• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ජපානෙටයි – තායිලන්තෙටයි යුද්ධ කරන්න අපේ රටේ හදපු පාලම

September 9, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

දෙවැනි ලෝක යුද්ධ සමයේ නැඟෙනහිර හා ගිනිකොනදිග ආසියාතික රටවල් කිහිපයක් ජපන් අධිරාජ්‍යයට නතුව පැවැතිණි. මේ රටවල්වල බි්‍රතාන්‍ය ජාතිකයන්ට අයත් කොලනි පැවැති අතර එකිනෙකා අතර ගැටුම් හා සටන්කාමීත්වය නිතරම දක්නට ලැබිණි. තායිලන්තයද මෙලෙස ජපනුන් සතුව පැවැති රටක් වූ අතර, ජපනුන්ගේ සිරකරුවන් ලෙස ක්වායි ගඟේ පාලමක් හා දුම්රිය මාර්ගයක් බි්‍රතාන්‍යයන් ලවා ඉදිකෙරිණි.
මරණයේ මාර්ගය නමැති මෙය ඉදිකිරීම අලළා ප්‍රංශ ජාතික පියරේ බෝල් The Bridge On The River Kwai නවකතාව 1952 දී ලියන ලදී. හොලිවුඞ් අධ්‍යක්ෂවරයකු වන ඬේවිඞ් ලීන් ඒ අනුසාරයෙන් ගොඩනැඟූ චිත්‍රපටයට 1958 වසරේදී හොඳම නළුවා, හොඳම චිත්‍රපටය ඇතුළු ඇකඩමි සම්මාන 07ක්ද, ජාත්‍යන්තරව තවත් සම්මාන බොහොමයක්ද ලැබිණි. චිත්‍රපටයට අදාළ රූගතකිරීම් බොහොමයක් සිදුවූයේ අපේ රටේ කිතුල්ගල අවට භූමිභාගයකයි. එකල කැලණි ගඟේ ඉවුරු එක්කර ක්වායි පාලම තනා තිබේ. මේ සඳහා කිතුල්ගල ජනතාව ශ්‍රමයෙන් දායක කරගෙන ඇති අතර දර්ශන රූගතකිරීමේදී විනාඩියකට නොඅඩු කාලයකදී පාලම පුපුරවාහැර ඇත. චිත්‍රපටයට එකල ඇමෙරිකානු ඩොලර් මිලියන 03ක් වියදම් වී ඇත. කිතුල්ගල රක්ෂිතය ඇතුළු ප්‍රදේශයට විදෙස් සංචාරකයන්ගේ ඇස වඩා තීව්‍ර ලෙස යොමුවීමට මෙම රූගතකිරීම් උපකාරීවී ඇත.

කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට හෝරා දෙකහමාරක පමණ ගමනකින් අනතුරුව සබරගමුව පළාතේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිතුල්ගලට ළඟාවිය හැකිය. White Water Rafting සඳහා ලෝකයේ ප්‍රචලිත ස්ථානයක් වන කිතුල්ගල අවට කැලණි ගඟ දෙස් විදෙස් සංචාරකයන්ගේ ජලාශ්‍රිත ත්‍රාසජනක ක්‍රීඩා සඳහා පාරාදීසයක් වී පවතී. නගරයට නුදුරු කිතුල්ගල බෙලිලෙන ප්‍රාග් ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථානයකි. කිතුල් රෑන්වලින් සමන්විත වූ කිතුල් ගහනයකින් යුත් ප්‍රදේශය කිතුල්ගල නම් වන්නට ඇත. එය ඔප්පු කරන්නට මෙන් කිතුල් රා, කිතුල් පැණි, කිතුල් පිටි, කිතුල් හකුරු මඟ දෙපස කඩවල බහුලව පවතී.

කරවනැල්ලේ සිට කිතුල්ගලට යෑමේදී කිතුල්ගල නගරයට මීටර 500ක් පමණ ආසන්නයේදී කිතුල්ගල තානායම හමුවේ. තානායම පාරෙන් වම්පසට ගමන් කර කැලණි ගඟේ තොටුපොළට ළඟාවිය හැකිය. මේ ආශ්‍රිතව නාන තොටුපොළ ජනයා නිතර දැකිය හැකි ස්ථානයකි. තොටුපොළින් ඔරුවකට ගොඩවී එගොඩවීමෙන් පල්ලේබාගේ ග්‍රාමයට සේන්දු විය හැකිය. ඒ සඳහා යම්කිසි ගාස්තුවක් ගෙවිය යුතුවේ. වර්ෂාව වැඩි දිනෙක නම් ඔරුවේ ගමන මරණයට අත වැනීමක් වනු ඇත. ඒ තරමට කැලණි ගඟේ දිය පහර සැඩවන බව අසා දැනගත්තෙමි. ගමට පැමිණීමෙන් කෙටි කාලයකින් අඩවි වන කාර්යාලය හා සංචාරක තොරතුරු මධ්‍යස්ථානයට ළඟාවිය හැකිය. අවශ්‍ය තොරතුරු හා මාර්ගෝපදේශනයන් ලබාගැනීමෙන් අනතුරුව රුපියල් 30කට ආසන්න ප්‍රවේශයකින් ගමන ආරම්භ කළ හැකිය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ මුහුදු මට්ටමෙන් මීටර 250ක් හා මීටර 760ක අතර උසකින් මාකන්දාව වන රක්ෂිතය පිහිටයි. කුඩා කඳුවැටි කිහිපයකට මායිම්ව යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව පවතින මාකන්දාව, බණ්ඩාර මූකලාන, කුරුලු කැලේ යන අන්වර්ථ නාමවලින්ද හඳුන්වනු ලැබේ. පරවලතැන්න, කොස්කඳහේන, පල්ලේබාගේ ජනාවාසවලට මායිම්ව හා උතුරු දෙසින් කැලණි ගඟට මායිම්ව පවතී. හෙක්ටයාර 195ක වපසරියකින් යුතු වන බිම 1903 සැප්තැම්බර් 11 අංක 5911 දරන ගැසට් නිවේදනයෙන් රක්ෂිතයක් ලෙස නම්කර ඇත. ලංකාවේ පිහිටි පැරැණිම රක්ෂිත වනාන්තරයක් වන මෙය පහතරට තෙත් නිවර්තන වනාන්තර වැස්මකින් යුක්ත වේ. කැලණි ගඟ ජල මූලාශ්‍රයන්ගේ නිජබිමක් වන රක්ෂිතයට වාර්ෂික වර්ෂාපතනය 2″000mm – 3″000mmක අගයකින් ලැබේ. ලේන්තැරි ඇල්ල, මකුල් ඇල්ල, අලියා නාපු වළ ගමනේ සංධිස්ථානයන් ලෙස යොදාගත හැකිය.
රතු දත්ත වාර්තා අනුව ලෝකයෙන්ම එක් තැනකට ආවේණික වූ හොර කුලයේ ශාකයක් වනBalanacapus Kitulgalensis විශේෂය පවතින්නේ මාකන්දාව තුළය. වසර 2004දී ලංකාවට ආවේණික නිශාචර පක්ෂියකු වන පඬුවන් බස්සාගේ ජීවන රටා අධ්‍යයනයට දීපාල් වරකාගොඩ මහතා මාකන්දාව යොදාගෙන ඇත්තේ කුඩා පරිසර පද්ධතියක පහසුවෙන්ම එය සිදුකළ හැකිව පැවැතුණු බැවිනි. ලංකාවේ සත්ව විශේෂ අතරින් 40%ක්, ආවේණික සත්ව විශේෂ අතරින් 38%ක්, ලංකාවට ආවේණික පක්ෂි විශේෂ අතරින් 80%, උභයජීවීන්ගෙන් 75%ක්, උරග විශේෂ බොහොමයක් හා ආවේණික සත්ව විශේෂ බොහොමයක් මෙහිදී නිරීක්ෂණය කළ හැකිය. එසේම මෙහි පවතින ශාක විශේෂයන්ගෙන් උඩවැඩියා හා ඕකිඞ් ශාක කුලයන් කිතුල්ගලටම පමණක් ආවේණික වූ ඒවා වේ. මේ හේතුවෙන් අසීමිතව දෙස් විදෙස් පරිසරවේදීන්, ගවේෂකයන් සංචාරකයන් මාකන්දාවේ සැරිසරති. නිරීක්ෂණය ගවේෂණය ජායාරූපකරණයන්හි නිරත වෙති. සියල්ලම පරිසරය හා බැඳෙමින් ආරක්ෂා කරමින් සිදුකරනු ලබයි.

චතුරංග අයියා, යසිත් අයියා හා නිමාශි අක්කා, ටිහාන් මා සමඟ එක්ව මාර්ගෝපදේශනයෙන් හා මූලිකත්වයෙන් ගමනට එකතු වූ ගයාන් අයියාද සමඟ හයදෙනකුගෙන් යුතු අපි දියඇලි නරඹන්නට දෛනික චාරිකාවක් ලෙස මාකන්දාවට ගියෙමු. ප්ලාස්ටික් පොලිතින් මත්පැන්වලින් තොරව කූඩැල්ලන්ගෙන් පමණක් බැටකමින්, හතිලමින් කඳු බඩගාමින්, තුරු ගොමු මැදින් හා අතු ගංගාවල ලිස්සන ගල් මතින් සිදුකළ ගමන ආශ්වාදජනකය. එකම දිනයක දියඇලි 03කින් නාගෙන ඇතා නාපු වළේ ස්නානය කිරීමටද ලැබීම වෙනස්ම අත්දැකීමක් විය. ගඟ අද්දර ළිපක් අටවා පිළියෙල කළ රසවත් ආහාර වේලද, අලියා නාපු වළේ අලි පැටවුන් ලෙස වාඩිවී නාමින් ගිලෙන්නට ගිය අවස්ථාවන්ද ජීවිතයේ නොමැකෙන මතක සටහන් ලෙස ඉතිරිව පවතී. පරිසරය සුරකිමින් වන සත්ව හා ශාක පද්ධතියට බලපෑම් නොවන අයුරින් ගමන් කිරීමට ඔබත් වගබලා ගන්න.
අකිල දහනායක

SendShareShare
Previous Post

දූ දරුවෝ සමග ඔබට සමීප වූ සුදු ආච්චි

Next Post

සැමියාට ජනාධිපතිකම හිමි කරවන ආර්යාවගේ ග්‍රහ බලය

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සතුන්ට ආදරය කරන අයකු ලෙස මෙවැනි දැවැන්ත සුරතල් සතුන්ගේ සැණකෙළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සතුටු වන බවත් සතුන්ට ආදරය කිරීම පුද්ගලයකු සතු...

Read more
Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.