බයිබලය ගත්තත් එවගේම මහා භාරතය ඊජිප්තු ශිෂ්ටාචාරයේ සමහර කැටයම් ගත්තත් සමකාලීනව හෝ ඊට පෙර සිදුවුණු මහා යුද්ධ පිළිබඳ මතකයන් ඒ තුළ අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් මීට අවුරුදු 3000කට පෙර උතුරු දිග ජර්මනියේ සිදු වූ මහා යුද්ධයක් කිසිම මතක සටහනක් කිසිදු මූලාශ්‍රයක් තුළ සටහන් නොවී අමතකව ගිහින් ඇත.
කෙසේ වෙතත් පුරාවිද්‍යා කැණීම් මගින් යුරෝපයේ Bronze age එනම් තඹ යුගයේ සිදු වූ මෙම මහා පරිමාණ යුද්ධය පිළිබඳව තොරතුරු ජර්මනියේ බර්ලින් අගනුවරට කිලෝමීටර් 120ක් පමණ උතුරින් වූ Tollense නිම්නයෙන් සොයා ගැනීමට විද්වතුන් සමත් වෙනවා.
විවිධාකාරයේ යුද උපකරණ, ආභරණ සහ යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සිය දෙනෙකුට වඩා පිරිසකට අයත් අස්ථි කොටස් සහ අශ්වයන්ගේ අස්ථි මෙම ගංගා නිම්නයේ කැණීම් මගින් හමුවනවා. මෙම කැණීම් තවමත් අවසන් කර නොමැති නිසා තවත් මියගිය අයවලුන්ගේ අස්ථී මෙම නිම්නය පුරා සැඟව ඇති බවට විශ්වාස කරනවා. මෙයට අමතරව යුද්ධය සිදු වන අවස්ථාවේදි මියගිය සමහරුන්ගේ සිරුරු ගඟ දිගේ ගසාගෙන ගොස් ඇති බවට උපකල්පනය කර ඇති නිසා මෙම යුද්ධයෙන් මියගිය ගණන නිශ්චිතවම පැවසීමට හැකියාවක් නොමැත. නමුත් 4000කට ආසන්න පිරිසක් මෙම ස්ථානයේ සටන් වැද ඇති බවට සමහරු මත පළ කර තිබෙනවා.
මෙම ස්ථානයෙන් සොයාගත් පුරාකෘති මීට අවුරුදු 3000කට පමණ පෙර නිපද වූ ඒවා බවට කාල නිර්ණය කර ඇති අතර මෙතරම් විශාල පිරිසක් මෙවැනි දරුණු සංග්‍රාමයකට එක් වූයේ ඇයිද යන්න තවම ගැටලුවක් වෙයි. කොටින්ම මෙම ප්‍රාග් ඓතිහාසික යුගයේදි යුරෝපය තුළ මෙවැනි මහා පරිමාණ යුද්ධයක් එවක ජනයා අතර සිදු වුණාය යන්න පවා විද්වතුන් විශ්වාස කරන දෙයක් නම් නොවේ.
කාංචනා මධුවන්ති