• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කෙල්ල Grammy යයි!

October 21, 2024
in Heart
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

යොහානි දිලෝකා ද සිල්වා ගැන ‘මව්රට’ මේ ලියන්නේ කීවැනි ලියවිල්ලද කියන්න නිනව් නැති තරමට අපි ඈ ගැන ලියා ඇත්තෙමු. එලෙසම තවත් වතාවක් ඈ ගැන ලියන්නට අවස්ථාවක් උදාවී ඇති බවද කියන්නට ඕනෑය. (Sri Lanka Latest News)

මොකක්ද ඒ අලුත් ආරංචිය? යොහානිට තවත් මොනවා හරි ඉල්ලමක් පාත්වෙලාද?
ඔව් ඉතින් ලංකාව වාගේ පුංචි රටක කෙල්ලක් කරපු නිර්මාණයක් ග්‍රැමී සම්මාන උළෙලට නිල වශයෙන් තෝරාගන්නවා කියන්නේ ඉල්ලමක් වාසනාවක් වගේ දෙයක් තමයි.

ඒත් දුකට කාරණය කියන්නේ කවුරුත් අතර මේ ආරංචිය වෙනත් නිවුස් තරම් ප්‍රසිද්ධ වුණේ නැහැ. කිසිම පලකට නැති විකාර බහුබූත ඔක්කොම ගොසිප් තාලෙට රට පුරා යන මුහුණු පොතේවත් මේ ආරංචිය ලොකුවට ගිහින් තිබුණේ නැහැ. ලොකුවට තියා පොඩියටවත් ගිහින් තිබුණේ නැහැ. ඒකට හේතුවක් දන්නෙත් නැහැ.

විනාඩියක් දෙකක් අරගෙන පැත්තකට වෙලා හිතලා බැලුවොත් මුහුණු පොතේ අද සංසරණය වෙන විකාර බහුබූත අතරට යොහානිගේ නිර්මාණයක් ග්‍රැමී වාගේ ඉහළ මට්ටමේ අති උත්කර්ෂවත් සම්මාන උළෙලකට ඉදිරිපත් වෙනවා කියන එක ඇගේ ජීවිතයට වාගෙම ශ්‍රී ලාංකේය සංගීත කලාවටත් මොන තරම් කීර්තියක්ද? කාටත් දැනගන්නත් එක්ක ඒ කීර්තිමත් සටහන මේ විදියට කෙටියෙන් කියන්නම්.

යොහානි විසින්ම රචනා කළ ගීත 14කින් යුතු කෙල්ල (Kella) ඇල්බමය 67 වැනි ග්‍රැමී සම්මාන උළෙල සඳහා ඉදිරිපත්ව ඇත. නිල වශයෙන් මෙලෙස තෝරාගෙන ඇත්තේ යොහානි පළමු වතාවට නිර්මාණය කළ ගීත ඇල්බමයයි.

‘මේක මහ හීනයක් වගෙයි මට. ඇත්තටම සම්මානය අතට ලැබුණා හා සමාන ආඩම්බරයක් මට දැනෙනවා. එක අතකට මට විතරක්ම නෙවෙයි. ශ්‍රී ලාංකේය සංගීත කලාවට වගේම හැම කලාකරුවකුටම වුණත් මේක ලොකු ගෞරවයක්. ‘කෙල්ල’ ඇල්බම් කරන කොට ඒක එළිදක්වන කොට මේ තරම් ලොකු වාසනාවක් එයට හිමිවෙයි කියා මම කවදාවත්ම හීනෙකින්වත් හිතුවේ නැහැ. අදහන්න බැරි මේ සතුට මට දුන්නාට ඒ හැමෝටම ස්තුතියි…’

තමා ලද වරප්‍රසාදය ගැන උදව්වට හිටපු යොහානි සිය ඉන්ස්ටර්ග්‍රෑමයේ එහෙම සටහනක් මුදාහැර තිබුණා.

ඒ ගැන බොහෝ විට හාංකවිසියක් කිසි කෙනෙක් දන්නේ නැහැ වාගෙයි. එහෙම නැත්නම් නොදන්නවා වාගේ ඉන්නවා ඇත. යොහානි ඉන්දියාවේ දැවැන්ත ප්‍රසංග වේදිකාවල සින්දු කියනකොටත්, මැණිකේ මගේ හිතේ සින්දුව ලොව පුරා ප්‍රසිද්ධ වෙනකොටත්, සුපිරි තරුව සල්මන් ඛාන් යොහානිගෙන් ඒ සින්දුවේ පද ඉගෙනගන්න ට්‍රයි කරන වීඩියෝව සෝෂල් මීඩියාවල වයිරල් වෙනකොටත් යොහානි ඉන්දියානු චිත්‍රපටවල ගීත ගායනය සඳහා ඇග්‍රිමන්ට් සයින් කරනකොටත්, ඇයට ඩුබායිවල සිටිසන් ෂිප්එක අවුරුදු ගානකට ලැබෙනකොට වගේම ඇමෙරිකානු බිල්බෝඩ් එකේ ඇගේ රූපය නගරය පුරා විහිද යනකොට ලංකාවේ කට්ටිය හිටියේ මෙහෙමය. මේ විදියටය.

අනේ ඉතින් මේ විපර්යාසයට හේතුව මොකක්ද?

ඒක නම් කොහොමටවත් කියන්නට දන්නේ නැත. ටෙලි නිළියක් සුපර් මාර්කට් ගියත්, ඇඳුම් සාප්පුවකට ගියත්, රසට හදන්න ඇහැකි කෑම ජාතියක් ෆොටෝ ගහලා මුහුණු පොතේ දැම්මත් හාර පන්සිය ගණන් කමෙන්ට් දාන අපේ කට්ටිය තුට්ටු දෙකේ ටික්ටොක්වලට ඒක නියමයි ඔයාට නිළියක් වෙන්න පුළුවන් කියලා පම්පෝරි කතා කමෙන්ට් කරන අය යොහානිට අඩුම තරමේ හාට් සලකුණක්වත් ඇඟිලි තුඩින් කොටන්නේ නැත.

යොහානිට විශාරද පට්ටම් නැත. ඇය සිංහල තාලෙට අඳින්නේ නැත. දේශපාලන වේදිකා ඇයට ප්‍රිය නැත. මාධ්‍ය පසුපස යෑම හෝ ප්‍රසංග වේදිකාවල සින්දු ලිස්ට් එකට නම දාගන්න පුරුදු ඇය සතුව නැත. යොහානි පොප් තාලෙට අඳින පලඳින පොප් තාලෙට සින්දු කියන රැප් ස්ටයිල් එකට ප්‍රිය කෙල්ලෙක්. අඩුම ගානේ තමන්ගේ හැකියාවට තමන්ට සුවිශේෂ වරප්‍රසාදවලට ලංකාවේ කට්ටිය තමන්ගේ මිනිස්සු කමෙන්ට් කරන්නේ නැති එක ගැනවත් යොහානිට අබ ඇටේක ගානක් නැහැ. එහෙම කළ යුතුද කියා හෝ එහෙම නොකරන්නේ ඇයිද කියාවත් ඇයට ගානක් නැත. ‘අපේ මිනිස්සුන්ගේ හිත් හරි කුහකයි’ කියලාවත් යොහානි කිසිම තැනක කියලා නැහැ.

එහෙමය කියලා අපේ අය යොහානි වෙනුවෙන් දක්වන කුහක ප්‍රතිචාරය හරිද? එතැන තියෙන්නේ ඉරිසියාවද? කුහකකමද? වෙන මොකක්ද කියා වැටහෙන්නේ නැත. කොහොමත් වැටහෙන එකම දෙය ලංකාවේ ඉපදුණු යොහානි වැනි අපේ කෙල්ලක් මවුබිමට ගෙන එන ගෞරවය කීර්තිය ගැන අපේ උන්ට වගක් නැත.

කවුද එයාව ගණන් ගන්නේ?

අපේ උන් යොහානිට ලැබෙන වාසනා මහිමය හමුවේ පතිචාර දක්වන්නේ ඒ තියරියටය. හැබැයි ග්‍රැමී සම්මාන උළෙලට තම ‘කෙල්ල’ ඇල්බමය ඉදිරිපත් වූ ආරංචිය ලද සැණින් ‘සම්මානය මට නොලැබුණත් මේ ඉදිරිපත් කිරීමේ ගෞරවය සහ අභිමානය මා වෙනුවෙන් පමණක් නොව අපේ රට අපේ හැඩ අපේ නාද සහ ශ්‍රී ලාංකේය සංගීතය ලොවට ගෙනයෑමේ සිහිනයක සිටින සැම වෙනුවෙන්ය…’

සිය ඉන්ස්ටර්ග්‍රෑමයේ සහ සෝෂල් මීඩියාවල යොහානි මුදාහැරියේ එහෙම සටහනකි.
එදා වගේම ‘මව්රට’ අපි අදත් ඒ වෙනුවෙන් සටහනක් තියනවා.

‘යොහානි ඔහොම යං… Good Luck….’

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මහින්දගේ ආරක්ෂාව නැති කරලා! මහින්දට මොනවා හරි වුණොත් ඒකේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න ගම්මන්පිල ආණ්ඩුව හංගන් ඉන්නවා කියපු පාස්කු වාර්තා දෙක එළියට දානවා! නම්ගම් එක්කම කියනවා! සජීවීව බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.