• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අධිවේගය වෙනස් කරන්න හදන මොකක්ද මේ ගම්පහ ගහ

February 13, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
අධිවේගය වෙනස් කරන්න හදන මොකක්ද මේ ගම්පහ ගහ
Share on WhatsAppShare on Facebook

අපේ රටේ දවසින් දවස එක එක කතා උඩට එනවා.ඒ උඩට එන සමහර කතා සතියෙන් දෙකෙන් යට ගියත් සමහර කතා දිගින් දිගටම රට ගිනි තියනවා. මේ වෙනකොට අන්න එහෙම අපේ රටේ මතුවෙමින් තිබෙන අලුත්ම කතාව තමයි හැමෝම කතාවෙන ගම්පහ ගහ. අපි කතාවට ගම්පහ ගහ කිව්වට ඇත්තටම ඒ ගහේ නම “කෲඩියා සෙලනිකා” (Crudia Zeylanica) කියලයි කියන්නේ. තවත් විදිහකට කිව්වොත් ලෝකයේ දැනට ඉතුරුවෙලා තියෙන එකම ගහ වෙන්නෙත් අපේ රටෙන් හොයාගත්ත මේ ගහ. ඒත් අවාසනාවට වගේ මේ ගහ දැනට තියෙන්නේ ඉදිකරමින් තියෙන කොළඹ මහනුවර මධ්‍යම අධිවේගය මැද. ඉතින් මේ ගස කොච්චර දුර්ලභ වුණත් අධිවේගය නැත්නම් හයිවේ එක නිසා ගහ කපන්න වෙයිද කියලා තියෙන්නේ ලොකු සැකයක්. අන්න ඒ නිසාම ගහේ වටිනාකම දන්න කියන අපි හිතුවා මේ ගහ හොයාගෙන යන්න.

සොබාදහම් මෑණියන්ට පැළෙන්න ආදරේ කරන අපේ රටේ මිනිසුන්ට මේ ඉහළින් අපි කියපු කතාව ගැන තියෙන්නේ ලොකු බයක්. මොකද මේ ගහේ වටිනාකම ගණනින් කියලා ඉවර කරන්න බෑ. ඒ නිසා ගහ කපනවට අපේ රටේ මිනිස්සු හැමෝම වගේ විරුද්ධයි. ඒ නිසාම මේ කතාව අද වෙනකොට රටම ගිනි තියාගෙන පරිසර ඇමැති මහින්ද අමරවීර මහත්තයා ළඟට යනකල් ගිහින් තියෙනවා. ඒත් පරිසර ඇමැති මහින්ද අමරවීර මහත්තයා නම් පැහැදිලිවම කියන්නේ ලෝකයටම ඉතුරු වූ දුර්ලභම ශාකයක් වෙන මේ ශාකය මොන විදිහටවත් මධ්‍යම අධිවේගය නිසා විනාශවෙන්න නම් ඉඩ තියන්නේ නෑ කියලයි. කෙළින්ම කිව්වොත් පරිසර ඇමැතිතුමාගේ කතාව ඒක නම් ඔන්න අපේ රටේ මිනිස්සුත් අපේ ඇමැතිතුමාගේ පැත්තේ කියලා අපිට ඉතින් බඩේ බත් වගේ එකෙන්ම විශ්වාසයි.

ඇත්තටම කිව්වොත් ලෝකයේ වඳවී ගිය ශාක විශේෂයක් ලෙස තමයි අන්තර්ජාතික රතු දත්ත නාමාවලියේ මේ කියපු ශ්‍රී ලංකාවට ආවේණික “කෲඩියා සෙලනිකා” කියන ශාකය නැත්නම් ගහ තියෙන්නේ. මේ ගහ මුලින්ම හොයාගන්නේ කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා යෝජිත ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබිලා. ඒක මුලින්ම හොයාගත්තයි කියන්නේ ශාක පර්යේෂක හිමේෂ් ජයසිංහ මහත්තයා. එදා 1868 වසරේ මුලින්ම සොයාගත්තයි කියන මෙම “කෲඩියා සෙලනිකා” කියන ශාකයේ නියැදියක් 1911 වසරේ හමුවුණා කියලා වාර්තා තියෙනවා. ඒත් ඒක ඔප්පු කරන්න නම් අදටත් සාක්ෂි නෑ. කොහොමින් හරි මේ ගහ මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කරලා පේරාදෙණිය උද්භිද උද්‍යානය සමඟ එක්ව සංරක්ෂණය කරන බවටත් වනජීවී සංරක්ෂක දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් පීරීස් මහත්තයා කියලා තියෙනවා.

දැනට මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත බිමේ තියෙන මේ “කෲඩියා සෙලනිකා” ශාකය ඒ ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මීට ටික දවසකට කලින් කිව්වා අපට මතකයි. ඒ වගේම එතුමා කිව්වා අදාළ ශාකය මුල පිටින් උදුරා වෙනත් ස්ථානයක යළි සිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකරන කතාවක්. ඊට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පේරාදෙණිය උද්භිද උද්‍යානය හා මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනවලින් අනුමැතිය හිමිවුණා කියලත් අපිට ආරංචි වුණා. ඒත් ඉතින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත බිමෙහි දාරළුව දුම්රිය ස්ථානයට නුදුරු ඉඩමක තියෙන මේ ගහ ඉවත් කරන්න ගම්පහ දිසා වන නිලධාරී කාර්යාලය විරුද්ධ වුණා. ඒ නිසාම ආයෙමත් මේ කතාව පොඩ්ඩක් පස්සට ගියා. එහෙමත් නැත්නම් යට ගියා. ඒත් නොහිතුව විදිහට ආයෙමත් මේ කතාව පසුගියදා උඩට ආවා.

මුලින් කිව්වා වගේම “කෲඩියා සෙලනිකා” ශාකයක් 1911 වසරෙන් පස්සේ අපේ රටේ සාක්ෂි ඇතුව වාර්තා වෙන්නේ නෑ. ඒ කියන්නේ දැන් මේ ශාකය වඳවෙලා අවුරුදු සීයකුත් ගිහිල්ලා. අන්තිමට මේ ශාකයක් හමුවෙලා තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන්. ඒත් ඒ සියල්ල කපලා දාලා. ඒ නිසා සියල්ලම වඳවෙලා. හැබැයි එකපාරටම ගම්පහ දාරළුවේ ජලාශ්‍රිත පද්ධතියක් තුළින් විශාල ශාකයක් හා කුඩා ශාකයක් ලෙස එය නැවතත් වාර්තා වීම සතුටට කරුණක්. ඒ නිසාම අපේ රටේ ගොඩාක් මිනිස්සු නම් කියන්නේ මේ ගස හමුවුණු ස්ථානය පාරිසරික සංවේදී කලාපයක් කරලා මධ්‍යම අධිවේගය එම ස්ථානයේදී වෙනත් අයුරකින් ගමන් කරවලා මේ ගහ සංරක්ෂණය කරන්න කියලයි. විශේෂයෙන්ම අපේ රටේ වන සංරක්ෂණ නිලධාරීන් හා පරිසරවේදීන් මෙන්ම සංරක්ෂණවේදීන් කියන්නේ වෙනත් රටවල්වල ගසක් රැක පාර වෙනත් තැනකින් ගිය අවස්ථා වාර්තා වෙන නිසා අපේ රටෙත් ඒකම කරන්න කියලයි. හැබැයි ඉතින් සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට තියෙන්නේ අදළ බලධාරීන් කරන දේ දිහා බලාගෙන ඉන්න විතරයි.

ඒත් ඔය හැමදේම අස්සේ පසුගිය ඉරිදා දවසේ මේ ගැන අපට සතුටුදායක ආරංචියක් අහන්න ලැබුණා. ඒ තමයි පරිසර ඇමැතිතුමා මේකට මැදිහත්වීම.

පසුගියදා ගාල්ල රූමස්සල ප්‍රදේශයේ මධ්‍යම පරිසර අධිකාරියට අයත් “සොබාකෙත” අධ්‍යාපන මධ්‍යස්ථාන නිරීක්ෂකයකට ඉදිරිපත් වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිසර ඇමැති මහින්ද අමරවීර මහත්තයා මෙන්න මෙහෙම කතාවක් කිව්වා.

“පසුගියදා මේ ගස පිළිබඳව ලොකු මතයක් ගියා. මේ ගස ඉවත්කිරීමේ සූදානමක් තියෙන බව තමයි මතය ගියේ. ඒත් අපි බලාපොරොත්තු වෙනවා මේ ගස ඉතිරිවෙද්දි වෙනත් විකල්ප ක්‍රමයක් තියෙයිද කියලා පළමුවෙන්ම අවධානය යොමුකරන්න. එසේ නොමැති නම් මෙය වෙනත් ස්ථානයක රෝපණයට අපි බලාපොරොත්තු වෙනවා. සමහර චෝදනා අසත්‍යයි. සමාජ මාධ්‍යවල හුඟාක් අසත්‍ය පුවත් ප්‍රකාශ වෙනවා. ඒ වගේම අපි ගස් රෝපණය කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරන්නත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.”

ඇත්තටම කිව්වොත් මෙච්චර වටිනා ගහක් ආරක්ෂා කරගන්න එක අපේ රටේ වගකීමක් වගේම යුතුකමක්. මොකද මෙහෙම ගහක් ලෝකයේ වෙන කොහේවත් නෑ. ඒ නිසා ඉදිරියේ සොබාදහම් මෑණියන්ට ආදරේ කරන අපිට අපේ මිනිසුන්ට සතුටුදායක ආරංචියක් ඇහෙයි කියලා අපි බලාගෙන ඉන්නවා. අපි එහෙම විශ්වාසත් කරනවා.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

ගොඩක් අය බැන්න මම කරගත්තු ලොකුම මෝඩකම කියලා

Next Post

නිදහස් සතියේ උපන් දරුවන්ට මහජන බැංකුවෙන් තිළිණ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.