• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිතේ පැල් බැඳගෙන ඉන්නේ තවම කවිකාරයෙක්…! මගේ ගීත අහන ආදරණීය පිරිසකුත් ඉන්නවා…! ආදරය ලැබෙනකොට තවත් සම්මාන මොකටද..? ආසිරි පෙරේරා! Sri Lanka Latest News

May 16, 2026
in Heart
Reading Time: 2 mins read
A A
හිතේ පැල් බැඳගෙන ඉන්නේ තවම කවිකාරයෙක්…! මගේ ගීත අහන ආදරණීය පිරිසකුත් ඉන්නවා…! ආදරය ලැබෙනකොට තවත් සම්මාන මොකටද..? ආසිරි පෙරේරා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හදවතට දැනෙන වචන පද කළ ඔහු, කවියෙන් ගීත ලෝකයට පැමිණි අපූරු නිර්මාණකරුවෙකි. දීප්තිමත් තාරකාවකගේ ආලෝකයත් සමඟ ඔහුගේ නිර්මාණ ගමන තවත් බැබළෙන්නට වූ අතර, ඔහු නමින් ආසී නොහොත් ආසිරි පෙරේරා නම් තරුණ ගී පද රචකයායි. මව්රට ‘හාට්’ හමුවේ ඔහු ඔහුගේ කතාබහ අපත් සමග මෙසේ ආරම්භ කළා. Sri Lanka Latest News

කවුද මේ ආසී?
ආසී කියන්නේ පුංචි ගී පද රචකයෙක්.
පුංචි කියලා කිව්වට හරිම නිර්මාණශීලී?
අද වෙනකොට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තියෙනවා සහ ලැබෙමින් පවතිනවා. මම හැමදාම උත්සාහ කරන්නේ නිර්මාණයක් ඇතුළේ මතක සටහනක් ඉතුරු කරන්න. ඒ වගේම බොහෝ දෙනාගේ ජීවිතයේ වචන කිරීමට නොහැකි බොහෝමයක් සිද්ධි තමයි මගේ ගීතවල පද නිර්මාණයට පසුබිම් වෙලා තියෙන්නේ.
ආසී, ඔබ ගී පද රචනයට ඇවිත් කොපමණ කාලයක් වෙනවද?
දැනට අවුරුදු 8ක් වෙනවා. ඊට කලින් මම ලිව්වේ ගොඩක්ම නිසඳැස් සහ පුංචි කවි. දැන් ගී පද රචනය කළාට තාමත් හිතේ පැල් බැඳගෙන ඉන්නේ කවිකාරයෙක්.
ඒ කවිකාරයාට යොහානි ද සිල්වා වගේ ප්‍රසිද්ධ චරිත සමග වැඩ කරන්න ලැබුණා. ඉතින් ඒ ගැන කතා නොකරම බැහැ නේද?
ඔව්. යොහානි සහ දිලංජන් තමයි මගේ සංගීත ජීවිතයේ පළවෙනිම පියවර තියන්න මට අවස්ථාව ලබාදෙන්නේ. ඇයගේ ප්‍රථම ඇල්බමයේම ගීත රචනා කරන්නට මට ලැබෙනවා. ඊට පස්සේ ජාත්‍යන්තර තලයේ ගීත රචනා කිරීමටත් ඒ හරහා අවස්ථාව හැදෙනවා. ඊට පස්සේ තමයි මම මේ වෘත්තීමය පද රචනයට එකතු වෙන්නේ..
ඔවුන් ඔබට ඒ අවස්ථාව ලබා දුන්නේ ඔබ සමාජ මාධ්‍යයට එකතු කරපු නිර්මාණ දැකලද?
ඔව්. මෙඩූසා කියන්නේ මම ලියපු නිසඳැසක්. මේක ගීතයක් කරමු කියන අදහස එන්නේ වරුණ අයියගෙන්. එතනදී තමයි යොහානිව මුණගැහෙන්නේ. ඊට පස්සේ දිලංජන් සෙනෙවිරත්නගේ ආරාධනයකින් තමයි ඔවුන් සමඟ වැඩ කරන්න එක්වෙන්නේ. ඒ ලැබුණු ආරාධනාව තමයි මගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ.
මේ හැකියාව ලැබුණේ ඔබේ පවුලේ අයගෙන්ද?
ගී පද රචනය නම් මගේ පවුලේ කිසිම කෙනෙකු කරලා නැහැ. නමුත් මගේ පියා, ඔහු විශ්‍රාමික පාසල් ගුරුවරයෙක්. ඔහුට ගායනා කිරීමේ හැකියාවක් හොඳින්ම තියෙනවා. මේ ළඟකදී තිබුණු සිගින්ග් ස්ටාර් කියන ගායනා තරඟයකින් ඔහු ශූරතාවය පවා දිනා ගනු ලැබුවා. ඉතින් ඒ ආභාෂය මට දායකත්වයක් වෙන්නැති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අම්මාගේ සහ තාත්තාගේ පූර්ණ ආශිර්වාදය තියෙනවා කියලා නම් මම හොඳටම දන්නවා.
ආසිටත් තාත්තාට වගේ ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්?
මගේ ගීත කිහිපයක් මම එළිදක්වලා තියෙනවා. තව කිහිපයක් එන්නත් තියෙනවා. ඒක ඇත්තටම මම විනෝදාංශයක් විදිහටයි කරන්නේ. මම කැමතියි ඇත්තටම ගී පද රචකයෙක් විදිහට ඉදිරියටම යන්න.
ඒ කියන්නේ ඔබට ගායකයෙක් වෙන්න අදහසක් නෑ?
ඉස්සර නම් අදහසක් තිබුණා. මම හිතන්නේ දැනටත් මම ඒක කරනවා. පොඩි කවයක් ඇතුළේ මගේ ගීත අහන ආදරණීය පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් මම පොඩ්ඩක් ගීත ගායනත් කරනවා නැතුවම නෙවෙයි. හැබැයි මම අර කිව්වා වගේ මම කැමතිම ලියන්න. අදහස් එක්ක, හැඟීම් එක්ක ගනුදෙනු කරන්න.
සම්මානනීය ගී පද රචකයෙක් වෙන්න අදහසක් ඇති…
සම්මානයක් කියන්නේ ඇගයීමක්. ඉතින් දැනටමත් මට බොහෝ දෙනෙක්ගේ ආදරය ලැබෙනකොට තවත් සම්මාන මොකටද. ආදරණීය මිනිසුන්ගේ ආදරය නොඅඩුව ලැබෙන එක. ඒකම සම්මානයක් විදිහට මම දකිනවා.
ඒ කියන්නේ ආසි මිනිස්සුන්ගේ ආදරය සම්මානයක් විදිහට බාර ගත්තත් ඔබ වෙනත් සම්මාන බාර ගන්නේ නෑ? ඔබව සම්මාන උළෙලවල දැක ගන්න බැරි වෙයි කියන එකද?
සම්මාන උළෙලකදී මම ඉඳීවි. නම නිර්දේශ වුණොත් මම ගිහින් සම්මානයක් ගනීවි. නමුත් කිසිම දවසකදී සම්මානයක් නොලැබුණාය කියලා මම මේ කරන කිසිම දෙයක් නවතින්නේ නෑ. මොකද සම්මානය දෙන්නේ ප්‍රේක්ෂකයෝ නිසා නම් ඒ අයගේ ආදරය නොඅඩුව ලැබෙනවා නම් ඒ ඇති. උළෙලකින් නොලැබුණත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය සම්මානයක් විදිහට නිරන්තර හිමිවෙන එක ගැන කලාකරුවෙක් විදිහට මම සතුටු වෙනවා.
දැනට ඔබේ කලා කටයුතු කොහොමද?
මේ දිනවල වැඩ කිහිපයක් කරගෙන යනවා. ළඟදීම නිකුත් කළේ රහල් අල්විස් ගායන ශිල්පියාට මම සහ රවීන් එකතු වෙලා කරපු ‘බොහෝ කල්’ ගීතය. ඒ වගේම ආලවන්ත හීනය ගායනා කරපු නිසල් සත්සරගෙත් අලු‍ත්ම වැඩක් මේ දවස්වල කරගෙන යනවා. තවත් විශේෂ කෙනෙක්ගේ වැඩක් මේ දවස්වල කරගෙන යනවා. ඒ ගැන ඉස්සරහට කියන්නම්.
ඔබේ සියලු‍ කටයුතු සාර්ථක වේවා යැයි පතන ගමන් මව්රට හාට් වෙනුවෙන් ගී පද පේළියක් කරන ගමන් කතාව නිමා කරමු…
මතක දිගේ..
පා නඟනා නුඹ හට..
සුබ වේවා සැමදිනයේ
මව්රට..
බොහෝම ස්තූතියි මේ කතාබහට මාව සම්බන්ධ කරගත්තට.

SendShareShare
Previous Post

නාකොලගනේ කැලෑ පාළුවන්ට අධිකරණය දුන් සුපිරි තීන්දුව! Sri Lanka Latest News

Next Post

චීන තානාපතිට එකපාරට ඉන්දු-ලංකා-චීන සහයෝගිතා 3ක් මතක් වුණේ ඇයි? Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.