• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

එක දවසකට රජ ගමනක්

August 26, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
එක දවසකට රජ ගමනක්
Share on WhatsAppShare on Facebook

13 වැනි සියවසේ දශකයකට වැඩි කාලසීමාවකට යටත්ව දිවයිනේ අගනගරය ලෙස පැවතියේ යාපහුව රාජධානියයි. සොළී ආක්‍රමණ, ස්වාභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් ක්‍රමයෙන් රාජධානි රටේ නිරිත දිගට සංක්‍රමණය වූ අතර පොළොන්නරු රාජධානි සමයෙහි සිට පැවැති නිරන්තර දෙස් විදෙස් සතුරු ආක්‍රමණ වලට එරෙහි ආරක්ශිත ස්වාභාවික බලකොටුවක් ලෙසද යාපහුව පැවති බවට මූලාශ්‍ර හමුවේ.

ලිඛිත ඉතිහාසයකට පෙර ප්‍රාග් ඓතිහාසික මූලාශ්‍රද යාපහුවෙන් හමුවී ඇත. සුභ නම් ප්‍රාදේශීය පාලකයෙකු පොලොන්නරුව රාජ්‍ය පාලන සමයේ අවසන් කාලයේ, එනම් කාලිංග මාඝ ආක්‍රමණයත් සමඟ යාපහුවේ බලකොටුවක් තනවා නගරයක් ගොඩනංවා එහි සිට ප්‍රදේශය පාලනය කළ බවට ලිඛිත මූලාශ්‍ර හමුවී තිබේ. අනතුරුව සිව්වැනි විජයබාහු රජු යාපහුවේ යම් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර රජුගේ ඇවෑමෙන් බුවනෙකබාහු රජු ලක්දිව රාජ්‍යත්වයට පත්වී මෙරට සිව්වැනි රාජධානිය ලෙස යාපහුව අගනගරය කරගෙන රාජ්‍ය පාලනය සිදුකරන ලදී.

වර්තමානයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව, මහව මංසන්ධියේ සිට කිලෝමීටර් 4ක් පමණ වයඹ දිශාවට වන්නට යාපව්ව රජමහා විහාරයට අයත්ව යාපහුව පිහිටයි. මුහුදු මට්ටමෙන් අඩි 300ක් පමණ උස්වූ සමබිමෙහි, අඩි 400ක් පමණ පාෂාන උන්නතියකින් යාපව්ව නැගී සිටී. සමබිමෙන් දුලබව උස්ව නැගෙන මොණරකන්ද, දියටැඹේ වැනි කඳු මුදුන් හැරුණු කොට දැනුදු සශ්‍රීකව පවතින කෘශිකාර්මික කෙත්වතුද, පොල් ත්‍රිකෝණයට අයත් බැවින් ඈත දක්වා විටින් විට විහිද ඇති පොල්වතුවලින්ද, අතීතයේ පටන් පැවතුන වාරිමාර්ග වලින්ද යාපහුව ආශ්‍රිත භූමි භාගය සම්පූර්ණ වී තිබේ. යාපහුව ආශ්‍රිතව සාමාන්‍ය වාර්ශික වර්ශාපතනය මිලිමීටර 1500-2000ත් අතර අගයක් ගන්නා අතර සෙල්සියස් අංශක 25-28ත් අතර වාර්ශික උශ්ණත්වයක් පවතී. යාපහුව, යාපව්ගල, සුන්දරගිරි පව්ව, සුභවාල,
සුභගිරි, අයෝපබ්බත ලෙසද අතීත සාහිත්‍යමය මූලාශ්‍ර වල යාපහුව හඳුන්වාදී තිබේ. පුරාවිද්‍යාත්මක නශ්ටාවශේෂ අතින් අනුරාධපුර, පොලොන්නරුව, සිගිරීය හා ඇතැම් විට මහනුවරට පමණක් යාපහුව දෙවැනි වේ. ආරක්ෂක බලකොටුවක් ලෙස සීගීරියට පමණක් යාපහුව දෙවැනි වන බව සෙණරත් පරණවිතානයන්ගේ මතයයි.

යාපහුව රාජධානියේ මූලිකාංග ලෙස පිට නගරය, පිට දිය අගල, පිට ප්‍රාකාරය, පියගැටපෙළ හා ගල් කෙමිය, ඇතුල් නගරය, ඇතුල් අගල, ඇතුල් පවුර, සභා ශාලාව, රජ මාලිගය, ඇතුල් නගරයේ රාජකීය ගොඩනැගිලි, ද්වාර මණ්ඩපය සහිත විසිතුරු පියගැටපෙළ, දළදා මාලිගය හා පර්වත මස්තකයේ නටඹුන් දැක්විය හැක. ඊට අමතරව ස්වභාවික ලෙන් ගුහා, ලෙන් සංකීර්ණ හා ස්වභාවිකව නිර්මාණය වු තටාක ආදියෙන්ද පර්වත මුදුනේ අක්කර ගණනක් වූ භූමිභාගය තුළද සංචාරකයන් හා ගවේෂකයන්ට නිරීක්ෂණයට සුවිශිෂ්ට දෑ බොහෝ පවතී. පර්වත මුදුනේ අංශක 360ක දර්ශන පථය සිත්ගන්නා සුළුය.

කොළඹ සිට දුම්රියෙන් පැමිණ මහව මංසන්ධියෙන් බැස එතැන් සිට කුලී රථයකින් විනාඩි 15ක පමණ කාලයකින් යාපහුව රජමහා විහාරයට ලඟා විය හැක. ගල් පඩි ඔස්සේ ගිරි දුර්ගය නැගීමට පැය භාගයකට වැඩි කාලයක් ගතවේ. ගමනේ විඩාව නිවා ගැනීමට සුලු ආහාරයක් හා වතුර බෝතලයක් රැගෙන යාම ප්‍රමාණවත් වේ. පානීය ජලය කිවුල් රසයක් ගන්නා නිසා බෝතල් කළ වතුර රැගෙන යාම වඩා යහපත්ය. කොළඹ සිට දුම්රියෙන් පැමිණි කෙනෙක් නම් නැවත මහව මංසන්ධියෙන් ආපසු ගමනට දුම්රියෙන්ම ගමන් කිරීමට කාලය කලමනාකරණය කරගත හැක.

උදෑසන 7.20ට දකුණු කළුතරින් දුම්රියෙන් ගමන් ඇරඹී මමත් මගේ ගමන් සගයන් වන සඳමාලි හා මධුශානිත්, කොළඹ කොටුවෙන් තලේ මන්නාරම බලා පිටත් වූ දුම්රියෙන් මහව හංදිය බලා ගමන් කළෙමු. මධ්‍යහනය පසුවීමත් සමඟ මහව නගරයට පැමිණි අපි ත්‍රීරෝද රථයකින් යාපහුව වෙත පැමිණියෙමු. පැය 3ක් පමණ කාලයක් යාපව් ගිරි තරණයටත්, අතීත නටඹුන් බැලීමටත්, ජායාරූප හා වීඩියෝ ගත කිරීම් වලටත් මිඩංගු කිරීමෙන් පසු සවස තුනට පමණ ආපසු මහව දුම්රිය ස්ථානයට පැමිණියෙමු. කන්කසන්තුරය සිට පැමිණි යාල්දේවී දුම්රියෙන් කොළඹටද, එතැන් සිට කළුතර දක්වා නැවත දුම්රියෙන්ද පැමිණ පැය 14ක පමණ කාලයකින් තවත් එක් දින චාරිකාවක් සාර්ථකව නිමා කරන්නට අපට හැකිවුණි. ගමනේදී පරිසරයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීමටද අප වගබලා ගත්තෙමු.
අකිල දහනායක

SendShareShare
Previous Post

රනිල්ගේ තර්කවලට කරු උත්තර දෙයි

Next Post

‘අංගොඩ ලොක්කාගේ’ කෝටි 42ක කුඩු අඹතලෙන් අල්ලයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.