• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කාටවත් වේරලියද්ද වෙන්න බෑ

October 3, 2020
in Heart
Reading Time: 1 min read
A A
කාටවත් වේරලියද්ද වෙන්න බෑ
Share on WhatsAppShare on Facebook

සේනානායක වේරලියද්ද අප හඳුනාගන්නේ තමාටම අනන්‍ය වූ දේශීය උරුවක් සහිත ගැඹුරු හඬකින් රසිකයන් අතරට ගිය ප්‍රවීණ ගායන ශිල්පියකු ලෙසටයි. තම සංගීත ගමනේ නව පරිච්ඡේදයක් අරඹමින් ‘වේරලියද්ද ප්‍රමුඛ ෂාප්’ ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කරන්නේ “අපේ උතුම් මාතෘභූමියේ වෙසෙන ජනතාවගේ රසඥතාව ස්පර්ශ කිරීමට හැකි කලා භාවිතාවක නිරත වීම අපේ පැතුමයි” යන නමවු තේමාවෙන්. තම අලුත්ම ගමන ගැන ෂාප් නියමු සේනානායක වේරලියද්ද අප සමඟ අදහස් දැක්වූයේ මෙලෙසින්.
කොහොමද මේ දවස්වල ජීවිතේ?
මේ දවස්වල මට විතරක් නෙමෙයි සංගීත ක්ෂේත්‍රයේ හැමෝටම ටිකක් වැඩ අඩු කාලයක්. රටේ තත්ත්වය දැන් හොඳ අතට හැරීගෙන එන හින්ද දැන්නම් ටික ටික වැඩ එනව. උත්සව, සමාගම්වල වැඩසටහන්වලට මේ දවස්වල වැඩි වශයෙන් සහභාගි වෙමින් තමයි ජීවිතේ ගෙවෙන්නෙ.
‘වේරලියද්ද ප්‍රමුඛ ෂාප්’ ඔබේ සංගීත ගමනේ අලුත් පරච්ඡේදයක්?
ඇත්තටම ඔව්. මගේ සංගීත ගමනේ වෙනස් ගමනක් මේත් සමඟ ඇරඹෙනව. ඇත්තටම වේරලියද්ද විත් ෂාප් සංගීත කණ්ඩායම පටන් ගන්න මූලික හේතුව වුණේ මගේ ගීත වැඩි ප්‍රමාණයක් ජනතාව අතරට ගෙනියන්න තියෙන උවමනාව. මොකද මම ලංකාව වටේම සංගීත සංදර්ශනවලට සහභාගි වුණත් මගේ ගීතවලින් දහයක් විතර තමයි මාරු කර කර ඔය හැම තැනකදිම කියන්න ලැබෙන්නෙ. හැමෝම ඉල්ලන්නෙ එකම ගීත. රූපවාහිනී, රේඩියෝවල ගත්තත් මගේ ඔය ගීත ටිකමයි ප්‍රචාරය වෙන්නෙ. ඉතින් මට උවමනා වුණා මගේ ගීත ඊට වැඩිය වැඩි ප්‍රමාණයක් රසිකයන් අතරට ගෙනියන්න. ඒ හේතුව තමයි සංගීත කණ්ඩායමක් පටන් ගන්න ප්‍රධානතම හේතුව වුණේ.
ගායකයෙක් වුණු ඔබට බෑන්ඞ් එකක නියමුවෙක් විදිහට වැඩ කරන එක අභියෝගයක් වුණේ නැද්ද?
ගායන ශිල්පියකු ලෙස වැඩ කරන්න කලින් මම රාජ්‍ය නැටුම් කණ්ඩායමේ නැටුම් ශිල්පියකු විදිහට වැඩ කළා. ඉතින් ඒ හරහා කණ්ඩායමක් වශයෙන් වැඩ කරන්නෙ කොහොමද කියන එක ගැන මට හොඳ හුරුවක් තියෙනව. කණ්ඩායමක නායකයෙක් වශයෙන් කණ්ඩායම මෙහෙයවගෙන වැඩ කරන එක ලේසි වැඩක් නෙමෙයි. නමුත් මට තියෙන අත්දැකීම් එක්ක මට ඒක එච්චර අමාරු දෙයක් වුණේ නෑ මෙච්චර කාලයක්.
ගායන ශිල්පියකු ලෙස ඔබ තනිවම ගියත් ගමනට බෑන්ඞ් එක බාධාවක් නෙවෙයිද?
මම සාමාන්‍යයෙන් විනයක් ඇතිව වැඩ කරන කෙනෙක්. ඉතින් මට කරගන්න බැරි විදිහෙ වැඩ මම බාරගන්නෙ නෑ. මට කරන්න පුළුවන් සීමාව දැනගෙන තමයි මම වැඩ කරන්නෙ. අනිත් එක තමයි මම මෙතුවක් කාලයක් මම බාරගත්ත කිසිම ප්‍රසංගයකට සහභාගි නොවී ඉඳල නෑ. මම සංගීත කණ්ඩායමත් එක්ක කරන වැඩවලට ප්‍රමුඛත්වය දීල තමයි වෙලාව තියෙනව නම් අනෙක් වැඩවලට සහභාගි වෙන්නෙ.
හතු පිපෙනව වගේ බෑන්ඞ් එද්දී අලුතෙන් බෑන්ඞ් එකක් පටන් අරගෙන පවත්වාගෙන යන එක අභියෝගයක් වුණේ නැද්ද?
ඉතින් බලන්නකො වේරලියද්ද වගේ කොච්චර කට්ටිය පහුගිය කාලෙ ආවද. ඒත් වේරලියද්දට ඒකෙන් මොකක්වත් වුණාද. මම ඉන්න තැන එදාටත් වැඩිය හොඳට ඉන්නව. ඉතින් ඒක තමයි බෑන්ඞ්වලටත් අදාළ කරණය. කොච්චර අලුතෙන් බෑන්ඞ් බිහිවුණත් අපේ ගමනට ඒක බාධාවක් වෙන්නෙ නෑ. අපි ගොඩනඟාගෙන තියෙන නමත් එක්ක ඉන්න තියෙන රසිකයන් පිරසක් හැමදාම අපි වටා ඉන්නව. ඉතින් වෘත්තීමය විදිහට වැඩ කරන බෑන්ඞ් එකක් පවත්වාගෙන යන කෙනෙක් විදිහට වැඩ නැති වෙයි කියන බය කවදාවත් මට ඇතිවෙලා නෑ.
අනුරාධපුරය ඉඳන් සංගීත කණ්ඩායම පවත්වාගෙන යන එක ප්‍රසංගවලට සහභාගි වෙද්දී බාධාවක් නෙවෙයිද?
ඇත්තටම එහෙම දෙයක් නෑ. මොකද මම ජීවත් වෙන්නෙත් කලාවැව. මම මෙච්චර කාලයක් මගේ සංගීත වැඩ කරගෙන ගියෙත් කලාවැව ඉඳල. අද වෙනකොට තාක්ෂණයෙ දියුණුවත් එක්ක අපිට ප්‍රසංගයකට අදාළ සියලුම වැඩ ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. ඉතින් මිනිසුන්ට අපිව, අපේ රහ ඕනෙ නම් ලංකාවේ ඕනෙම තැනක ඉඳල අපිට වැඩ කරන්න පුළුවන්. අනුරාධපුරේ ඉන්න එක අපිට නම් අපේ ගමනට බාධාවක් වෙලා නෑ.
ඔබේ පුතත් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්?
මම කිසිම දේකට මගේ දරුවන් ගන්න තීරණවලට බලපෑමක් කරන්න ගිහිල්ල නෑ. ඔවුන් ස්වාධීනව හිතල තමයි තීරණ අරන් තියෙන්නෙ. මටත් හැමදාම මේ විදිහට හැමදාම වැඩ කරන්න බෑ. අපිත් වයසට යනව. ඉතින් මේ ගමන ඉදිරියට ගෙනියන්න පුතෙක් සම්බන්ධ වීම මට ලොකු ශක්තියක්. ඔහු මේ වෙනකොට සංගීත කණ්ඩායමේ වාද්‍ය ශිල්පියකු විදිහට වැඩ කරනව.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

අලි කොටි මදිවට ගම් වදින නරි ත්‍රස්තවාදය

Next Post

අවු: 3000කට කලින් 4000ක් සටන් වැදුණු මොකක්ද මේ මහා යුද්ධය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.