ජාත්‍යන්තර මිල ගණන් පදනම්ව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සදහා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සකස් කළ මිල සූත්‍රය ඉවත දැමීමෙන් පසු වත්මන් විදුලිබල අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද මිල සූත්‍රයක් හදුන්වා දීමට තීරණය කර ඇත.
ගෝලීය තෙල් මිල ඉහළ පහළ ගියද දේශීය ඉන්ධන මිල ස්ථාවරව පවත්වා ගැනීම මෙම මිල සුත්‍රයේ අරමුණ වෙයි.
මංගල සමරවීර මහතාද මෙලෙස ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දුන් අතර ගෝලීය තෙල් මිල ඉහළ පහළ යන විට, විශේෂයෙන් පහළ යන විට එහි වාසිය මෙරට පාරිභෝගිකයාට ලබා දීම අරමුණු කරගෙන එය ක්‍රියාවට නංවන බව එවකට යහපාලන ආණ්ඩුව පවසා තිබිණ.
ඒ අනුව සෑම මසකම 10 වැනි දින ඉන්ධන මිල සංශෝධනය විය. එහිදී ගෝලීය ඉනධන මිල ඉහළ පහළ යාම අනුව දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ පහළ ගියේය.