• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Holiday

අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…

December 25, 2021
in Holiday
Reading Time: 1 min read
A A
අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…
893
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

ලෝකය එන්න එන්නම දියුණු වුණත් අපි බොහෝ දෙනෙක් තාම ආස අතීතයට’ අතීතය ගැන රස කතා අහන්නත්” අතීතයේ ගැමි සැරිය දැක්වෙන ඡායාරූප බලන්නත් අපි තවමත් ආසයි. නගරයේ තදබදය අස්සේ හිරවෙලා හෙම්බත් වෙලා ඉන්න අපිට මොහොතකට හරි ඒ අතීතයට ගිහින් එන්න තිබුණා නම් කියලා හිතෙන වාර අනන්තයි. අතීතයට යන කාල යාත්‍රා තියෙන්නේ සාහිත්‍යයේ. ඇත්තටම තවම එහෙම දෙයක් හොයා ගන්න කාටවත් අවස්ථාව ලැබිලා නැහැ. ඒ හින්දා අතීතයට මොහොතකයට හරි ගිහින් එනවා කියන එක ඇත්තටම හීනයක්. ඒත් ඒ අතීත සිරිය යම් තරමකට හරි ඉතිරි වෙලා තියෙන සුන්දර ගම්මානයකට ගිහින් ආවොත් අපිට ඒ හීනය යම් තරමකින් හරි සැබෑ කර ගන්න පුළුවන්.

මේ කියන්නේ ඒ වගේ සොඳුරු ගම්මානයක් ගැන. ඒ තමයි බඹරැල්ල. බඹරැල්ල පිහිටලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ කෙලවරක. බඹරැල්ල මායිම් වෙන්නේ දුම්බර කඳු වැටියෙන්. කවුරුත් දන්න විදියට කිව්වොත් නකල්ස් කඳු පංතියෙන්. එක අතකින් බඹරැල්ල කියන්නේ අපේ රටේ මහා මාර්ග පද්ධතියේ එක් කෙලවරක්. මොකද බඹරැල්ලෙන් එහාට මහා මාර්ගයට යන්න තැනක් නැහැ. යනවා නම් තියෙන්නේ නකල්ස් කඳු වැටිය හරහා වැටුණු අඩි පාර විතරයි.

බඹරැල්ලට ළඟම ප්‍රධාන නගරය වෙන්නේ වත්තේගම. වත්තේගම ඉඳන් මේ සුන්දර බඹරැල්ලට තියෙන දුර කිලෝ මීටර 40කට ආසන්නයි. ඒ අතර මැදදී හමුවෙන පන්විල නගරයත් තරමක් දියුණු නගරයක්. වත්තේගම ඉඳන් පන්විලට යනකම් දියුණු මාර්ග පද්ධතියක් තිබුණත් එතැනින් එහාට තියෙන්නේ බොහොම පටු මාර්ගයක්. කඳු බෑවුම්, වංගු පිරුණු ඒ මාර්ගයේ වාහනයක් ධාවනය කරන එකත් අභියෝගයක්. ඒත් තනි දොරටුවේ බස් පදවගෙන මේ මාර්ගයේ නිතරම එහෙ මෙහෙ යන වත්තේගම ඩිපොවේ රියැදුරන්ට නම් ඒක මහ ලොකු දෙයක් නෙවෙයි.

බඹරැල්ල කියන්නේ සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා බොහෝ දේ පිරුණු ප්‍රදේශයක්. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ දිය ඇලි. වත්තේගම ඉඳන් බඹරැල්ලට ඇදෙන මග දිගේ ඈතින් පේන නමක් නොදන්නා දිය ඇලි රාශියක් අතරේ ප්‍රධාන පාර ළඟින්ම මුලින්ම හමු වෙන දිය ඇල්ල තමයි “තලිය වැටුණු ඇල්ල.”

වත්තේගම ඉඳන් බඹරැල්ලට දිනකට සී. ටී. බී. බස් ගමන් වාර කිහිපයක් තිබුණත්, එක බස් එකක් විතරක් නවත්වන්න ඉඩ තියෙන පුංචිම පුංචි බස් නැවතුමක් තමයි බඹරැල්ලේ තියෙන්නේ. ඒ පුංචි කඩයක් එක්ක. ඒ පුංචි කඩෙන් අලුත්ම අලුත් එලකිරි වීදුරුවක් රස විඳින එකත් හරිම රසවත් අත්දැකීමක්. සී. ටී. බී. බස්වලට අමතරව බඹරැල්ලේ අයට ගමන් පහසුව සලසන තවත් ගමන් සගයෙක් ඉන්නවා. ඒ තමයි පුංචි වෑන් රථ. මීට දශක දෙක තුනකට කලින් නම් ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ඒ වගේ පුංචි වෑන් රථ පොදු ප්‍රවාහනයේ යෙදිලා තිබුණා. ඒ අතීත මතකය අලුත් කර ගන්න අදටත් බඹරැල්ලේදී අවස්ථාව තියෙනවා.

බඹරැල්ලේ බස් නැවතුමේ ඉඳන් ඉස්සරහ බැලුවම ඈතින් ජෝඩු ඇල්ල දැක ගන්න පුළුවන්. දිය ඇලි දෙකක් එන ළඟින් ඇද වැටෙන හින්දා තමයි ඒකට ජෝඩු ඇල්ල කියන නම වැටිලා තියෙන්නේ. බස් නැවතුමෙන් පිටුපස්ස මුළුමනින්ම දුම්බර කඳු පංතියෙන් වහ ගෙනයි තියෙන්නේ. ඒ හින්දම බඹරැල්ලට ඉර එළිය වැටෙන්නෙත් ටිකක් පරක්කු වෙලා. ඉඳලා හිටලා බඹරැල්ලට යන අපිට මේ දර්ශණ හරිම ලස්සන වුණත් බඹරැල්ලේ ජීවත් වෙන මිනිස්සු ගෙවන ජීවිතය නම් හරිම දුෂ්කරයි.

ඈත අතීතයේ ඉඳන්ම දුම්බර මිටියාවත පිළිබඳ රසවත් කතා අහන්න තිබුණත්, මේ ප්‍රදේශ ජනතාකරණය වුණේ ඉංග්‍රීසි ආණ්ඩු කාලයේදී කියන එක තමයි සාමාන්‍ය පිලිගැනීම. කෝපි වගාවත් එතැනින් පස්සේ තේ වගාවත් කන්ද උඩරට පැතිර යාමත් එක්ක ඒ අවට සෑම කඳු මුදුනක්ම සොයා ගෙන යන්න ඉංග්‍රීසි ජාතිකයන් පෙළඹුනා. ඒ හින්දා අදටත් බඹරැල්ලේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වෙන්නේ තේ වගාව. විශාල ප්‍රමාණයේ තේ කර්මාන්ත ශාලා කිහිපයකුත් බඹරැල්ල අවට පිහිටලා තියෙනවා.
වතු කම්කරුවන්ට අමතරව සිංහල ජනතාව බොහෝ දෙනෙක් අදටත් බඹරැල්ලේ ජීවත් වෙනවා. ඒත් ඒ බොහෝ දෙනකු පැවතෙන්නේ ඊට දශක කිහිපයකට කලින් බඹරැල්ලට ආව තම මුතුන් මිත්තන්ගෙන්. ඒ හින්ද බඹරැල්ලේ ඉතිහාසය ගැන හරිම විස්තර හොයා ගන්න එක ඒ තරම් ලේසි නැහැ. ඒත් මීට දශක තුනකට විතර කලින් සිද්ධ වුණු සිදුවීම් මාලාවක් නම් ඒ අයට හොඳට මතකයි.

1980 වන විට බඹරැල්ල විතරක් නෙවෙයි ඊට ඉහළින් දුම්බර කඳු පංතිය මැද පිහිටි කළුපහන කියන ප්‍රදේශයත් බොහොම ජනාකීර්ණව තිබුණා කියලයි ඒ අය කියන්නේ. ඒකට හේතුව තමයි එනසාල් වගාව. කොහොම වුණත් ඒ කාලෙත් බඹරැල්ලේ ඉඳන් කළුපහනට වාහනයක් යන්න පහසුකම් තිබිලා නැහැ. මහ කැලේ මැදින් වැටුණු අඩි පාර දිගේ තමයි ඒ අය ගමන් කරලා තියෙන්නේ. තමන්ගේ එනසාල් ඵලදාව විකුණාගන්න වගේම තමන්ට අවශ්‍ය දේ මිලදී ගන්නත් ඒ අය බඹරැල්ලට ඇවිත් තියෙනවා. ආර්ථිකමය අතින් එනසාල් ඉතාම ලාභදායී බෝගයක් වන හින්දා ඒ කාලේ බඹරැල්ලේ ආර්ථිකයත් මීට වඩා හොඳයිලු. කොහොම වුණත් නකල්ස් රක්ෂිතයට අයත් භූමියේ එනසාල් වගාව තහනම් කරන්න රජය තීරණය කිරීමත් එක්ක කළුපහන ජීවත් වුණු ජනතාවටත් බඹරැල්ලට එන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ජනතාවට රජය විසින් නිවාස පවා ඉදි කරලා දීලා තියෙනවා. එනසාල් වගාව මරා දමන්න ගුවන් යානා වලින් බෙහෙත් පවා ඉස්සා කියලා ජනතාව කියනවා.

ජනතාව මොනවා කිව්වත් මේ වටිනා දුම්බර කඳු පංතිය රැක ගන්න බලධාරීන් ගත්ත ඒ ක්‍රියා මාර්ගයට නම් අපි හැම දෙනාගේම ගෞරවය හිමි විය යුතුයි. එහෙම නැති වුණා නම් අද වෙද්දී බඹරැල්ලේ මේ කියන සුන්දරත්වය නැති වෙන්නත් ඉඩ තිබුණා. හැබැයි අදටත් කළුපහනට ආසන්න ප්‍රදේශවල සුලු වශයෙන් එනසාල් වගාව සිදු කෙරෙනවා.

දුම්බර කඳු පංතිය පාමුල මධ්‍යම කඳුකරයේ බෑවුමක කෙලවරට වෙන්න පිහිටිය බඹරැල්ල අදටත් බොහෝ දේ සඟවා ගත්ත ප්‍රදේශයක්. ඒත් ඒකාකාරී ජීවිතයෙන් මිදිලා සොබා දහමට මුහු වෙලා හිතට නිදහසක් දෙන්න බඹරැල්ල කියන්නේ අපූරු නවාතැනක්. මේ නිදහස හින්දම ලෞකික ජීවිතයෙන් මිදිලා ආධා්‍යාත්මික සුවය සොයා යන හිමි වරු පවා අදටත් බඹරැල්ලේ වැඩ වාසය කරනවා. බඹරැල්ලේ වැඩ වසන සුදු හාමුදුරුවරු ගැන විස්තර අපි මීට කලින් මව්රට පුවත්පත ඔස්සේ කතා කළා. වාසනාව තියෙනවා නම් හිමිදිර පාන්දර බඹරැල්ල බස් නැවතුම අසළට යන කෙනකුට මේ සුදු හාමුදුරුවරු දැක ගැනීමේ භාග්‍යය උදා වෙන්න පුළුවන්. හැබැයි ඒ වාසනාව ගණනය කරන්න තරම් අසීරු සම්භාවිතාවකින් යුතු එකක්.

චන්දන පොන්නම්පෙරුම

Share357Tweet223SendShare89
Previous Post

සොඳුරු මිනිසුන් පිරි උතුරුකරයේ සිරි…

Next Post

ඕනෑම වෙලාවක ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්ලු! වහා ජාතික ආරක්ෂාව තහවුරු කරන්න! (VIDEO)

MORE NEWS

පාල්… පාල්… ට්‍රීන්… ට්‍රීන්… අපෝ දෙයියනේ මේ අර සයිකලයක කිරි අරන් එන කොලුවා…
Exclusive

පාල්… පාල්… ට්‍රීන්… ට්‍රීන්… අපෝ දෙයියනේ මේ අර සයිකලයක කිරි අරන් එන කොලුවා…

February 20, 2023
ක්‍රිෂාන්තිනී රාජිනී බලාගෙන චෙම්මනී දිගේ යමු කච්චේරි…
Exclusive

ක්‍රිෂාන්තිනී රාජිනී බලාගෙන චෙම්මනී දිගේ යමු කච්චේරි…

January 21, 2023
යාපනයේ ඇවිදිනකොට විජේවීර – වික්ටර් – කුණ්ඩුමනී – ප්‍රේමකීර්ති – පොන්නාලෙයි වරදරාජ – ෆෙඩී සිල්වා මතක් වෙන තැන්…
Exclusive

යාපනයේ ඇවිදිනකොට විජේවීර – වික්ටර් – කුණ්ඩුමනී – ප්‍රේමකීර්ති – පොන්නාලෙයි වරදරාජ – ෆෙඩී සිල්වා මතක් වෙන තැන්…

January 9, 2023
උතුරු කොනේ වන උයන…
Exclusive

උතුරු කොනේ වන උයන…

December 15, 2022
රුහුණ කන්ද…!  කිසිවක් රැගෙන නොයන්න..! පා සටහන් විතරක් ඉතිරි කරන්න…!
Exclusive

රුහුණ කන්ද…! කිසිවක් රැගෙන නොයන්න..! පා සටහන් විතරක් ඉතිරි කරන්න…!

December 6, 2022
කවුරුත් දන්නෙ නැහැ නේද චීන්නු යාපනයේ වවල තියෙන ඩොලර් ගහ ගැන? එහෙනම් දැනගන්න…
Exclusive

කවුරුත් දන්නෙ නැහැ නේද චීන්නු යාපනයේ වවල තියෙන ඩොලර් ගහ ගැන? එහෙනම් දැනගන්න…

December 5, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා...

Read more
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version