• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කල්පය කොතරම් දිගද

February 22, 2020
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
කල්පය කොතරම් දිගද
Share on WhatsAppShare on Facebook

බුදුදහම සම්බන්ධ ලිඛිත බොහෝ දහම් ග්‍රන්ථයන්හි බොහෝ අවස්ථාවල ‘කල්පය’ යන වදන සඳහන් වනු දැකිය හැකිය. කල්පය යන වදනේ අරුතත් එකී කල්පයට සංඛ්‍යාත්මකව ගණන් කරන ආකාරයත් අප අතරින් බොහෝ දෙනෙක් නොදනී. සම්බුදු දෙසුම තුළ කල්පය යන වදන විග්‍රහ කරන කල එහි බෙදීම් බොහෝය. ඒ අන්තඃකල්පය, අසංඛ්‍ය කල්පය, මහා කල්පය, සුන්‍ය කල්පය, අසූනාය කල්පය, සාර කල්පය, මණ්ඩ කල්පය, වර කල්පය, සාර මණ්ඩ කල්පය, භද්‍ර කල්පය, රෝග අන්තඃ කල්පය, ශාස්ත්‍ර අන්තඃ කල්පය, දුර්භික්‍ෂ අන්තඃ කල්පය, සංවර්ථ අසංඛ්‍ය කල්පය, සංවර්ථ ස්ථායී අසංඛ්‍ය කල්පය, විවර්ත අසංඛ්‍ය කල්පය, විවර්ත ස්ථායී අසංඛ්‍ය කල්පය යනාදී වශයෙනි.

එක් සූර්යයකුගේ හා චන්ද්‍රයකුගේ බලපෑමට නතු වන ප්‍රදේශය වන සක්වළක් ඇති වී නැතිවී යන කාලය මහා කල්පයකි. සූර්ය සිද්ධාන්තයට අනුව ලෝකයේ සම්පූර්ණ ආයුකාලය සන්ධි සහිත මනූෂ කල්ප 14කි. මෙහි සන්ධියක් ලෙස විග්‍රහ වනුයේ එක් මනූෂ කල්පයක් අවසානයේ පෘථිවියේ ජීවය විනාශ වී යළිත් ජීවය පහළ වීම අතර කාලයයි. ඒත් සම්පූර්ණ මනූෂ කල්පයක් සඳහා මහා යුග 71කි. මින් එක මහා යුගයක් නැවැත කෘත යුගය, ත්‍රේතා යුගය, ද්වාපර් යුගය හා කලියුගය ලෙස යුග සතරකට බෙදේ. කලියුගයක් අවසන් වන්නේ මහා යුගයක් නිමා කරමිනි. එවැනි මහා යුග 71ක නිමාව සනිටුහන් කරන අවස්ථාවේ ලෝක විනාශය සිදුවෙයි. සූර්ය සිද්ධාන්තයට අනුව වර්තමානය එනම් ව්‍යවහාර වර්ෂ වන ක්‍රිස්තු වර්ෂ 2020 වන විට පෘථිවියට ගතවී ඇති ආයු කාලය සන්ධි සහිත මනූෂ කල්ප 6කුත් මහා යුග 27කුත් 28 වැනි මහා යුගයෙන් කෘත, ත්‍රේතා හා ද්වාපර යන උප යුග 3ක් ඉතිරි වූ කලි යුගයෙන් වර්ෂ 5120කි. මේ අනුව ඉදිරියට ලෝක විනාශය දක්වා පෘථිවියේ ආයු කාලය නව මනූෂ කල්ප 7කුත්, මහා යුග 43කුත්, කලියුග වර්ෂ 426,880කි.
තුන් පිටකයෙන් සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ නිදාන වග්ගයෙහි අනමතග්ග සූත්‍රයෙහි කල්පය යන කාල පරාසය උපමා මඟින් මෙසේ පැහැදිලි වෙයි.

දිගින් යොදුනක්, පළලින් යොදුනක්, උසින් යොදුනක් වූ සිදුරු නැති විවර නැති මහා ගල් පර්වතයක් වේද? එය එක් පුරුෂයෙක් සිය වසරකට වරක් කසී සළුවකින් වරින්වර පිරිමදින්නේද එසේ පිරිමැදීමෙන් ඒ මහා ගල් පර්වතය පොළොවට සමතලා වේද ඒ දක්වා කාලයටත් වැඩි කාලයකට කල්පය යයි ව්‍යවහාර වෙයි.

යොදුනක් දිගැති, යොදුනක් පළලැති, යොදුනක් උසැති හරි හතරැස් ඝනකයකට වර්ෂ සියයකට වරක් ඒක කුඩා අබ ඇටයක් බැගින් දමාලීමෙන් කිසියම් දවසකදී එම ඝනකය පිරේද එදිනටත් වැඩි කාලයකට කල්පය යැයි ව්‍යවහාර වෙයි.
(මෙහි සඳහන් වූ යොදුනක් යනු සැතපුම් 16ක දුර ප්‍රමාණයකි.)
කල්පය දක්වා ගණන් කිරීමට ප්‍රථමයෙන් අසංඛ්‍යය දක්වා ගණන් කළ යුතුය. එසේ අසංඛ්‍යය දක්වා ගණන් කිරීමේදී සංඛ්‍යා නාම 26ක් හමුවෙයි. අසංඛ්‍යය යනු සංඛ්‍යාපථයෙහි අන්තිම දීර්ඝ සංඛ්‍යාව දක්වනු වස් ලියනු ලබන සංඛ්‍යාවයි. එහි එකයි බින්දු 140ක් ඇත. එකී අසංඛ්‍යය සෑදෙන සංඛ්‍යා නාම 26කින් යුතු චක්‍රය මෙසේය.

  1. එක් වරක් දහය – 1×10 = දහයයි – එකයි බින්දු 1යි
  2. දස වරක් දහය – 10×10 = සියයයි – එකයි බින්දු 2යි
  3. සියවරක් දහය – 100×10 = දහසයි – එකයි බින්දු 3යි
  4. දහස්වරක් දහය – 1000×10 = දසදහසයි – එකයි බින්දු 4යි
  5. දසදහස්වරක් දහය – 10,000×10 = ලක්‍ෂයයි – එකයි බින්දු 5යි
  6. ලක්‍ෂවරක් දහය – 100,000×10 = දසලක්‍ෂයයි – එකයි බින්දු 6යි
  7. දසලක්‍ෂවරක් දහය – 1,000,000×10 = කෝටියයි – එකයි බින්දු 7යි
  8. කෝටියවරක් කෝටිය = ප්‍රකෝටියයි – එකයි බින්දු 14යි
  9. ප්‍රකෝටියවරක් කෝටිය = කෝටි ප්‍රකෝටියයි – එකයි බින්දු 21යි
  10. කෝටිප්‍රකෝටිවරක් කෝටිය = නහුත එකයි – එකයි බින්දු 28යි
  11. නහුතවරක් කෝටිය = නින්නහුත එකයි – එකයි බින්දු 35යි
  12. නින් නහුත වරක් කෝටිය = අක්ඛෝහිනී එකයි – එකයි බින්දු 42යි
  13. අක්ඛෝහිනි වරක් කෝටිය = බින්දු එකයි – එකයි බින්දු 49යි
  14. බින්දුවරක් කෝටිය = අබ්බුද එකයි – එකයි බින්දු 56යි
  15. අබ්බුද වරක් කෝටිය = නිරබ්බුද එකයි – එකයි බින්දු 63යි
  16. නිරබ්බුද වරක් කෝටිය = අහන එකයි – එකයි බින්දු 70යි
  17. අහන වරක් කෝටිය = අබබ එකයි – එකයි බින්දු 77යි
  18. අබබ වරක් කෝටිය = අටට එකයි – එකයි බින්දු 84යි
  19. අටට වරක් කෝටිය = සෝගන්ධික එකයි – එකයි බින්දු 91යි
  20. සෝගන්ධික වරක් කෝටිය = උත්පල එකයි – එකයි බින්දු 98යි
  21. උත්පල වරක් කෝටිය = කැමුද එකයි – එකයි බින්දු 105යි
  22. කැමුද වරක් කෝටිය = පුණ්ඩරික එකයි – එකයි බින්දු 112යි
  23. පුණ්ඩරික වරක් කෝටිය = පදුම එකයි – එකයි බින්දු 119යි
  24. පදුම වරක් කෝටිය = කථාන එකයි – එකයි බින්දු 126යි
  25. කථාන වරක් කෝටිය = මහා කථාන එකයි – එකයි බින්දු 133යි
  26. මහා කථාන වරක් කෝටිය = අසංඛ්‍යය එකයි – එකයි බින්දු 140යි
    උක්ත චක්‍රය සංඛ්‍යා නාම 26කින් යුතු වුවද ධර්ම ප්‍රදීපිකාවට අනුව අසංඛ්‍යය සංඛ්‍යා නාම 22කින් යුතු බවද දතයුතුය.
  • අසංඛ්‍ය කල්ප 4ක් = මහා කල්ප 1යි
  • අසංඛ්‍ය කල්ප 64ක් = අන්තඃකල්පයකි
  • සංඛ්‍යා කල්ප ලක්‍ෂ 3ක් = අනන්ත කල්ප ලක්‍ෂ 1යි
  • සංඛ්‍යා කල්ප ලක්‍ෂ 9ක් = මහා භද්‍ර කල්ප 1යි
  • අනන්ත හෙවත් අසංඛ්‍ය කල්ප ලක්‍ෂ 3ක් = මහා භද්‍ර කල්ප 1යි

    මින් එහාට කල්පය දක්වා ගණන් කිරීමට සංඛ්‍යාත්මක දැනුමක් සම්මා සම්බුදුවරයකුට විනා රහතන් වහන්සේ නමකට හෝ පෘථග්ජන අපට හෝ නැත. එනිසාම එවැන්නක් සඳහන් ශබ්ද කෝෂයක්, දීපනියක් හෝ නාමාවලියක් නැත.

    අටුවාචාරීන් වහන්සේලාගේ මේ සම්බන්ධ විග්‍රහය ඉහත ආකාරය.
    මෙම ධර්ම කරුණු තරමක් බැරෑරුම්ය. සංකීර්ණය. පෘථග්ජන අපට මෙකී ධර්ම කරුණු බොහෝ විට ඇසූ සැණින් කියවූ සැණින් ඒ ආකාරයෙන්ම සවිස්තරව අවබෝධ නොවේ. ඊට හේතුව ධර්මයේ සඳහන් වන ලෙසට පෘථග්ජන අප උග්ඝටිතඤ්ඤ, විපටිතඤ්ඤ, ඥෙය්‍ය, පදපරම යනාදී වශයෙන් අවබෝධ ඥානයෙන් පහත් වන බැවිනි. කෙසේ නමුත් මනුෂ්‍යයන් වූ අප නුවණැතිව කළයුතු වන්නේ අනන්ත සංසාරයේ පෙර ආත්ම භාවවල කළ පිනෙන් ත්‍රිහේතුක සම්පත්තියෙන්ද ක්‍ෂණ සම්පත්තියෙන්ද යුතුව අෂ්ට දුෂ්ටක්‍ෂණයෙන්ද තොරව ලද අනේකවිධ උපභෝග සම්පත්වලින් හෙබි උතුම් වටිනා බුද්ධිමත් මනුෂ්‍ය ජීවිතය තුළින් උපරිම ඵල නෙළා මතු ආත්ම භාවද සැපවත් කරගනිමින් පතන්නා වූ බෝධියකට අනුරූපව පාරමිතා පුරාගැනීමයි. ඒ සඳහා නුවණැති ඔබ මොහොතක්වත් අප්‍රමාද නොවන්න. ප්‍රමාදය පසුතැවීමටත්, කනස්සල්ලටත් හේතුය. කෝටියක් වැඩකටයුතු තිබුණද ඒ සියල්ල අතහැර අවස්ථාවල හැකි සුදුසු සෑම විටම හැකි උපරිමයෙන් තමා තමන්ට අවංකව, බුද්ධිමත්ව වීර්යයෙන්, මෛත්‍රි සහගතව, ධර්මානු ධර්ම ප්‍රතිපත්ති මත පිහිටා කිසිවිට අන්තගාමී නොවී මධ්‍යස්ථව මධ්‍යම ප්‍රතිපදාව තුළ හැසිරෙන්න. ඔබට සෙතක්, ශාන්තියක්, යහපතක්ම උදාවී ඔබගේ මතු ආත්ම භාව සුගතිගාමී වනු ඒකාන්තය.
    දේශබන්දු මහේන්ද්‍ර පල්ලෙබැද්ද
SendShareShare
Previous Post

පලටුපානත් ඥාති සංග්‍රහයට යටවුණාද? ජනපතිගේ අවධානය පිණිසයි

Next Post

පෙරේරා ටයර් සර්විස් ආයතනය පෙට්ලාස් අලෙවි නියෝජිතයන් අගයයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.