2019 ලෝක කුසලාන පැසි පන්දු ශුරතාවලිය (FIBA ) දෙවන වරටත් දිනා ගැනීමට ප්‍රබල ස්පාඤ්ඤ පිල සමත් විය. ඔවුන් විසින්අවසන් මහ තරගයේදී ආර්ජන්ටිනා පිල පරාජය කරමින් මෙවර කිරුල ජයග්‍රහණය කල අතර මෙයට පෙරත් 2006 ලෝක කුසලාන පැසි පන්දු ශුරතාවලිය දිනා ගෙන තිබුණි. මෙවර 18 වන ලෝක ලෝක කුසලාන පැසි පන්දු ශුරතාවලිය පැවතියේ චිනයේදීය වන අතර මෙවර රටවල් 32 තරගාවලිය සදහා එක් වී තිබුණි.
1950 දී පළමුවරට ලෝක කුසලාන පැසි පන්දු ශුරතාවලිය ආරම්භ වූ අතර එවර තරගාවලිය පැවතියේ ආර්ජන්ටිනාවේදී දී වන අතරසත්කාරක ආර්ජන්ටිනා පිල විසින් අවසන් මහ තරගයේදී ඇමරිකාව පරාජය කරමින් පලමු ලෝක කිරුළට හිමිකම් කීමට සමත් විය. සැම වසර 4 කට වරක් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය (FIBA ) ඇමරිකාව හා යුගෝස්ලාවියාව (වත්මන් සර්බියාව ) විසින් 5 වරක් බැගින් ජයග්‍රහි කිරුල දිනාගෙන තිබුණි..
ලෝක කුසලාන කාන්තා පැසි පන්දු ශුරතාවලිය (FIBA ) 1963 චිලි හි ඇරඹි අතර එවර කිරුලට හිමිකම් කීමට ඇමරිකාව සමත් වූ අතර 2018 ස්පාඤ්ඤයේ දී 18 වන වරට පැවති ලෝක කුසලාන පැසි පන්දු ශුරතාවලිය (FIBA ) ඇමරිකාව විසින් ජයගත් අතර ඔවුන් දැනට 10 වරක් ලෝක කුසලාන කාන්තා කිරුල හිමිකර ගෙන ඇති අතර රුසියාවද 6 වරක් එය ජය ගෙන ඇත. 2022 ලෝක කුසලාන කාන්තා පැසි පන්දු ශුරතාවලිය (FIBA රුසියාවේදී පැවැත්වීමට නියමිතය.
ජෝසප් ඩයස් (Joseph Dias )