අරලිය ගහ මැදුරේ තිබී තමන්ට ලැබුණු ඉකුත් රජය සමයේ ඇමැතිවරුන් සිදු කළා යැයි කියන මහාපරිමාන ගනුදෙනු ඇතුළත් ලිපිගොනුව මේ වනවිට තමන් විසින් අධ්‍යයනය කරමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
අරලිය ගහ මන්දිරය පිරිසුදු කිරීමේ නිරතව සිටි සේවකයන්ට මෙම ලිපිගොනුව ලැබී තිබුණු බවත්, හිටපු අගමැතිවරයාට එම ලිපි ගොනුව අමතකව ගොස් ඇති බවත් අගමැතිවරයා සදහන් කොට ඇත.
කෙසේවෙතත් මේ පිළිබදව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කිරීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැනි කිසිදු ලිපිගොනුවක් අරලියගහ මැදුරේ නොමැති බවත්, කිසිදු විටෙක අමාත්‍යවරුන් පිළිබදව එවැනි ලිපිගොනුවක් පවත්වාගෙන ගොස් නොමැති බවත්ය.
ඒ අනුව මෙම ලිපිගොනු කතාව සම්බන්ධයෙන් සත්‍ය පවසන්නේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාද, එසේත් නැත්නම් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද යන්න සම්බන්ධයෙන් විශාල කතාබහක් දේශපාලන ක්ෂේත්‍රයේ මේ වනවිට ඇතිවී තිබේ.