සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු හෙරොයින් කිලෝග්‍රෑම් 42ක්, ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් සමග අඹතලේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වී ඇත.
මෙම කුඩු තොගයේ වටිනාකම කෝටි 42කට ආසන්න බව පැවසේ.
පසුගියදා ඩුබායි රටට පළා යෑමට තැත් කිරීමේ දී කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අතර සිටි අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත මෙම වැටලීම සිදුකොට තිබේ.
මෙම ගිනි අවි සහ මත්කුඩු අංගොඩ ලොක්කාට අයත් බව අනාවරණය වී තිබේ.