මෙරට මාර්ග ඉදිකිරීමේ කටයුතු ගැන කියද්දී සර් එඞ්වඞ් බාන්ස් යන නාමය මුලින්ම මතකයට නැඟෙන්නේය. මේ අනුව බාන්ස්තුමන් විසින් මෙරට මාර්ග ගණනාවක් ඉදිකරන්නට කටයුතු කළේය. යුද පාලනයට මාර්ග අත්‍යවශ්‍ය බව සිතමින් එම මාර්ග ඉදිකළද එයින් සියලුම අංශ සඳහා සෙත සැලසුණේය. එහෙයින් බොහෝ පිරිසක් තව තව මාර්ග සෑදෙන තුරු බලාගෙන සිටියද 1831 – 1842 අතර කාලයේ මෙරට මුතු කිමිඳුම් පාඩුවීමෙන් ලංකාවේ සිටි බි්‍රතාන්‍ය බළකායට පවුම් 24,000ක් බි්‍රතාන්‍යයට ගෙවීමට සිදුවිය. එහෙයින් රජයේ ඉඩම් විකිණීමෙන් මුදල් ලබාගෙන මාර්ග ඉදිකිරීම කළද එම කටයුත්ත වැඩිදුර පවත්වාගෙන යන්නට හැකි වූයේ නැත. ඒ 1847 දී කෝපි වගාව විනාශ වීම හා වෙළෙඳාම පරිහානියට පත්වීම හේතුවෙනි. මේ තත්ත්වය යටතේ මාර්ග ඉදිකිරීමේ ඉතිරි කටයුතු කිරීම සඳහා ඇඟබදු ක්‍රමය යළිත් හඳුන්වා දීමට ඉංග්‍රීසි පාලකයෝ කටයුතු කළහ. ඒ අනුව පිරිමියකු සිලිම් තුනක් ගෙවිය යුතු යැයි තීරණය වූ අතර එසේ නොමැති නම් දින තුනක් වැඩකළ යුතුයි තීන්දු විය.
කුමාර











