• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

වැඩිම දුරක් කෝච්චි පාරේ

October 26, 2019
in Holiday
Reading Time: 4 mins read
A A
වැඩිම දුරක් කෝච්චි පාරේ
Share on WhatsAppShare on Facebook

රේල් හයික් එහෙම නැත්නම් රේල් පාරේ පයින් ඇවිදින එක ගැන කියද්දි උඩරට දුම්රිය මාර්ගය තමයි අපි ඕනෙ කෙනකුට මතක් වෙන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේම තියෙන ලස්සනම දුම්රිය මාර්ගයක් විදියට උඩරට මාර්ගය සැලකෙන එක තමයි ඊට හේතුව. ඒත් අපේ රටේ දුම්රිය මාර්ගවලින් උඩරට මාර්ගය විතරද ලස්සන? නැහැ. ඒ වගේ ගොඩක් තැන් තව අපේ රටේ තියෙනවා. මේ යන්න හදන්නේ ඒ වගේ ලස්සන තැනක් හොයාගෙන. අපි යන්නේ ගල්ඔය. ගල්ඔය ඉඳන් අග්බෝපුරට පයින් යන්න තමයි මේ සූදානම.

මේ ගමන විශේෂ එකක් වෙන්නේ ලස්සන හින්දම නෙවෙයි. ලංකාවේ දුම්රිය ස්ථාන දෙකක් අතර ඇති වැඩිම දුර සටහන් වෙන්නෙත් මේ ගල්ඔය සහ අග්බෝපුර අතරේ. හරියටම කියනවා නම් ඒ දුර කිලෝමීටර් 25.3ක්. අනෙක් එක තමයි මේ ගමනේ භාගයක්ම යන්න තියෙන්නේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය හරහා. ඉතිරි භාගය යන්න තියෙන්නේ සෝමාවතී ජාතික වනෝද්‍යානය හරහා. ඒ අතරමඟ වෙන කවුරුත් ඇත්තේ නැහැ. අපට ලැබුණු ආරංචිවල හැටියට ඒ හරියේ අලි විතරක් නෙවෙයි වලස්සුත් ඉන්නවා. ඒ හින්දා මේක ලේසි පහසු ගමනකුත් නෙවෙයි.

කොළඹ කොටුවෙන් රාත්‍රී 9.30ට ත්‍රිකුණාමලය හා මඩකළපුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියට ගොඩවුණු අපි ගල්ඔය දුම්රිය ස්ථානයෙන් බහිද්දි පාන්දර 4.30 විතර වෙලා. පැය දෙකක විතර පොඩි නින්දක් දාලා, උදේ ආහාර වේලත් ස්ටේෂන් එකේදිම අරගෙන ගමන යන්න තමයි අපි සූදානම් වුණේ. සාමාන්‍යයෙන් දුම්රිය මාර්ගයේ පයින් ඇවිදින එක නීති විරෝධී වැඩක්. ඒ හින්දා දුම්රිය බලධාරීන් දැනුවත් කරලා අවසර අරගෙන තමයි අපි මේ ගමන ගියේ කියන එකත් කියන්න ඕනේ.

පුළුවන් තරම් පාන්දරින් මේ ගමන් පටන් ගන්න තමයි අපි තීරණ කරලා තිබුණේ. එකක් දවල් වෙද්දි රස්නේ වැඩියි. අනෙක් එක හවස් වෙද්දි වහිනවා. ඒත් එළිය වැටෙන්න කලින් මේ ගමන යන්න බැරි බාධාවකුත් අපට තිබුණා. ඒ තමයි කවුඩුල්ලේ ඔබමොබ ඇවිදින සද්දන්තයෝ. ඒ හැම දේම ගැන හිතලා කොහොම හරි උදේ 7 වෙද්දී අපි ගමන පටන් ගත්තා. මෙතැන ඉඳන් අපි යන්නේ කාත් කවුරුත් නැති මහ කැලේ මැදින්. ඒ හින්දා ගල්ඔය දුම්රිය ස්ථානය පහුකරනවාත් එක්කම තියෙන කෝවිලට ගිහින් පඬුරකුත් දාලා තමයි අපි පිටත් වුණේ.

කොහොම වුණත් ගමන පිටත්වෙලා මීටර් පන්සීයක්වත් යන්න වුණේ නැහැ. උණුම උණු අලි බෙටි ගොඩක්. ඒක දැක්කම ඉතින් බයවුණා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒක පහු කරගෙන තව ටික දුරක් ඉස්සරහට යද්දි දැක්ක දර්ශනය ඊටත් වඩා භයානකයි. රේල් පාර හරහා ගිය දැවැන්තයකුගේ පා සලකුණු. පාරෙන් අනෙක් පැත්තට ගිහින් විතරක් නෙවෙයි. එයා පෙරළිලා බිම පොඩිකරගෙන අලි සෙල්ලමකුත් නටලා. එයා ගිහින් තියෙන්නේ අපි එන්න ඔන්න මෙන්න තියෙද්දී. කලින් දවසේ වැස්ස හින්දා ඒ බව හොඳටම පේනවා. පිටිපස්සෙන් ගල්ඔය ස්ටේෂන් එක පෙනෙන නොපෙනන මානයේ තිබුණත්, අපේ ඉස්සරහා පේනතෙක් මානයේ තියෙන්නේ මහ කැලේ. ඒ වගේ දැවැන්තයෙක් අපි ඉස්සරහට ආවොත් මොකද කරන්නේ? “අව්ව වැටුණම උන් එළියට බහින්නේ නැහැ, කට්ටිය ගොඩක් ඉන්න හින්දා ළඟට එන එකක් නැහැ. සද්ද නොකර ඈත බලාගෙන යං .එතකොට බයවෙන්න ඕනේ නැහැ.” අපි ළඟ තිබුණේ ඔය වගේ හිත නිවන කතා ගොඩක් විතරයි. හැබැයි ආපහු හැරෙමු කියන අදහස කාගෙවත් හිතේ කොනකවත් තිබුණේ නැහැ කියන එක නම් හොඳටම විශ්වාසයි.

අලි ගැන හිත හිත ඉස්සරහට ගියත් ඊළඟට දකින්න තිබුණු දේවල්වලින් අපේ බය නැත්තටම නැති වුණා කිව්වොත් හරි. කෝච්චි පාර දිගට නානාප්‍රකාර සමනල්ලු. අපි ළඟට එනකම් ඉඳලා ඈතට පියාඹනවා. සමනල්ලු විතරක් නෙවෙයි ඊට වැඩිය ලොකු පාට පාට සලබයෝ ගොඩකුත් එතැන. මං හිතන්නේ සමනල් විශේෂ 20කට 30කට වැඩිය ඒ අතර ඉන්න ඇති.
වටේම කොළ පාට ඒ අතරින් කළු පාටට රේල් පාර. ඒ මැද්දේ පාට පාට සමනල්ලු. ඒ හැම දේම විඳගෙන පරිසරයට ආගන්තුක අපි ගමනේ.

මේ ගමනෙදි දැක්ක තව දෙයක් ගැන විශේෂයෙන් කියන්නේ ඕනේ. හැමෝම හිතන්නේ දුම්රිය මාර්ගයේ කඳු පල්ලම් තියෙන්නේ උඩරට මාර්ගයේ විතරයි කියලනේ. අපි මේ ගමන යන නැඟෙනහිර දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම තැනිතලා මාර්ගයක් කියලයි ගොඩ දෙනෙක් හිතන්නේ. ඒත් ඒ කතාව මොන තරම් අසත්‍ය එකක්ද කියලා තේරුම් ගන්නත් මේ වගේ ගමනක්ම යන්න ඕනේ. අපේ පියවි ඇසට හොඳටම පේන කඳු පල්ලම් ගොඩක් එක දිගටම මේ මාර්ගයේ තියෙනවා. හැබැයි මේ කතාවේ තේරුම් ගන්න බැරි දෙයකුත් තියෙනවා. මඟ දිගට අලි පාර මාරුවෙන හින්දා නැඟෙනහිර දුම්රිය මාර්ගයේ වේග සීමාව පැයට කිලෝමීටර් 5ත් – 10ත් අතර බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒත් පෙට්ටි 6ක්, 7ක් ඇදගෙන එන දුම්රියකට ඒ වේගෙන් ඇවිත් මේ කඳු ගැට නැඟගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. මේ දේවල් ගැන විශේෂඥයෝ නොවුණත්, වේග සීමා පැනවීම මඟින් අලි දුම්රියේ ගැටීම නවත්වන්න හදන එක ප්‍රායෝගික නැහැ කියලයි අපට නම් හිතුණේ. ඒකට ඊට එහා ගිය විද්‍යාත්මක විසඳුමක් ඕනේ.
මේ ගමනෙදි මඟ තොට හම්බවෙන්නේ වනාන්තරය විතරයි. හැබැයි වැඩි දෙනෙක් නොදන්න වගේම අද වෙද්දි කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි විශේෂ ස්ථානයකුත් මේ ගමනෙදි හම්බවෙනවා. ඒ තමයි අලුත්ඔය දුම්රිය නැවතුම. වර්තමානයේදී මෙතැන හොයාගන්න පුළුවන් ගූගල් සිතියම හරහා විතරමයි. ඒත් තැන හරියටම හොයාගත්තට පස්සේ අතීතයේ දුම්රිය ස්ථානයට එන්න භාවිත කරපු වල් බිහිවුණු පාර හොයාගන්නත් අපට පුළුවන් වුණා. හරියටම සිග්නල් නැති තැනකදි වුණත් ගූගල් සිතියම හොයලා දුන්නු තැන හරියටම හරි කියන එක අපි තේරුම් ගත්තේ ඒ පාර දැක්කට පස්සේ. අපි හොයාගත්ත තොරතුරු අනුව මේ අලුත්ඔය දුම්රිය නැවතුම 1980 අග භාගය වනතුරුම භාවිත කරලා තියෙනවා. අලුත්ඔය දුම්රිය ස්ථානය අත්හැර දැමූ කාලය හරියටම හොයාගන්න බැරි වුණත් 1987 වසරෙදි අලුත්ඔය ගම්මානය මුහුණදුන් දරුණු ඛේදවාචකයක් ගැන තොරතුරු වාර්තා වෙනවා. අලුත්ඔය ගම්මානය අසලදී බස් රථයකට ප්‍රහාර එල්ල කළ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් කුඩා දරුවන්, වැඩිහිටියන් ඇතුළු 127 දෙනකු කුරිරු අන්දමින් ඝාතනය කරලා තියෙනවා. අපේ රටේ සිදුවුණු දරුණුම ඛේදවාචක අතරින් එකක් විදියට සැලකෙන ඒ සිදුවීම සහ අලුත්ඔය දුම්රිය නැවතුම අත්හැර දැමීම අතර සම්බන්ධයක් තියෙනවද කියන එක හරියටම පැහැදිලි නැතත්, කිසිම සලකුණක්වත් හොයාගන්න බැරි අලුත්ඔය දුම්රිය නැවතුමට ගූගල් සිතියමේ වගේම ලංකාවේ දුම්රිය නාමාවලියෙත් තවමත් ඉඩ වෙන්වෙලා තියෙනවා.

මේ ගමනෙදි අපිට අතරමඟ තැන් දෙකකදිම යෝධඇල හම්බවෙනවා. ඒ වගේම අද වෙද්දි හරියටම හොයාගන්න බැරි වුණත්, කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ පැරැණි පිවිසුමකුත් මේ අතරමඟදි හම්බවෙනවා. මේ හැමදේම එක්ක මේ ගමන යද්දි අපි මුහුණ දුන්නු ලොකුම බාධකය තමයි වතුර. අරන් යන බර වැඩි වෙන එක ගැන හිතුව මිසක් වැඩිපුර වතුර ගෙනියන්න ඕනේ කියලා හිතුවෙ නැති එක අපි කරපු ලොකුම වැරැද්දක් වුණා. අපි ළඟ තිබුණු වතුර ඔක්කොම ඉවරයි. අන්තිම බෝතලේට ග්ලූකෝස් දාලා ඒකෙන් උගුර ගානෙත් බීල ඉවරයි. කාත් කවුරුවත් නැති තැනක ඒ වගේ අත්දැකීමකට මුහුණු දුන්නම දැනෙන හැඟීම හිතාගන්නකෝ. ඒත් කාන්තාරයක් මැද තනිවුණු කණ්ඩායමකට දෙවියෝ දිව්‍ය පානයක් මවලා දුන්නා වගේ ඒ නුදුරේම තිබුණු දුම්රිය මාර්ග පරීක්ෂකවරුන්ට අයත් නවාතැනක තිබුණු ළිඳ හින්දා අපට ඒ බාධකයත් ජයගන්න පුළුවන් වුණා. දුම්රිය නිලධාරීන් කිසිවෙක් හිටියේ නැති වුණත් ගැඹුරු ළිඳට දාන්න කඹයකුත් තිබුණු එක අපේ වාසනාවට හේතු වුණා.

ලංකාවේ දුම්රිය ස්ථාන දෙකක් අතර දුර පාගමනින් යද්දී අපට ජාතික වනෝද්‍යාන දෙකක් හරහා ඇවිදගෙන යන්න සිද්ධ වෙනවා. මුලින් කිව්ව කවුඩුල්ල ජාතික වනෝද්‍යානය ඉවරවුණු ගමන්ම අපි ඇතුළු වුණේ සෝමාවතී ජාතික වනෝද්‍යානයට. වනෝද්‍යාන දෙක අතරේ මාරුවෙද්දී ඒ වෙනස හොඳටම දැනෙන්නේ ඇඟට. මේ දවස්වල හොඳටම පිරිලා තියෙන කවුඩුල්ල ජලාශයෙන් හොඳ හැටි පෝෂණය වුණු නිල්ල පිරුණු කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට වැඩිය සෝමාවතී ජාතික වනෝද්‍යානය වියළියි. කවුඩුල්ලටත් වැඩිය ඒ හරිය කර්කශයි. මේ විදියට තව ටිකක් ඉස්සරහට යද්දී ත්‍රිකුණාමලය – හබරණ ප්‍රධාන මාර්ගය අපට වම් පසින් පේන්න ගන්නවා. හිතේ තිගැස්ම හරියටම අඩු වුණේ ඒ හරියෙදි වුණත්, තව ටිකක් එහාට යද්දි ප්‍රධාන මාර්ගය ආයෙත් අපෙන් ඈතට යනවා.

නැඟෙනහිර මාර්ගය කියන්නේ වැඩිය දුම්රිය ධාවනය වන මාර්ගයක් නෙවෙයි. ඒ හින්දා මේ ගමන අතරමඟදී අපට හම්බවුණේ දුම්රිය දෙකක් විතරයි. හැබැයි එකම දුම්රියේ ගමන් වාර දෙකක්. අපිව පහු කරගෙන ගල්ඔය පැත්තට ගිය දුම්රිය ආපහු ත්‍රිකුණාමලය පැත්තට යද්දිත් අපි අතරමඟ. මඩකළපුවේ ඉඳන් කොළඹ යන උදයදේවී දුම්රියට සම්බන්ධීකාරක දුම්රිය විදියට ගල්ඔයට ගිහින් කොළඹ ඉඳන් මඩකළපු යන උදයදේවී දුම්රියේ සම්බන්ධීකාරක දුම්රිය විදියට ආපහු ත්‍රිකුණාමලයට යන දුම්රිය තමයි අපට ඒ හම්බවුණේ.

මේ හැම දේමත් එක්ක දුෂ්කර, ඒත් ජීවිතේට අමතක නොවන අමුතුම විදියේ ගමනක් අවසන් කරපු අපි අග්බෝපුරට ළඟා වුණා. ඒ වෙද්දි අපිව පිළිගන්න පොද වැස්සක් අග්බෝපුරට වහිනවා. හරියට මැරතන් එකක් දිනලා ආව තරගකරුවන්ට වතුර ඉහිනවා වගේ. ඒ පොද වැස්ස අපේ මහන්සිය නැත්තටම නැති කළා. කිලෝමීටර් 25ක් ඇවිදලා ආවට පස්සේ දවස් දෙක තුනක් යනකම්ම කකුල් රිදෙනවා තමයි. ඒත් ඒ වගේ ගමනකින් පස්සේ හිතට එකතු වන මතක ජීවිත කාලය පුරාම අපේ හිත් රිදවනවා. හැබැයි ඒ රිදුම හරිම ආස හිතෙන එකක්.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ලංකාවෙන් ඉන්දියාවට ගියපු කෝච්චි පාර

Next Post

පින් පව් පලදෙන අන්තිම සති ‌දෙක (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.