• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ජය ශ්‍රී මහා බෝ සමිඳුට කළ මහා අපරාධයක සුලමුල හෙළි වෙයි

October 17, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ජය ශ්‍රී මහා බෝ සමිඳුට කළ මහා අපරාධයක සුලමුල හෙළි වෙයි
Share on WhatsAppShare on Facebook

වර්ෂ 1929ක් වූ ඇසළ මස 30 වෙනිදාය. රජරට අහස් කුස නීල වර්ණයෙන් පිරී තිබුණේය. වැව් දිය පිස එන මඳ සුළඟ ඔබ මොබ සැරිසරමින් තිබුණේය. එහෙත් විටින් විට පැහැපත් අහස අඳුරින් පුරවාලමින් අඳුරු වලාවකින් හිරු කිරණ වසාලමින් මොකද්දෝ අසුබ කතාවක පෙරනිමිත්තක් කියාපාන්නට උත්සාහ කරමින් තිබුණේය. වෙනදා මෙන් අනුරාධපුර බැතිමතුන්ගෙන් පිරී ඉතිරී නොගිය පූජා භූමිය දෙසින් ඉස්මතුව පෙනුණේ හුදකලා වූ නිහඬ බවකි. තැනින් තැන සිටිය බැතිමතුන්ද එකා දෙන්නා අඩු වෙමින් තිබුණු මොහොතක පසෙකින් රුවන්මැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ ශාන්ත බැතිබර ස්වභාවයෙන් විරාජමානව වැඩ සිටියේය. අනෙක් පසින් උඩ මළුවේ වැඩ සිටි ජයශ්‍රී මහා බෝ සමිඳුන්ය. සිසිල් සුළඟේ සිලිසිලි හඬ නඟන බෝපත්වලින් නික්මෙන රිද්මයන් සුවහසක් සිත්සතන් නිවා සනසන තරම්ය.

එහෙත් හිටි හැටියේ අහස් කුස අඳුරින් පිරුණේය. පරිසරයේ ශාන්ත බව මොහොතකට අතුරුදන් වූයේය. පොහොර බෑගයක් අත රඳවා ගත් වැඩිහිටි පුද්ගලයකු කාටත් රහසේ උඩ මළුවට ඇතුල් වූයේ කලබලයෙනි. වටපිට කිසිවකු පෙනෙන්නට නොසිටියේය. අමුත්තා සිය අත රැඳි පොහොර බෑගය විවර කර එතුළින් පිටතට ගත්තේ තියුණු ලෙස මුවහත් කළ පොරවකි. හෙතෙම හැසිරුණේ වියරු වැටුණු වන මෘගයකු ලෙසිනි.

කලබලයෙන් උඩ මළුවේ ඒ මේ අත ඇවිද ගොස් අවට විපරම් කළ අමුත්තා පොරෝ තලයද අමෝරාගෙන බෝ සමිඳුන් අබියසට ආවේය. ඔහු වියරු වැටුණකු පරිද්දෙන් මහා අපරාධයකට මුල පිරුවේ වේගයෙන් බෝ සමිඳුන් වෙත පොරෝ පහර එල්ල කරමිනි. පරිසරය අඳුරු වන්නට ඇත. මහපොළොව දෙදුරුම් කන්නට ඇත. එහෙත් බැතිමතුන්ගෙන් හිස්ව තිබූ උඩ මළුව විනාශකරුවාට ශක්තියක් වන්නට ඇත.

වැඩි වෙලාවක් ගතවන්නට මත්තෙන් විහාරයේ වැඩසිටි හිමියන්ට බෝ සමිඳුන් දෙසින් ඇසෙන අමුතු හඬ ගැන කුකුසක් ඇති වූයේය. උන්වහන්සේ අසල වුන් ආවතේවකරුවකුටද කාරණාව සැලකරගෙනම උඩමළුව දෙසට වේගයෙන් වැඩම කළහ. එහෙත් අපරාධකරු සිය අරමුණෙහි කොටසක් ජයගෙන තිබිණි. ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ එක් ශාඛාවක් ඔහුගේ පොරෝ පහරින් විනාශව තිබිණි. එතැනින් වහා ක්‍රියාත්මක වූ හිමියන් කිහිපදෙනකු සමඟ එක්ව අපරාධකරුව අල්ලා ගත්තේය. ඔහු නමින් ජේමිස් අප්පුය.

ජයශ්‍රී මහා බෝ සමිඳු වැඩසිටින්නේ පොළොව මට්ටමට ඉහළින් වූ විශේෂ වේදිකාවකය. එම ස්ථානයට කිසිවකුට පය තබන්නට අවස්ථාවක්ද නැත. ඒ ජයශ්‍රී මහා බෝ සමිඳුන් එතරම්ම පූජනීය නිසාවෙන් මෙම විශේෂ වේදිකාව පිහිටුවීමට ප්‍රථම පරිවාර මළු හතක් ඉදිකරවා තිබේ. ඒවා වැලි මළුව, විහාර මළුව, දෙවැනි මළුව, රන් වැට මළුව, උඩ මළුව, උඩ මළුව පැරැණි රන් වැට, මහ බෝමළුව හා වැඩහිඳින මළුව නමින් නම් කොට හඳුන්වා ඇත. අද වන විට සාමාන්‍ය ජනතාවට යෑමට අවසර ඇත්තේ දෙවැනි මළුව දක්වා පමණකි. එහෙත් මෙම තත්ත්වය 1929 වසර දක්වා තිබුණේ නැත. එවකට පෙර සියලුම ජනයාට බෝ සමිඳු අසලටම ගොස් වන්දනා කරන්නට අවස්ථාව සැලැසී තිබිණි. නමුත් එම මහඟු අවස්ථාව සාමාන්‍ය ජනයාට අහිමි කරන්නෙ ජේමිස් අප්පුහාමි නම් පුද්ගලයාය. ඒ 1929 ජූලි 30 වැනි දින ඔහු බෝ සමිඳුන්ට කළ මහා අපරාධයත් සමඟිනි.

1929 යනු අද මෙන් විශාල වශයෙන් අනුරාධපුර පුද බිම බැතිමතුන්ගෙන් පිරී යන කාලයක් නොවන බැවින් ජේමිස් අප්පුහාමිට සිය අපරාධය සඳහා අවස්ථාවක් උදාකර ගන්නට අපහසු නොවන්නට ඇතැයි අනුමාන කළ හැකිය. කෙසේ නමුත් එදින ඔහු කළ මහා අපරාධය සමඟින් ඔහුව අත්අඩංගුවට ගැනිණි. ජේමිස් අප්පු අත්අඩංගුවට පත්වීමෙන් පසුව විවිධාකාර මතවාද ද මතුව ඇතිවිය. ඒ අතර බොහෝ දෙනකුගේ මතය වූයේ ජේමිස් අප්පු යනු මානසික රෝගියකු බවයි. ඒ අතර, තවත් පිරිසක් ඔහු බීමත්ව සිටියකු බවට චෝදනා කළහ. මේ චෝදනා අතර ඇතැම් චෝදනා තරමක් ප්‍රබල ඒවාද විය. එනම් ජේමිස් අප්පුහාමි අන්‍යාගමිකයන්ගෙන් මුදල් ලබාගෙන මෙම අපරාධය ඉතා සූක්‍ෂ්මව සැලැසුම් කර සිදුකළ බවටද ඇතැම් පිරිස් චෝදනා කළහ. කෙසේ නමුත් බෞද්ධ ජනතාවට මෙය මහා වේදනා ගෙනදෙන්නක් බවට පත්විය. අවසානයේ ජේමිස් විසින් කපන ලද ශාඛාව ආදාහන උත්සවයක් පවත්වා ආදාහනය කිරීමට කටයුතු කෙරුණෙ අතිමහත් ගෞරව සහිතවය.

එයින් මතුවට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරුණේය. එවකට අටමස්ථානාධිපති හිමියන්ගේ මූලිකත්වය මත බෝ සමිඳුන්ගේ ආරක්‍ෂාවට මුලින්ම ඉදිකෙරුණේ යකඩ වැටකි. එයින් පසු බෝධීන් වහන්සේ අසලට ගොස් වන්දනාමාන කිරීම තහනම් කෙරිණි. අදටත් එම තීරණය ක්‍රියාත්මක වන්නේය. ඒ ජේමිස් අප්පුහාමි කළ නොමනා ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙසිනි. එදා ඉදිකළ යකඩ වැට වෙනුවට අද එහි රන්වැටක් ඉදිකර ඇති අතර, වෙනදාටත් වැඩියෙන් ආරක්‍ෂාව තහවුරු කොට ඇති අයුරු දැකගත හැකිය. එසේම එදා ජේමිස් අප්පුහාමි කපා ඉවත් කළ ශාඛාවේ අඩුව අදටත් දැකගැනීමට හැකි අතර, එය දකින සෑම අවස්ථාවකම බෞද්ධ ජනයාගේ හදවත කමපාවට පත්වනවා නොඅනුමානය.

කෙසේ නමුදු ජයශ්‍රී මහා බෝ සමිඳුන් එදා තමන්ට මහා අපරාධයක් කළ ජේමිස් අප්පුහාමිටද අනුකම්පා කරන්නට ඇත. මෛත්‍රිය දක්වන්නට ඇත. එදා මෙදා තුර ඉතිහාසය පුරා උන්වහන්සේගේ මහා බලමහිමයෙන් බොහෝ සිත්සතන් නිවී සැනසෙන්නට ඇත. එසේම ජේමිස් අප්පුහාමි පමණක් නොව එයින් මතුද බොහෝමයක් පිරිස් උතුම් ජයශ්‍රී මහා බෝ සමිඳුන්ට නපුරක් කරන්නට, විනාශයක් කරන්නට, සිතන්නට ඇත. සැලැසුම් සකසන්නට ඇත. මාන බලන්නට ඇත. එහෙත් ඒ සියල්ල පරයා උන්වහන්සේ අදත්, හෙටත්, මතුවටත් අනුරාධපුර රාජධානි පුදබිමේ විරාජමානව වැඩ හිඳිනු නිසැකය. එසේ වැඩහිඳිමින් සුවහසක් දනන්ගේ සිත්සතන් නිවා සනසනු නිසැකය.

ඒ මහා පින් බලෙන් තවත් කල්ප කාලයක් මේ ලක්බිම ආරක්‍ෂා කෙරෙනු නිසැකය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

කලාව දේශපාලනයෙන් විකාශ කළා

Next Post

ලංකා බැංකු විල්ගමුව ශාඛාව නව පරිශ්‍රයකට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.