• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අලි කොටි මදිවට ගම් වදින නරි ත්‍රස්තවාදය

October 3, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
අලි කොටි මදිවට ගම් වදින නරි ත්‍රස්තවාදය
Share on WhatsAppShare on Facebook

මේ ලියන මොහොත වෙනවිට අපේ රටේ ජනප්‍රිය කතා කීපයකි. එකක් විස්සය. එහෙම නැත්නම් මෙවර විසිවෙනි පාර්ලිමේන්තු සංශෝධනයයි. අනෙක් එක සිංහරාජයෙන් ඇරඹී අද වෙනවිට රට වටා යන කැලෑ කැපිල්ලයි. එතැනින් ගිය පසු ඇහෙන්නේ පෙනෙන්නේ රටේ තැනින් තැන වෙන මහා ස්වාභාවික ආපදාය. මුළු රටේම වැස්සය. මුහුදු හුළං වෙනදාට වඩා සැරය. නුවර රටක්ම හඬවමින් ඉහළට එසවුණු සුදු කොඩියි. මෙය අද රටේ වත්මන් තත්ත්වයයි. ඒවා ඇස් කන් ඇති ඕනෑම මිනිසෙකුට පෙනෙන ඇසෙන දේවල්ය. එහෙත් අපේ අද කතාව අප මෙම ඉහළින් කී සිදුවීම් එකකටවත් සම්බන්ධ නැත. එසේ සම්බන්ධ නොවුණද අපේ අද කතාව එතැනටම සම්බන්ධ කළ යුතුය. ඊට හේතුව අප මෙම කියන්නට යන්නේද අපේ රටේම තවත් එක් තැනෙක වෙන කතාවකි. මෙය කියවා හෝ ඊට අදාළ බලධාරීන්ගේ ඇස් කන් ඇරුණහොත් අපට ඊට වඩා දෙයක් නැත. අප මෙයින් බලාපොරොත්තු වෙන්නේද ඒ ටිකය. ඉතින් මේ දිග ඇරෙන්නේ අපේම රටේ අපේම මිනිසුන්ගේ ඒ අසුන්දර කතාවය.

අපේ රටේ ජනප්‍රියම ගැටුම අලි මිනිස් ගැටුමය. ඒ හරහා වසරකට අහිමි වෙන අලි මිනිස් ජීවිත ගණන විශාලය. එය කුඩා රටක් වෙන අපේ මේ රටට ඉහිලිය නොහැකිය. කෙසේ හෝ තවමත් අපේ රටේ අලි මිනිස් ගැටුමට තිත තබා නැත. එසේ අලි මිනිස් ගැටුමට තිත තබා නොමැති මොහොතක පසුගියදා අපට ඇසුණේ අලුත්ම ගැටුමක් ගැනය. ඒ නරි මිනිස් ගැටුමය. එය කියවන ඔබට අලුත් මාතෘකාවක් වුවද නරි මිනිස් ගැටුමට මුහුණ පා ඇති මිනිසුන්ට නම් එය සෑහෙන මට්ටමින් දරුණුය. සැබවින්ම මෙම නරි මිනිස් ගැටුම ගැන අලුත්ම අලුත් පුවත වාර්තා වෙන්නේ හොරණ මුවපට්ටිය ගමෙනි. අද එය අයත් වන්නේ බස්නාහිර පළාතට අයත් කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය නම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුවර උතුර 638 බී නමින් හඳුන්වන ග්‍රාම නිලධාරී වසමටය. අප පසුගිය දිනෙක සොයාගත් තොරතුරු නිවැරදි නම් එම ගමේ ආසන්න වශයෙන් තුන්දහසකට ආසන්න ජනතාවක් ජීවත් වෙති. රබර් කුරුඳු මෙන්ම කටුපොල් වගාවන්ද දැකිය හැකි එම ගමෙහි මිනිසුන් දැන් මාස කීපයකට පෙර සිටම ජීවත්වන්නේ පණ බයෙනි. ඒ අයාලේ යන නරින්ටය. ඒ නැත්නම් හිවලුන්ටය.

හොරණ සිට නෑබඩ පාරේ ඈගලහේන හන්දියට පැමිණ එතැනින් දකුණට හැරී රයිගම පාරේ මඳ දුරක් ගොස් නිව්චැටල් වත්ත පාරේ රබර් වත්ත මැදින් තව ටික දුරක් ගිය පසු මෙම නරි මිනිස් ගැටුම පවතින මුවපට්ටිය ගම්මානය වෙත පැමිණිය හැකිය. නමුත් වෙනදා තිබූ සුන්දර බව දැන් එහි නැත. නිදහස දැන් එහි නැත. මිනිසුන්ගේ සතුට එහි නැත. මේ හැමදේටම මුල නරින්ය. අද මුවපට්ටිය ගමේ මිනිසුන් තමන්ගේ ජීවනෝපාය වෙත යන්නේ පොලු, මුගුරු අතැතිවය. ඒ වගේම වෙනදා සතුටින් නිදහසේ තනිවම පාසල් ගිය කුඩා දරුවන් අද පාසල් යන්නේ පොලු මුගුරු අතැති වැඩිහිටියන් කැටුවය. ළඟ කඬේට පමණක් නොව ළිං පහක් ඇති ගමේ මිනිසුන් නාන්න යන්නේද එසේමය. එහෙත් නරින් නිසා පණ බයේ ජීවනෝපායට නොයන කඩයට නොයන නාන්න නොයන මිනිසුන් මුවපට්ටිය ගමේ ඇත. එසේම වෙනදා මෙන් පාසල වෙත නොයන දරුවන්ද එහි ඕනෑ තරම්ය. ඊට එකම හේතුව මුලින් කී නරින්ය. වෙනදා මිනිසුන් දුටු විට හෙමින්ම කැලයට මාරු වූ නරින් අද මිනිසුන් දුටු විට පන්නාගෙන ඇවිත් සපාකයි. මෙහි භයානක තත්ත්වය එයයි.

වෙනදා මිනිසුන්ගෙන් පිරී ගිය මුවපට්ටිය ගමේ පාරවල් අද දවල්ටද පාළුවට ගොස්ය. එසේ ගියත් ඒ පොලු මුගුරු අතේ දරාගෙනය. කිරි කපන කාන්තාවන් පවා ගහකින් ගහකට යන්නේද කිරි පිහියට අමතරව පොල්ලක් මුගුරක් අත ඇතුවය. සැබෑවටම මුවපට්ටිය ගමේ වත්මන් තත්ත්වය එසේය. ඔබ නොදන්නවාට ගිය මාසය තුළ මේ මුවපට්ටිය ගමේ මිනිස් ජීවිත දෙකක් නරින්ට ගොදුරු විය. එයින් ආසන්නතම මෙන්ම මාධ්‍ය හරහා වාර්තා කළ සිදුවීම වූයේ පුංචිම පුංචි දැරියක නරියෙකු විසින් සපා කා මියගිය සිදුවීමයි. පසුගියදා ඒ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූයේ නිව්චැටල් දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සමන් විජය කුමාර් කවිනි නෙත්සරා දියණියයි. පාසල තුළ චිත්‍ර ඇඳීමේ පුංචි සිත්තරියක වූ ඇය නරියෙකුට ගොදුරුව රෝහල් ගතකර තිබේ. නමුත් මරණය ඇය සොයාගන පැමිණ ඇයව මේ ලෝකයෙන් ගෙනගොස් ඇත. ඇගේ මව පියා තවමත් සිටින්නේ හැඬූ කඳුළිනි. ඒ යළිත් තම සිඟිති දියණිය තම ඇස් අද්දරට පැමිණ තමාගේ දෙස බලමින් වෙනදා මෙන් සිනා නොවෙන නිසාය. එම මව පසුගියදා හැඬූ කඳුළින් මාධ්‍ය වෙත පැවසූයේ මෙවන් කතාවකි.

“මගේ ළමයට උනු දේ වුණා. මගේ ළමයා ආයේ එන්නේ නෑ. මෙහෙම එකක් ආයෙත් කිසිම ළමයෙකුට වෙන්න එපා. දැන් මං ඉල්ලන්නේ මේ නරි එන එක නවත්තලා දෙන්න. නරි කන එක නවත්තලා දෙන්න.”

අප දන්නා පරිදි නරියන් මිනිසුන් සපාකන්නේ පිස්සු හැදුණු විටය. එවිට මිනිසුන් පමණක් නොව සතුන් පවා පන්නාගෙන පැමිණ සැපීමට නරියන් පෙලඹෙයි. විශේෂයෙන්ම නිවෙසේ සිටින බල්ලන් බළලුන් පමණක් නොව ගවයින් පවා සැපීමට පිස්සු හැදුණු නරියන් උත්සාහ කරයි. මුවපට්ටිය ගම තුළද එවන් සිදුවීම් කීපයක්ම පසුගිය දින කිහිපයේම වාර්තා වී තිබේ. ඒ නරින් බල්ලන් සහ ගවයින් සපා කෑ පුවතකි. ඒ නිසාම දැනටත් මුවපට්ටිය ගමේ ජීවත්වෙන මිනිසුන් පමණක් නොව ඔවුන්ගේ නිවෙසේ සිටින බල්ලන් බළලුන් ගවයන් වැනි සතුන්ද සිටින්නේ ඉතාමත් අනාරක්ෂිත තත්ත්වයේය. සතුන්ට පිස්සු හැදීම සාමාන්‍ය තත්ත්වයකි. බල්ලෙකුට පිස්සු හැදුණු විට එම බල්ලාගේ මුඛය දෙපසින් කෙළ පෙරෙයි. එසේ නමුත් නරියාගේ එසේ නැත. නරින්ට පිස්සු හැදුණු විට අපට සොයාගත නොහැකිය. කෙළින්ම කිව්වොත් නරියන්ට පිස්සු හැදුණු විට වෙන්නේ ඔවුන් බොහෝ ප්‍රචණ්ඩව හැසිරෙන එකය. අනතුරුව මිනිසුන් හා සතුන් ඔවුන් සපන්නට එන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. අද මුවපට්ටිය ගමට වී ඇත්තේ අන්න ඒකය.

මේ ලියන දිනය වෙනවිට කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය මෙන්ම ඊට ආසන්න ප්‍රදේශවල වනයෙහි ජලභීතිකාව වැලඳී ඇති නරි රංචු ගැවසෙන බැවින් එම ප්‍රදේශවල දරුවන් තනි තනිව පාසල් යැවීමෙන් වළකින්නැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා එම ප්‍රදේශවල වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. එසේම එම ප්‍රදේශ ආශ්‍රිතව නරි ගහනය ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බවත් සාමාන්‍ය නිරෝගී නරියෙකු මිනිසෙකු දුටුවිට පලායන නමුත් රෝගී නරියෙකු මිනිසුන් දුටුවිට ඔවුන් පසුපස එළවා එන බවත් ඒ මහතා පවසා සිටියි. මේ තත්ත්වය පාලනයට තව මාස දෙකක් පමණ ගතවෙන බවත් එම කාලසීමාවේ ආරක්ෂාකාරීව සිටින ලෙසත් ඔහු ගම්වාසීන්ගෙන් ඉල්ලා සිටියි. ඔහු ඒ බව ප්‍රකාශ කළේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ ඔවුන්ගේ එකම අරමුණ මෙහදී ජනතාව අතරට මෙම රෝගය පැතිරයාම වැළැක්වීම බවයි. මේ අතර පසුගිය දින කිහිපය තුළදී නරියෙකු සපාකෑම නිසා පස් කමින් වියරු වැටී සිටි මිල්ලනියේ මී ගවදෙනද මියගොස් තිබේ. එම මී ගවදෙන අයිති ගාමිණී ද සිල්වා මහතා පසුගියදා පවසා සිටියේ එම සත්වයා මියගිය බවත් මී ගවදෙනගේ හිස පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන යෑමට අදාළ අංශ කටයුතු කර ඇති බවත්ය.

මේ ආකාරයට නරි උවදුර පැතිර යන මුවපට්ටිය ගමේ තත්ත්වය හොරණටත් පැතිර යෑමේ අවදානමක් පවතින පුවතක් මීට දින කීපයකට ඉහතදී වාර්තා වී තිබේ. එනම් මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ හොරණ ඉළිඹ ගම්මානයේ සිටි සුනඛයින් කිහිපදෙනෙකු නරින් විසින් සපා කෑ පුවතයි. තවද හොරණ ඕවිටිගල ප්‍රදේශයේදී මියගිය නරියකුගේ සිරුරක්ද හමුවී තිබේ. එම නිසාවෙන් එම ප්‍රදේශවල ජනතාවට වඩාත් අවධානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පවසා සිටියි. කෙසේ හෝ ඔවුන් මේ වෙන විටත් නරි උවදුර ඇති ප්‍රදේශයේ සුනඛයින් සියදෙනෙකුට පමණ ජලභීතිකා එන්නත් ලබාදීමට කටයුතු කර ඇති අතර ගවයින්ටද පශූ වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා එන්නත් ලබාදීමට කටයුතු කරන බව පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සත්ව විද්‍යාඥ නිලන්ත අබේසිංහ මහතා පවසන්නේ නරියන් යනු මිනිසුන් ඉදිරියේ බියගුලු සත්වයෙකු බවත් තම වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් ඇති තර්ජනයකදී සාමූහිකව මිනිසාට එරෙහිව සටන් වැදෙන බවත්ය. තනි නරියා මිනිසාට බිය වුවද නරින් රංචුවකට තනි මිනිසෙක් කොටු වූ විට මිනිසා වටකර ගැනීමට උත්සාහ දරන බවත් ඒ මහතා පවසා සිටියි. මේ තත්ත්වය ජලභීතිකාව වැලඳී ඇති නරි රංචුවල දරුණුය.

මෙම භයානක තත්ත්වය පිළිබඳව ජලභීතිකාව පැතිරීම වැළැක්වීමේ රාජ්‍ය නිලධාරි කමිටුවේ සිටින සාමාජිකා මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පවසන්නේ එම ප්‍රදේශය ආශ්‍රිතව සැක සහිතව මියගිය නරින්ගේ හිස් කොටස් බොරැල්ල වෛද්‍ය පර්යේෂණාගාරය වෙත යොමුකළ බවයි. එහිදී එම නරින්ට ජලභීතිකාව නම් රෝගය වැලඳී ඇති බව තහවුරු වී තිබේ. එම නිසාවෙන් දැන් තත්ත්වය ඉතා භයානකය. යම්කිසි ආකාරයකට මෙම නරියෙකු විසින් මිනිසෙකුගේ සපාකෑවොත් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවීමට නිසැකවම එම රෝගියාට සිදුවෙයි. එම නිසා ඔවුන් ඕනෑවටත් වඩා පරිස්සම් විය යුතුය. එසේම තම දරුවන්ද පරිස්සම් කරගත යුතුය. මේ අතර තව දුරටත් මුවපට්ටිය ගමේ නරි රජ කරන්නට ආවොත් මෙම කතාව කොහෙන් කොහොම අවසන්වේදැයි කිව නොහැකිය. එම නිසා අපගේ අදහස නම් අදාළ බලධාරීන් විසින් මෙම නරි රංචුව වහාම විධිමත් ක්‍රමවේදයක් උඩ අල්ලාගෙන මිනිසුන්ට හානියක් නොවන ස්ථානයකට ගෙන ගොස් දැමිය යුතු බවයි. මොකද මුවපට්ටිය ගමේ ඒ මිනිසුන් යළිත් නිදහසේ සිනාසිය යුතුය.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

දකුණු ආසියාවේ ප්‍රථම ඩිජිටල් ලොතරැයිය DLB Sweep App හරහා

Next Post

කාටවත් වේරලියද්ද වෙන්න බෑ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.