• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගැහැනියක නිසා විඳවපු ලෝකෙට ලොක්කා

August 1, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ගැහැනියක නිසා විඳවපු ලෝකෙට ලොක්කා
Share on WhatsAppShare on Facebook

ගැහැනිය සුමුදුය, මෘදුය, නම්‍යශීලීය, ලයාන්විතය, මල් පෙත්තක් මෙන් පිවිතුරුය. බහුතරයක් දෙනා කාන්තාව ගැන සිතන විදිහ එලෙස විය හැකිය. ගැහැනියක නැති ගෙදරක් අපායකි. කිසිදු සතුටක්, සුන්දරත්වයක් නැත. ගැහැනියක නොලැබූ පිරිමියකුට සාර්ථකත්වයක් සතුටින් පිරුණු ජීවිතයක් සිහිනයකි. තවත් කෙනකු එහෙමත් සිතනවා ඇත. ඒ වගේම සෑම සාර්ථක සැමියකු පසුපසම හොඳ බිරියක් සිටින බවද කියයි. මේ සියල්ල බොරු කියා හෝ අසත්‍ය යැයි කියා අමතක කර දමන්නටද බැරිය.

මන්ද එවන් ගැහැනුන් සේම ගැහැනියක නිසා එලෙස සාර්ථක මිනිසකු වූ පිරිමින්ද අනන්තවත් සමාජය තුළ දැකිය හැකිය. එහෙත් එසේ නොවී බිරිය නිසා ජීවිතය අපායක් වූ සැමියන්ද නැතුවාම නොවේ. මේ කියන්නට යන්නේ එහෙම කෙනකුගේ කතාවකි. එහෙත් මේ කතාව බිරිය නිසා ජීවිතය අපායක් වුණු නිකන්ම නිකන් සැමියකුගේ කතාවක් නොවන අතර මෙය ලෝකෙට ලොක්කා යැයි කියන ඇමෙරිකාවේ ජනාධිපතිවරයකුගේ කතාවකි. ඔහු නමින් ඒබ්‍රහම් ලින්කන්ය.

තම රටත්, තමාත් කොතරම් දුරට ලෝකෙට ලොක්කකු වුවද ඒබ්‍රහම් ලින්කන්ට සිය නිවෙසට ලොක්කා වෙන්නට බැරි වුණේය. ඔහුට විවාහයෙන් පසු ගෙවන්නට වූයේ අසීමිතව කනගාටුව, පසුතැවීම මිශ්‍ර වූ කටුක ගෘහ ජීවිතයකි. ඒ කාලය වසරවලින් නම් වසර 33කි.

ඒබ්‍රහම් ලින්කන් විවාහ වූයේ 1841 වසරේ ජනවාරි මාසයේ 01 වැනිදාය. ඒ මාරි ඈන්ඞ් ටොඞ් නමැති කාන්තාව සමඟිනි. එහෙත් විවාහයට පෙර දෙදෙනා අතර බොහෝ දේ සිදුව තිබිණි. ඒ කටයුතු කාරණා තුළින් ලින්කන්ට මාරි මහත්මිය තුළ තිබූ නොගැළපීම් මනාව හඳුනා ගන්නට හැකිවූ අතර, ඔහු වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම මාරි මහත්මිය හමුවේ කියා සිටියේ තමාට මෙම විවාහය කර ගැනීමට අනවශ්‍ය බවයි. එහෙත් මාරි මහත්මිය කිසි විටෙක ලින්කන්ව මඟහැර ගැනීමට කැමැති වූයේම නැත. ඇය නිතරම උත්සාහ ගත්තේ ඉක්මනින් ලින්කන් සමඟ විවාහය සිදුකර ගන්නටය.

දිනක් දෙදෙනා හමුවූ අවස්ථාවක ලින්කන් මහතා සිය අදහස යළිත් මාරි මහත්මිය සමඟ පවසමින් තමාට මෙම විවාහය සිදුකර ගැනීමට කිසිදු පැහැදීමක් නැතැයි කීවේය. එදින මාරි ටොඞ් හඬාවැටෙන්නට පටන් ගත්තේ ඉකිබිඳිමිනි. ලින්කන් මහතා දැඩි අනුකම්පාසහගත අයකු බවත් ගැහැනුන් අඬනවාට ඔහු අකමැති බවත් හොඳින්ම දැන සිටි මාරි ටොඞ් කඳුළු සලමින් හඬාවැටුණේ ගැහැනු මායම්වලින් උපරිම ප්‍රයෝජනය ගනිමිනි. අවසානයට ලින්කන් මාරි ටොඞ්ව වැළඳගෙන ඇයව විවාහ කරගන්නා බවට පොරොන්දුවක් දී පෙර සඳහන් කළ අයුරින් ඇයව 1841 ජනවාරි 01දා විවාහ කරගත්තේය.

විවාහ වී දිනක් දෙකක් ගතවන්නටත් පෙරම දෙදෙනා සිතන පතන ආකාරය එකිනෙකට වෙනස් බව ලින්කන්ට හොඳින්ම තේරුම් ගියේය. එය කොතරම් ප්‍රාථමික තත්ත්වයට වැටුණේද යත් ආහාර පාන තෝරා ගැනීමේදී වුවද දෙදෙනා අතර කිසිදු එකඟතාවක් ඇති නොවීය. සැමියා ලෙස ලින්කන් ගැන සිතා ඔහුගේ කිසිදු වචනයකට ගරු කිරීමට මාරි ටොඞ් නම්‍යශීලී නොවීය. එලෙස කිරීම තමාට මදිපුංචිකමක් යැයි සිතීමට මාරි ටොඞ් නිතරම උත්සාහ ගත්තාය. කොහේ කොතැන මොන දේකට ගියද දෙදෙනා අතර කිසිදු ගැළපීමක් නොවීය. මාරි ටොඞ්ගේ එකම රාජකාරිය වූයේ ලින්කන් පහත් කොට සලකා තම පරම්පරාව ගැන පම්පෝරි ගැසීමය. එහෙත් කිසිම දිනක පම්පෝරි ගසන්නට ප්‍රිය නොකළ ලින්කන් යථාර්ථයට මුහුණදීමට සිතුවේය.

දිනක් සාදයකදී කෑම මේසයෙදී කිසිවකුට සිතා ගැනීමට නොහැකි වන අයුරින් මාරි ටොඞ් ලින්කන්ගේ මුහුණට කෝපි කෝප්පයකින් දමා ගැසුවේ ලින්කන් පැවැසූ කතාවකට ප්‍රතිචාර වශයෙනි.

ඒ අවස්ථාවේ ලින්කන් ඇයට කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නට ගියේ නැත. ඔහු නිහඬව ඉවසාගෙන සිටියේ ඉවසීමේ මහත්මා ගුණය පෙන්වමිනි. කෙසේ වෙතත් ලින්කන්ගේ සාර්ථකත්වයේ රහසද අසීමිත ඉවසීම බව තතු දන්නෝ හොඳින්ම දනිති. එසේම ලින්කන්ගේ 33 වසරක විවාහ ජීවිතයේ මෙවැනි සිදුවීම් අඩු නොවීය. එහෙත් ඔහු ඉවසා සිටියේය. මේ තත්ත්වයෙන් ජීවත් වෙනවාට වඩා මා මිය යන්නේ නම් හොඳ යැයි වරකදී ඔහු සිය නීති සම්පාදක සමඟ පවසා තිබුණේ මනසට දැනුණු අසීමිත පීඩනය නිසාමය.

කොතරම් පීඩනයක් යටතේ වුවද ලින්කන් ඉවසූ තරම සෑම කෙනකුටම ආදර්ශයක් බව ඔහුගේ සමීපතමයන් නිතරම සිතුවේය. ඔවුහු ලින්කන්ගේ ඉවසීමේ ගුණය අගය කළහ. එනිසා ලින්කන්ට තව තවත් ඉවසන්නට ශක්තියක් ලැබුණා වන්නට පුළුවන. එහෙත් ලෝකෙට ලොක්කා වූ රටේ ජනාධිපතිවරයා වූ තමාට ගෙදරදි අත්වන ඉරණම ගැන ඔහුගේ සිතේ කොතරම් වේදනාකාරී හැඟීම් ගොන්නක් තිබුණාදැයි දන්නේ ඔහුම පමණකි.

එසේම විවාහයෙන් දින ගණනකට පසුව ලින්කන් සැමුවෙල් මාර්ෂල් නමැත්තෙකුට ලියූ ලිපියක අතපසුවීමකින්ද විවාහය ගැන කෙටි වාක්‍යයක් ලියැවී තිබිණි. එහි ‘මගේ විවාහය මටම පුදුමයකි’ යන්න ලියා තිබීමත් සමඟ ලින්කන් මහතාගේ විවාහය ගැන ඇති අර්බුදය පිළිබඳව ඉඟි පළකෙරිණි. මේ කතාව කාට කාටත් කුතුහලයක්ව තිබුණද එය ටක්කෙටම සමාජගත වූයේ ලින්කන් මහතාගේ නීති සහයකයා ලෙස කටයුතු කළ විලියම් එච්. හර්න්ඩන් නමැත්තාගේ කතාවකිනි. ඔහු කියා තිබුණේ ‘වසර විස්සකට අධික කාලයක් පුරා ලින්කන් සතුටින් සිටි එක දවසක්වත් මා දැක නැත. ඒ ගැන සිතීමත් පුදුමයකි. මේ සියල්ලට හේතුව ලින්කන්ගේ පවුල් ජීවිතයයි’ යනුවෙනි.

තත්ත්වය එසේ වුවද ඒබ්‍රහම් ලින්කන් ඇමෙරිකාවේ ජනාධිපතිවරයාව කටයුතු කළ කාලය පුරාම මාරි ටොඞ් ඔහුගේ ආර්යාව ලෙසින් පෙනී සිටියාය. ඒ ලින්කන්ගේ ඉවසීමේ ගුණයට පින් සිදුවෙන්නටය. ඉවසීමෙන් සාර්ථක වූ පුද්ගලයකු ගැන ආදර්ශයට ගන්නවා නම් එයට ලින්කන් හැර වෙනකකු ලෝක ඉතිහාසයේ හමු නොවනු ඇත.
කුමාර රත්නායක

SendShareShare
Previous Post

සංගීතයේ අමරදේවගේ සලකුණ වගේම ක්ලැන්ස්ගේ නමත් ලියැවෙන්න ඕනෙ

Next Post

බුධ ඉන්න තැන හොඳද නරකද

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.