• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ආශාවෙන් මැරිල ප්‍රේතයෙක් වුණොත් පිං දෙන්නෙ කොහොමද

January 24, 2021
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
ආශාවෙන් මැරිල ප්‍රේතයෙක් වුණොත් පිං දෙන්නෙ කොහොමද
Share on WhatsAppShare on Facebook

ඉපදෙන කොට හැම කෙනෙක්ම අරගෙන එන දෙයක් තියෙනවා. ඒ තමයි මරණය. හැබැයි ඉපදිලා අවුරුදු පහළොවක්, විස්සක් ගතවෙද්දි ඕනෑම කෙනකුට මුලින්ම අමතක වෙන දෙයකුත් තියෙනවා. ඒත් මරණය, ඒ කියන්නේ ඉපදෙන ගොඩාක් අය කාලයක් යනතුරු විතරයි මැරෙනවා කියන එක මතක තියාගෙන ඉන්නේ. ඊට පස්සෙ ඒක එහෙමපිටින්ම අමතක කරලා දානවා. මැරෙනවා කියන එක අමතක වුණාම ආශාව වැඩි වෙනවා.

ආශාව කියන්නේ තණ්හාව. ඉතින් තණ්හාව වැඩි වුණාම නිතරම හිත යන්නේ මොනවා හරි එකතුකර ගන්න, පොදි බැඳගන්න. එහෙම ජීවත් වෙද්දි මැරෙන බව මතක් වෙන්නෙත් අන්තිම මොහොතෙ. හැබැයි එතකොට ප්‍රමාද වැඩියි. මොකද අන්තිමට මිය යන මොහොතෙත් අර ආශාවම, තන්හාවම මතකයට එනවා. අනේ මගේ දරුවෝ, මගේ නෝනා, මගේ සල්ලි මෙහෙම ගොඩාක් දේවල් මතක් වෙනවා. දැන් මේවා දාලා සුගතියකට යන්න හිතෙයිද? නැහැනෙ. ඉතින් ආපහු මේවා හොයාගෙන තමන් හිටපු තැනට එන්න තමයි හිත යන්නෙ. එහෙම ආපහු එන්න ලේසිම විදිහ තමයි ප්‍රේතයෙක් වෙන එක. ඉතින් තර්කයක් නැතිව ඒ ක්‍රමය තෝරා ගන්න මළගිය ප්‍රාණකාරයා තීන්දු කරනවා අවසානයට ඔහු ගියපයින්ම ආපහු කාටවත් නොපෙනී තමන් හිටපු ගෙදරට එනවා.

මෙහෙම එන්නෙ ඒ ගෙදර සැමියා කියලා හිතුවොත් ඒ සැමියට පින් දෙන්න ගෙදර අයට පුළුවන් වෙයිද කියලත් හිතන්න වෙනවා. මොකද මේ වෙනකොට ගොඩාක් ගෙවල්වල කෙනෙක් මියගියාට පස්සේ හත් දවසෙන්, තුන් මාසෙන්, අවුරුද්දෙන් පින්කම් කරනවා. හැබැයි පින්කම් කියල වර්තමානයේ කරන්නේ පින්කම්ද, නැත්නම් නරක ආත්මයක උපන් කෙනා තවත් නරකාදියටම ඇද දැමීමක්ද කියලත් හිතන්න වෙනවා.

පින්කම් සියල්ලම එක්තරා විදියක චාරිත්‍රයක්. හැබැයි අද වෙද්දි මේ චාරිත්‍ර සිද්ධ වෙන්නෙ නොවිය යුතු ක්‍රමවේදයකටයි. ගෙදරට, බිරියට, දරුවන්ට අශාවෙන් මියගිහින් ප්‍රේතයෙක් වෙලා ගෙදරටම ආපු ආත්මයට පින්දෙන්න හිතාගෙන හත් දවසෙන් දානයක් ලෑස්ති කරන කොට අද කාලෙ හැටියට ඒ ගෙදර සිද්ධ වෙන්නෙ මොනවද. සෙනඟ පිරෙනවා. මස්, මාලු කපනවා, කොටනවා. පුළුටු බදිනවා. කෑම-බීම්වලට අතදිග හැරලා වියදම් කරනවා වගේම උයලා-පිහලා පිළුණු කරපු ආහාර වත්තෙ කොහේ හරි ගොඩගහනවා.



කැවුම්, කොකිස් බැදෙනවා. පලතුරු ඉදවනවා. එක එක විදිහෙ පිරිස් නොයෙක් කතා කියනවා. හිනා වෙනවා. සමහර අය මියගිය කෙනාට හොඳ කියනවා. තව සමහරු බනිනවා. දොස් කියනවා, වැරැදි අඩුපාඩු කියනවා. ඒ වගේම ගෙදර ඉතිරි වී සිටින ප්‍රධානියා ඇතැම් විට මියගිය අයගෙ බිරිය මියගිය අය ජීවත්ව සිටියදී එක්රැස් කළ මුදල් අතදිග හැර වියදම් කරනවා. මේ හැම දෙයක්ම ඒ ඒ අයට අවශ්‍ය ආකාරයට සිද්ධ වුණාට, අර මියගිහින් ප්‍රේත ආත්මයක් ලබාගෙන ආපහු ආපු කෙනා කාටත් නොපෙනී නිවෙසේ තැනින් තැනට යමින් බලාගෙන ඉන්නවා. මස්-මාලු කපන පුළුටු බදින තැන්වලටත් යනවා. උයන-පිහන, කන-බොන තැන්වලටත් යනවා. කට්ටිය කතාබස් කරන, ගුණ කියන, දොස් කියන තැන්වලටත් යනවා. ඒ විතරක් නෙවේ තමන්ගේ බිරිය, දරුවන් තමන් හොයපු මුදල් වියදම් කරයි කියලා බයෙන් මුදල් තිබෙන තැන්වලටත් යනවා.

ඒවා පරෙස්සම් කරන්න හිතනවා. ගෙදර තියෙන රත්තරං බඩු, අනෙක් බඩුමුට්ටු නැති වෙයි, කැඩෙයි කියලා පරෙස්සම් කරන්න ආරක්‍ෂා කරන්න හිතනවා. ඒවා කාටවත් ගන්න නොදී රකින විදිහ හිතනවා. ප්‍රේත ආත්ම කියන්නේ අසීමිත ආශාවන් තියෙන කොටසක්. ඉතින් අර උයපු- පිහපු කෑමබීමවලට බැදපු පුළුටුවලට ආශාවෙන් ඒ අසල ගැවසෙනවා. ඒවා අනෙත් අය ගනීවි, කයිද, බොයිද සිතමින් ඒවා අසල ගැවසෙනවා. මේ හැම දේකින්ම අර ප්‍රේත ආත්මය තව තවත් දුගතියටම බරවෙනවා. නරකයටම ඇදිලා යනවා.

මේ ආත්ම හිතනවා හත් දවසේ දානය මෙහෙම නම් තුන්මාසයේ දානය මීට වඩා වෙයි කියලා. එහෙම හිතලා ඒවට ආශාවේ තුන් මාසය වෙනකම් ප්‍රේත ආත්මයේ රැඳිලා බලාගෙන ඉන්නවා. ඉතින් දානය ඉවරවෙලා හාමුදුරුවෝ පින් දුන්නට පින්ගන්න තත්ත්වෙකට මේ ආත්මය පත්වෙන්නෙ නැහැ. මොකද ඊළඟ මාස තුනක් ප්‍රේත ආත්මයේම ඉන්නමයි හිත. තුන් මාසයක් එහෙම වුණාට අවුරුද්දක් ඉන්නවා. මොකද මියගිය ප්‍රාණකාරයාට පින් දෙන්නෙ පින් ගන්න පුළුවන් විදියට නෙවෙයි. ඒ නිසා පින්කමක් කරද්දි මියගිය ප්‍රාණකාරයකුට පින් දෙද්දි ඊට සුදුසු ක්‍රමයකටයි එය කරන්න ඕනෑ. ජීවත් වෙලා ඉන්න අයට ඕන විදියට මියගිය නරක ආත්ම ලබපු ප්‍රාණකාරයන්ට පින්ගන්න බැහැයි කියන එකත් තේරුම් ගන්නම වෙනවා.

ඒකටත් හේතුවක් තිබෙනවා. අද කාලෙ හැම පින්කම් ගෙදරකම ස්වාමින් වහන්සේ ධර්මය දේශනා කරද්දි ඒ කියන්නේ ප්‍රේත ආත්මය ලැබූ කෙනාගේ සිත ධර්මයට යොමු විය යුතු මොහොතෙත් නිවෙසේ කෑම-බීම ගනුදෙනු වෙනවා. පුළුටු බැදෙනවා. ඉතින් ධර්මය අහනවට වඩා ප්‍රේතයා අර දේවලට යොමු වෙනවා. ආශා කරනවා. එයින් ඔහුට පිනත් මඟහැරෙනවා.

මියගිය ප්‍රාණකාරයන්ගේ ඥාතීන් ඒ කියන්නේ ඔබ යැයි සිතුවොත් ඔබ උපායශීලී වුණොත් පමණයි අර ප්‍රේත ආත්මයට පින් ලබාදිය හැකිවන්නේ.

ඒ නිසා පින්කමකදී සියල්ලට පෙර මේ කාරණාව මුලට ගතයුතුයි. ප්‍රේතයාගේ සිත ධර්මයට යොමුවන ආකාරයේ පරිසරයක් මුලින්ම ඇතිකරන්න. සාදයකත්, පින්කමකත් ඇති වෙනස වටහා ගන්න. සාදයකදී වැඩෙන්නෙ කාමය. පින්කමකදී වැඩෙන්නෙ කුසලයක්. අද වෙද්දි මේවා පටලවාගෙන ධර්ම දේශනයයි, පාටියකුයි තමයි කරන්නෙ. ධර්මය අහන අයට ධර්මය ඇහෙන්න් පිඟන් ගැටෙන හඬ අතරින් ආහාරවල සුවඳ අතරින්. ඒ නිසා මේ දෙක පටලවා ගැනීමෙන් සිදුවන්නේ නරකක් මිස හොඳක් නොවේ.



ඔබ පින්කමක් කරනවා නම් වත්ත පිරෙන්න සෙනඟ එකතු කරන්න එපා. සාලේ පිරෙන්න පින්වත් සද්ධාවන්ත ඥාතීන් එකතුකර ගන්න. අවශ්‍ය කෑම, බීම හවස හය වෙද්දි සකස් කර අවසන් කර තබන්න. කුසල් වැඩෙන සංඥා මිස අනිත්‍ය වැඩෙන සංඥාවලින් ඔබ ඉවත් වෙන්න.

නිවෙස තුළ, ඉඩම තුළ පිරිසුදුකර සුවඳ දුම් අල්ලා පහන දල්වා බුදු මැඳුරක ස්වභාවය ඇතිකර ගන්න. ස්වාමින් වහන්සේ වැඩම කරද්දි පරණ ලෑලි කෑල්ලක් දමා දෙපා දෝවනයෙන් වළකින්න. ඊට ගොක් අත්තකින් වියා සකස්කර තබන්න. ගොක් අත්තකින් පහන් පැලක් හදා පහන් දල්වා සුවඳ දුම් අල්වා ප්‍රාර්ථනාවක් කරන්න.

දැල්වුණු මේ පහන් ආලෝකය අඳුරු දුරුකර ආලෝකය පතුරවන්නා සේ මගේ ඥාතීන් පින්මදිව අඳුරේ සිටී නම් ආලෝකවත් වේවා කියලා හිතන්න. ප්‍රාර්ථනා කරන්න. සමහරු හිතන්නෙ ගොක් අත්තක් කපනවා කියන්නෙ පොල් වත්තක් විනාශ කරනවා වගේ වැඩක් කියලා. ඒත් ඔබ එහෙම හිතලා මේ වටිනා සිරිත් අමතක කර සිය ඥාතීන් දුගතියේම තියන්නට තරම් පවිටු වෙන්න එපා.

අද ගොක් අත්තක් නොකපා පොල් වත්තක් ගැන සිතීමද තණ්හාවකි. දුගතියට මගකි. එවන් අය වුවද පොල්වත්තේම ප්‍රේතයකු වී ඉපදෙන්නට ඉඩකඩ වැඩිය. එනිසා වහවහා මේ නොගැලපෙන ක්‍රමයෙන් ඈත් වෙන්න. අවශ්‍ය දේ පමණක් කරන්න. මැරුණාට ලැබෙන පින ගැන නොසිතා පින් අවශ්‍ය නැති තැනක උපදිනවා යැයි සිතාගෙන කටයුතු කරන්නට හැකි නම් එවැනි මරණයකට අවශ්‍ය පසුබිම සකසාගත හැකි නම් කිසිවකුට කිසිදිනෙක මරණයෙන් පසු ප්‍රේත ආත්ම නොලබා සුගතියේ ඉපදීමට හැකිවනු ඇත.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

තලපති මේනියාව ලංකාවටත් බෝවෙයි

Next Post

OPPO A15 දැන් වෙළෙඳපොළේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.