• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ගල් බිත්ති හැඩ කරන මල් වගේ කොල්ලො කෙල්ලො

December 8, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
ගල් බිත්ති හැඩ කරන මල් වගේ කොල්ලො කෙල්ලො
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල රට වටේ ඇවිදිද්දී ප්‍රධාන නගරවල වෙනදට දකින්න නොලැබුණු පැහැදිලි වෙනසක් පේන්න තියෙනවා. වෙනදට එක එක විදියේ පෝස්ටර්වලින් පිරිලා තිබුණු තාප්ප මේ වෙද්දී හරිම ලස්සන චිත්‍රවලින් හැඩ වෙලා තියෙන එක තමයි ඒ වෙනස. මේ වැඬේ හින්දා නගරවලට අමුතු අලංකාරයක් එකතු වෙලා තියෙනවා කියන එකයි හැමෝගෙම අදහස. මේ දවස්වල වැඩි දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන හින්දම මොකක්ද මේ වැඬේ කියලා හොයන්න අපිටත් හිතුණා.
අපි හොයා ගත්ත විස්තර අනුව මේ වැඬේ මුලින්ම පටන් අරගෙන තියෙන්නේ දකුණු පළාතෙන්. ඒ මීට මාසයකට දෙකකට විතර කලින්. අධිවේගී මාර්ගය හා සම්බන්ධ පාලම් තමයි මුලින්ම මේ සඳහා යොදා ගෙන තියෙන්නේ. ඇල්පිටිය නගරයට මඳක් ඈතින් පිහිටි අධිවේගී මාර්ගය හා සම්බන්ධ කුරුඳුගහ පාලම මේ වැඩසටහනේ මුල් අදියර යටතේ හැඩවුණු එක තැනක්. ඒ අවට තරුණ තරුණියෝ පිරිසක් තමයි ඒ වැඬේට මැදිහත් වෙලා තියෙන්නේ. ඊළඟට දකුණු පළාතේ ඈත කෙළවරේ පිහිටි වීරකැටිය නගරයට පැතිර ගිය මේ ලස්සන වැඩසටහන යටතේ වීරකැටිය ඔරලෝසු කණුවත් ඉතාම විචිත්‍රවත් විදියට හැඩ කරලා තියෙනවා.
වර්තමානයේදී ලංකාව වටේ ඕනෑම රැල්ලක් පැතිර යන්න ප්‍රධාන වෙන්නේ සමාජ මාධ්‍ය. ඒ වගේම මේ වැඬේ රැල්ලක් බවට පත් වෙලා රට පුරා පැතිර යන්නෙත් ෆේස්බුක් සමාජ ජාලය හින්දා තමයි. දකුණු පළාතේ අධිවේගී මාර්ගය සම්බන්ධ කර ගෙන පටන් ගත්ත වැඬේ අධිවේගය දිගේ ගිහින් ඉතාම ඉක්මනින් රට පුරා පැතිර යන්න ගත්තේ ඒ හින්දා. මේ වෙද්දී කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පිහිටි අධිවේගී මාර්ගය හා සම්බන්ධ පාලම් සියල්ලම පාහේ මේ විදියට ලස්සන වෙලා. අනෙක් ඒවත් ලස්සන කරන්න වැඩ පටන් අරගෙන.

ඒ විතරක් නෙවෙයි. කුරුණෑගල, මහනුවර නගර ආශ්‍රිත තාප්ප විශාල ප්‍රමාණයක් ලස්සන කරන්න ඒ ප්‍රදේශවල තරුණ තරුණියෝ විශාල පිරිසක් මේ වෙද්දී එකතු වෙලා. ඒ වගේම මේ දවස්වල ඇද හැලෙන මහා වැස්ස නොතකා කඩවත නගරය ලස්සන කරන වැඬේට මේ මොහොත වෙද්දිත් විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. පොඩියට පටන් ගත්ත මේ වැඬේ මේ වෙද්දි ජාතික කර්තව්‍යයක් වෙන තරමටම දුර දිග ගිහින්. ලංකාවේ ඕනම තැනක ගිහින් චිත්‍ර අඳින්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන කලාකරුවන් වගේම ඒ සඳහා උදවු කරන්න කැමැති දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් රැසක් මේ වැඬේට සක්‍රියව දායක වෙලා තියෙනවා. ඔවුන් සියලු දෙනාම සම්බන්ධීකරණය වෙලා තියෙන්නෙත් ෆේස්බුක් හරහාම තමයි.
රට වටේ ලස්සන මේ කරන වැඬේ ක්‍රියාත්මක වෙන්නෙත් ඉතාම සැලසුම්සහගත විදියට. ඒ සඳහා යොදා ගන්න කලා සිතුවම් වුණත් විවිධාකාරයි. බෞද්ධ සංස්කෘතියට අදාළ සිතුවම්, ඓතිහාසික සංසිද්ධීන්ට අදාළ සිතුවම් වගේම වසර තිහක් පුරා පැවතුණු කුරිරු යුද්ධය නිමා කිරීමට කැපවූ රණ විරුවන් සිහි කිරීමට අදාළ සිතුවම් රැසක් වගේම නවීන තාක්ෂණය සමඟ මුසුවූ 3ෘ කලාවට අයත් සිතුවම් රැසකුත් මේ සඳහා යොදා ගෙන තියෙනවා. වීරකැටිය ඔරලෝසු කණුව හැඩ කිරීම සඳහා යොදාගෙන තියෙන නැදුන්ගමුවේ රාජාගේ රුව ඒ අතර ඇති එක් විශේෂ සිතුවමක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ අතරේ නුවර නගරයේ චිත්‍ර අඳින අවස්ථාවට ස්වාමීන් වහන්සේ නමක් සමඟ මුස්ලිම් ජාතික තරුණියක් එකට සහභාගි වෙලා ඉන්න ආකාරය දැක්වෙන ඡායාරූපයටත් සමාජ ජාලා තුළ ලොකු ප්‍රසිද්ධියක් හිමි වෙලා තිබුණා.
චිත්‍ර අඳින සහ ඒ වැඬේට සහයෝගය දක්වන අය විතරක් නෙමෙයි, ඊට වෙනස් විදිහට මේකට උදව් වෙන අයත් ගොඩක් ඉන්නවා. සමහර අය එතැනට ඇවිත් සින්දු කියනවා. සමහර අය කඩල බෙදනවා. ඒ දේවල් හින්දා මේ වැඬේ තියෙන අපූර්වත්වය තවත් වැඩිවෙලා තියෙනවා.

කොහොම වුණත් දිවයින පුරා වේගයෙන් පැතිර යන මේ රැල්ල හින්දා තව මාස දෙක තුනක් යද්දී ලංකාවේ ප්‍රධාන නගර සියල්ලම සිතුවම්වලින් හැඩවේවි කියන දේ ගැන නම් කිසිම සැකයක් නැහැ. ඒ වගේම ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් ඇලවීම තහනම් කරන්න පොලිසිය ගත් තීරණය මේ වැඬේට ලොකු සහයෝගයක් වෙන බවත් කියන්න ඕනේ.
ලංකාවට අලුත් දෙයක් වුණත් මේ වැඬේ ලෝකයේ අනෙක් රටවලට අලුත් දෙයක් නම් නෙවෙයි. සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගයක් කර ගත්ත ලෝකයේ රටවල් බොහොමයක නගර මේ විදියට හැඩ වෙලා තියෙනවා. ඒ හින්දා මේ වැඩෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරයටත් රුකුලක් හිමි වෙන බව නොඅනුමානයි. රැල්ලක් වගේ මේ වැඬේ රට පුරා පැතිර යද්දී මීට විරුද්ධව හඬ නඟන පිරිසකුත් ඉන්නවා. මේ වැඬේට විරුද්ධව ඒ අය සමාජ ජාල ඔස්සේම ලොකු හඬක් නඟනවා. යම් පිරිසකට හොඳයි කියලා හිතෙන දෙයක් තවත් පිරිසකට වැරැදියි කියලා හිතෙන්න පුළුවන්. ලෝක ස්වභාවය ඒකනේ. ඒත් මේ වැඬේට විරුද්ධව හඬ නඟන පිරිසට වඩා ඒ වැඬේට සහයෝගය දක්වන පිරිස වැඩි බව තමයි සමාජ ජාල පරිශීලනයේදී නම් පෙනී යන්නේ.

SendShareShare
Previous Post

රනිල් නෑ කියයි: මහින්ද තියෙනවා කියයි: අරලිය ගහ මැදුරේ ඇමැති ෆයිල් ගැන ඇත්ත කියන්න‌ේ කවුද?

Next Post

ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනික පුරවැසියන් දස දෙනා අතරට

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.