• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

තැම්පානේ සැඟවුණු බම්බා විහාරය

December 15, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
තැම්පානේ සැඟවුණු බම්බා විහාරය
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ එක්තරා කාලයක අගනුවර වශයෙන්ද ක්‍රියාත්මක වූ කුරුණෑගලට හිමි වෙන ඓතිහාසික වටිනාකම ඉතා විශාලයි. අතීත ශ්‍රී විභූතිය විදහා දැක්වෙන නටඹුන් රාශියක් කුරුණෑගල පුරා විසිරී තියෙනවා. කුරුණෑගල රාජධානියට අයත් නටඹුන් විතරක් නෙවෙයි අනුරාධපුර රාජධානියට අයත් නටඹුන් බොහොමයක් පවා කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා විසිරී තියෙනවා.

කුරුණෑගල නගරයට ආසන්නව පිහිටි නමුත් වැඩි දෙනාගේ අවධානයට ලක් නොවුණු ඉතාම මනරම් ස්ථානයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. ඒ තමයි තැම්පාන. කුරුණෑගල ඉඳන් නුවර පාරේ ටික දුරක් යද්දී හම්බ වෙන ඉඳුල්ගොඩ කන්ද පාරෙන් හැරිලා ගියාම තමයි මේ සුන්දර ප්‍රදේශය අපිට දැක ගන්න ලැබෙන්නේ.

තැම්පාන වැව, තැම්පාන රක්ෂිතය සහ තැම්පාන විහාරය යන ස්ථාන තුනම මෙහිදී දැක ගන්න පුළුවන්. පාරිසරික අතින් ඉතාම වටිනා සුවිශේෂී තැම්පාන රක්ෂිතයට මායිම්ව පිහිටා තිබීම හින්දම තැම්පාන ජලාශයේ සුන්දරත්වය තවත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේ ජලාශයට ලැබෙන ඓතිහාසික වටිනාකමත් ඉතාම ඉහළයි. කඳු වළලු කිහිපයක් පුරා විහිදුණු තැම්පාන රක්ෂිතය ජෛව විවිධත්වය අතින් ඉතාම ඉහළ වටිනාකමකින් යුතු පාරිසරික කලාපයක්. ඉතාම දුර්ලභ පැළෑටි වර්ග රැසක් සහ සත්ව විශේෂ ගණනාවක් මේ රක්ෂිතය තම වාස භූමිය කරගෙන තියෙනවා. දුර්ලභ පක්ෂි විශේෂ සහ උරගයන් රැසක් ඒ ප්‍රදේශයෙන් වාර්තා වෙලා තියෙනවා.

තැම්පාන ජලාශයට සහ තැම්පාන රක්ෂිතයට හිමි වන ඓතිහාසික වටිනාකම වලගම්බා රජ සමය තෙක්ම දිව යනවා. අනුරාධපුර රාජධානිය අහිමි වීමෙන් පසු නැවත වරක් තම රාජ්‍යය හිමි කර ගැනීම සඳහා සේනා සංවිධානය කරමින් සැඟව සිටි වලගම්බා රජු තැම්පාන රක්ෂිතයේ ගල ලෙනකද සැඟව සිටි බව සඳහන් වෙනවා. ඒ කාලය තුළ එතුමා එහි විහාරයක් කරවීමටද කටයුතු කර තිබෙනවා. එලෙස කරවූ තැම්පාන විහාරය හෙවත් බම්බා විහාරය අදටත් තැම්පාන ජලාශය අසල දැක ගන්න පුළුවන්.

කොහොම වුණත් මෙම විහාරය බම්බා විහාරය ලෙස හැඳින්වීම තරමක් මතභේදයට තුඩු දෙන කාරණයක්. මොකද වලගම්බා රජු විසින් කරවූ ප්‍රකට බම්බා විහාරය තියෙන්නේ කුරුණෑගලට තරමක් දුරින් පිහිටි ගලේවෙල ප්‍රදේශයේ. එම බම්බා විහාරය සම්බන්ධ තොරතුරු රාශියක්ම ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. වලගම්බා රාජ්‍ය සමයේ පටන් කන්ද උඩරට අවසන් පාලකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වාම ගලේවෙල බම්බා විහාරය සම්බන්ධ තොරතුරු ඉතිහාසයේ සටහන් වෙනවා. ඒ වගේම 1848 නිදහස් සටනට උර දුන් හඟුරන්කෙත ඩිංගිරාලව ජීවග්‍රහයෙන් අල්ලා ගත් ප්‍රදේශය ලෙසත් එය ඉතිහාසයේ සටහන්ව තිබෙනවා. නමුත් තැම්පාන රක්ෂිතයේ පිහිටි බම්බා විහාරය එය නොවන බව මතකයේ තබා ගත යුතුයි.

එසේ නමුත් අපි මේ කතා කරන තැම්පාන බම්බා විහාරයට හිමි ඉතිහාසයත් සුළුවෙන් තැකිය හැකි එකක් නෙවෙයි. කැලයේ සැඟව සිටිමින් සේනා සංවිධානය කළ වලගම්බා රජු මෙම විහාරස්ථානයේ සිට රිදී විහාරය දක්වා උමඟක් කරවූ බවත් ජනවහරේ සඳහන් වෙනවා. එම උමඟ හරහා ගොස් වලගම්බා රජු රිදී විහාරය වැඳ පුදා ගත් බවත් ජනවහරේ සඳහන් වන නමුත් එම උමඟ නම් මෙතෙක් සොයා ගෙන නැහැ.

වලගම්බා රජුගෙන් පසුවත් විවිධ ආකාරයේ රාජ්‍ය අනුග්‍රහයන් තැම්පාන බම්බා විහාරයටත් ලැබී ඇති බව දැක ගන්න පුළුවන්. ඒ වගේම නුවර යුගයේදී එහි නවීකරණයන් සිදු කර ඇති බවත් පැහැදිලිව දැක ගන්න තවමත් හැකියාව තියෙනවා.

වර්තමානයේදී මේ විහාරස්ථානය නැරඹීමේ අවස්ථාව හිමි වෙන්නේ පොහොය දින වලදී පමණයි. පොහොය දින වලදී විහාරස්ථානය අසලින් තැම්පාන ජලාශය අසලට ගමන් කරන්නත් හැකියාව තියෙනවා. නමුත් තැම්පාන රක්ෂිතය තුළට ගමන් කරනවා නම් ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතුයි.
දසුන් ප්‍රිය

SendShareShare
Previous Post

කොරෝනා මැද සෞඛ්‍ය සේවකයෝ වැඩ නවත්වා පාරට බසිති

Next Post

මංගල සූත්‍රය වෙනුවට ගම්මන්පිල සූත්‍රය එයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.