• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

මුදුන් දෙකේ කබරගල

July 21, 2021
in Holiday
Reading Time: 1 min read
A A
මුදුන් දෙකේ කබරගල
Share on WhatsAppShare on Facebook

සොබාදහම හා සබැඳිව, අගනගරයේ සිට පැමිණ දිනකින් හමාර කළ හැකි සංචාරයන් ලැයිස්තුගත කළහොත් එක්දින කඳු තරණයක් සිදුකිරීම ශ්‍රී ලාංකිකයකු ලෙස ගතහැකි වඩා පහසු තීරණයක් වේ. පැය කිහිපයක් තුළ විවිධ පරිසර කලාපයන්ට යොමුවීමට හැකි සුන්දර රටකට අප උරුමකම් කීම ඊට හේතුවයි.

ලංකාවේ ප්‍රධාන කඳුවැටි අතර දේශීය සංචාරකයන්ගේ වඩා ආකර්ෂණයට පත් දොලොස්බාගේ කඳු පන්තියේ උස්ම ස්ථානය වන කබරගල කඳු තරණයද එලෙස එක් දිනකින් හමාර කළ හැකි සංචාරයකි. මුහුදු මට්ටමේ සිට මීටර 1500ක පමණ උසක් ගන්නා කබරගල මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය නගරය ආශ්‍රිතව පිහිටා තිබේ.

නාවලපිටිය නගරයට දුම්රියෙන් බසයෙන් හෝ පුද්ගලික වාහනයකින් පැමිණ දොලොස්බාගේ දෙසට පැමිණීමේදී කිලෝමීටර 11ක පමණ දුරකින් හමුවන මෙරිවිල හන්දියෙන් හැරී, තොලබෝවල ශ්‍රී ජේතවනාරාම විහාරය අසලට පැමිණ කබරගල කඳු තරණය ආරම්භ කළ හැකිය. ඒ මාර්ගයට අමතරව බුලත්කොහුපිටිය දේදුගල හරහා දිය ඇලිවල පහස ලබමින් සුන්දර ගමන්මාර්ගයකින් පැමිණීමෙන්ද කඳු පාමුලට ළඟා විය හැක. එම මාර්ගය භාවිතා කරන්නේ නම් පෞද්ගලික වාහනයක පැමිණීම වඩා යෝග්‍ය වේ. බුලත්කොහුපිටිය ගමන් මාර්ගයේදී රුක්මල් ඇල්ල, නලඟන ඇල්ලද නැරඹීමටද සංචාරකයන්ට අවස්ථාව සලසා ගත හැකිය.

කඳු පාමුලට පැමිණි පසු දැන්වීම් පුවරු මගින් කබරගල කන්දේ ආරම්භය පෙන්නුම් කර ඇත. සශ්‍රීක තේ ඉඩම් හරහා ක්‍රමයෙන් ඇරඹෙන තරණය හෝරාවකින් පමණ සැවානා ආකාරයේ තෘණ භූමියකට යොමුවේ. තරමක ආනතියකින් යුත් විවෘත භූමියේ අඩිපාර දිගේ ඈතින් පෙනෙනා ෆයිනස් වනය වෙත ගමන් කිරීමෙන් කබරගල මුදුනත වෙත ගමන් කිරීම සිදුවේ.

නිතර වෙනස්වනසුලු කාලගුණික තත්ත්වයන් අත්විදීමට මෙහිදී සංචාරකයන්ට අවස්ථාව සැලසේ. වැසි දිනයකදී නම් කූඩැල්ලන් ගහන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. කබරයකු මුව විවරකර සිටින ලෙස ඈතට පෙනෙනා නිසාවෙන් කබරගල ලෙස හැදින්වෙන කන්දේ මුදුනත කබරයාගේ හිස ලෙස නිරූපණය වේ. කබරගල ව්‍යාජ මුදුනත ගල් තලාවකි. එහි එක් පසක් අනතුරුදායක සිරස් බෑවුමකින් යුක්ත වේ. කිනිහිර කන්ද, අම්බුලුවාව, නාවලපිටිය, ගම්පොළ මෙන්ම කොත්මලේ දිසාවද හොඳින් නිරික්ෂණය කිරීමට කඳු මුදුනේදී අවස්ථාව හිමිවේ.

ව්‍යාජ කඳු මුදුනේ ගල්පොත්තට සමාන්තරව තවත් ඉහළට ගමන් කිරීමේදී සැබෑ කඳු මුදුනට ළඟාවිය හැක. වර්තමානයේ බොහෝ දෙනෙකු රාත්‍රි කඳුවුරු ලෑමටද යොදාගැනීම නිසා පැහැදිලි අඩිපාරක් දිගේ ඉදිරි ගමන යා හැකිය. ෆයිනස් තුරු ගොමු යටින්, විටෙක චණ්ඩවද, විටෙක නිසොල්මනේද හමන සුළඟ ගමන් විඩාවකට නම් ඉඩදෙන්නේම නැත. තරණයේදී දැඩි අව් රශ්මිය දැඩි වන විවෘත භූමියක් පසුකළද සැණෙකින් හමන සළංධාරා අව් කාශ්ටකය නිවා දැමීමට සමත් වේ. පැයක පමණ තරණයකින් අනතුරුව නැවත මාන පඳුරු මූලික කරගත් තෘණ භූමියක් වෙතට ගමන යොමුවේ. පසුව, අංශක 360 ක වපසරියකින් යුතු සැබෑ කබරගල මුදුනතට පැමිණිය හැක.

කඳු මුදුනේ චමත්කාරය නම් වචනයෙන් විස්තර කළ නොහැකිය. නිරන්තරයෙන් වෙනස්වන මීදුම් ගලනය එහි ආකර්ෂණීය බව වඩා වර්ධනය කිරීමට හේතුවේ. එළිමහනේ අංශක 360ක් තුළ, කොත්මලේ ජලාශය, පුස්සැල්ලාව, මොණරකන්ද, අම්බුලුවාව ආශ්‍රිත ප්‍රදේශ හා ශ්‍රීපාදය දක්වා දිවෙන මධ්‍යම කඳුකරයේ නිරිත දිග ප්‍රදේශත් ඉතා රමණීයව නිරීක්ෂණය කළ හැකිය. වඩාත් උදෑසනකින් ගමන ආරම්භ කිරීමෙන් තරණය වඩාත් පහසු හා සාර්ථක කරගත හැකිය. රාත්‍රි කඳවුරු ලෑමට සුදුසු ලෙස කඳු මුදුන සංචාරකයන් විසින් සකස් කර ගෙන ඇත. අවශ්‍ය තරම් ආහාර හා ජලය රැගෙන යාමද, වනසතුන්ගෙන් සිදුවිය හැකි අවදානම පිළිබඳ අවධානයෙන් පසු වීමද වැදගත්ය. නිතර වෙනස්වන වැසි හා සුළං තත්ත්වයන්ට ඔරොත්තු දෙන ලෙස පහසුකම් සලසා ගෙන පැමිණිය යුතුවේ. පරිසරය සුරකිමින් කටයුතු කිරීමටද සංචාරකයන් වගබලා ගත යුතුය.

මංජුල සර් සමඟ සර්ගේ මිතුරන් දෙදෙනක්, ඉසුරුත් හා මමත් එක්ව අප පස්දෙනෙකුගේ කණ්ඩායම බුලත්කොහුපිටිය දේදුගල මාර්ගයේ දිය ඇලිද නරඹා, කබරගල කඳු මුදුනද එක් දිනක් තුළ තරණය කළෙමු. අපගේ කාර්යබහුල ජීවිතයෙන් මිදී සොබාදහම සමඟ බැඳෙමින් වෙනස් අත්දැකීම් ලබාගෙන චාරිකා ගොන්නට තවත් මතකයන් ලබාදීමට කබරගල කඳු තරණය හේතු වූවා නොඅනුමානය.

අකිල දහනායක

SendShareShare
Previous Post

දුමින්ද නිදහස් කළාට හිරුණිකා යළි සටන අරඹයි!

Next Post

හෝටල් ඇතුළෙ පිස්සු කෙළිනවා! රට මාසෙකට වහන්න වෙනවා! නලින් පෙරේරා හඬ පටයකින් කියයි! (AUDIO)

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.