• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කවුද කොහෙද නොදන්න මිනිස්සු

September 17, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ජීවත් වන සිංහල – දමිළ – මුස්ලිම් සහ මැලේවරු ආදී විවිධ ජන කොටස් පිළිබඳ නිතරම කතාබහ කරන, ලියන අපි සංක්‍රමණිකයන් ලෙසට අපට, රටට පැමිණ තමනට ආවේණික වූ සංස්කෘතියක් පවත්වාගෙන යන ලාංකික ජන කොටසක් වන අහිකුණ්ඨික ජනතාව පිළිබඳ ඉතාමත් අඩුවෙන් කතා කරන, ලියන බව පිළිගත යුතුවෙමු. මෙම ජනතාව ගැන උනන්දුවක් දැක්වූ විද්වතුන් කිහිප දෙනකු ලියා පළකර ඇති විස්තර හා අප අනාවරණ කරගෙන මේ දක්වා එළි දක්වා නැති තොරතුරු ඇසුරු කරගෙන ශ්‍රී ලංකාවේ වෙසෙන අහිකුණ්ඨික ජනතාව පිළිබඳ සාකච්ඡා කරමු.
ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් පළාත් පහකද, දිස්ත්‍රික්ක වශයෙන් ගත් කල දිස්ත්‍රික්ක 27න් නවයකද මෙම ජනතාව ජීවත් වෙති. නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව අලිගම්බේද, අම්පාර නගරාසන්නයේ වලතපිටියේද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුවේද, මඩකළපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන නගරයේද, මඩකළපුව – කල්මුණ මාර්ගයේ කිරාන්කුලම්වලද, බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මීගමුව, කොච්චිකඬේ සහ මීගමුව වැල්ල තීරයේද, වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ 4 කණුව කල්පිටිය පාරේ වන්නි අඩියේද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව නගරයට ආසන්න අන්දරබැද්දේද, උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගමට ආසන්න කුඩාගමද, කැකිරාවට ආසන්න විජිතපුර සමීපයේද, මිහින්තලය කහටගස්දිගිලිය පාරේ උල්පත් වැව සමීපයේද, උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරියේද, වවුනියාව දිස්ත්‍රික්කයේ කුමන්කුලමේද, අහිකුණ්ඨික ජනාවාස පිහිටා තිබේ.

මෙම ජනතාවගේ ප්‍රභවය හා විකාශය ගැන සොයා බලන්නකුට මොවුන් ප්‍රබල ඉතිහාසයකට නෑකම් කියන බව පෙනේ. සද්ධර්මාලංකාරයට අනුව අහිකුණ්ඨික වත්ථු හා පන්සිය ජනස් ජාතක පොතේ භූරිදත්ත ජාතකය තුළද නයි නැටවීමෙන් දිවිගෙවන අහිකුණ්ඨික නම් ජන කොටසක් පිළිබඳ සඳහන් වෙයි. මොවුන් ඉන්දියාවේ සිට මෙහි සංක්‍රමණය වූ ජන කොටසක් ලෙස සැලකීමට බොහෝ සාක්‍ෂි ඇත. එහෙත් මොවුන් ලංකාවට පැමණි කාලය හා පැමිණීමට හේතු පිළිබඳ එතරම් තොරතුරු නැත. කෙසේ වුවද අද ලෝකය පුරා විසිරී ගොස් සිටින අහිකුණ්ඨික ජාතිකයන්ගේ මූලාරම්භය පිළිබඳ හැදෑරීමේදී මෙම සියලුම දෙනා එකම ජාතියක් හෝ එකම රටක් මුල්කර ගෙන පැවැත එන්නේ යැයි සිතිය හැකිය. මන්ද විවිධ රටවල ජීවත් වුවත් අහිකුණ්ඨිකයන්ගේ ආවේණික ගති සිරිත් සහ ජීවන ක්‍රම තුළ පොදු බවක් දක්නට ලැබීමයි.
පවතින එක් මතයකින් කියැවෙන්නේ අහිකුණ්ඨික ජනතාවගේ ආරම්භය ඉන්දියාව බවයි. මොවුහු ඉතා දැඩිව කුල භේදය පවත්නා ඉන්දියාවේ අඩු කුලයකට අයත් යැයි සලකති. සංගීතය හා තඹ නිෂ්පාදනය ජීවන වෘත්තිය කරගත් ගෝත්‍රයකට අයත් වූ අතර, භාෂාව ද්‍රවිඩ භාෂා පවුලට අයත් ප්‍රධාන භාෂාවක් වශයෙන් හඳුන්වන තෙලිඟු භාෂාව බවද පැවැසෙයි.

ස්පාඤ්ඤ ජන කතාවලට අනුව අහිකුණ්ඨික ජනතාවගේ මුල් භූමිය ස්පාඤ්ඤය යැයි මත පළ කරන්නෝද වෙති. රුසියන් ජන කතාවලට අනුව ඊජිප්තුවේ පාරාවෝ රජ කෙනකු යුදෙව්වන් ලුහුබැඳගෙන යන අතර සේනාවත් සමඟ කළු මුහුදේ ගිලී දිවි බේරාගත් තරුණියක හා තරුණයකුගෙන් පැවැත එන අය අහිකුණ්ඨිකයන් බව තවත් තොරතුරකි. මෙම මතයන්ට වඩා වෙනස් මත රාශියක්ද වෙයි. නමුත් ලෝකයේ දැනට ශාස්ත්‍රානුකූලව පිළිගත් මතය වන්නේ ඔවුන් දකුණු ඉන්දියා ජාතිකයන්ගෙන් පැවැත එන බවකි. මොවුහු ශාස්ත්‍ර කියන නිසාත්, සංගීතයට ඇල්මක් දක්වන නිසාත්, රවිකිඤ්ඤා, වීණාව, වස්දණ්ඩ ආදී ඉන්දීය තූර්ය භාණ්ඩ භාවිතයට ගන්නා නිසාත් ඔවුන් ඉන්දියානු ජාතියකින් පැවැත එතැයි යන මතය තහවුරු වෙයි.
ලංකාවේ ජීවත් වන අහිකුණ්ඨික ජනතාව ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. එනම් නයි නටවන්නන්, පුරවාලු වශයෙන් සහ මද්දලියන් වශයෙනි. මද්දලියන්ට පසුව පුරවාලුන් හෙවත් වඩිගයන් ලංකාවට පැමිණ තිබේ. වඩිග රට සිට පැමිණි පුරවාලුන් මුලින්ම සිංහල ජනතාව සමඟ සම්බන්ධ වී ඇත. ලංකාවේ වඩිග පරපුර සංකේතවත් කරන ප්‍රධානතම පුද්ගලයා ලංකාවේ අන්තිම රජු වන ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජතුමා වෙයි.
අහිකුණ්ඨික ජනතාව පිළිබඳ පර්යේෂණ පැවැත්වූවන් රැසක් සිටිය බව අපි දනිමු. ඔවුන් ඒ පිළිබඳ පත්‍රිකා රැසක් එළිදක්වා ඇතත් අහිකුණ්ඨික දරු නැළවිලි ගී පිළිබඳ තබන ලද සටහනක් සොයාගත නොහැකි විය. එහෙත් උපාලි විජයලත් මහතා සටහන් කර ගන්නා ලද අහිකුණ්ඨික දරු නැළවිලි ගී තුනක් පළමු වරට “මව්රට” මඟින් මෙසේ හෙළිදරව් කරමු.


  1. දූරී දූරී කන්නම්මා නූ පසිංගෙ
    කටිලගෙ පෝ වලා පඩිගේ කන්නම්මා
    (දොයි දොයි රත්තරනේ නිදියා ගන්නේ
    දර ගේන්ට යනවා නිදියා ගනින් රත්තරනේ)
    2.
    සින්න සේරු කට්ටකිද කූරගෙ පික්කිනි කට්ලේ ඒරිගිනි
    වස්සා ගම්මුනි පඩිගේ කන්නම්මා දූරී දූරී කන්නම්මා පඩි දූරී දූරී
    (පොඩි වැවේ වෑ කන්ද පල්ලෙහායින් පලා කඩාගෙන එනකම් නිදියා ගනින් රත්තරනේ)
    3.
    සින්න සේරු කට්ටකිද පුට්ටකන පර්තෙයි
    පුට්ටකයිපෝත කුරක්කන පර්තෙයි
    කුරක්කන තයිපෝන කූරක් පර්තෙයි
    කූරගෙ පික්කිනි වස්සා ගම්මුනි
    (වෑ කන්ද නැගල බැලුවොත් හුඹහා පෙනෙනවා
    හුඹහා ළඟට ගිහින් බැලුවොත් හේන පේනවා
    හේනට ගිහින් බැලුවොත් පලා පේනවා
    පලා කඩාගෙන එන්නට යනවා)
    පරිශීලනය කරන ලද මූලාශ්‍ර :
  2. වැලිපිල පුරාවිද්‍යා සඟරාව : අහිකුණ්ඨික ජනතාව පිළිබඳ මානව වංශ අධ්‍යයනයක් – ආර්. ජී. ජයතිලක
  3. අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම සඟරාව : ශ්‍රී ලංකාවේ අහිකුණ්ඨීක ජනතාව – කථිකාචාර්ය සේපාල සමරසේකර
    රැග් විජයසිරි
SendShareShare
Previous Post

යන එන ගමනේ සුබ අසුබ පෙරනිමිති

Next Post

ලෝක කුසලාන පැසිපන්දු ශුරතාවලිය ස්පාඤ්ඤයට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.