• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අනුරාධපුර රාජධානියට මොකද වුණේ?

March 15, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
අනුරාධපුර රාජධානියට මොකද වුණේ?
Share on WhatsAppShare on Facebook

ක්‍රිස්තු වර්ෂ 10 හා 11 වැනි ශතවර්ෂවල අනුරාධපුර රාජධානිය දුර්වල වෙමිනුත් පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියා වැඩි වෙමිනුත් පැවතියේය. අවුරුදු 1300ක් පමණ ඉතා දියුණු තත්ත්වයක පැවති අනුරාධපුර රාජධානිය ක්‍රමයෙන් පරසතුරු උවදුරු නිසා දෙදරුම් කෑවේය. වැව් අමුණු හා ගොඩබිම් විනාශ වෙමින් ඝන වනාන්තර මතු වීම නිසා ද මේ සමඟම තවත් තැනක රාජධානියක් ඉදිවීම ආරම්භ වූයෙන්ද නගර ග්‍රාමයන් අනුරාධපුරයෙන් ඈත් වූයේය. අනුරාධපුරය විශේෂයෙන්ම දකුණු ඉන්දීය ආක්‍රමණයට යටත් වූයෙන් රාජධානිය ඊසාන දෙස මහවැලි ගඟ දිසාවට විහිදෙන්නට පටන් ගත්තේය.

ක්‍රිස්තු වර්ෂ 907 සිට 1070 දක්වා කාලය තුළ ලක්දිව පැවති සොළී ආක්‍රමණ නිසා සිංහල රජදහන අඳුරු යුගයකට පැමිණියේය. පුලස්ත්‍ය පුර නම් ප්‍රාකෘත වචනය සිංහලට පෙරළෙමින් පොළොන්නරු පුර යන්න ව්‍යවහාරයට පත්වූයේය. පුලස්ත්‍ය ඍෂිවරයකු වාසය කළ නිසා මෙසේ ව්‍යවහාර වූ බව සමහරෙක් පවසති. පුලස්ත්‍ය බ්‍රාහ්මණයාගේ පුත් පුලස්ත්‍ය ඍෂිවරයා විෂ්ණු පුරාණය හා තවත් ග්‍රන්ථ රැසක් මිනිසුන්ට දුන් බවද ප්‍රකට කතාවකි. මෙයට කඳවුරු පුර යැයිද භාවිත විණි. සිංහලයන් විශාල කඳවුරක් මෙහි ඉදිකළ නිසා කඳවුරු පුර යයි භාවිත කර ඇත. රාජ රාජ පොළොන්නරුව අල්ලා ගැනීමෙන් පසු ජනනාථ මණ්ඩල යැයි නම් කළේය. තවද මුම්මඩිචෝල මණ්ඩලම් කියාද නම් විය. පසුකලෙක විජයබාහු රජතුමා විජයරාජ පුර යයි නම් කළේය. වේළයික්කාරයන්ගේ ලිපියක පුලනිරියාන විජයරාජපුර කියා භාවිත කර ඇත. පොළොශබ්දය කර්ණාට භාෂාවෙන් කුඹුරු යන තේරුම ගෙන දෙන සිතා කුඹුරුවලින් ගහන වූ එම ප්‍රදේශය පොළොන්නරුව වශයෙන්ද පොළො යනු කඳවුරට පවසන නිසා කඳවුරුපුර වූ එයට පොළොන්නරුව කියා භාවිත කළ බවද සමහරු පවසති.

පණ්ඩුකාභය කුමාරයාගෙන් ඇරඹුණු අනුරාධපුරය පාලන මධ්‍යස්ථානය වශයෙන් පවත්වා ගෙන යෑම නිසාම උදාවුණු අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලන සමය ගැන තරමක අවබෝධයක් මෙහිදී ලබාගත යුතුය. උත්තර භාරතයේ ධර්මාශෝක අධිරාජයාගේ අවසානයෙන් පසු අශෝක අධිරාජයාගේ පාලන බලය පිරිහී ගියෙන් දකුණු ඉන්දියාවේ චෝල පාණ්ඩ්‍ය ආදී රාජ්‍යයන් නැවත හිස එසවීමට පටන් ගත්තේය. මොවුන් මෙසේ නිදහස් වී අසල්වාසී දේශයන්ගේ බලය තහවුරු කර ගැනීමට උනන්දු වූයේය. මේ අවස්ථාවේ ලංකාවේ පාලනයට ද එල්ල වූ තර්ජන බොහෝය.
සිංහල ජාතිය බුද්ධ ශාසනය හා ලක්දිව විදේශිකයන්ගෙන් බේරා එක්සේසත් කිරීමේ පරම චේතනාවෙන් සටන් කර ජයගත් අද්විතීය වීරවරයකු වන දුටුගැමුණු මහරජතුමාගේ කාලයේද එයට පසුවද වරින් වර දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා ලක්දිව අපවිත්‍ර වූවා පමණක් නොව භයානක තර්ජනවලට ද මුහුණ දුන්නේය. දකුණු ඉන්දියාවේ තන්ජෝර් ප්‍රදේශයේ චෝල දේශයෙන් පැමිණි එළාර නම් ද්‍රවිඩ රජු අසේල රජු මරා හෙළ රජදහන අත්කර ගත්තේය. එහෙත් දුටුගැමුණු කුමරු අතින් විනාශ මුඛයට පත් වූ එළාර හා ද්‍රවිඩ බලය නැවත වරක් ක්‍රිස්තු පූර්ව පළමුවන ශතවර්ෂයේදී වළගම්බා නම් වූ සද්ධාතිස්ස රජුගේ සිව්වැනි පුතුගේ කාලයේදී පැමිණියේය. මෙකී ද්‍රවිඩයන් වළගම්බා රජු බලයෙන් පහකර දමා අනුරාධපුර බලය අල්ලා ගත් අතර වළගම්බා රජු යළිත් සේනා සංවිධානය කොට මොවුන්ගේ අවසන් පාලකයා මරා දමා නැවත රාජ්‍ය බලය ගත්තේය.

පණ්ඩුකාභය රජු කරවූ නිඝණ්ඨාරාමය කඩා බිඳ දැමූ වළගම්බා රජු එතැන අභයගිරි විහාරය කරවූයේය. දැන් අනුරාධපුරයේ ව්‍යවහාර කරන අභයගිරි මහා දාගැබ මෙය නොවන එම දාගැබ දැන් ජේතවනාරාමය බවත් සමහරෙක් පවසති. ක්‍රිස්තු වර්ෂ 113දී පමණ රජ පැමිණි ගජබා රජු විසින් සිය පියාගේ කාලයේ චෝල රජු ගෙනගිය දොළොස් දහසක් සිංහල සෙනඟක් හා වන්දි සඳහා තවත් දොළොස් දහසක් චෝල සෙනඟක් ගෙන ලක්දිවට පැමිණි බව ද සඳහන් වන්නේය. තවද ඔවුන් ගෙන ගිය පත්තිනි දෙවියන්ගේ රුවත් සළඹත් සිව් දේවාලයේ දෙවියන්ගේ ආයුධත් වළගම්බාවන්ගේ කාලයේ ගෙන ගිය පාත්‍ර ධාතූන් වහන්සේත් ලංකාවට නැවත ගෙනාවේය.
මහසෙන් රජුගේ පුත් කිත්සිරිමෙවන් රජුගේ කාලයේ දී කළිඟු රටින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට ගෙනා බව සඳහන් වන්නේය. මහානාම රජුගෙන් පසු පඬි රටෙන් පැමිණි සතුරන් අනුරාධපුරයේ විසිහත් අවුරුද්දක් රජ කළේය. මේ අවධියේ සිංහල නායකයන් රුහුණු රටට පලාගිය බව වංසකතා කියයි. සංඝතිස්ස කුමාරයාගෙන් ආරම්භවුණු ලම්භකර්ණ වංශික රාජ පරපුර මහානාම රජුගෙන් අවසන් වූයෙන් පසුව සිංහල රජකමට මෞර්ය වංශික ධාතුසේන රජ වූයේය. ධාතුසේන රජු කාලයේ නැවත දමිළයන් පලවා හැරියේය. මානවම්ම රජ පරපුර නෙරපා දමා දෙවැනි දාඨෝපතිස්ස රජු රජ වූයේය. මානවම්ම රජු දකුණු ඉන්දියාවට පැනගොස් පළමුවැනි නරසිංහ වර්මන් පල්ලව රජු හා එකතු වී කලක් සිට දාඨෝපතිස්ස රජු සමඟ සටන් කිරීමට එරටින් හමුදාවක් රැගෙන ලක්දිවට පැමිණියේය. පළමුවන සේන රජුගේ කාලයේදීද පාණ්ඩ්‍ය දේශිකයන් ලක්දිව ආක්‍රමණය කර ඇත. මොහුනට මෙරට ද්‍රවිඩයන්ද ආධාර කළ බව සඳහන් වන අතර ඔවුනට පහසුවෙන්ම අනුරාධපුරය යටත් කිරීමට හැකිවූයේය. පළමුවැනි සේන රජුන් පාණ්ඩ්‍ය දේශිකයන් සමඟ සමාදාන වුවද අනුරාධපුරය අතහැර පොළොන්නරුවට පලාගිය බව පෙනේ.

පළමුවැනි සේනගේ බැණනු දෙවැනි සේන පසුව රජ වී නව වසක් ඉක්ම ගිය කල සිය සෙනවි පාණ්ඩ්‍ය රටට යැවූයෙන් හේ මධුරාපුරය පැහැර ගත්තේය. එහිදී පඬි රජු මියගියේය. මේ අවධියේ ලක්දිව වෛතුල්‍යවාදය තදින්ම පැතිරී තිබුණෙන් ඔවුන් මර්දනය කිරීමට රජතුමා ඉමහත් වෙහෙසක් ගත්තේය. ක්‍රිස්තු වර්ෂ 929දී පමණ රජ පැමිණි පස්වැනි කාශ්‍යපගේ කාලයේදී දකුණු ඉන්දියාවේ රාජසිංහ පඬි රජු චෝල රටට විරුද්ධව සටන් කර පැරදී කාශ්‍යප රජුගෙන් යුද්ධ ආධාර ඉල්ලා එවීය. කාශ්‍යප රජු ද ඔහුට ආධාරයට යුද හමුදාවක් පිටත් කර යැවීය. ගමනේ අතරමඟදී පඬිරජු යුද්ධයෙන් මියගිය බව දැනගත්තෙන් සිංහල හමුදාව ආපසු පැමිණියේය. පස්වැනි කාශ්‍යපට පසු හතර වැනි දප්පුල හා පස්වැනි දප්පුලද රජ කළේය. මේ අවධියේ ලක්දිව ප්‍රාදේශීය පාලකයන් අතර නොයෙකුත් අවුල් වියවුල් පැමිනුණි. මෙසේ රට තුළ අවුල් තත්ත්වයක් පැවතෙද්දී සොළීන්ගෙන් පැරදුණු පඬි රජු ලක්දිවට පැමිණියේය. එහෙත් වැඩි කලක් මෙහි නොනැවතී ඔහු ගෙනා ඔටුන්න හා රාජකකුධ භාණ්ඩ ද සිංහල රජුන් වෙත තබා මලබාරයට ගියේය.

තුන්වැනි උදය රජු මත් පානයෙහි ලොල් වූවෙකි. රාජ්‍ය පාලනයෙහි අලසයෙක් වූයේය. මේ අවධියේ පරාන්තක රජු පස්වැනි දප්පුල රජුන්ගේ දවස ලක්දිවට ගෙනා පඬි රජුගේ කකුධ භාණ්ඩ ඉල්ලා දූතයන් එවීය. එයට නිසි පිළිතුරු නොලැබුණෙන් පරාන්තක රජු ලක්දිව ආක්‍රමණය කළේය. මේ අවස්ථාවේ උදය රජු ඒ රාජ භාණ්ඩ රැගෙන රුහුණු දේශයට පලා ගියේය. සොළීන්ට රුහුණු රටට යාගත නොහැකිව ආපසු ගියෙන් උදය රජු ද ආපසු පැමිණි සොළී රජුගේ රාජධානියේ ප්‍රත්‍යන්ත පෙදෙස්වලට පහර ගැසීය. ක්‍රිස්තු වර්ෂ 942-43 කාලයේදී පමණ තෙවැනි ක්‍රිෂ්ණ නම් රාස්ටකූට රජු පරාන්ත පරාජය කිරීමද උදය රජුට වාසියක් වූයේය.

සතරවැනි මිහිඳු රජුගේ කාලයේදී සොළීන් නැවත ලක්දිව ආක්‍රමණය කළේය. මොහු දෙවැනි පරන්තක විය හැකිය. සතර වැනි මිහිඳු රජු ද සුරා සොඬෙකු වූවේය. පස්වැනි මිහිඳු රජුගේ කාලයේ දී අනුරාධපුරයේ විදේශිකයන්ගේ හිරිහැර ගහන වූයේය. මොහුගේ දොළොස්වැනි රාජ්‍ය කාලයේ අයබදු අයකර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූයේය. වැටුප් ගෙවා නවත්වා ගෙන සිටි වේලයික්කාර හමුදාවට වැටුප් දීමටද නොහැකි වූයෙන් එම හමුදා භටයෝ පස්වැනි මිහිඳු රජුට විරුද්ධව කැරලි ගැසූහ.

මේ අවස්ථාවේදී රජු රුහුණට පලා ගියෙන් හමුදාවට රට පාලනය බාර වූයේය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ සොළීන් ක්‍රිස්තු වර්ෂ 1001-1005 කාලයේදී රාජ රාජ නම් සොළී රජු ලක්දිව බොහෝ පෙදෙස් අල්ලා ගත්තේය. ක්‍රිස්තු වර්ෂ 1007 දී පස්වැනි මිහිඳු රජු හා ඔටුන්න ද පඬි රජුගේ රාජ භාණ්ඩද අල්ලා ගත්තේය.

පස්වැනි මිහිඳු රජු ජීවග්‍රහයෙන් අල්ලා ගෙන සිරකර තබා සිටි දොළොස් අවුරුද්දේ දී චෝල දේශයේදී මිය ගියේය. දොළොස් හැවිරිදි කසුබ් කුමරු ගැන ඇසූ සොළියා ඔහු අල්ලා ගැනීමට සේනාව යෙදීය. මොවුන් මුළු රෝහණ දනව්වම කැලඹීය. මේ අවස්ථාවේ කිත්ති හා මරාගල සිටි බුද්ධි ඇමතිවරුන් දෙදෙනා පිරිස් සමඟ සොළීන් හා සටන් කර ඔවුන් පලවා හැරියේය.

පසුව රාජ්‍ය පාලනය සඳහා කැරලි කෝලහල තදින්ම පැවති යුගයක ආරම්භ වූයේය. රුහුණේ වික්‍රමබාහු කිත්ති මහාලාන කිත්ති වික්‍රමපාණ්ඩ්‍ය ජගතිපාල පරාක්‍රම ලෝකිස්සර යන රජවරුන් ක්‍රිස්තු වර්ෂ 1037 සිට 1059 දක්වා රුහුණේ පාලනය කළහ. මේ කාලයේ රාජ්‍ය පාලනයේ නොයෙකුත් ආරවුල් ඇති වීම නිසා පාලන තන්ත්‍රය දුබල වූයේය. වික්‍රමබාහු රජකුමරුට සිංහලයන් කැමැති වූයෙන් ඔහු දෙමළුන් නසන්නට නොයෙකුත් වස්තු රැස්කොට ආයුධ හා සේනා රැස් කරමින් සිටින අවස්ථාවේ රජු වාත රෝගයකින් මියගියෙන් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වී ගියේය. ඔහුට පසුව කිත්ති නම් සෙනෙවියකු අටදිනක් රජකම් කළේය. මහාලාන කීර්ති නමැත්තෙක් ඔහු මරා අභිෂේකයට පත් වූයෙන් රුහුණේ පාලනය ගෙන ගියේය. තුන් අවුරුද්දක් පාලනය ගෙන ගිය ඔහු සොළීන්ට පැරදී සියදිවි නසා ගත්තේය. වික්‍රමපාණ්ඩ්‍ය රජු රුහුණට පැමිණ කළුතොට වසරක් රජ කළේය. රාමගෝත්‍රික ජගතිපාල රජු අයෝධ්‍ය පුරයෙන් පැමිණ යුද්ධ කර වික්‍රමපාණ්ඩ්‍ය රජු පරදවා සිවු අවුරුද්දක් රජ කළේය.

සොළීහු ජගතිපාලයන්ද පරදවා බිසවත් දියණියත් ධනයත් සොළී රටට යැවූහ. පඬි රජු පුත් පැරකුම් රජු වසර දෙකක් රජ කරද්දී සොළීන් සමඟ කළ යුද්ධයේදී ඔහුත් මරණයට පත්විය. ලෝකේශ්වර නම් සෙනෙවි රෝහණයේ මේ කාලයේදී රාජ්‍ය භාරගෙන කතරගම වාසය කළේය. මේ අනුව බලන කල සිංහල රාජධානිය වරින් වර දකුණු ඉන්දියාවෙන් පැමිණි හිරිහැර නිසා නිදහස් පාලනය දිගු කලක් ගෙන යෑම දුෂ්කර වූයේය. මේ ආක්‍රමණ නිසා දේශපාලනමය අතින් මෙන්ම ආර්ථික අතින්ද නොයෙකුත් හිරිහැර පැමිනුණේය.

භූගෝලීය පිහිටීම අනුම රජදහනක් ඉදිකිරීමට අනුරාධපුරය සුදුසු ස්ථානයක් නොවන බව පෙනේ. විශේෂයෙන්ම දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ට පහසුවෙන් පැමිණීමට නොහැකිවන ලෙස ස්වාභාවික ආරක්ෂකයන් තිබිය යුතුය. පවුරක් දිය අගලක් වැනි කෘත්‍රිම විදියකින් ආරක්ෂාව ලබා ගැනීම එතරම් ශක්තිමත් නැත. අනුරාධපුර රාජධානිය පරසතුරු උවදුරුවලට යටවී පරිහානියට පත් වීමට තුඩුදුන් හේතූන්ගෙන් මෙය වැදගත්ම හේතුවක් වූවා විය හැක.
දහවැනි හා එකොළොස් වැනි ශත වර්ෂයන් තුළ ප්‍රධාන වශයෙන් අවස්ථා කිහිපයකදී සොළී ආක්‍රමණ ඇති වූ බව ඉහත දී දක්වා ඇත. සිවුවැනි උදය රජුන්ගේ කාලයේ දී පළමුවන පරන්තක නම් චෝල රජු ලක්දිව ආක්‍රමණය කළේය. පස්වැනි මිහිඳු රජුන්ගේ කාලයේ දී පැමිණි රාජරාජ නම් සොළී පාලකයා අනුරාධපුරය සම්පූර්ණයෙන්ම විනාශ කළේය. පළමුවැනි රාජේන්ද්‍ර රෝහණ දේශයෙන් ආක්‍රමණය කළේය. මේ චෝල පාලකයන්ට ලක්දිව ආක්‍රමණය කිරීමට පහසු වූයේ සියමව් බිමේ පාණ්ඩ්‍ය කේරළ හා පල්ලව පාලකයන් ද යටපත් කර සිටීමය. බලකාමයෙන් ඔදවැඩි මේ පාලකයන්ට ලක්දිව ද ආක්‍රමණකාරී ස්ථානයක් විය.

ලක්දිව පාලනය කළ දෙවැනි සේන, පස්වැනි කාශ්‍යප, සිවුවැනි උදය යන රජවරුන්ගේ කාලයේදී දකුණු ඉන්දියාවේ සොළීන් පාණ්ඩ්‍යයන් සමඟ සටන් කරද්දී සිංහල රජවරුන් පාණ්ඩ්‍ය රජවරුන් හා මිත්‍රව සිට ඇත. විශේෂයෙන් කාශ්‍යප රජු පඬි රජු වෙතට යුද හමුදාවක් යැවීම හා සොළීන්ගෙන් පරාජය වූ රාජසිංහ රජුට ලංකාවේ ආරක්ෂාව දීමත් නිසා සොළීන් ලක්දිවට විරුද්ධ වූවාට කිසිදු සැකයක් නැත. තවද පඬිරජු ගෙනා මෞලි භාණ්ඩ හා කකුධ භාණ්ඩ ලක්දිව තබා ගැනීමත් සොළීන්ට විරුද්ධකම් කිරීමක් විය හැකිය. මෙවැනි පක්ෂග්‍රාහී ප්‍රතිපත්ති නිසා ලක්දිව සමඟ සොළීන් තුළ තිබුණු විරුද්ධවාදීකම් උග්‍ර වූයේය.

පස්වැනි කාශ්‍යප රජුන්ගෙන් පසු චෝලයන්ට විරුද්ධව සිංහල යුද්ධ ආධාර පැතූ අවස්ථාවේදී ලංකාවේ රජු යැවූ අතර පාණ්ඩ්‍ය හා සිංහල යුද හමුදා වෙල්ලුර් සටනේදී පරාජයට පත් වූ බව පළමුවැනි පරන්තකගේ උදයන්දිරම් සෙල්ලිපියේ සඳහන් වේ. දෙවැනි රාජසිංහ ලංකාවට පැමිණි විට සිංහල රාජ සභාව එයට විරුද්ධ වූයේය. මේ නිසා තමා ගෙනා මෞලි භාණ්ඩ මෙහි තබා ලක්දිවෙන් පිටත් වූයේය. සොළීන් පාණ්ඩ්‍ය දේශය අත්පත් කර ගත්තද නීත්‍යනුකූලව අයිතිය කියා සිටීමට අවශ්‍ය පාණ්ඩ්‍ය මෞලි භාෂ්ණ එහි නොවූයෙන් පරන්තර හා පසු රජවරුන් එය ලබා ගැනීමට උත්සාහ ගත්හ. සිවුවැනි උදය රජුන් දවස පළමුවැනි පරන්තක එම භාණ්ඩ ඉල්ලා මුලින්ම දූත පිරිසක් එව්වද එය ප්‍රතික්ෂේප කළ උදය රජු එම භාණ්ඩ සමඟ රුහුණට පලා ගියෙන් සොළීන් අනුරාධපුරය ආක්‍රමණය කළේය. එහෙත් රුහුණට යෑමට ඔවුන් බියවිය. ඒ සමග තුන්වැනි ක්‍රිෂ්ණ සොළී රට ආක්‍රමණය කිරීම ද එම හමුදා පසුබැසීමට තුඩු දුන් තවත් සාධකයක් විය හැකිය.

මේ අවධියේ සොළී බලය දකුණු ඉන්දියාවේ දියුණු වෙමින් පවතිද්දී ලක්දිව පාලන තන්ත්‍රය දුබලව පැවතිණි. සමහර පාලකයන් සුරා සොඬීන් වූ අතර තවත් සමහරකු බලලෝභීව කටයුතු කළහ. පාලකයන්ගේ දුර්වලකම් නිසා පාලනය දෙදරුම් කෑ අතර දූෂණය රටපුරා පැතිරිණි. අසමගිය හා විනය පිරිහීම තදින්ම පැවතිණි. සෙන්පතියන්ගේ කැරලි ගැසීමද රට අභ්‍යන්තරයේ ඇති වීමට හේතු වූයේය. මෙවැනි අවස්ථාවල පස්වැනි සේන වැනි රජවරුන් අනුරාධපුරය අතහැරයෑමද මෙහි පාලනය දුබල වීමට තවත් හේතුවකි. අයබදු නොලැබීමෙන් රාජ්‍ය භාණ්ඩාගාරය පිරිහීමද වැදගත් හේතුවක් ලෙසින් සැලකිය හැකිය.

පස්වැනි මිහිඳු රජු 1017දී ජීවග්‍රහයෙන් අල්වා සොළී රටට ගෙන ගොස් සිර කිරීම නිසා මිහිඳු රජුගේ මරණය තෙක් වසර එකොළහක්ම සොළී බලයට විරුද්ධ වීමට ලක්දිව සංවිධානයක් ඇති නොවීය. සොළීන්ට විරුද්ධ වීමෙන් සිරගෙයි සිටින රජුට හානියක් වේදෝයි සිංහලයන් තුළ සැකයක් ද පහළ වූවා විය හැකිය. පස්වැනි මිහිඳු රජුගේ පුත් වික්‍රමබාහු කුමරු අකල් මරණයකට පත්වීමෙන් සොළී බලයට විරුද්ධ වීමට දක්ෂයකු ඉදිරිපත් නොවූ බව පෙනේ. රෝහණයේ ඇති වූ ප්‍රාදේශීය පාලකයන් සොළීන්ට යටත් වූයෙන් හමුදාවන් ද දුබල වූ බව පැහැදිලිය.

මේ සමඟම ලක්දිව සිටි ද්‍රවිඩයන් ද සොළීන්හට උදවු දැක්වීම සොළීන්ට මහත් උපකාරයක් වූයේය. ලක්දිව දේශපාලන තත්ත්වය හා වෙනත් තොරතුරු ගැන ඔත්තු සැපයීමද මෙම දමිළයන් නොපිරිහෙළා ඉටු කළේය. විජයබාහු රජු සොළී රට ආක්‍රමණය කිරීමට තැත් කරද්දී වේලක්කාර හමුදාව අභ්‍යන්තරික කැරැලි ඇති කර එම උත්සාහය අඩපණ කළ බව පෙනේ. මේ අනුව ලක්දිව දෙමළ වැසියාගේ දේශද්‍රෝහී ක්‍රියා නිසා සොළීන්හට ජය ලබා ගැනීම පහසු වූවාට සැකයක් නැත.
සොළීන්ගේ විදේශීය ප්‍රතිපත්තිද ලක්දිව ආක්‍රමණය කිරීමට මහෝපකාරී වූවාට සැකයක් නැත. මහා රාජ රාජ මා රාජේන්ද්‍ර ආදී සොළී පාලකයන් වෙළෙඳාම ගැන මහත් උනන්දුවක් දැක්වූයේය. මලයාව හා සුමාත්‍රාව ඇතුළුව අග්නිදිග ආසියාවේ වෙළෙඳාම තහවුරු කර ගැනීමට ඉන්දීය සයුරේ මධ්‍යස්ථව පිහිටි ලක්දිව අල්ලා ගැනීම වාසියක් ලෙස ඔවුහු සැලකූහ. මෙවකට ලක්දිව වෙනත් රටවල් සමඟ වාණිජ්‍ය සම්බන්ධකම් පවත්වා ගෙන යෑමද සොළීන්ගේ අවධානය ලක්දිවට ලැබීමට හේතුවක් වූයේය.

මේ සියල්ලට වඩා සොළීන්ට විශාල නාවික බලයක් හා යුද හමුදාවක් තිබීම ලක්දිව ආක්‍රමණය කිරීමට මහත් ප්‍රයෝජනයක් වූයේය. විශාල නාවික බලයක් සොළීන්ට තිබීම නිසා අවශ්‍ය විටෙක මව්බිමෙන් ආධාර ලබා ගැනීමට ඔවුන්ට හැකි වූයේය.
මේ අනුව බලන කල 1017දී පස්වැනි මිහිඳු රජ ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමෙන් පසු සොළීන් ලක්දිව පුරා පාලනය තහවුරු කරගත් බව පෙනේ. අනුරාධපුරයේ ගොඩනැඟිලි වැව් අමුණු වෙහෙර විහාර විනාශ කර
පොළොන්නරුවේ පාලන මධ්‍යස්ථානයක් ඉදිකර සොළීන් 1070 වන තෙක් ඔවුන් පාලනය ගෙන ගියේය.
පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

රනිල්-සජිත් සීතල යුද්ධයේ රහස් වාර්තාව (රාජ්‍ය රහස්)

Next Post

මම නිර්මාණය කරන්නේ ජීවිතය එක්ක බැඳුණු කතා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.