• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පින් පව් පලදෙන අන්තිම සති ‌දෙක (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

October 26, 2019
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
පින් පව් පලදෙන අන්තිම සති ‌දෙක (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

“ඡන්දෙන් කවුරු දිනයිද…?”
මේ දවස්වල ත්‍රීවීල් එකේ, බස් එකේ, තේ කඬේ, කාර්යාලවල, හෝටල්වල, තානාපති කාර්යාලවල හැම තැනම කතාබහ කරන මාතෘකාව ඕකය.
“ඔපීනියන් පෝල්වලින් නම් ගෝඨා ඉස්සරහින් ඉන්නේ…”
මේ කොළඹ දේශපාලන වට මේස සාකච්ඡාවල කියන කතාවය.
“ජ්‍යොතිෂවේදීන් නම් කියන්නේ සජිත් දිනනවා කියලා…”
මේ ජනාධිපතිවරණයේ ග්‍රහ බලය බලන අය කියන කතාවය.
2015 ජනාධිපතිවරණයේදී මේ දෙගොල්ලොම කීවේ මහින්ද දිනනවා කියාය. ජනමත සමීක්ෂණ වාර්තාද කීවේ මහින්ද දිනනවා කියාය. ජ්‍යොතිෂවේදීන් එක පෙළට හිටගෙන කීවේත් මහින්ද දිනනවා කියාය. හැබැයි දින්නේ මෛත්‍රිය.
ජනාධිපතිවරණ ඉතිහාසයේම නාමයෝජනා දෙන විට දිනලා ඉන්න අය ඡන්ද ගණන් කරන කොට පැරැදිලාය. නාමයෝජනා දෙන විට පැරැදිලා ඉන්න අය ඡන්ද ගණන් කරන කොට දිනලාය. ඇත්තටම දිනන්නේ කවුද කියල කියන්න නම් අන්තිම සතිය වන තෙක් ඉන්න ඕනෑය. ජනාධිපතිවරණ ඉතිහාසය දෙස බලන විට ඒක පැහැදිලිය.
මෙය හොඳට පැහැදිලි වුණේ 1988 ජනාධිපතිවරණයේදීය. ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන විට ශ්‍රීලනිප නායිකා, ශ්‍රීලනිප අපේක්ෂිකා බණ්ඩාරනායක මැතිනිය හිටියේ දිනලාය. ඇය දිනල හිටියේ ජවිපෙ ඇයට සහාය දෙයි කියන බලාපොරොත්තුවෙන්ය. සහාය නොදුන්නත් ජවිපෙ රට තල්ලු කර තියෙන අර්බුදයේ වාසිය එන්නේ තමාට යැයි ඇය සිතුවාය. ඒත් ජවිපෙ අන්තිම මොහොතේ ඡන්ද වර්ජනයක් දියත් කළේය. ජවිපෙ ඒ තීරණය ගත්තේ අන්තිම සතියේය. එජාප අපේක්ෂක ප්‍රේමදාස රට වටා යද්දී ජවිපෙ කඩ වසා තුණ්ඩු කැබැල්ලෙන් ප්‍රේමදාසගේ රැස්වීම්වලට එන සෙනග බයකොට නතර කරනු ලැබීය. මැතිනියගේ රැස්වීම්වලට ජනතාව පොදිකමින් සහභාගි වූහ. මැතිනිය සහ ජවිපෙ අතර සාකච්ඡා අසාර්ථක වූ විට ජවිපෙ ප්‍රේමදාසගේ රැස්වීම්වලට හරවපු තුවක්කුව මැතිනියගේ රැස්වීම්වලටත් හැරවීය. බයවූ මැතිනිය රැස්වීම් නතර කළාය. අන්තිම සතියේ ජවිපෙ ගහපු ගේම මැතිනියට අදහාගත නොහැකි විය.
පහත දැක්වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය, පරදින්න නියමිතව සිටි ප්‍රේමදාස දින්න හැටි විස්තර කරන ආකාරයය.

“නොපසුබට ජවිපෙ බලපෑම් මධ්‍යයේ ප්‍රේමදාස විසින් ගෙන යන ලද්දේ අතිශය ධෛර්යසම්පන්න මැතිවරණ ව්‍යාපාරයකි. ඡන්ද දිනයේදී හා ඊට පෙර දින රාත්‍රියේදී ඡන්දදායකයන් ගණනාවක් මරාදමනු ලැබුවේ ඡන්දය දීමෙන් ජනතාව වළකාලීමේ අරමුණිනි. බියවැද්දීමේ ව්‍යාපාරය, ජනතාව ඡන්ද පොළ වෙතට යෑම වළක්වාලමින් දකුණු පළාතේ ඇතැම් තැන්වල ඉතා සාර්ථක වූ අතර, යාපන අර්ධද්වීපයේ ඡන්ද කටයුතු එල්.ටී.ටී.ඊ.ය විසින් සම්පූර්ණයෙන්ම සියතට ගන්නා ලද බවක් පෙනෙන්නට තිබිණි. නැඟෙනහිර පළාතේ ජනතාව ඡන්ද පොළ වෙතට යැවීමේ ක්‍රියාවලියේදී ඉන්දීය සාමසාධක හමුදාව සාර්ථක විය. මීට සති කිහිපයකට පෙර පළාත් සභා මැතිවරණයේදී කළාක් මෙන් ඡන්ද පෙට්ටි පිරවීමෙහි ඔවුන් නිරත වුණේ නැත. එහෙත් ඔවුන් ලබාදුන් ආරක්ෂාව නිසා ජනතාවට සාපේක්ෂ වශයෙන් නිදහස් වාතාවරණයක් තුළ ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලැබිණි. මෙය දකුණු පළාතේ පැවැති තත්ත්වයට හාත්පසින් වෙනස් විය. ප්‍රේමදාස ලබාගත් සුළු බහුතරය සඳහා නැඟෙනහිර පළාතෙන් ලැබුණු ඡන්දය උපකාරී වූ ආකාරය සලකා බලන විට කිව හැක්කේ ජනතාව ඡන්ද පොළ වෙත යැවීමට ඉන්දීය හමුදාව ගත් ප්‍රයත්නයෙන් වාසි ලැබුණේ ඔහුට බවයි.
ජනාධිපතිවරණයේ එකම උත්ප්‍රාසය එය නොවීය. බණ්ඩාරනායක මැතිනියට දිනන්ට ඉඩ තිබුණු හා ඈ දිනන්ට සිතූ ඡන්දයකින් ඈ පරාජය වූවායැයි කිව හැක්කේ, ඇගේ වාසියට කාරණා ගණනාවක්ම තිබුණු හෙයිනි. බලයේ සිටි රජය වසර 11ක්ම රට පාලනය කර තිබිණි. රට තුළ තිබුණු දේශපාලන අර්බුදය අතිශය විශාල විය. ඒ අනුව බලයේ සිටන්නන්ගේ හා දේශපාලන ක්‍රමයේ වෙනසක් කවුරුත් අපේක්ෂා කරන බව පෙනුණේය. ඇත්ත වශයෙන්ම ඡන්දයක් දිනීම සඳහා මේ තරම් උචිත අවස්ථාවක් විපක්ෂය මීට පෙර කිසි විටෙක ලබා නොතිබිණි. එහෙත් ඈ පරාජය වූ අතර තමාට ඒ ගැන කිසිදු සමාවක් දීමට ඇයට නොහැකි විය. ඈ ඡන්දයේ ප්‍රතිඵල ප්‍රකාශ කෙරෙන නිල උත්සවයට සහභාගි නොවූයේ එබැවිනි. ඇගෙන් අවසන් නිල ප්‍රකාශනයක්, පණිවුඩ මඟින් හෝ සිදුවුණේ නැත. එදින ඇගේ නොපැමිණීමට හේතු දක්වන විවිධ අදහස් පළවිය. ඈ ජයග්‍රහණය ගැන කෙතරම් විශ්වාසයෙන් සිටියාද යත් පරාජය ගැන හිත හදාගැනීමට ඇයට කිසිසේත් හැකි නොවූ බැවින් පරාජය පිළිගන්නා කතාවක් ඈ සූදානම් කරගෙන පවා සිටියේ නැත. තවද තමා තරගයෙන් ඉවත් වන අවස්ථාවේ ජේ.ආර්. අනාවැකි පැවැසූ පරිදි ඇයට ප්‍රේමදාස අතින් පරාජයවීම පිළිගන්නට අසීරු වූයේය.
මේ අනුස්මරණීය අවස්ථාවේදී ජයග්‍රහණයේ හා පරාජයේ තීරුව කෙතරම් පටු වූයේද යත් ප්‍රේමදාසගේ වාසියට තරාදිය බර වූයේ එජාපයේ මැතිවරණ යන්ත්‍රයෙහි වඩා සංවිධානාත්මක ගුණය නිසාම බව කිව හැකිය. ඒ නිසා ජවිපෙ මරණීය ප්‍රචණ්ඩත්වයක් එල්ල කර තිබියදී වුවද ඡන්දදායකයන් ඡන්ද පොළ වෙත ගෙන්වා ගැනීමට එජාපය සමත් විය. ඒ අතින් බලන විට මේ අවස්ථාවේ ජයග්‍රහණයේ ගෞරවය ප්‍රේමදාසට මෙන්ම රන්ජන් විජේරත්නටත්, ජේ.ආර්.ටත් දියයුතු වූයේය.

1989 පෙබරවාරි 04 වැනි දින රන්ජන් විජේරත්න පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය මධ්‍යයේදී ප්‍රකාශ කළ පරිදි 1988 ජනාධිපතිවරණයේදී පළමු වරට ශ්‍රීලනිපය එජාපයට වඩා මැතිවරණ අරමුදල් අතින් ශක්තිමත්ව තිබුණේය. එයට හේතුව රොනී ද මැල් ශ්‍රීලනිපයට ආපසු යෑමේ බලපෑම යැයි ඔහුගේ අදහස විය. ශ්‍රීලනිප ජයග්‍රහණයක් බලාපොරොත්තු වූ ව්‍යාපාරික ප්‍රජාව, රොනී ද මැල් ශ්‍රීලනිපයේ සිටීම නිසා වඩාත් විශ්වාසවන්ත වූවෝය. එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති දිගින් දිගට පැවතෙමින් යන බවට එය සහතිකයක් ලෙස සැලකූ ඔවුහු ශ්‍රීලනිප ඡන්ද ව්‍යාපාරයට නොමසුරුව මුදල් පරිත්‍යාග කළෝය. එය ඇතැම් විට රහසේත්, ඇතැම් විට එළිපිටත් සිදුවිණි. ඍජුව පවසනවා නම් ව්‍යාපාරික ප්‍රජාව 1977දී හෝ 1982දී මෙන් එජාප මැතිවරණ ව්‍යාපාරයට ආධාර කිරීමට ඉදිරිපත් වුණේ නැත. පක්ෂයේ සභාපති හා ලේකම් වූ විජේරත්න විසින් විවිධ ව්‍යාපාරික සමාගම් 1,500කට ආධාර ඉල්ලා ලියුම් යවා තිබිණි. ඉන් යහපත් ප්‍රතිචාර ලැබුණේ 30කින් පමණකි. පරාජය වන්නට සිටින පක්ෂයකට ආධාර කරන්නට ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය වුණේ නැත. ජේ.ආර්. එකතු කරන අරමුදල් නොතිබිණි නම් එජාපයේ මැතිවරණ ව්‍යාපාරය එහි පැවැත්මට අත්‍යවශ්‍ය ඉන්ධනයෙන් තොර යන්ත්‍රයක් සේ යම් යම් අවස්ථාවල නැවතෙන්නට ඉඩ තිබුණු බව රන්ජන් විජේරත්න ප්‍රකාශ කළ තවත් කරුණකි.”
1988ට පසු පැවැති 1994 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා වසර 17ක් බලයේ සිටි එජාපය පරාජය කොට අගමැතිනිය වී ආණ්ඩුවක් හදා පොදු පෙරමුණේ අපේක්ෂිකාව ලෙස ජනාධිපතිවරණයට ආවත් එජාපයෙන් ගාමිණී දිසානායක නම් කළ විට ඇය බිය වූවාය. ගාමිණී 1994 මහ මැතිවරණ පරාජයෙන් වැටුණු යූ.ඇන්.පී.ය නැඟිට්ටවගෙන ආවේය. ඔහු උතුර – නැඟෙනහිර ඡන්ද දිනාගන්න එවකට ජනාධිපති සහ ආරක්ෂක ඇමැති ඩී.බී. විජේතුංග සමඟ රහස් එකඟතාවක් ඇති කරගෙන තිබිණි. එකල ලංකාවේ රජුන් තනන්නා ලෙස නම් දරා සිටි කණ්ඩායමක් හිටියේත් ගාමිණී සමඟය. ඒත් ජනාධිපතිවරණය ආසන්නයේ කවුරුවත් හිතපු නැති සිදුවීමක් සිදුවිය. ගාමිණී ඝාතනය විය. චන්ද්‍රිකා ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙක් ගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය ගෙන ජනාධිපති වූවාය.
1999 ජනාධිපතිවරණයට චන්ද්‍රිකා එක්ක හැප්පෙන්න එජාපයෙන් ආවේ රනිල්ය. නාමයෝජනා දෙන විට හැමෝම කීවේ රනිල් දිනයි කියාය. ‘ඒෂියා වීක්’ සඟරාව කීවේ ජනමත සමීක්ෂණ වාර්තා අනුව රනිල් ඉදිරියෙන් ඉන්නවා කියාය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව දැඩි සේ අප්‍රසාදයට ලක්වී තිබිණි. වයඹ පළාත් සභා ඡන්ද මංකොල්ලයෙන් මධ්‍යස්ථ ඡන්දදායකයන් චන්ද්‍රිකාත් ආණ්ඩුවත් ගෙදර යවන්න තීරණය කර තිබිණි. චන්ද්‍රිකාට එරෙහි දූෂණ චෝදනා අහස උසට විය. රනිල්ගේ රැස්වීම්වලට මහා ජන ගංගාවක් එක්විය. අන්තිම සතියේ කවුරුත් නොසිතූ දෙයක් සිදුවිය. චන්ද්‍රිකාගේ වේදිකාවේ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බයෙන් රටේ චන්ද්‍රිකා විරෝධී රැල්ල චන්ද්‍රිකාට සානුකම්පිත රැල්ලක් බවට පත්විය. පරදින්න හිටපු චන්ද්‍රිකා දින්නාය. රනිල් පරාජය විය. චන්ද්‍රිකා ඇසක් වසාගෙන ජාතිය ඇමතීමෙන් ඡන්ද ප්‍රතිඵලය වෙනස් වූයේ එහෙමය.
2005 ජනාධිපතිවරණයේදී රනිල් නාමයෝජනා දෙන්නත් කලින් දිනල හිටියේය. ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නම්කළ අගමැති මහින්දට ඡන්දෙ කරන්න සල්ලිවත් තිබුණේ නෑ. ව්‍යාපාරිකයෝ පෝලිමේ ගියේ රනිල්ගේ කේම්බි්‍රජ් ටෙරස් කාර්යාලයටය. මේ වෙනකොට එල්.ටී.ටී.ඊ.ය මහින්ද පාරශ්වය සමඟත්, රනිල් පාර්ශ්වය සමඟත් සාකච්ඡා කරමින් සිටියේය. එල්.ටී.ටී.ඊ. යෝජනාවලට මහින්ද කැමැති විය. තමන් සමඟ සාකච්ඡා කරන්න රනිල්ගේ පාසල් මිතුරා වූත් 2002 රනිල්ගේ ආණ්ඩුවේ මුදල් ලේකම් වූත් චරිත රත්වත්තේ වන්නියට එවන ලෙස ප්‍රභාකරන් පණිවුඩ එව්වත් රනිල් ගණනකට ගත්තේ නැත. දමිළ ජනතාව තමන්ට ඡන්දය දෙනු ඇතැයි රනිල්ගේ දැඩි විශ්වාසයක් විය. අන්තිම සතියට කලින් එල්.ටී.ටී.ඊ.ය මහින්ද එක්ක ඩීල් එක දමාගත්තේය. උතුරේ ඡන්දය වර්ජනය කරන ලෙසට ප්‍රභාකරන් නියෝග කළේය. රනිල්ට ඡන්දය දෙන්න එපා කියා ප්‍රභාකරන් කෙළින්ම කීවේය. ඒත් රනිල් හිතුවේ දමිළ ජනතාව ඡන්දය දෙයි කියලාය. දිනන්න සිටි රනිල් පරාජය විය. පරදින්න හිටපු මහින්ද දින්නේය.
2010 ජනාධිපතිවරණයේදීත් යුද වීරයා වූ ෆොන්සේකා එජාප සහ ජවිපෙ සන්ධානයෙන් නාමයෝජනා දෙන විට මහින්දලා සිටියේ වෙව්ලමින්ය. ෆොන්සේකා වටා මහා ජන ගඟක් එක්විය. ව්‍යාපාරිකයෝ එක්වූහ. මහින්ද පරදින ලකුණු පෙනෙන්න තිබිණි. ඒත් අන්තිම සති දෙකෙහි ෆොන්සේකා සුදු කොඩි කතාවෙන් ගෝඨාභයට ගහන්න ගොස් ඇනගත්තේය. මහින්දලාට කළවැද්දා කියන්න ගොස් නාගත්තේය. රනිල් සහ යූ.ඇන්.පී.ය සමඟ ප්‍රශ්න ඇතිකර ගත්තේය. ෆොන්සේකා පරාජය විය. මහින්ද දින්නේය.
2015 ජනාධිපතිවරණයේදීත් මහින්ද මෛත්‍රි එජාප අපේක්ෂකයා වෙයි කියා බලාපොරොත්තු නොවූවත් නාමයෝජනා දිනයේ බෝම්බයක් පත්තු කළේය. ඒ, එජාප මහලේකම් තිස්ස අත්තනායක මහින්දට එක්කර ගැනීමෙනි. මෛත්‍රි ගේනවා කී ශ්‍රීලනිප මැති ඇමැතිවරු ආවේත් නැත. මෛත්‍රි හතර ගාතේ වැටුණි. මහින්ද ජයග්‍රහණය සියතට ගත්තේය. චම්පික සමඟ විපක්ෂයට ගිය උදය ගම්මන්පිලද යළි මහින්දට එක්විය. එහෙත් අන්තිම සති දෙකේ මුස්ලිම් පක්ෂ සහ මන්ත්‍රීවරු හිතන්නේ නැති ලෙස මෛත්‍රිට එක්වූහ. හකීම් ආවේ අන්තිම මොහොතේය. දමිළ ජාතික සන්ධානය අන්තිම සතියේ මෛත්‍රිට ඡන්දය දෙන ලෙස දමිළ ජනතාවගෙන් ඉල්ලා සිටියේය. අවසන් මැදකොළඹ රැස්වීමේදී තමා ඝාතනය කරයි කියා බයට මෛත්‍රි රැස්වීමට නොයා ගෙදර නිදියගත්තේය. මෛත්‍රිගේ ගෙදරට ගොස් ඔහුගේ බය නැතිකොට ඔහුව රැස්වීමට රැගෙන ආවේ රනිල්ය. පරදියි කියන බයට මෛත්‍රි මහ රෑ පොල් වත්තක හැංගුණේය. ඔහු දින්නේය. මහින්ද පරාජය විය. මෛත්‍රිගේ ජයග්‍රහණය කැරකුණේ අන්තිම සතියේය.
2019 ජනාධිපතිවරණයේ අන්තිම සති දෙකට ඇත්තේ තව දින කිහිපයකි. ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ අන්තිම සති දෙකෙහි වන විස්මත දේ ගැන ප්‍රකට හාමුදුරුනමක් අපූරු කතාවක් කීවේය. හිමිනම මේ කතාව කීවේ 2005 ජනාධිපතිවරණයේදී අන්තිම සතියේ පරාජය වූ රනිල් ගැනය.
“මහත්තයෝ ග්‍රහ බලය හොඳ වුණත් පෙර පින් කියල දෙයක් තියෙනවා. පෙර පව් කියල දෙයක් තියෙනවා. මේ වගේ වෙලාවට ඒවා පලදෙනවා. හිතන්නේ නැති අය දිනනවා. හිතන්නේ නැති අය පරදිනවා…”
මේ හිමියන් කී කතාවය.
පෙර පින් පෙර පව් කතාව විශ්වාස කළ නොහැකිය. හැබැයි එකක් නම් කිරි ගහට ඇන්නා සේ ෂුවර්ය. පරදින්න නියමිත අය කට වරද්දාගන්නේත් වැඩ වරද්දාගන්නේත් මේ අන්තිම සතියේ දෙකේය. දිනන්න නියමිත අයගේ බඹරේ වැල්ලේ කැරකෙන්නේත් මේ අන්තිම සති දෙකේය. මේ නිසා ගෝඨා මෙන්ම සජිත්ද පරෙස්සම් වුණොත් ගොඩය. හේතුව අර හාමුදුරුවන්ට අනුව නම් මේ සජිත්ගේත්, ගෝඨාගේත් පෙර පින් පව් පලදෙන කාලයයි.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වැඩිම දුරක් කෝච්චි පාරේ

Next Post

පැනිලි-මල්වෙඩි සන්දර්ශන පළමුදාට පසු පටන්ගනී

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.