• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ගාලු කොටුවේ සැග’වුණු සුද්දගෙ රහස්

October 4, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

අපි අද මහාවංශයට කතාවක් හොයන්න යන්නේ ශ්‍රී ලංකාවේ පහළට. ඒ කියන්නේ දකුණට. ඇත්තටම කිව්වොත් දකුණ කියන්නේ මුහුදට නෑදෑකම් කියන පළාතක්. ඒ හින්දම දකුණ හරි සුන්දරයි. ඉතින් ගෙවුණු සතියේ අපි ඒ සුන්දරකම දෙගුණ තෙගුණ කරන හරි අපූරු තැනකට ගියා. ඒ තමයි අපි හැමෝම දන්න ගාලු කොටුව.

ගාලු කොටුව කියන්නේ අපේ නිර්මාණයක් නෙවෙයි. ඒක හැදුවේ පෘතුගීසින් බළකොටුවක් විදියට. ඒත් ඔය බලකොටුව 17 වැනි සියවසේදී ලන්දේසින් ඔවුන්ගේ තාලයට වෙනස් කරගන්නවා. අපි හරියටම බැලුවොත් ගාලු කොටුවේ වයස දැන් අවුරුදු හාරසීයට වැඩි මිසක් අඩු නම් නෑ. කොහොම හරි ගාලු කොටුව කියන්නේ ලෝක උරුමයක්. මේ ගාලු කොටු පවුර කියන්නේ මහා වපසරියක් පුරා පැතිරිලා තිබුණු එකක්. ඒත් අද එතැන එහෙම නෑ. පස්සේ කාලේ රටේ සංවර්ධනයත් එක්ක විශාල ගොඩනැගිලි ගණනාවක්ම ගාලු කොටුව ආසන්නයේ හැදුණා. ඒ නිසා ගාලු කොටුවේ වටිනාකම ටිකක් පහළ බැස්සා කිව්වොත් හරි. කොහොමින් හරි ගාල්ලට විතරක් නෙවෙයි අපේ මුළු ලංකාවටම ගාලු කොටුව කියන්නේ ආභරණයක්. ඒ හින්දම අපේ රටේ වැඩිපුරම සංචාරක ආකර්ෂණයක් තියෙන ස්ථානයක් විදියට ගාලු කොටුව හැඳින්වීමේ වැරැද්දක් නෑ.

අපේ ගාලු කොටුව අයත් වෙන්නේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට. හරියටම කිව්වොත් ශ්‍රී ලංකාවේ ගිනිකොන මුහුදු තීරයේ තමයි ගාලු කොටුව දකින්න තියෙන්නේ. එදා පෘතුගීසින් ගාලු කොටුව හැදුවේ 1588 වර්ෂයේ කියලයි කියන්නේ. පස්සේ තමයි අර මුලින්ම කියපු විදියට ලන්දේසීන් ඒක අත්පත් කරගන්නේ. ඒ කොහොම හරි ඉතින් අද තියෙන ගාලු කොටුවේ නව නිර්මාණකාරයෝ ලන්දේසි. මොකද ඒක දැන් තියෙන තත්ත්වයට පත්කළේ ඔවුන්. ඒ නිසාම අද ගාලු කොටුව කියන්නේ අපේ රටේ පෞරාණික වටිනාකමක් තියෙන ස්ථානයක්. ඇත්තටම ගාලු කොටුවේ ඉදිකිරීම ඇස් අදහාගන්න බෑ. මොකද එහි තනිකර තියෙන්නේ ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය. පෘතුගීසින් ඒ ගාලු කොටුව හැදුව කීවට ගාලු කොටුව ගැන කියපු ගමන් අපට ලන්දේසි මතක් වෙන්නේ ඒකයි.

ගාල්ල නගරය හැඳින්වෙන්නේ දකුණු ලකේ අග නගරය විදියට. ඇත්තටම ගාල්ල මෙච්චරම ප්‍රසිද්ධ වෙන්න හේතුව “ගාලු කොටුව” කිව්වොත් හරියටම හරි. පෘතුගීසින් අතේ තිබුණු ගාලු නගරය ලන්දේසීන් අත්පත් කරගන්න කලින් ගාල්ල කියන්නේ පෘතුගීසින්ගේ ප්‍රධාන පරිපාලන නගරය කියලයි කියන්නේ. කොහොම හරි පස්සේ කාලේ ගල්ලේ ගාලු කොටුවට අලුත් අලුත් අංග එකතු වුණා. ප්‍රදීපාගාරය වගේම බොහෝමයක් වූ ගෘහ නිර්මාණ කළේ ඉංග්‍රීසින්. එහෙම බැලුවම ගාලු කොටුව කියන්නේ පෘතුගීසීන්ගේ ලන්දේසීන්ගේ වගේම ඉංග්‍රීසීන්ගෙත් වැඩක්. කොහොමත් වැඩි ගෞරවයක් යන්න ඕනේ ලන්දේසින්ට කිව්වොත් හරි. ඒත් හැබැයි දැන් ඉතින් ගාලු කොටුව සින්නක්කර විදියටම අයිති අපට. ඒ කියන්නේ ලංකාවට. කොහොම හරි අවසානේ යුනෙස්කෝව ගාලු කොටුව ලෝක උරුමයක් ලෙසටත් නම් කෙරුවා.

පෘතුගීසින් අපේ සිංහල රජතුමාගෙන් ගාල්ල නගරය අල්ලා ගත්තේ 1587 වර්ෂයේ කියලයි කියන්නේ. මොකද ගාල්ල කියන්නේ ඔවුන්ට වැදගත් නගරයක්. ඒකට ලොකුම හේතුව ගාල්ල මුහුදුබඩ නගරයක් වීම. කොහොම හරි ඒ හරහා ලොකු දෙයක් කරන්නයි ඔවුන් හිතන් හිටියේ. ඒ හින්දම එදා ගාල්ල අල්ලා ගත්තු ගමන් ඔවුන් කළේ මුරකපොලු එක්ක ගාල්ලේ තනි පවුරකින් ආරක්ෂිත බළකොටුවක් හදපු එක. ඒකටත් ලොකු හේතුවක් තිබුණා. ඒ තමයි ගාල්ල වරාය රැකගන්න එක. ඒ හින්දා ඔවුන් ගාල්ලේ එහෙම බළකොටුවක් හැදුවා. හැබැයි 1640 වර්ෂයේ ලන්දේසී ගාල්ල නගරය ඔවුන්ගේ කරගත්තා. ඒ වැඬේට මූලිකත්වය ගත්තේ “විල්හෙම් ජාකොබ්ස් කෝසටර්” කියන ලන්දේසි නායකයා. ඔහුගේ ඒ මූලිකත්වයෙන් ලන්දේසීන් ඔවුන්ගේ සෙබළු දෙදාහකට එහා ගණනක් වගේම විශාල නැව් දොළහක් යොදවාගෙන පෘතුගීසීන් එක්කලා දරුණු සටනක් කරනවා. ඒ සටන දවස් හතරක් පුරා තිබිලා තියෙනවා. කොහොම හරි අවසානේ ඒක දිනන්නේ ලන්දේසින්. ඒ හරියටම 1640 වර්ෂයේ මාර්තු 03 වැනිදා. ඒ එක්කම ලංකාවේ ඊළඟට බලවත් වෙන්නේ ලන්දේසීන්. ඒක වෙන්නේ ඔවුන් ගාල්ල අල්ලාගැනීමත් එක්කයි.

ඔන්න ඊට පස්සේ පෘතුගීසින් හදපු බළකොටුව ලන්දේසින් ඔවුන්ගේ තාලෙට වෙනස් කරනවා. ඔවුන් මුලින්ම කරන්නේ පෘතුගීසීන් හදපු බළකොටුව විශාල කරලා ආයෙත් ඔවුන්ගේම තාලෙට හදාගන්න එක. අවසානේ ලන්දේසීන් ඒ අපූරු බළකොටුව අංගසම්පූර්ණ නගරයක් බවට පත්කරනවා. ඔන්න ඔවුන්ගේ වැඩ අදටත් ගාලු කොටුවේ දකින්න පුළුවන්. ඔවුන් ඒ දවස්වල හදපු බළකොටුවේ බොහෝ දේවල් අදත් පරිස්සමට ගාලු කොටුවේ තියෙනවා. පෘතුගීසින්ගෙන් ලන්දේසීන්ගෙන් පස්සේ බළකොටුවේ අයිතිය යන්නේ ඉංග්‍රීසීන්ට. ඒත් ඔවුන් ඒකට ලන්දේසින් එක්කලා සටන් කරන්න යුද්ධ කරන්න යන්නේ නෑ. ඇත්තටම ඔවුන් ඒක කරගන්නේ 1795 වර්ෂයේදී ඇතිකරගත්තු ගිවිසුමක් මඟින්. ඒත් බළකොටුව ඔවුන්ගේ නමට ගත්තා කියලා ඔවුන් නම් බළකොටුවේ වෙනසක් කරන්න යන්නේ නෑ. ඒත් ඔය බළකොටුවට ඔවුන් අලුත් දොරක් නම් දැම්මා කියලා සඳහන් වෙනවා.

පෘතුගීසි වගේම ලන්දේසි අපේ රට පාලනය කරද්දි ලංකාවේ ප්‍රධානතම පාලන මධ්‍යස්ථානයක් විදියට තිබිලා තියෙන්නේ ගාල්ල. ඒ හින්දම අතීතයේ ගාල්ල කියන්නේ මෙදා කොළඹ වගේ නගරයක තිබිය යුතු සියලුම ලක්ෂණයන් තිබුණ නගරයක් කියලයි කියන්නේ. එදා ගාල්ලේ තිබුණු ලොකුම ගොඩනැඟිල්ල වුණේ ලන්දේසි ගබඩාව. ඒකත් දෙමහල් එකක් කියලයි කියන්නේ. එහි උඩුමහලේ වූ එක් කොටසක එදා ලන්දේසි සමයේ කන්‍යාරාමයක් තිබුණයි කියලත් කියනවා. ඒක ඉස්සරහා 1701 වර්ෂයේ විතර ඝණ්ටාර කුලුනක් තිබුණු බවත් සඳහන් වෙනවා. ගාලු කොටුවේ ගොඩනැඟිලි හාරසිය ගණනක් තිබිලා තියෙනවා. ඒත් ඒ ගොඩනැඟිලිවලින් අඩක්ම ඉංග්‍රීසින්ගේ කාලයටත් කලින් ඉදිකරපු ඒවා කියලයි කියන්නේ. මේ අතරතුර තවත් ඒවා 1850 වර්ෂයටත් කලින් ඉදිකරලා කියලත් කියනවා. ඇත්තටම එදා ගාලු කොටුවේ තත්ත්වය ඔන්න ඔහොමයි.

අපි ඊළඟට බැලුවේ එදා මේ ගාලු කොටුවේ තිබුණු විශේෂම දේවල් මොනවද කියන එක. එදා ගාලු කොටුවේ තිබුණු උසම ගොඩනැඟිල්ල වෙලා තිබුණේ “අමාන් ගාල්ල” කියන හෝටලය. ඒත් ළඟක් වෙනකල් ඒකට “නිව් ඔරියන්ටල්” හෝටලය කියලයි කිව්වේ. ඒ හෝටලය හැදුවයි කියන්නේ දැවමය මහල් දොළහක් එක්ක. ඒ වගේම තවත් සුවිශේෂී දේවල් කීපයක් ගාලු කොටුවේ තියෙනවා. එකක් තමයි ඕලන්ද පරිපාලක ගොඩනැඟිල්ල. අනෙක තමයි ආසියාවේ පැරණිතම පුස්තකාලය විදියට හැමෝම කතාකරන ගාලු කොටුව පුස්තකාලය. පැරණි ඕලන්ද පල්ලියත් 1871 වර්ෂයේදි බි්‍රතාන්‍යයන් හදපු ඇංග්ලිකන් දේවස්ථානයත් ගාලු කොටුවේ තිබිලා තියෙනවා. තව මුස්ලිම් පල්ලියක් වගේම බෞද්ධ විහාරස්ථානයකුත් තිබිලා තියෙනවා. 1683 වර්ෂයේදී ඉදිකරපු බව කියන “ක්වීන්ස් හවුස්” ගොඩනැඟිල්ල තමයි ලන්දේසි වගේම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ නිවහන විදියට තිබුණේ. හැබැයි ඔය හැම දෙයක්ම දැන් නම් අයිතිය අපේ රටේ අපිටම තමයි.

අපේ රටේ පැරණි ප්‍රදීපාගාර කීපයක් තියෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකාවේ ඉදිකරපු පළමුවැනි ප්‍රදීපාගාරය බව කියන්නේ ඉංග්‍රීසීන් 1886 වර්ෂයේ ගාල්ල බළකොටුවේ හදපු එක. ඒක ඔවුන් හැදුවයි කියන්නේ ලෝහයෙන්. ඒත් හදිසි ගින්නකින් ඒක 1936 වර්ෂයේ විනාශ වෙනවා. පස්සේ ඔවුන් ආයෙත් ඒක හදනවා. ඒ හදන්නේ 1937 වර්ෂයේ. හැබැයි අර විනාශ වෙලා ගිය ප්‍රදීපාගාරය ළඟින් තිබුණු පාර අදටත් හැඳින්වෙන්නේ ”ප්‍රදීපාගාර වීදිය” විදියට. ගාලු කොටුවේ තියෙන ඊළඟ විශේෂම දෙයක් වෙන්නේ ඔරලෝසු කණුව. ඒක නම් හැදෙන්නේ ප්‍රකට සමාජ සේවකයෙක් වගේම ගාල්ල නගර සභාවේ පළමුවැනි සභිකයා වෙලා හිටපු පීටර් ඩැනියෙල් අන්තෝනිස් මහත්තයා මතක් වෙන්න. ඒ හදන්නේ 1983 වර්ෂයේ මහජන ආධාරවලින්.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

ඉන්දියාව අල්ලන අලුත් ජයලලිතා

Next Post

මෛත්‍රීගෙන් මාධ්‍ය ඒකකයට ප්‍රශ්න 4ක විභාගයක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.