• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අතීත හෙළයා ලොවට වැඩ කිරීමේ සැඟවුණු රහස

January 28, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
අතීත හෙළයා ලොවට වැඩ කිරීමේ සැඟවුණු රහස
Share on WhatsAppShare on Facebook

ලෝකයේ ශිෂ්ටාචාරය බිහිවීමත් සමඟ මිනිසා විවිධ නිර්මාණ බිහිකර ඇත. ඒ මඟින් මිනිසාගේ නිර්මාණ කෞශල්‍යයේ ප්‍රාගුණ්‍යය මැනවින් විදහාපායි. මේ ආකාරයට තමන්ගේ සියලු අවශ්‍යතා සඳහා හේතු වන බොහෝ නිර්මාණ සිදුකර ඇති බව පෙනේ. එහි වැදගත් අවශ්‍යතාවක් ලෙස කාලය හඳුනාගැනීමේ උපකරණය දක්වාලිය හැකිය.

දින, සති, මාස, අවුරුදු ගෙවෙන ආකාරය පිළිබඳ අතීතයේ විසුවෝ විවිධ නිර්මාණ ඇසුරින් අධ්‍යයනය කළෝය. විශේෂයෙන්ම චීනය, ග්‍රීසිය, පර්සියාව, බැබිලෝනියාව, ඉන්දු නිම්නය ආදී ප්‍රදේශවල ජීවත් වූ පිරිස් කාලය හඳුනාගැනීම සඳහා කාලය මැන බැලීම සඳහා යම් උපකරණයක් සොයාගෙන තිබිණි. එසේ නැත්නම් නිර්මාණය කළ බව කිව හැකිය. ඔවුන් පමණක් නොව පැරැණි ලංකාවාසීන්ද කාලය බැලීම සඳහා විවිධ මිනුම් ක්‍රම භාවිත කර ඇත.

උදේ අවදි වීමේදී බ්‍රහ්ම මුහුර්තයෙන් අවදිවීම දවසේ කටයුතු සාර්ථකව ඉෂ්ට වීම සඳහා බෙහෙවින් බලපාන බව ඉන්දියානු වැසියන් අතර මතයක් ඇත. ඉන්දියානුවන් පමණක් නොව අතීත ලංකාවාසීන්ද අලුයමින් අවදි වීමට පුරුදුව සිට ඇත. මන්ද ඔවුන්ගේ ප්‍රධාන ජීවන රටාව සැකසී තිබුණේ කෘෂිකර්මාන්තය ඇසුරින් නිසාය. ඔවුහු අලුයම තම කටයුතු ආරම්භ කළහොත් දවස අවසානයේ බොහෝ ප්‍රමාණයක් නිම කරගත හැකි බව විශ්වාස කළහ.

මීට අමතරව කාලය මැන බැලීමේදී ඉරබටු තරුව, චන්ද්‍ර, සූර්ය දෙදෙනාගේ ගමන, කුකුළන්ගේ හැඬීම, මල් පිපෙන වේලාව, පන්සලේ හෝ දේවාලයේ ඇසෙන ඝණ්ටා, බෙර නාදය ආදිය මඟින්ද වේලාව හඳුනාගත් බව පෙනේ. පැරැන්නෝ උදෑසන හෝ දහවල් කාලයේදී වේලාව බලා ගැනීම සඳහා සූර්යයාගේ ගමනත්, රාත්‍රි කාලයේ වේලාව බැලීම සඳහා චන්ද්‍රයාගේ ගමනත් සැලකිල්ලට ගෙන ඇත. එමෙන්ම තම සෙවණැල්ලේ දිග මැනීම, හෙන්දිරික්කා මල් පිපෙන වේලාව, ගවයන් කැලෑවෙන් එළිබහින වේලාව, කුරුල්ලන් කූඩු කරා පියාඹන වේලාව ආදියද පැරැණි සිංහලයා වේලාව තීරණය කළ ක්‍රම කිහිපය අතුරින් කිහිපයකි.

මේ අතර මහනුවර රාජ්‍ය සමයේදී කාලය බලා ගැනීම සඳහා භාවිත කළ සුවිශේෂී නිර්මාණයක් විය. එය හඳුනා ගන්නේ පෑ තැටිය යන නාමයෙනි. මෙය එකල වැඩි වශයෙන් භාවිතයට ගත්තේ ජ්‍යොතිෂවේදීන්ය. පොල්කටුවක් හැඩැතිව තඹෙන් කළ භාජනයකට පෑ තැටිය යැයි කියනු ලැබේ. මේ භාජනයේ මැද අඩියේ අල්පෙනිති තුඩක් වැනි සිදුරක් ඇත. හෝරා මැන ගැනීමට වතුර පිර වූ භාජනයක ජලය මැන පෑ තැටිය තබයි. එවිට පෑ තැටියේ බරට සිදුරෙන් ඇතුළට ජලය පිරෙන්නට පටන්ගනී. වතුර පිරුණු පෑ තැටිය දියේ ගිලෙන වේලාව සිංහල පැයක් ලෙසින් පුරාණ සිංහලයෝ හැඳින්වූහ.

ඒ කාලයේ පැයක් යනුවෙන් හඳුන්වා තිබුණේ මිනිත්තු 24කි. මේ ආකාරයට පැය, පැය භාගය, පැය කාල ආදිය මැන ගැනීම සඳහා අවශ්‍ය වන විවිධ ප්‍රමාණයෙන් වූ පෑ තැටි එකල භාවිත වී ඇත.

රජවාසලේද දොරටු හතරේ පෑ තැටි හතරක් තබා ඒවායෙන් වේලාව බැලීම සඳහා නිලධාරීන් පත්කර තිබේ. අතපත්තු මුරපොළේ ඇත්තෝ නමින් හඳුන්වා ඇත්තේ ඔහුය. පෑ තැටිය භාරව සිටි ඔහු එම ස්ථානයේ කෙනකු රඳවා පෑ තැටිය වතුරෙන් පිරෙන සෑම පැයකදීම මිණි ගෙඩියක් නාද කරමින් රජ වාසලටත්, නගරයටත් වේලාව දැනුම් දීමේ ක්‍රමයක් සිදුකර ඇත.
මහනුවර යුගයේ අවසාන භාගය දක්වාම වේලාව බැලීම සඳහා පෑ තැටිය භාවිත කර ඇත. ඒ බව මේ කාලයේ රචිත සාහිත්‍ය හා ඉතිහාස කෘතිවලින් පැහැදිලිව හඳුනාගත හැකිය. එසේම දළදා මාලිගාවේත්, ශ්‍රී පාදස්ථානයේත් ප්‍රසිද්ධ මහා දේවාලවලත් මෙවැනි පෑ තැටි වාහල්කඩ මත පිහිටුවා වේලාව දැනුම් දුන් බවට පුරාවිද්‍යාත්මක සාධකවලින් හඳුනාගත හැකිය.
රාජකීය පණ්ඩිත පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

සතුටින් පවුල්කන පහසුම ක්‍රමය

Next Post

අනූෂා දේශපාලනයට…?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.