මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් වරෙන්තු නිකුත් කරනු ලැබීය.
නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ චෝදනාවලට අනුව මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.
ඒ අනුව අද රාත්‍රියේ හෝ හෙට දිනයේ රවි කරුණානයක මහතා ඇතුලු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බව දැනගන්නට තිබේ.











