දුම්බර මිටියාවත නිවහන කරගත් මිනිස් පහසින් නොයිදුල් වූ කදුපන්ති මිටියාවත් දියඇලි සොයා ගිය අප ගමනේ මීලග නැවතුම ලෙස මෑතකදී ජනාකර්ෂණය වූ සේර ඇල්ල නැරඹීමට යොදාගත්තෙමු. මාතලේ රත්තොට පිටවල පතන හරහා ජනශුන්‍ය මිහිදුමෙන් වැසුනු වනගොමු මැදින් දිවෙන මාර්ගයේ අඩියක් දෙකක් පමනක් ඉදිරිය දකිමින් සේර ඇල්ලට ගිය ගමන මනරම්ය.
උදෑසන 7ට පමන මාතලේ නගරයට පැමින අමිලගේ යතුරු පැදියෙන් මමත් ලහිරුත් ගමන ආරම්භ කලේ සිහින් වැහි පොදක් හමුවේය. රත්තොට නගරයෙන් උදෑසන ආහාරය ගෙන රිවස්ටන් කුලුන අසලට සෙමින් සෙමින් පරිසරයේ මිහිදුම අතරින් හෝරා දෙකකට පමන පසුව අපි පැමිනියෙමු. දැඩි මිහිදුම පහව යන සේයාවක්වත් නොපෙනුන නිසා රිවස්ටන් කුලුන අසල නොරැදී පිටවල පතන බලා නැවත ගමන් ඇරඹුවෙමු.
කොරෝනා වසංගතය නිසාවෙන් වෙනදාට විශාල වශයෙන් සංචාරකයන් රැදෙන පිටවල පතන හිස් ස්වභාවයක් ගෙන තිබුනි. ප්‍රවේශපත් කවුලුවෙන් අවසරපත් ලබාගෙන හෝරා එකහමාරක් පමන පතනෙහිද, කුඩා ලෝකාන්තයේද, වඩා උස් නොවූ පතනට ආවේණික වූ රුක්වියන් ගොමු අතර සංචාරයක අප නිරතවුනෙමු. මිහිදුම් සේලය ස්වල්ප වේලාවකට පහව යාමත්, නැවත ක්ශනිකව පැමිනීමත් වලාකුලු වනාන්තරය ස්වභාවය පෙන්නුම් කෙරිනි. ගමන චිත්තාකර්ෂණීය වුවද ස්වයං ආරක්ශාව හා ප්‍රවේශම් සහගත වීම කාලගුණික තත්ත්වය මෙන්ම වනසතුන්ගෙන් ආරක්ශා වීමට හේතුවේ.
පිටවල පතනට සමුදී තවත් කිලෝමීටර් 15 කට නොවැඩි වනගත මාර්ගයේ ගමන් කිරීමෙන් අනතුරුව ලංකාවේ වඩාත් ආකර්ශනීය බවකින් යුතු පලල්ව ඇද හැලෙන සේර ඇල්ලට පිවිසිය හැක. වර්ශා කාලයක වඩාත් සුන්දරව දර්ශනය වන ඇල්ලේ පැතීරීම පුලුල්ය. තෙල්ගමු ඔයෙන් පෝෂණය වන මීටර 10ක් පමණ උසැති ගල් තලාවකින් තටාකයකට ඇද වැටෙනා සේර ඇල්ල අතීතයේ සිට සේරුන්ගේ නිජ බිමක් ලෙස පැවතිබවට ජනවහරේ කියැවේ. වැසි නොමැති කල්හි දෙකොටසකට ඇදහැලුනද, වැස්සෙන් සරුවන ඇල්ල මීටර විස්සක් පමන පුලුල්ව චන්ඩව විහිදේ. නොවැම්බරයේ සිට මාර්තු දක්වා වන දුම්බර වැසි සමයේ වඩා ආකර්ශනීයව ඇල්ල දිස්වනු ලැබේ.
ඇල්ලේ වඩාත්ම සිත්ගන්නා කාරනය වනුයේ ඇල්ල පිටුපස ගුහාවයි. සංචාරකයන් ඕනැම දුරක සිට ඇල්ල වෙත පැමීනීමට හේතුව ලෙසද එය දැක්විය හැක. මාතලේ දිස්ත්‍රික්කයේ පොත්තවෙල ග්‍රාමයේ පිහිටන සේර ඇල්ල සොබාදම් ලෝලියකුට තෝතැන්නක් වනවා නොඅනුමානය.
වනඇලි වනසතුන්ගෙන් නිවහන වන දුම්බර වනපෙත අනාගත පරම්පරාවටද රැකගනිමින් ගමන් කිරීමට සංචාරකයන් වගබලා ගතයුතුවේ.
අකිල දහනායක