• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

පුරුදු තැනකට වෙනස් පාරක්…

September 23, 2021
in Holiday
Reading Time: 1 min read
A A
පුරුදු තැනකට වෙනස් පාරක්…
Share on WhatsAppShare on Facebook

ඉදල්ගස්හින්න කියන්නේ ලංකාවේ දුම්රිය ස්ථාන අතරින් ලස්සනම දුම්රිය ස්ථානයක්. ඒ අවට පරිසරයත් එහෙම තමයි. හරිම සුන්දරයි. මේ කියන්න යන්නේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය ගැන නම් නෙවෙයි. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් බැහැලා යන්න පුලුවන්, සුන්දරත්වය විඳින්න පුලුවන් තැනක්, පාරක් ගැන.
ඉදල්ගස්හින්න ඉඳන් හල්දුම්මුල්ලට පාරක් තියනවා කියලා ඒ පැත්ත ගැන දන්න අය දන්නවා ඇති. සමහර අය ඒ පාරේ ගිහිල්ලත් ඇති. ගොඩක් අය කියන්නේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට දුම්රියෙන් ඇරෙන්න යන්න වෙන පාරක් නෑ කියලනේ. ඒක එහෙම නෙවෙයි පාරවල් දෙකක් තියනවා. ඒ එක පාරක් තමයි මේක. හැබැයි පාර සෑහෙන්න අබලන්. නමුත් ත්‍රීවිල්, යතුරු පැදි, ට්‍රැක්ටර් එහෙම ප්‍රශ්නයක් නැතුව ඒ පාරේ යනවා නම් දකින්න ලැබුණා.


ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය ලග ඉදන් යන මේ පාර හල්දුම්මුල්ලට ඒ කියන්නේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හාල්අටුතැන්න හංදිය කියන තැනට තමයි වැටෙන්නේ. ඉතින් ඕන කෙනෙක්ට හරිම පහසුවෙන් දුම්රියේ ගිහින් ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයෙන් බැහැලා මේ පාර දිගේ හල්දුම්මුල්ලට පයින් ගිහින් ආයෙ බස් එකක නැගලා කොළඹට හරි හපුතලේට හරි බදුල්ලට හරි ඉතාම පහසුවෙන් යන්න පුලුවන්. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ ඉදන් මේ පාර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට වැටෙන තැනට කිලෝමීටර් 8කට ආසන්න දුරක් තියනවා.

තේ වතු ආශ්‍රිත පරිසරයක් තමයි මේ කිලෝමීටර් අට පුරාවටම තියෙන්නේ. ඒ අතරතුර අහිංසක දෙමළ මිනිස්සුන්ගෙ පුංචි පුංචි ජනාවාස කිහිපයක්ම දැකගන්න පුලුවන්. සමහර අය මේ පාරට කියන්නේ යකාගේ පඩිපෙල 2 කියලා. ඒ නම කියන්න හේතුවත් ඉතින් මේ පාරේ යද්දී හිතාගන්න පුලුවන්. සුප්‍රසිද්ධ යකාගෙ පඩිපෙල ගැන ඔහිය උඩවේරිය වත්ත හරහා කලුපහනට ගිය අය දන්නවනෙ. අන්න ඒ පාරට චුට්ටක් විතර සමානකමක් මේ පාරෙත් තියනවා.

මේ පාරේ යනකොට ඈතින් සුන්දර දර්ශන කිහිපයක්ම බලාගන්න පුලුවන්. බෙලිහුල්ඔය පැත්ත එතකොට සමනළ වැව උඩවලව, කාලගුණය පැහැදිලි දවසක නම් ඈතින් මුහුදත් දකින්න පුලුවන් කියලා තමයි ආරංචි. මේ පාරේ යද්දී හරි සුන්දර දර්ශන රැසක් බලාගන්න පුලුවන්. සමහර වෙලාවට හිතෙනවා අපේ රටේ මෙහෙම නොදියුණු හැංගුණ දේවල්වල සුන්දරත්වය රැදිලා තියෙන්නේ ඒවා සංවර්ධනය නොවීම නිසාම තමයි කියලා. සමහරවිට ප්‍රදේශ සංවර්ධනය වුණා නම් ඒ පැතිවල තියන සුන්දරත්වය නැතිවෙලා යන්න තිබුණා. හැබැයි ඉතින් අපි දකින සුන්දරත්වය ඒ පැතිවල ඉන්න අහිංසක මිනිස්සුගේ ජීවිත තුල නම් නෑ කියලා පේනවා. ඒ මිනිස්සු ජීවීත ගැටගහගන්න ලොකු වෙහෙසක් ගන්නවා.

මේ ගමන කෙනෙක් යන්න හිතන් ඉන්නවා නම් ඕනම කෙනෙක්ට මේ ගමන හරි පහසුවෙන් යන්න පුලුවන්. කිසිම තහනමකුත් නෑ. අමතක කරන්න එපා මේ සුන්දරත්වය වඩා හොඳින් දකින්න නම් මීදුම තියන දවසක පොද වැස්ස තියන දවසක එහෙමත් නැත්තන් ඉර පායන හිමිදිරියක හෝ ඉර බහින හවසක යන්න.

කෝච්චියේ යන්න අකමැති අපහසු කෙනෙක්ට ඉදල්ගස්හින්න ස්ටේෂන් එක බලන්න යන්න ඕන නම් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇවිත් හල්දුම්මුල්ලෙන් ඉදල්ගස්හින්නට හැරෙන මේ පාරේ ඇවිත් ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට එන්න පුලුවන්. බයික් වල ට්්‍රප් යන අයටත් බයික් වල පොඩි කට්ටක් කාලා මේ පාරේ ඉදල්ගස්හින්නට යන්න බැරිකමක් නෑ. තව දෙයක් ඔබේ සංචාරය කිසිම විටක ඒ අවට මිනිස්සුන්ට හිරිහැරයක් වෙන ක්‍රියාවක් විදියට යොදාගන්න එපා. ඒ වගේම පොලිතින් ප්ලාස්ටික් ඔබ බැහැර කරන කිසිම අපද්‍රව්‍යයක් ඒ සුන්දර පරිසරය තුල දමා එන්න එපා. අවසානයේ “පා සටහන් පමණක් ඉතිරිකර පැමිණෙන්න”

ශශින් විජේතුංග

SendShareShare
Previous Post

ඇලි හතක් උඩ රැයක්…

Next Post

පෙනුම තිබ්බට විතරක් මදි හැකියාවත් තියෙන්න ඕනේ…

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News
Exclusive

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම 1-0 ක් ලෙස පරාජයට පත්කරමින් ලෝක පාපන්දු ශූරතාව දිනා...

Read more
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.