ලේසියෙන් බාලි සංචාරයක නිරත වන්නේ කොහොමද කියලා අපි කලින් සතියක විස්තර කිව්වනේ. ඒක කියෙව්ව ගොඩ දෙනෙක් ඒ ගැන අපෙන් තව විස්තර ඇහුවා. ඒ වගේම ඒ ගමනේ විස්තර ළඟදීම අරන් එනවා කියලා අපි පොරොන්දුවකුත් වුණා. ඔන්න ඒ පොරොන්දුව තමයි අද ඉටුකරන්නේ.
ඔයාලා බාලි බීච් ටුවර් එකට හුඟක් කැමැති වුණු නිසා මම බාලි කඳුකර සහ රයිස් ෆීල්ඞ් ගමන ගැනත් ලියන්නම්. මේ හැම පළාතක්ම කවර් කරන්න යන්නෙ දවස් 07ක් – 10ක් වගේ. එක ටුවර් එකකින් කරන්න පුළුවන් හරියට රූට් එක ප්ලෑන් කළොත්.
උබුඞ් (Ubud) කියන්නෙ අපේ නුවර වගේ කාලගුණයක් තියෙන හරිම ලස්සන පළාතක්. කුඹුරු (Bali Rice Terrace) බහුලයි මේ. ඇස් අදහන්න බැරි තරම් සුන්දර පරිසරයක්. බාලි Main City එක වන Denpasar නගරයේ සිට පැයකට අඩු කාලයක් ටැක්සියේ ගියාම ඔබ උබුඞ්වල. ටැක්සි මිල ගණන් හරිම තරගකාරියි. ඒ වගේම ඩ්‍රයිවර්ස්ලා මිත්‍රශීලීයි. එයාල කිහිප දෙනෙක් එක්ක ගණන් කතාකරගන්න නැත්නම් Uber ටැක්සි තියෙනව එහේ. ඒ ඇප් එක තියෙනව නම් පහසුයි.
උබුඞ්වල ඇවිදින්න, බලන්න ගොඩක් දේ තියෙනවා. එහෙ හොටෙල්ස් හුඟාක් ලාභයි. පුදුම සුහදශීලීයි මිනිස්සු. ඇත්තටම දාල එන්න ලෝබයි.
බාලි බොහෝ බජට් හොටෙල්ස්වල ෆ්‍රී වයිෆයි නැහැ. හොටෙල් වයිෆයිවලට අමතර මුදලක් අයකරනවා. රටට ගිය ගමන් ඬේටා සිම් එකක් ගන්න එක ලාභයි.
උබුඞ්වල මම ආසම ක්වොඞ් බයිකින්ග් (Quad Biking) යන්න චාන්ස් එක ලැබුණා. ඒක නම් අමතක නොවන අත්දැකීමක්. ක්වොඞ් බයිකින් විතරක් නෙවෙයි ගොඩක් ත්‍රාසජනක ඇක්ටිවිටීස් සහ ටුවර්ස් එයාල ළඟ තියෙනවා. ඔයාලා කැමැති අංග තෝරාගන්න පුළුවන්. එයාලා ඔබ ඉන්න හොටෙල් එකටම ඇවිත් ඔයාලව පික් කරනවා. ආයෙ ගෙනැල්ලත් දානවා. ඒ මිනිස්සු පුදුමාකාර විදියට සංචාරකයන්ට සලකනවා.
ඒ වගේම මම උබුඞ්වල Tegenungan Waterfall එක බලන්න ගියා. ඒ ගියේ හොටෙල් එකෙන් දුන්න ෆුට් බයික් එකක. හරිම සැහැල්ලුයි. යන්න තියෙන්නෙ රයිස් ටෙරස් මැදින්. උබුඞ්වල මන්කි ෆොරස්ට් යන්නත් අමතක කරන්න එපා. බාලි වැසියෝ වගේම ඒ වඳුරොත් මිත්‍රශීලීයි.
උබුඞ්වල කෑම බීම ස්පා මිල ගණන් හරිම අඩුයි. හරිම සුන්දර පළාතක්. ෆොටෝවලින් ඔයාලත් එය දකීවි. බාලි යනවා නම් උබුඞ් යන්න අමතක කරන්න එපා.
මං මේ හැම තැනක්ම හොයාගත්තෙ ගූගල් සර්ච් කරලා. ඔයාලටත් පුළුවන්.
මුලින්ම යන කාලය තීරණය කරලා ලාභම එයාර් ටිකට් එක හොයාගන්න. බාලිවලට ඩිරෙක්ට් ෆ්ලයිට් නෑ. මම ගියේ Malindo Air. ඊට පස්සෙ යන රූට් එක ප්ලෑන් කරන්න.
කූටා සිටි එකෙත් දවස් කිහිපයක් ඉන්න. Uluwatu Temple වගේම Tanah lot temple එකටත් යන්න. ලස්සනයි. ඒ යද්දි හමුවන ලස්සන බීච්වලට යන්නත් අමතක කරන්න එපා. Bali Beach Tours කියල සර්ච් කරන්නකෝ.
අමතක නොකර කූටාවල නයිට් ලයිෆ් එකත් අත්විඳින්න. ස්ටී්‍රට් ෆුඞ් වගේම ෂොපින් කරන්නත් පුළුවන්.
ඒ වගේම ගොඩාක් පරෙස්සම් වෙන්න ඩොලර් එක්ස්චේන්ජ් කරද්දි. බාලිවල සල්ලි මාරුකරද්දී වංචා කරනවා. ඩොලර්ස් මාරුකරද්දී එවෙලෙ එතැන ඉඳන් ගණන් කරල ගන්න බලන්න. ඒ ගැන සැලකිලිමත් වෙන්න. මම හිතන්නේ බාලි සංචාරයක් සැලසුම් කරන්න මේ විස්තර ටික හොඳටම ප්‍රමාණවත් වේවි. මේ විස්තර ප්‍රයෝජනයට අරගෙන අඩු මුදලකින් ලස්සන සංචාරයක් ගිහින් එන්න ඕගොල්ලන්ට පුළුවන් වෙන එක තමයි අපේ සතුට. වෙන ලස්සන රටක මේ වගේම සංචාරයක් එක්ක ඉක්මනටම හමුවෙමු.
ගයාන් මහගමගේ