ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පවත්නා තත්ත්වය හමුවේ සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ගෙවීම් සිදුකිරීමේ ක්‍රම රාශියක් සඳහා පහසුකම් සපයාදී තිබේ.
රටේ පවත්නා තත්ත්වය හේතුවෙන් ශාඛාවන් කරා යොමුවීමකින් තොරව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයින්ට ඔන්ලයින් ක්‍රම හරහා අඛණ්ඩ රක්ෂණ සේවාවක් භුක්ති විඳිය හැකිය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ඔප්පු හිමියන්ට ඔවුන්ගේ රක්ෂණ ප්‍රතිපත්ති යාවත්කාලීන කරගැනීම, වාරික ගෙවීම ඇතුළු සියලුම රක්ෂණ අවශ්‍යතා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික පිවිසුම www.srilankainsurance.net හරහා සහ ඇපල් ඇප් ස්ටෝර් සහ ගූගල් ප්ලේස්ටෝර් වෙතින් ලබාගත හැකි SLIC ජංගම දුරකතන යෙදුම හරහා සිදු කිරීමට අවස්ථාව තිබේ.
තවදුරටත් වාරික ගෙවීම සඳහා Genie, FriMi, mCash සහ eZ cash යන ඔන්ලයින් ගෙවීම් පහසුකම් භාවිතා කළ හැකි අතර සෘජු බැංකු ගෙවීම් ඔස්සේද සිදු කිරීමේ හැකියාව පවතී.










