• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තලපති මේනියාව ලංකාවටත් බෝවෙයි

January 24, 2021
in Heart
Reading Time: 1 min read
A A
තලපති මේනියාව ලංකාවටත් බෝවෙයි
Share on WhatsAppShare on Facebook

මුළු කොළඹම ජනතාවගෙන් පිරී ඉතිරී යයි…

දමිළ චිත්‍රපටවලට ප්‍රිය කරන ශ්‍රී ලාංකේය රසිකයනට තලපති විජය ගැන විස්තර කිරීම බොහෝ විට විහිළුවකි.
තවත් සරලව කියනවා නම් මරදාන පැත්තේ ෆිල්ම් හෝල් එකකට ගිහින් රටකජු ගොට්ටක රස බලමින් විසිල් එකක ෆන් එක සමඟ දෙමළ චිත්‍රපට බලන රසික නඩයට නම් තලපති විජය ගැන විස්තර කිරීම හෝ ඔහු ගැන හඳුන්වන්න උත්සාහ කිරීම අමුම අමු පිස්සුවකි.
ඇත්තෙන්ම මැඩ්රාස්වලට වගේම මරදාන හෝ පිටකොටුව පැත්තේ රසික ජනතාවටද තලපති විජය දෙවියෙකි. එම්.ජී.ආර්., ශිවාජි ගනේෂන් සහ රජිනි කාන්ත්ගෙන් පසුව දමිළ සිනමාවේ බජාර් එකේ චණ්ඩියා වූයේ තලපති විජයය. බොහෝ විට මැඩ්රාස්හි පීඩිත පන්තියේ පිරිමි පාර්ශ්වය සැබෑ ලෝකයේදී තම තමන්ට ඉටුකර ගැනීමට බැරි හීන ගැන දුක්බර මනස්ථාපයන් පසෙක දැමුවේ දෙමළ චිත්‍රපටවලදී තලපති විජය ඔවුන්ගේ සිහින ඉටුකර දෙන සීන්වලට කදිම විසිල් පාරක් ගසමින්ය. ඔවුන්ගේ මිහිපිට දෙවියා, වීරයා වගේම නොම්මර එකේ සාධාරණ චණ්ඩියා වූයේද තලපති විජයයි.
බොහෝ විට ඒ
පිළිගැනීම ආකර්ෂණයකට වඩා උමතුවක් හෝ මේනියාවක් විය. යම් කතාබහකදී කිසිවකු විසින් තලපති විජය ගැන විවේචනය කළහොත් එම විවේචනය කළ අයගේ හොම්බ රිවට් වෙන්නට ගසන්නට තරමටම එකී මේනියාව ප්‍රබලය.
එච්චරටම තලපති විජය නම් සුපිරි මිනිසා මැඩ්රාස් රසිකයනට කලින් කලට බෙදාහරින ‘ස්ප්‍රිට්’ එක කලින් සුපිරි විය. කොටින්ම සාක්ෂි සහිතව කියනවා නම් කොරෝනාව වැනි වූ වසංගත රෝගයක් අමතක කර සිනමා ශාලා ඉදිරිපිට රසිකයන් එකාපිට එකා වැටී ටිකට් එකක් ගන්නට පොරබදන තරමටම එම ස්ප්‍රිට් එක සුපිරි විය.
මොකක්ද ඒ කතාව. මෙය කියවන ඔබ ඒ කතාව නොදන්නවා නම් එය පුදුමය. ඒ කියන්නේ තලපති විජය තවත් ස්ප්‍රිට් එකක් බෙදාහරින්නට සූදානමින් සිටිනවාවත්ද?
සිටිනවා නෙමේ. විජය මාස්ටර් හරහා එය බෙදාහැර අවසන්ය. ආරංචියෙ හැටියට මාස්ටර් ස්ප්‍රිට් එකෙන් හොඳින් මත්වූ පිරිස තව තව කිහිප වතාවක්ම ‘ස්ප්‍රිට්’ එකෙහි රස උරගා බැලීමට සිනමා ශාලාවල කරක්ගසමින් ‘බ්ලැක් මාර්කට්’ ටිකට්වලට අලෙවි වන බවද අසන්නට ලැබී ඇත.
මාස්ටර් චිත්‍රපටය ඒ තරමට හිට් වෙලාද?
හිට් එකේ හොඳම එක ඒකය. වාර්තා පිට වාර්තා බිඳ හෙලමින් ‘මාස්ටර්’ මැඩ්රාස්වල සේම විදේශීය රටවලද ජයකෙහෙළි නංවමින් තිරගත වේ. කොරෝනා වසංගතය තුළ පීඩා විඳින සමාජයක එවැන්නක් සිදුවිය හැකිද?
පුදුමය කියන්නේ ඒකය. මාස්ටර්හි සතියක ශුද්ධ වූ ලාබය ඉන්දියානු රුපියල් කෝටි 140කි. කර්ණාටක සහ කේරළ ප්‍රාන්තවලද එය ඊට වඩා වැඩි මිසක අඩුවක් නැත. ඒ විතරක් නෙමේය. එක්සත් එමීර් රාජ්‍යයෙහි සිනමා ශාලාවල ‘මාස්ටර්’ ලබාදුන් ආදායම ඩොලර් මිලියන 1.23 ඉක්මවා ඇත්තේ දින 6ක් ඇතුළතය.
ගැහැණු සිත් අතර සුපිරි පෙම්බරයා ලෙසත්, වීදිවල සැරිසරණ ගැන්සි පිරිමින්ගේ වීරයා ලෙසත් කිරුළු පලන් විජයට මොනවා හිතෙනවා ඇතිද?
නිහතමානී සිනමාවකින් නිතර දෙතොළඟ සරසා සිටින විජය ප්‍රසිද්ධියේ කිසිවක් නොකීවද ජාත්‍යන්තර වශයෙන් හොඳම මුදල් උපයන සුපිරි නළුවන් දසදෙනාගේ ලැයිස්තුවට ඔහුගේ නමද මේ දිනවල ඇතුළත්ව ඇත.
එලෙසම ඉන්දියානු රුපියල් කෝටි 150 දින කිහිපයක් තුළ උපයාදුන් තලපති විජයගේ පස්වැනි චිත්‍රපටය ලෙසද ‘මාස්ටර්’ කිරුල දරා ඇත.
මාස්ටර් මෙලෙස මැජික් එකක් වීමේ රහසක් එහෙම තියෙවද?
රහස් ගැන නම් කියන්නට දන්නේ නැත. එක් නිමිත්තක් ගැන නම් කිව හැකිය.
උතුරු ඉන්දීය සිනමාවේ ඛාන්ලා රාමසාන්, දීපාවලී සහ නත්තලට තම චිත්‍රපට එළිදැක්වීමේ කලාවක් ඔවුනට ආවේණිකව ඇතුවා සේම විජයටද එවැනි මිත්‍යා මතයක් වේ. ඒ තෛපොංගල්වලට තම චිත්‍රපට නිකුතුව බෙදාහැරීමය.
එතකොට තෛපොංගල් වාසනාව නිසා මාස්ටර් කප් ගැහුවාද?
කිසිවකු ඒ ගැන තවමත් මොනවත් කියා නැත. කෙසේ වුවද තමිල්නාඩුවල පමණක් මාස්ටර් ඉපයූ මුදල 18 වැනි අඟහරුවාදා වන විට කෝටි 80 පැන හමාරය.
කොරෝනාව නිසා තම චිත්‍රපට රෝල්වලට දුම් අල්ලමින් හකුලාගෙන සිටින දමිළ නිෂ්පාදකයනට මාස්ටර් පාඩමක් දුන්නාද?
දමිළ පමණක් නෙමෙයි හින්දි චිත්‍රපට නිෂ්පාදකයන්ද මාස්ටර් නිසා ෆෝම් වී ඇති බව ආරංචිය.
චිත්‍රපට බෙදාහැරීමේ අංශයේ ප්‍රධානියකු වූ මහේෂ් කොනේරු දුරදර්ශන්හි කතිකාවකදී පවසා ඇත්තේ තම චිත්‍රපට එළිදැක්වීමට බයෙන් සිටින සුපිරි නිෂ්පාදකයනට මාස්ටර් දුන් අතුල්පහර පට්ට සුපිරිය කියාය.
තව මොනවද මාස්ටර් ගැන තියෙන සුපිරි කතා.
හීරෝ වී ඇති විජයගේ මාස්ටර් ගැන සීරෝ කතාව වන්නේ මැලේසියාවේ කොරෝනා අගුළු දැමීමය.
චිත්‍රපට බෙදාහරින්නන්ගේ සංගමයෙහි විධායක අධ්‍යක්ෂ වූ තිරුපූර් සුබ්‍රමනියම් කියා ඇත්තේ විජයට පිස්සු වැටුණු රසිකයන් සිටින නිජබිමක් වූ මැලේසියාවට ‘මාස්ටර්’ තිරගත කිරීමේ අවස්ථාව නොලැබී යෑම මහා අවාසනාවක් බවය.
‘මාස්ටර්’ තිරගත කළ සිනමා හල්වලට නඩු වැටිල කියන්නෙ ඇත්තද? එය ඇත්තකි. සීමාසහිත ප්‍රේක්ෂක පිරිසකට දුන් අනුමැතිය සිනමා ශාලා හිමිකරුවන් විසින් පසෙක දමා ඇති බව එයට හේතුවය.
කොයික කෙසේ වුවද තලපති විජයගේ කාලවර්ණ කඩවසම් රූපකායෙහි ප්‍රතිරූපය සමඟ ‘මාස්ටර්’ කෙරෝනාව නිසා දියාරු වෙමින් තිබූ ඉන්දියානු සිනමාවට නව අර්ථකතනයක් ද ඇත.
එලෙසම බේබදු ගුරුවරයකු සිසුන්ගේ අවධානය දිනාගත නොහැකි වූ නොහික්මුණු මහාචාර්යවරයකු තලපති විජය තුළින් මාස්ටර් හරහා කළ හපන්කම නම් කදිමය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වත්කම් අත්හිටුවීමක්: සංචාරක තහනමක්: මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට සැර වාර්තාවක්

Next Post

ආශාවෙන් මැරිල ප්‍රේතයෙක් වුණොත් පිං දෙන්නෙ කොහොමද

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.