• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කොණ්ඩදෙණිය හිමියන්ගේ අප්‍රකට වික්‍රම

September 24, 2019
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

කට්ටකුමංජල් ජීවමෙන් එලොව ගිය තරුණිය මෙලොවට

තම උපකාර අපේක්‍ෂාවෙන් කොණ්ඩදෙණියේ පන්සලට පැමණ සිටි විශාල පිරිසකට අවශ්‍ය සෙත් ශාන්ති මෙන්ම ජ්‍යොතිෂ කටයුතු කරදීමෙන් තරමක වෙහෙසට පත්ව සිටි සීලරතන හිමියෝ සැඳෑ හිරු කොණ්ඩදෙණිය කඳු යායට වහන් වෙමින් තිබියදී ආවාස ගෙමිදුලේ ඔබමොබ සක්මනෙහි යෙදී සිටියහ.
ඒ අතර හැර තිබූ පන්සල් ගේට්ටුවෙන් සුදු හැඳගත් ජෝඩුවක් ඇතුළු වන අයුරු හිමියන් දුටුවා.
හිස නමාගෙනම ඉදිරියට ආ වයෝවෘද්ධ යුවල ආවාස ගෙමිදුලේදීම බිම දිගාවී සීලරතන හිමිපා වැන්දෝය.
අවසර අපේ හාමුදුරුවනේයි කී පිරිමි තැනැත්තා අපට කොණ්ඩදෙණිය සීලරතන හිමියන් හමුවීමට හැකි දැයි ඇසීය.

“ඔය ඇත්තො හොයන්නෙ මාව නේදැ”යි නොපැවැසූ සීලරතන හිමියෝ
“මේ ඇත්තො කොහේ ඉඳලාදැයි” විමසූහ.
උන්වහන්සේ එසේ විමැසුවේ කොණ්ඩදෙණිය අවට ගම්වල ඇත්තෝ… මෙන්ම වෙනදා මේ පන්සලට ආගිය උදවිය නම් තමාව දන්නා බව හිමියන් දැනසිටි නිසාවෙනි.
“අපේ හාමුදුරුවනේ අපි ටිකක් ඈත දකුණු පළාතෙ ඉඳලා.”
“දකුණෙ කිව්වෙ…”
“ගාල්ලෙ හාමුදුරුවනේ… ගාල්ලෙ කීවට බද්දෙගම පැත්තට වෙන්ට.”
“අපි බොහොම අසරණ මිනිස්සු හාමුදුරුවනේ. අනුන්ගෙ දේ නොසොයා තමුන්ගෙ දෙයක් බලාන ඉන්නව. එහෙම ඉඳලවත් මේ සතුරො අපට එක විදියකට ඉන්ට දෙන්නෙ නැහැ නොවැ. එදා මෙදා කුලියක් මලියක් කරගෙන හරි අපි හොඳින් ජීවත් වුණා කාටවත් අතපෑවෙ නැහැ.”
“ඔහොම ඉන්න අතරෙදි දවසක් මේ අපේ මහත්තයගෙ අයිය ඇවිත් කීව, උඹල එහෙ මෙහෙ තැන තැන කුලී කරන්ට යන්ට ඕන නැහැ. අර වත්තෙ බංගලාවෙ මහත්තය කීව උඹල දෙන්නටම ඒ වත්තෙයි, බංගලාවෙයි වැඩ බලාකියාගෙන ඉන්ට එන්ට කියල.
අපේ මහත්තයත් ඒකට එකඟ වුණා. ඒ කියන්නෙ අපිත් බැඳපු අලුත නෙ. ඉතින් මහත්තය අයියගෙ කීමට එකඟ වුණාම අපි දෙන්නම බංගලාවට ගියා.”
“ඉතින්…”
“එහෙම ගියාම අපේ මහත්තයට වත්තෙ වැඩ පැවරුවා. මට බංගලාවෙ වැඩ ටික පැවරුවා. ඔහොම වැඩපළ කරගෙන ඉන්න අතරෙදි මට පුංචි දැරිවියක් ලැබුණා. වත්තෙ මහත්තයගෙ කීමට පුංචි දැරිවියත් ගිහින් තියාගෙන මං බංගලාවෙ වැඩපළ කළා. ඒ අවධියේ ඒ නෝනටත් සිඟිති පුතෙක් හිටියා.
කල්යෑමේදී දරුවො දෙන්නම ලොකු මහත් වුණා. අපේ දැරිවි අපි ගමේ ඉස්කෝලෙට යැව්වා. වත්තෙ මහත්තයා එයාගෙ දරුවා කොළඹ කොලීජියකට යැව්වා. ඉස්කෝල නිවාඩු කාලවලදී දරුවො දෙන්නම බංගලාවෙ එකට සෙල්ලම් කළා. අපි දැරිවි ලොකු මහත් වෙනකොට වාත්තු කළා වගේ හරිම ලස්සනයි.
ඉතින් කවුරුවත් නොදැන ඒ මහත්තයගෙ පුතා අපේ කෙලීට ආලවන්තකම පාලා. තෑගි භෝග දීලා. අපි ඒ වගක් දැනන් හිටියෙ නැහැ. ඒ දරුව හැබැයි වත්තෙ මහත්තය වගේ වස නැහැ. හරිම කරුණාවන්තයි. පස්සෙදි නිවාඩු දවස්වලට අපේ ගෙදරත් එන්ට යන්ට ගත්තා.
මේ අලකලංචිය දුරදිග ගිහින් දවසක් වත්තෙ මහත්තයා යකා වෙලා මහත්තයවයි, මාවයි එළව ගත්ත. අපට කතාකරන්ට ඉඩක් තිබ්බෙම නැහැ. පස්සෙදි අපි නැවතත් අහල පහළ යමක්කමක් තියෙන අයගෙ වතුවල වැඩපළ කළා. ඔය අතර සති අන්ත දවසකදී වත්තෙ මහත්යගෙ පුතා අපේ ගෙදර ඇවිත් අපේ දරුවත් එක්ක කතා කර කර ඉඳල. අපි යනකොටත් ඒ දරුව ගෙදර හිටිය. ඔය අතරෙදි වත්තෙ මහත්ත යකා වෙලා තව කිහිප දෙනකුත් එක්ක අපේ ගෙදරට කඩාපැන්නා. එහෙම ඇවිත් මේ ප්‍රශ්නය නැවැත්තුවේ නැත්නම් ගේත් ගිනිතියල තොපිවත් පාරට ඇදල දානව කියල අපට සෑහෙන්ට බැණවැදිලා ගියා.
අපේ පුතාව දැලේ දාගත්තු තොපේ එකී විනාශම කරනව කියල ඉදිරිපස දොරටත් තඩිබාල ඒ අයගෙ පුතාවත් ඇදගෙන ගියා.
එහෙම වෙලා සතියකට පස්සෙදි ගහක් ගලක් වගේ හිටපු අපේ කෙලී ඇ`ඳට වැටුණා. විශ්වවිජ්ජාලෙ යන්න ඒකිට ලොකු ඕනකමක් තිබුණා. ඒකට ප්‍රතිඵල එනකම් මඟබලාන හිටියෙ දෙවියනේ”යි කී වයෝවෘද්ධ කත එකවරම ඉකිගසා හඬන්නට වූවාය.
“මගේ දරුව එකපාරටම ලෙඩ වුණා මුකුත් කෑවේ බීවෙ නැහැ. දවසෙන් දෙකෙන් පරඬැලක් වගේ කෙට්ටුවුණා. සාස්ත්‍ර බැලුවා. පේන බලන්න ගියා. වෙද-හෙදකම් කළා. බලි-තොවිල් කළා. මට දෑවැද්දට තිබුණු ඉඩමත් විකුණුව. ගේ විතරයි ඉතිරි වුණේ. දැන්නම් අපටත් ඇඳිවත විතරයි.
අපට ලැබිච්ච එකම කෙල්ල දැන් ගෙදර ඉන්නව නොයින්නව වගේ. කෙල්ලගෙ හුස්ම ටික ඉහළ පහළ ඇදෙනව විතරයි. කකුල් ගෙවෙනකම් තැන තැන ඇවිද්ද. වේල් දෙක තුනකට සැරයක් වළඳක් ළිප තිබ්බත් ඒව කන්න බෑ. ගෙයි වහල තියෙන දේ පස්සෙ බැලුවම තිබුණෙ තැන නැහැ.
කෑම ටිකක් ඉවුවත් ඒකට ජහජරාව ගෙනැවිත් දමනව. කුමාරිකාවක් වගේ හිටපු කෙලී ලෙඩට වැටුණා. අපිත් නැත්තටම නැති වුණා හාමුදුරුවනේ. අපි මේ තරම් දුරක් ආවෙ ඒ දුක කියල පිහිටක් ඉල්ලගන්ට පුළුවන්ද බලන්න අපේ හාමුදුරුවනේ”යි ඇය කියත්ම දෙමහල්ලෝම ඉකිගසා හඬමින් හිමි අසල වැඳ වැටුණහ.
“හ්ම් හොඳයි. තමුන් ආ කාරණාව හිතාගෙන යහපතක් වේවායි ප්‍රාර්ථනා කරගෙන බුදුන් වහන්සේ ඉදිරිපිට පහන මුලින් දල්වලා, දේව මන්දිරයේ පහන් වැට දෙවනුව පත්තු කරන්නකො බලන්ට.”
ඔවුන් ගැසූ ගිනිකූරක් පාසා කිසියම් බලයකින් මෙන් නිවී ගියේය. ඒ දුටු සීලරතන හිමියෝ බුදු පහනත් දේව මණ්ඩලය ඉදිරිපිට පහන් වැටත් දැල්වූහ.
බණ්ඩා ගෙනැවිත් තැබූ ගිනි කබලට කට්ටකුමංජල් ස්වල්පයක් හෙලූ හිමියෝ එම දුමින් දේව මන්දිරය පිරවූහ. එකෙනෙහි කාලි දේවතාවා අත තිබූ රත්පැහැ රෙදි පටිය ගෙන එක් උරයකට ලාගෙන එක් අතකට පුවක් මල් කිණිත්තක් ගෙන සීලරතන හිමියෝ එතැන් පටන් ස්තෝත්‍ර කියමින් දේව මණ්ඩලය සනසා දෙවැනුව දේව ගාථාවෙන් කාලි මාතාව ඇමතූහ.
එකනෙහිම දේව මණ්ඩලයෙන් විවිධ රශ්මි ධාරාවෝ නිකුත් වන්නට වූහ. පසෙක තිබූ වළස් මුහුණේ ඇස් විදුලි කොටන්නා සේ නටන්ට විය. වා කවුළුවකින් දේව මන්දිරයට පැනගෙන ආ කළු බළල් තඩියා වෙනදා නැති ලෙස බිම පහුරුගාමින් හිමි දෙපාමුල දැවටෙන්නට විය.
මේ දසුන් දැක නොසිටි යුවල තැතිගත්හ. ඔවුන්ගේ ගත දාදියෙන් තෙමී යනු ඔවුන්ට දැනිණි.
“ඒ දෙසට හැරුණු සීලරතන හිමියෝ දරුවනි බිය නොවව් කීහ.”
ඒ සමඟම දිෂ්ටියට පත්වූ හිමියන්, තමන් ළඟ සිටින ඇත්තන් කීවේ ඇත්තක් දැයි’ දේවභාෂාවෙන් විමසා, ඒ යටගියාව කණ්ණාඩියකින් මුහුණ බලන්නා සේ බලා සිටියේය.
ආරූඪගතව සිටි හිමියෝ සිය අඩි පොළොවේ හප්පා කිසිවකු සමඟ කතාකරන විලාශයක් දිස්වූහ.
“හහ්… හහ්… හා… හා… ප්‍රේත බන්ධනයක්, හ්ම්… හ්ම්… හ්… ම්… මං කපනවා ආපිට… කපනවා… තොපට මේ අහිංසකයො, බිලිගන්ට දෙන්නෑ නෑ බොලව් මං ඉන්නකම් ඒවට ඉඩ නැහැ.”
“බණ්ඩො… කෝ… පන්දම… කී විට බණ්ඩා හිමිගේ වම් අතට ගිනි පන්දමද, දකුණට කට්ටකුමංජල් අහුරක්ද දුන්නේය.
ඒ සමඟම ශබ්ද නඟා මන්ත්‍ර කිහිපයක් ජපකොට හිමියෝ කාලි මාතාව දෙස එක එල්ලේ බලා දැවෙන ගිනි පන්දම එදෙසට අල්ලා තෙවරක් කට්ටකුමංජල්වලින් පන්දමට ගැසූහ. ඉන් නැඟුණු ගිනි ගුළිවලින් දේව මන්දිරය ඒකාලෝක විය.
සීලරතන හිමියෝ එක දිගට මන්ත්‍ර ජපකරන විට මහ හඬින් කෙඳිරිගෑ කළු බළල් තඩියා මන්ත්‍ර ජපකිරීම නිම කරන විට කිසිත් සිදුනොවූ ආකාරයට හිමි පා ඉදිරිපිට වැතිරී තද නින්දකට වැටුණේය.
“මේ අහගන්ට හොඳා… තමුන්නැහැලට නීච කුල බන්ධනයක් කරල තියෙනව මළ පෙරේත බන්ධනයකුත් කරල තියෙනව. මං හිතන්නෙ කෙලී ලෙඩ කළෙත් ඒකෙන්. බන්ධනයෙ බලවත්කම නිසයි බේත් – හේත් කිසිවක් නෑල්ලුවේ. ඒත් ඒකිගෙ ග්‍රහචාරය බලවත්. ඒකයි ඇගේ හුස්ම ටික පිට නොවුණෙ.”
“මේවා කරන කොට දෙපැත්තක් රකින්න බැහැ. එක පැත්තක් රකින කොට අනෙක් පැත්ත නිකම්ම විනාශ වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. මේක බලගතු රොඩී දැහැනකින් කරල තියෙන්නෙ.
මං මේක කරපු උන්ටයි කරවපු උන්ටයි ආපසු කපනවා. තේරුණාද? උඹලගෙන් ගලාගිය කඳුළුවලට මං සාධාරණය ඉෂ්ට කරනව. කෙලීගෙ පණ කෙන්දත් මම ආරක්‍ෂා කොරනව තේරුණාද?”
“එ… එ…හෙ…ම යි… අපේ හාමුදුරුවනේ.” දෙමහල්ලෝ වචන එකතු කළේ දැඩි අසීරුවෙනි. ඔවුහු දේව මන්දිරය තුළ දැඩි ලෙස බියපත්ව සිටියෝය.
“උඹලට මෙතැන පහන් වැට දල්වන්න බැරි වුණා නොවැ. ඒ ප්‍රේත බන්ධනයෙ බලගතුකම නිසා. මේ වින බන්ධනය කරල තියෙන්නෙ උඹලගෙ කෙළීට. ඒකි ගොඩගන්ට හදනකොට මුළු පවුලම නැහෙන්ට තමා වැඬේ කරල තියෙන්නෙ…”
“දැන් උඹල බයවෙන්ට කාරි නැහැ. මං වැඬේ භාරගත්ත. උඹලගෙ ඇස්වලින් මෙතෙක් කල් ගිය කඳුළු උන්ගෙ ඇස්වලින් දැන් යාවි. ඒකට කරන්ට දෙයක් නැහැ.”
“බණ්ඩො… ගිහින් කබල අලුත් කරපන්. තෙල් තාච්චිය ළිප තියල… ඒකට පස් තෙල් ටිකක් එකතු කරපන්. ගිරෙත් මේ කිට්ටුවෙන් තියල හනික ගෙහුන් එක නැට්ටෙ දෙහි ගෙඩි තුනකුයි, පැඟිරි දර ටිකකුයි අරගෙන වරෙන්.”
හිමිගේ අණ ලැබුණු සැණින් ඉතාම කඩිසරව බණ්ඩා අවැසි කළමනා සූදානම් කළේය.
එක හුස්මට මන්ත්‍ර තුනක් ජප කළ හිමියෝ එක නැට්ටෙහි දෙහි ගෙඩි තුන කපා පැඟිරි දරෙන් නටන පස් තෙල් තාච්චියට දැමූහ. තවත් දෙහි ගෙඩියක් ගෙන ඊට මතුරා කට්ටකුමංජල් දුමද අල්ලා එය බුලත් කොළයක ඔතා පසෙක තැබුවේය.
ජප කළ පිරිත් පැන් කෙණ්ඩිය අතට ගත් හිමියෝ ඉන් ස්වල්පයක් බැගින් දෙදෙනාගේ අතට වත්කොට බොන්නට සලස්වා තව ටිකක් හිස්වල ගාගන්නට දුන්හ. ඒ සමඟම ජප කළ පිරිත් නූල් කැබැලි දෙකක් දෙදෙනාගේ අත්වල ගැටගැසූහ.
“දැන් ඉතින් උඹල තුන්දෙනාටම මගේ දේව මණ්ඩලයේ ආරක්‍ෂාවයි රැකවරණයයි ලැබෙනව තේරුණාද?”
“මම දෙන පිරිත් වතුර ටිකක් දරුවට පොවන්න ඕනෑ. පිරිත් නූල දරුවගේ දකුණු අතේ වළලුකර ළඟ බඳින්නට ඕනෑ. ඒ හැර අමු දෙහි ගෙඩියක් මං දෙනවා. ඒක දරුව නිදා සිටින කොට්ටය යටින් තියන්න ඕනෑ. වෙනදා දෙන බේත් හේත් ඒ ආකාරයට දරුවට දෙන්න. දරුවට ඉස්ඉස්සෙල්ලම පිරිත් වතුර ටිකක් බොන්ට දීලා ඉන්පස්සෙ ගේ ඇතුළතට කහදියර ටිකක් හොඳට ඉහින්න. පසුව පිරිත් පැන් ටිකක් ගෙය ඇතුළතට ඉසින්න.”
“මං දෙනවා ජීවම් කළ කට්ටකුමංජල් ටිකක්. අන්න ඒක හෙට රෑට ලෙඩාගෙ ඇඳ වටේටයි, කාමරයටයි, ගෙයි හැමතැනටයි අල්ලන්න. පසුව ගෙය ඉදිරිපස දොරෙන් එළියට ගිහින් ගේ වටා තුන්වරක් ගිනි කබලට කට්ටකුමංජල් ටික ටික දමා ගේ වටේ අල්ලල පසුව පිටුපස දොර ළඟ සිට එය දුරකට විසි කරන්න ඕනෑ. මේක රෑ තුනක් රාත්‍රි 9.30ට විතර එක දිගට කරන්න.”
“මාසයක් ගතවුණාම සියලු විස්තර හෝඩුවා දැනගෙන කෙලීගෙ ඇඳේ කොට්ට උරය තුළට දමන දෙහි ගෙඩිය එය ඔතා තිබෙන බුලත් කොළය පිටින්ම අරගෙන එන්න ඕනෑ.”
“හොඳයි දැන් ඔය ඇත්තන් අද මේ දාන ශාලාවෙ ඉඳල හෙට උදේම ගම්බලා යන්න අවසර. කිසි දේකට දැන් බයවෙන්ට කාරි නැහැ. සියලුම දුක්ගින්දර දැන් මේ මොහොත ඉඳලම නිවාරණයි. කම්මුතුයි කියල හිතාගන්ටකො.”
එය සෙනසුරාදා දිනයක් වූයෙන් සීලරතන හිමියන්ට වගේම සහායකයා වූ බණ්ඩාටද කිසිදු ඉස්පාසුවක් නොවීය. සති අන්තයේ පළමු නිවාඩු දිනය එය බැවින් රට දසදෙසින්ම පැමිණි වැසියන්ගේ ඕනෑ එපාකම් ඉටුකර, ඔවුනට සෙත්ශාන්ති කිරීමට වැඩි කාලයක් ගතකිරීමට සිදුවී තිබිණි.
සුපුරුදු පරිදි ඉර කොණ්ඩදෙණිය කඳු ඉහත්තාවේ සැඟව යමින් තිබිණි. වයෝවෘද්ධ යුවලක් තරුණියකගේ අතින් අල්ලගෙන දේව මන්දිරයට ගොඩවූහ.
සීලරතන හිමියන් සිටියේ තවත් ශාන්තිකර්මයකට අඩුම කුඩුම එකලස් කරමිනි.
වයෝවෘද්ධ යුවල උගුර පාදත්ම සීලරතන හිමියෝ එදෙස බැලූහ.
“අ…ප්…පේ… හාමුදුරුවනේ” යි කියා දෙපළ හිමිගේ පාද නමස්කාර කළහ. ඔවුන් සමඟ පැමිණ සිටි තරුණියද හිමි දෙපා නමැද පසෙකට වූවාය.
“ම්… මේ… ඇත්තො කොහෙ ඉඳලද…?
“අපි මේ ගාල්ලෙ ඉඳන් එන ගමන්…”
“ගාල්ලෙ කීවා…”
“එහෙමයි අපි මීට කලින් වතාවක් ඇවිත් ගියා. ගාල්ලෙ කීවට බද්දේගමට වෙන්ට… අර බංගලා වත්තක වැඩ කරල අමාරුවෙ වැටුණෙ. ඔබ වහන්සෙ කීවෙ පවුලම විනාශ වෙන්ට වින බන්ධනයක් කරල කියල.”
“හරි… හරි… ම්… මතක් වුණා.”
“එදා අපට කී විදියටම කටයුතු කළා. ඔබ වහන්සේ ජීවම් කරල දුන්න කට්ටකුමංජල් දින තුනක් ගේ වටා ඇල්ලුවා. තුන් වැනි දවසෙ හරි හැටි කෑමක්, බීමක් පවා නැතිව හත් අට මාසයක් ඇඳේ උඩුබැලි අතට හිටපු දුව නැඟිටල වාඩි වුණා. අපට ඇතිවෙච්ච සතුට කියා නිමකරන්න බැහැ. ඔබ වහන්සේ මතු බුදුවෙන්ට ඕනෑ. මෙහෙම කරන පින් අතේ වැඩවලට.”
“ඊට පස්සෙ දුන්න බෙහෙත් ඇහැව්වා. කෑම කන්න පුළුවන් වුණා. ගෙදර උයන පිහන දේට ජරාව දැමීම නතර වුණා. පස්සෙදි අපට ආරංචි වුණා එහෙ හිටපු ප්‍රසිද්ධ කට්ටඩිරාල කෙනකුට කුඹුරකදී හරකෙක් ඇනල සතියක් විතර දුක් විඳල මැරුණා කියල. ගහක් ගලක් වගේ හිටි වත්තෙ මහත්තය එක්තැන් වෙලා ඇඳට වැටුණා. එයාට හිටපු එකම පුතා ආගිය අතක් නැහැ.”
“එහෙම තමා උපාසක ඇත්තො… නිස්කාරණේ අහිංසක උදවියට වින කළාම. ඒව මේ ආත්මෙම ආපිට හැරෙනව. ”
“ඔබ වහන්සේ කීවෙ ලෙඩාගෙ ඇඳේ කොට්ටය යට තැබුව දෙහිගෙඩිය බුලත් කොළේ පිටින්ම අරගෙන එන්න කියලා. අපි ඒකත් ගෙනාවා… හැබැයි දුව එක්ක එන්න කීවේ නැතත් ඇයත් එක්ක ගෙනමයි ආවෙ.”
“දරුව එක්ක එන්න නොකීවට ලෙඩෙක් සුව කළාම කොහොමත් ඒ ඇත්ත ශාන්තිකර්මය කළ තැනට එන බව දන්නව. ඒ නිසයි එහෙම නොකීවෙ.”
“කෝ ගන්ඩ බලන්ට දෙහිගෙඩිය”
බුලත් කොළයටත් පිටින් කඩදාසි බෑගයක ඔතාගෙන විත් තිබූ දෙහි ගෙඩිය උපාසක තැන දෝතින්ම සීලරතන හිමියන්ගේ අත තැබුවේය.
“පේනව නේද පරඬැලක් වගේ සිටි මේ තැනැත්තියට දෙහි ගෙඩියේ සාරය ඇතුළු වී ඇය ප්‍රාණවත් වුණා. එහෙම වෙන කොට දෙහිගෙඩිය වියැළී ඇකිලෙනවා. දෙහිගෙඩියට එහෙම වෙලා නේද?”
“එහෙමයි අපේ හාමුදුරුවනේ”
“ඒකෙන් තවත් පැත්තක කතාවක් කියැවෙනවා. දෙහි ගෙඩිය වියැළී හැකිලුණා සේ වින බන්ධනය කළ ඇත්තගෙ ජීවය වියැළී මියගියා. එය කරවූ ඇත්ත දෙහි ගෙඩිය වියැළී හැකුළුණා සේ ඔහුගේ ජීවිතයත් වියැළී… දැනට ඇඳක් මත දරදඬු වී විඳවනවා…” කී හිමියෝ සිය දේව මණ්ඩලය දෙස බලා දිගු සුසුමක් පිට කළහ.
“මේ ඇත්තිගෙ අනාගතය ගැන දැනකියා ගන්ට වේලා පත්කඩය එහෙම ගෙනාවෙ නැතේ…”
“ගෙනාවා… ගෙනාව… හාමුදුරුවනේ ගෙයින් එළියට බැහැලත් හාමිනේට ඒක මතක්වෙලා අරගෙන ආවා.”
තරුණියගේ වේලාපත්කඩය එහාට මෙහාට හරවා බැලූ හිමියන්ගේ නළලත මත විටෙක රැලි නැගුණේය. තවත් විටෙක මඳ සිනා පහළ වී පසුව හඬනඟා සිනාසුණේය.
“ඇයි? හාමුදුරුවනේ කෙල්ලට තවත් ඉදිරියට අපල තියේයැ…”
“මොන අපලයක්ද? ලොකුම අපලයක් තිබුණා. මාරකයකුත් තිබුණා. දැන් මේ කෙලී ඒ දෙකෙන්ම මිදිලයි ඉන්නෙ. දැන් නම් කෙලිීගෙ ගමන මොන ජගතෙකුටවත් වළක්වන්න බැහැ. කෙල්ල විශ්වවිද්‍යාලෙටත් යයි. එතැනින් එහා ලොකුම පුටුවකට ගිහින් උපන් රටටත් නොමැකෙන සේවයක් කරාවි” කී හිමියෝ තිදෙනා දෙස බලා සිනාසුණහ.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

සජිත් ජනාධිපති ‌කොමිසමේ: රනිල්-සජිත් හමුව රෑට කල් යයි

Next Post

SLIIT උසස් අධ්‍යාපන ආයතනය ජාතික සංවර්ධනයට දැක්වූ දායකත්වය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.