• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

දන්න සිරිපාදෙට නොදන්න ගමනක්

March 7, 2020
in Holiday
Reading Time: 4 mins read
A A
දන්න සිරිපාදෙට නොදන්න ගමනක්
Share on WhatsAppShare on Facebook

සිරිපාදේ යන්න පාරවල් කීයක් තියෙනවද? දෙකයිනේ. මොනවද ඒ? හැටන්- නල්ලතන්නි, රත්නපුර පලාබද්දල. ආ… නෑ තුනයි. ඇයි කුරුවිට එරත්න පාර. ඔය පළමුවැනි ප්‍රශ්නය ඕක තමයි ගොඩක් අයගේ උත්තරේ. ඒත් ඒක වැරැදියි. සිරිපාදේ යන්න පාරවල් අටක් විතර තියෙනවා. හුඟක් අය දන් නැහැ. හැබැයි ඇවිදින ටික දෙනා දන්නවා. එහෙනම් මොනවද ඉතුරු පහ. මරේ වත්ත රජමලේ සඳගලතැන්න හරහා මාර්ගය, දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගය, දැරණියගල උඩ මාලිබොඩ මාර්ගය සහ බත්තුලු ඔය දිය ඇල්ල මාර්ගය තමයි ඉතුරු පාරවල් ටික.

ඔය පාරවල් අතරින් ලස්සනම පාරක් තමයි මරේ වත්ත රජමලේ සඳගලතැන්න හරහා මාර්ගය. ලස්සන වගේම සිරිපාදේ යන්න තියෙන ලේසිම පාරක් විදියටත් මේ පාර සැලකෙනවා. මේ පාර සිරිපා වාරේ පටන් ගත්ත දවසේ ඉඳන් කීප පාරක්ම සිරිපාදේ යන්න හිතන් උන්නට ඒ හැම සැරේකම එක එක හේතු නිසා යන්න බැරි වුණා. ඒ හැම සැරේකම යමු කියලා කතා වුණේ එරත්න පාරෙන් හරි රත්නපුර පාරෙන් හරි. ඒත් මගේ යෝජනාව වුණේ හැමදාම යන පාරවල් හරියන්නෙ නෑ වෙනස් දෙයක් කරමු කියන එක. ඔය විදියට කතා වෙලා මම සඳගලතැන්න පාරේ විස්තරේ කියලා කලින් ගියපු අය දාපු පින්තූර එහෙමත් බැලුවට පස්සේ කට්ටියම වැඬේට කැමැති වුණා. ගමනට දින දා ගත්තට පස්සේ අපි මුලින්ම කළේ අත්වැල්තොට සමන් දේවාලෙට ගිහින් පඬුරු වෙන් කරපු එක.

කතා කර ගත්ත විදියටම පහුගිය 25 වන බදාදා අපි ගමන පිටත් වුණා. කවදත් සුපුරුදු ගමන් සගයා වුණු බදුලු මේල් එකට කොළඹින් නැඟ ගත්ත අපි හැටන් දුම්රිය ස්ථානයෙන් බහිනකොට පාන්දර 2.30ට වගේ වෙන්න ඇති. කොළඹින් එන බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ මගීන්ට සිරිපාදේ යන්න නල්ලතන්නියට අන්තිම බස් එක තව පොඞ්ඩෙන් අදිනවා. සිරිපාදේ යන අය ඒකට නැඟ ගන්න නැත්නම් ආයි බස් එකක් තියෙන්නේ උදේ 6.20 කියලා දුම්රිය ස්ථාන නිලධාරියෙක් අපිව දැනුවත් කළා. ඒත් හරියට බහින්න ඕනෑ තැනක්වත් දන්නෙ නැති අපි පස් දෙනා මේ මහ පාන්දර ගිහිල්ලා මොනවා කරන්නද. ඒ හින්දා පස් දෙනා එක්කම හැටන් දුම්රිය ස්ථානයට යාබදව තියෙන විශ්‍රාම ශාලාවට වෙලා එළිය වැටෙනකම් ඉන්න හිතුවා. දැවැන්ත මදුරු ප්‍රහාරවලට ලක් වෙලා අඩ නින්දත් නොනින්දත් අතර අපි පැය තුනක් විතර ගත කරලා මුහුණ කට හෝදගෙන පාරට ආවේ මොනවා හරි බඩට දා ගන්න කියලා හිතාගෙන.

ඒ වෙලාවෙ හැටන් නගරයේ කිසිම කඩයක් ඇරලා තිබුණේ නැති නිසා අපි තීරණය කළේ මස්කෙළියට ගිහිල්ලම කන්න. එහෙම කියලා හිතාගෙන අපි ස්ටේෂන් එකට එනකොටම අපිට පෙනි පෙනීම අර 6.20 නල්ලතන්නියට යනවා කිව්ව බස් එක කලින්ම ඇවිල්ලා අපිව දාලා ගියා. ඊළඟට බස් එකක් තියෙන්නේ 6.50 ට. ඒත් ඒ බස් එකට නඟින්න අපිට ආයි හැටන් බස් නැවතුමට යන්න වුණා. ඒ විදියට හැටන් බස් නැවතුමෙන් බස් එකට නැඟ ගත්තු අපිට උදේ 7.30 වගේ වෙනකොට මස්කෙළියෙන් බැහැගන්න පුළුවන් වුණා.

කලින් දැන ගත්ත විදියට 08 වගේ තමයි මස්කෙළියෙන් මරේ වත්ත බස් එක අදින්නේ. තව වෙලා තියෙනවනේ කියලා හිතන් අපි එතැන තිබුණු දමිළ කඬේකින් හිතේ හැටියට තෝසෙයි ඉඳි ආප්පයි කෑවේ පාර ගැන විස්තරත් ඒ කඬේ මාමගෙන් අහන ගමන්මයි. මඟදි හම්බවුණු අයගෙන් අහපු විස්තරයි ඒ කඬේ මනුස්සයා කියපු විස්තරයි මස්කෙළියේ හන්දියේ ඉඳපු කෙනෙක් කියපු විස්තරයි එකිනෙකට එකක් පරස් පරයි. ඉතින් කර ගන්න දෙයක් නැති පාර කලින් මේ ගමන ගිහින් තිබුණ දුමින්ද අයියට මං කෝල් එකක් අරන් හරියටම පාර අහගෙන ගමන පිටත් වෙන්න හදද්දී මස්කෙළියෙන් මරේ වත්තට යන බස් එක පිටත් වෙලා. ඊළඟට බස් එකක් තියෙන්නේ 12.30ට කියලා තමා අපිට ආරංචි වුණේ. ඉතින් මොනවා කරන්නද එකම විකල්පය නල්ලතන්නිය පාරේ ගිහින් මුල්ගම හන්දියෙන් බැහැලා මරේ වත්ත හරහා ඉතිරි කිලෝ මීටර් 8 පයින් හරි ත්‍රීවීලර් එකකින් හරි යන එක. කොහොම හරි යනවා කියලා හිතාගෙන නල්ලතන්නිය බස් එහෙකට අපේ කට්ටිය ගොඩ වුණේ එච්චර හිතේ සතුටකින් නම් නෙවෙයි. පැයක විතර ගමනකින් අපි මුල්ගම හන්දියෙන් බැහැ ගත්තට පස්සේ මරේ වත්ත වතු යායට යන්න තියෙන නාම පුවරුව දකින්න තිබුණා. එතැන ඉඳපු ත්‍රීරෝද රථ රියදුරෙක්ගෙන් ඇහුවට පස්සේ කිව්වා සිරිපාදේ යන තැනටම ගිහින් දාන්නම් 2,000ක් දෙන්න කියලා. කිලෝමීටර් 9ට රුපියල් 2,000ක් දෙනවට වඩා හොඳයි රත්නපුර පාරෙන් ආවා කියලා හිතාගෙන පයින් යන එක කියලා අපි එතැන ඉඳන් පයින්ම අපේ ගමන පිටත් වුණා.

ගමන පිටත් වෙලා මීටර් 500ක් විතර යනවත් එක්කම මරේ වතුයායේ පිවිසුම හම්බ වුණා. එතැනට පොඞ්ඩක් එහාට වෙන්න තියෙන පීල්ලකින් අපේ වතුර බෝතල් ටිකත් පුරෝ ගත්ත අපි හෙමින් සීරුවේ ගමන ඇදෙන්න ගත්තා. එක යායට විහිදුණ තේ යායක් මැදින් වැටිලා තිබ්බ ඒ පාරනම් ඇත්තට දිව්‍යලෝක මැද්දෙන් ගියා වගේ. එක පැත්තක ඈත ඉමක් කොනක් නොපෙනෙණ කඳු නිම්නය පහළ පේන මායිමේම මාවුස්සා කැලේ ජලාශය. අපිට පිටි පස්සෙන් උතුම් ශ්‍රී පාදයත් දිස් වෙනවා. මේ පාර දිගේ යනකොට අපිට හිතෙන්නේ අපි ශ්‍රී පාදය ළඟටම ඇවිල්ලා ආපහු හැරිලා ටිකෙන් ටික ඈතට යනවා වගේ. කඳු සහිත පාරක් වුණු මේ මරේ වත්ත පාරේ ලස්සන බලා ගෙන අපි ඉස්සරහට යනකොට එන්න එන්නම මහන්සිය වැඩි වුණාා. අපි ටික දුරක් යනකොට අපිට මස්කෙළියෙන් මඟ ඇරුණ බස් එක මරේ වත්තට ගිහින් ආයි හරවාගෙන එද්දී අපිට හම්බ වුණා. ඔය විදියට කිලෝමීටරයක් විතර ඉස්සරට ඇදෙද්දී අපි ගාව නැවතුණේ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ලොරියක්. කොහෙද මල්ලිලා මේ යන්නේ කියලා ඇහුවම අපි විස්තරේ කිව්වා. ආ නැඟපල්ල නැඟපල්ලා අපිත් ඒ හරියටම යනවා කියලා අපිව ලොරියට නග්ග ගත්ත ඒ කට්ටිය අපේ ආගිය තොරතුරු අහන ගමන් හෙමින් සීරුවේ ගමන පිටත් වුණා. ඉදිරියට ඇදෙන්න ඇදෙන්නම ලස්සන වෙන පාර මගේ හිතට කිව්වේ නම් මෙච්චර ලස්සන පාරවල් මේ ලංකාවේ ඇතුළේ තවත් තියෙනවද කියලාමයි.

ඒ කට්ටියට සමු දීපු අපි තේ වත්තක් මැදින් ඉස්සරට ලොකු කන්දක් නැඟලා ආයෙමත් මරේ වත්ත පාරට වැටුණා. එතැන ඉඳපු මරේ වතුයායේ නිලධාරි මහත්මයෙකුගෙන් පාර අහපු අපිට කිව්වෙ ඔහොම දිගටම යන්න කියලා. ඔය යන අතර තුර අපිට මරේ ඇල්ල වගේම ගාටිමෝර් ඇල්ලත් තවත් නම නොදන්න සුවිශාල කැලේ අස්සේ හැංගුණ දිය ඇල්ලකුත් දැක ගන්න හම්බ වුණා. ඒ පාර වැටිලා තිබුණු පරිසරය ඈත නිම්නයේ මවන දර්ශනය වචනයෙන් විස්තර කරන්න නම් මම අපොහොසත්.

ඉර එළිය හොඳටම තදයි අපේ වතුරත් සේරම ඉවරයි. ටික දුරක් ඉස්සරහට යද්දී අපිට පොඩි දිය පාරක් හම්බ වෙනවා. එතැන මොකක් හෝ වතුර බට අලුත්වැඩියාවක නිරත වෙන ගමේ අය දෙදෙනෙකුත් මුණ ගැහුණා. අපිට වතුර පුරවා ගන්න අවස්ථාව හම්බ වුණා. වතුරත් සේරම පුරවාගෙන ඉස්රහට ඇදෙද්දිම අපි යන පැත්තටම එන කුඩා බස් රථයක් ඈත වංගු අතරින් අපේ පැත්තට එනවා පෙනුණා. අර වතුර බට හද හද ඉඳපු එක්කෙනා කිව්වේ ඕකේ නඟින්න කියලා. ඉතින් විනාඩි 5කින් විතර අපි ගාවට ළඟා වුණු බස් එකට අපි ගොඩ වුණා. ඒ බස් රථය මරේ වතුයායට යාබද නිවෙසක සිට මරේ වතු යායේ කෙළවර බස් රථ හරවන තැනට යන එකක්. කලින් කියන්න බැරි වුණා මේ මාර්ගයේ ධාවනය වෙන්නේ ඉතාම කුඩා ප්‍රමාණයේ ඕඕ බස් රථ කිහිපයක් පමණයි. ඉතින් ඒ රියැදුරා අපිව රජමලේ ශ්‍රී පාද පිවිසුමට ඩිංගක් මෙහායින් තියෙන පාර ලඟින් බස්සලා යන්න ගියා. ඊට පස්සේ අපි අපේ ගමන ආයෙත් පටන් ගත්තේ සරුසාර තේ යායක් මැදින්.

ඔන්න ටික දුරක් යද්දී පාර දෙකට බෙදුණා. දැන් කොහේ කියලා යන්නද. කාත් කවුරුවත් පේන මානෙක නෑ. අපි දෙපැත්තට බෙදිලා පාරවල් දෙක දිගේ යන්න තීරණය කළා. උඩ පාර දිගේ ගියපු ඩබලගේ අදහස වුණේ ඒ පාර හරියන් නැති පාටයි කියන එක. සමන් දෙවි හාමුදුරුවෝ කවදාවත් සිරිපා කරුණාවේ යන අය අයව අතරමං කරන් නෑ කියපු කියමන තදින්ම විශ්වාස කරපු මං යමල්ලා පහළ පාරේ කියලා එන්න ආවා. මීටර් 200ක් විතර ආපු තැන ඒ පාරත් දෙකට බෙදෙනවා වාහනයක් යන්න බෑ එතැනින් එහාට. ලස්සන ඩසැඅ චදසබඑ එකක් වුණු එතැන රැයක් ගත කරන්න ඇත්නම් කියලා හිතෙන තරම් මනස්කාන්තයි. හැමෝම දහ අතේ කල්පනා කරන ගමන් කලින් දවසේ කොළඹින් ගත්ත ඇපල් ගෙඩි 5කුත් හප හප එතැනට වෙලා ගිමන් හැරියා. ඔහොම විනාඩි 5ක් විතර ඉන්නකොට ඈත තේ වත්තක තේ දළු නෙළන කාන්තාවන් දෙදෙනෙක් පොඩියට අපේ නෙත ගැටුණේ සමන් දෙවි හාමුදුරුවෝ සිහිපත් කරමින්. උන් හිටි තැන් අමතක වෙලා වගේ අපි දෙන්නෙක් ඒ පැත්තට දුවන් ගිහින් ඇහුවේ සිරිපාදේ යන්නේ මොන පාරෙන්ද කියලා. එච්චරටම සිංහල නොතේරුණු ඒ ගැහැනු කෙනා අත දික් කරලා අපිට ආන් අරෙහෙන් යන්න කියල පෙන්නද්දි තමා දැක්කේ වන සංරක්ෂණය අධිකාරියට අයත් නාම පුවරුවත් එක්කම තියෙන කඳුකර වියළි එහෙමත් නැත්නම් ශ්‍රී පාද රක්ෂිතයට ආවේණික ශාක විලාසය සහිත ශාකවලින් පිරුණු බිංගෙයක් ආකාරයට කැලේ මැද්දෙන් ඇතුළට ඇදෙන පාර.
ශ්‍රී පාද පාරට ඇතුළු වෙන තැනට වම් පැත්තෙන් අපි දැක්කෙ පොඩි වතුර පාරක්. ඉක්මනින් එතැනට ගියපු අපි වතුර ටික අල්ලපූ ගමන් ගල් ගැහෙන තරම් සීතලක් දැනුණා. හරියටම දහවල් 12.30ට වගේ අධික ලෙස සූර්යා උණුසුම් වෙලා තියෙන වෙලාවක මේ වතුර මේ තරම් හීතල කොහොමද කියන ඒකනම් හරියට දේව හාස්කමක් වගේ.

කෝමින් කොම හරි ගිනි රස්නෙට පිච්චිලා ඉඳපු අපිට ඒ වතුරෙන් ඇඟ පත සෝදා ගත්තට පස්සේ ආවේ කියා ගන්න බැරි තරම් ජීවයක්. ඇඟේ තිබ්බ සේරම මහන්සි ගති තෙහෙට්ටු සේරම නැති වෙලා ගියා. දාඩිය පෙරාගෙන කුණු නාගෙන සිරිපා කරුණා කරන්න වෙයි කියලා හිතන් ඉඳපු අපි අලුත් ඇඳුම්වලට බැහැ ගෙන සුපිරිසුදු සැදැහැවතුන් විදියට සිරිපා කරුණා කරන්න ලෑස්ති වුණා. ඒ විදියට ලෑස්ති වෙලා වතුර බෝතලුත් පුරවාගෙන අර කිව්ව පාරට ඇතුළු වෙනකොටම තියෙන ගහක අත්තක් කඩන් සුමන සමන් දෙවි පිහිටෙන් අපි සිරිපා කරුණාව ආරම්භ කළා. මෙතෙක් වෙලා ලස්සන නමුත් තරමක් විඩාබර හිරු කිරණ බැට දෙන කටුක ගමනක අත්දැකීම නිම කරමින් සිසිල් මනරම් වන පෙතක් මැද්දෙන් අපේ ගමන පටන් ගත්තා. මින් පෙර කිසිම දාක නොදැකපු ජෛව විවිධත්වයක් වගේම සිසිල් බවක් අපිට දැනෙන්න ගත්තා.
කඳු නඟිමින් බසිමින් තරමක් අසීරු ගමනක යෙදුණු අපිට එන්න එන්නම මහන්සියක් නම් දැනෙන්න ගත්තා. නමුත් පෙර මාර්ගෙට වඩා දුරක් එන්න හැකි වුණේ වන පෙත මැද්දෙන් වැටුණ මනස්කාන්ත පරිසරය අපේ ගත හිරු රශ්මියෙන් සම්පූර්ණයෙන්ම නිරාවරණය කළ නිසා. දැන් අපි කිලෝමීටර් 3.5ක් පමණ කරුණා කරලා. දෙතුන් තැනක නැවතිලත් හිටියා. ඒත් කෝ මේ සඳගලතැන්න. කෝ ශ්‍රී පාදය. අපිට පාර වැරදුණාද, තව කොච්චර දුර මෙහෙම යන්න වෙයිද, කියන දෙගිඩියාවෙන් යන කොටම එක පාරට රූස්ස මහ කැලෑව මඳක් ඉවත් වුණු තැනකදී සිරිපාදේ ඇතින් දිස් වුණා. ඒ දර්ශනය දුටු පසු කට වරද්දවා ගැනීමේ බයට නොකියා හිතේ තද කර ගත්තා මිස හැමෝගෙම හිත්වල ඇති වුණේ දෙයියනේ කවදා මළුවට ළඟා වෙන්නද කියන කියන එක. ඒ තරම් ඈතිනුයි අපිට ශ්‍රී පාදය දකින්න ලැබුණේ. ඒ කියන්න මම කලින් කියපු විදියට අපි මරේ වත්තේ පාරෙදි අවසන් වරට සිරිපාදේ දැක්කට පස්සේ කිලෝමීටර් 7කින් විතර තමා අපි ආයි පාරක් ඒ දර්ශනය දැක්කේ.

කියා ගන්න බැරි තරම් සතුටක් එක්ක ශ්‍රී පාද රක්ෂිතය මැදින් විරාජමානව නැඟී සිටින ශ්‍රී පාදය දුටු අපිට ඉබේම සාදු සාදු කියවුණා. මම හිතන විදියට ශ්‍රී පාදයේ එතරම් පැහැදිලි සම්පූර්ණ දසුනක් වෙන කිසිම තැනකට පෙන්නේ නැතිව ඇති. ඒත් අපිට ඡායාරූප ලබාගන්න දෙවියෝ අවසර දුන්නේ විනාඩි 5ක් විතරයි. ඝන මීදුම් රැල්ලකින් මුළු ශ්‍රී පාදයම වසා ගත්තේ ශ්‍රී පාද කන්දේ සලකුණක්වත් ඉතිරි නොකරමින්. විනාඩි 10ක් පමණ එතැන ඉඳපු අපි ආයෙමත් ගමන පටන් ගත්තා. ඔය විදියට යන ගමන් අපිට ඊළඟ දැක ගන්න ලැබුණේ දිවියෙකු වගේ සතකුගේ මල පහ ගොඩක්. ඔය විදියට සොබා සෞන්දර්ය විඳින ගමන් අපි ටික ටික ඉදිරියට ඇදෙනකොට ගස් අතරින් පතරින් හැටන් නල්ලතන්නිය පාර පේන්න ගත්තා. හිතට ආවේ පුදුම තරම් සතුටක්.

කලන වොහාර

SendShareShare
Previous Post

රවීට වරෙන්තු

Next Post

කඩොලාන ගැන නොදන්න කතාව

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...

Read more
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.