේශයේ තිබූ ඇළට පැන දිවි තොරකරගෙන තිබේ. මරණයෙන් පසුව ඔහු තම වස්තුවට ආශාවෙන් ඇළේම ආඳකු වී ඉපදී ඇති බවත්, කනට තෝඩු දමාගෙන සිටින අමුතු ආඳකු ලෙස පෙනී සිටින බවත්, විටින් විට උඩට මතුවී හිස කොටස පෙනෙන්නට සිටින බවටත් ජනප්‍රවාදයේ තිබේ.

පසුකාලීනව මෙම ඇළෙහි මසුන් මැරීමට ගිය කිහිප දෙනකුම මෙම ආඳාව දැක ඇති අතර, කෙසේ හෝ ආඳාව අල්ලාගන්නා අදහසින් සූක්ෂ්මව සැඟවී සිට ආඳාගේ හිස කඳින් වෙන්වන ආකාරයට කඩුවකින් කොටා තිබේ. එහිදී හිස කොටස වහා දිය යට නොපෙනී ගිය බවත්, කඳ කොටස පමණක් ඉහළට මතුවූ බවත් පැවැසෙයි. එසේ ආඳාගේ කඳ කොටස ආහාරයට ගත් මසුන් මරන්නන් අකාලයේ විනාශ වූ බවද ජන විශ්වාසයයි. එමෙන්ම ඇතැම් මසුන් මරන්නන්ගේ බිලී කොකුවල දැවටී රන් රිදී ආභරණ මතුව ඇති බවත්, ඒවා අලෙවි කර මුදල් උපයාගත් සියලු දෙනාම අකාලයේ විනාශ වූ බවටත් ජනතාව අතර විශ්වාසයක් පවතී.

සන්දරවල සම්බන්ධ තවත් විශේෂ විශ්වාසයක්ද ජනතාව තුළ තිබේ. එනම් සන්දර දිවි නසාගත් ස්ථානයේ ජලය හිඳෙන තුරු ඉසින්නට උත්සාහ කළහොත් ඊට පසු දිනෙම දෙගොඩතලා වතුර ගලා යන්නට වැසි ලැබෙන බවකි. මේ නිසාම දැඩි නියං කාලවලදී ප්‍රදේශයේ ජනයා සන්දරවල ඉසින්නට උත්සාහ කරති. එවිට නිසි පරිදි වැසි ලැබෙන බව අදත් එම ප්‍රදේශයේ ජනතාව අත්දැකීමෙන් විශ්වාස කරති. අතීතයේ අවස්ථා කිහිපයකදීම සන්දරවල මිනිස් බිලි ගෙන ඇති බවත්, සන්දර සෙනවියාගේ ශාපය තවමත් එහි තිබෙන බවත් ජනතාව අතර ඇත්තේ ප්‍රබල විශ්වාසයකි.

එම්.ජේ.ආර්. තිලෝචනා

SendShareShare
Previous Post

කොමර්ෂල් කැස්බෑ සංරක්ෂණයෙන් කැස්බෑ පැටවුන් 8,000ක් මුදාහරී

Next Post

රොසෙල් අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

සරණ ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා සිරගත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදියා හට අද පැවැති මාධ්‍ය හමුවේදී වරුණ රාජපක්ෂ මහතා දුන්නේ මෙවැනි...

Read more
පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.