• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාකොලගනේ කැලෑ පාළුවන්ට අධිකරණය දුන් සුපිරි තීන්දුව! Sri Lanka Latest News

May 16, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
නාකොලගනේ කැලෑ පාළුවන්ට අධිකරණය දුන් සුපිරි තීන්දුව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද ‘කැලෑ කොලම’ තුළින් අපි ලියන්න පටන් ගන්නේ පරිසරයට ආදරය කරන හැමෝටම සතුටුදායක පුවතක්. ඔබ මීට පෙරත් මේ ගැන අහලා ඇති කියලා අපි හිතනවා. ස්වභාවධර්මයට, පරිසරයට, සතා සීපාවන්ට වින කටින කිසිවෙක්ට නීතියෙන් සමාවක් නැහැ. එය කෙදිනක හෝ ක්‍රියාත්මක වෙනවා.Sri Lanka Latest News

ස්වභාවික සම්පත්වලින් අනූන අපේ පුංචි රටේ කැලෑවක් විනාශ කරනවා කියන්නේ ආත්ම ගණනාවක් පටිසන් දෙන පාපයක්. නාකොලගමුවේ වන විනාශය, එහෙම නැත්නම් අපි හැමෝම දන්නා පාළුකඩවල වන විනාශයටත් මා ඉහත කී ධර්මතාව පොදුයි. ප්‍රමාද වෙමින් හෝ නීතිය අලි ඇතුන් වෙනුවෙන්, පරිසරය වෙනුවෙන් නිවැරදි තීරණය ලබාදුන්නා. එයින් කියැවෙන්නේ මෙරට නීතිය, අධිකරණය සැබෑ ලෙසම ක්‍රියාත්මක වූ බවයි. ඊට මෙරට අධිකරණ පද්ධතියට කැලෑ කොලමේ ප්‍රණාමය.

අලි ඇතුන් 400ක් පමණ නවාතැන් ගන්නා, ජල පිපාසය සංසිඳුවා ගන්නා, කෙළිදෙළෙන් ගතකරමින් ආහාර ලබාගන්නා පාළුකඩවල වැව් ඉස්මත්තේ තියෙන අක්කර දහසකට වැඩි කැලෑව විනාශ කර එළිපෙහෙළි කරනු ලැබුවේ සිවුරක් දරා සිටින උන්නාන්සේ කෙනෙක් ඇතුළු ජාවාරම්කරුවන් පිරිසකගේ ප්‍රධානත්වයෙන්. ඒ පාරිසරික අපරාධයට හවුල් වූවන්ට අද නීතිය නිසි ලෙස තීන්දුව ලබාදී තිබෙනවා. මෙකී තීන්දුව පරිසරයට වැදගත් වන්නේ ඇයි? මින් ඉදිරියටත් පන්සල්, විහාර, දේවාල සතු ඉඩම් හෝ දේපළ එහි සිටිනා ඇතැම් ගණින්නාන්සේලා හෝ කපුවන්, දේවගැතියන් සතු නොවන බව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව තම තීන්දුවෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඉහත කී හිමියන් විසින් කැලෑ කොලමේ මෙම ලියුම්කරුටද කැලේ විනාශ කරන මුල් අවස්ථාවේදී තර්ජනය කරනු ලැබුවා. ඒ, මම මගේ මිතුරන් වන චන්දික ලක්මාල් හා තිළිණ චතුරංග, කාවන්තිස්ස ඇතාගේ ඡායාරූප ලබාගැනීම සඳහා පාළුකඩවලට ගිය අවස්ථාවේදීයි. කාවන්තිස්සගේ ඡායාරූප ගැනීමෙන් අනතුරුව අප ඉතා ඈතින් තවත් ඇතුන් දෙදෙනකු ඉන්නා බව දුටු බැවින් සෙමින් සෙමින් පාළුකඩවල වැව්පිටියේ තිබූ උස් බිමකට සේන්දු වුණා. ඒ, මානාභරණ ඇතා සහ අභයනාග ඇත්පැටියා පළමු වරට අපට මුණගැසුණු අවස්ථාවයි.

අප එහි සිටින විට යතුරුපැදිවලින් පැමිණි පිරිසක් අපට තර්ජනය කරමින්, කාගේ අවසරයකින්ද ඡායාරූප ගැනීමට පැමිණියේ යැයි අසා අපගේ කැමරා උපකරණවලට හා අපට අඩන්තේට්ටම් කිරීමට සැරසුණා. ඉන් ටික වේලාවකින් සිවුරු දරාගත් හාමුදුරු කෙනෙක්ද එකතු වී අපට තර්ජනාංගුලිය එසවීමට පටන්ගත් අතර, තත්ත්වය එන්න එන්නම බරපතළ වූ බැවින් අප දන්නා හඳුනන වනජීවියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට කතා කර විස්තර පැවැසුවා. ඔහු කියා සිටියේ වනජීවී ජීප් රථය පැමිණෙන තෙක් පරිස්සමෙන් සිටිනා ලෙසයි. ටික වේලාවකින් වනජීවී නිලධාරීන් පැමිණ අපගේ ආරක්ෂාව තහවුරු කළා. අප එහිදී ඔවුන්ට අපගේ අනන්‍යතාව පෙන්වා කරුණු සඳහන් කර සිටියා. ඉන්පසු ගම්මුන් හා භික්ෂු වේශධාරියා පැවැසුවේ මින් පසුව ඡායාරූප ගැනීමට පාළුකඩවලට නොපැමිණෙන ලෙසයි.

පසුව කළ සොයා බැලීමේදී අපට තහවුරු වූයේ වන විනාශයට හා පස් කැපීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක් අප සිටි ස්ථානයට නුදුරින් කැලෑව තුළ සඟවා ඇති බවත්, සිවුරු දරාගත් පුද්ගලයා කලබල වී ඇත්තේ ඒ නිසා බවයි.

මෙවැනි පසුබිමක් යටතේ පසුගියදා ලබාදුන් මෙකී නඩු තීන්දුව පරිසරයට ආදරය කරන අප සැමගේ ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකියි. ඉඩම් අවභාවිතය හා ඊට ගතයුතු නීතිමය පියවර, නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල්වරයකුගේ ප්‍රධානත්වයෙන් ඒකකයක් පිහිටුවීම, අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම, නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීම හා ප්‍රති වන වගාව, විනාශ වූ කැලෑ ප්‍රදේශ අදාළ විහාරාධිපතිගේ පුද්ගලික වියදමින් නැවත වගා කිරීම, ප්‍රසිද්ධියේ සමාව අයැදීම, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, වයඹ පරිසර අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය තමන්ගේ රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම් භාෂා තුනෙන්ම පළකොට මහජනතාවගෙන් සමාව අයැදිය යුතු බවද නඩු තීන්දුවේ සඳහන් කර තිබීම ඉතා වැදගත් වේ.

වනජීවී සංරක්ෂණය හා රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම හා වගකීම සම්බන්ධයෙන් මෙකී නඩු තීන්දුව ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන බව අපගේ පොදු හැඟීමයි. අලි ඇතුන් බිලිගත් ගල්ගමුව පාළුකඩවල නාකොලගමුව මහා වන විනාශයට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවෙන් කියැවුණේ, අලි ඇතුන්ගේ නිජබිමේ අයිතිය නැවතත් එම සද්දන්තයන්ටම ලබාදෙන ලෙසය. හඬක් නොනැගිය හැකි අසරණ සද්දන්තයන් වෙනුවෙන් හඬ නැගූ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු මෙකී නඩුකරය හා සම්බන්ධව කටයුතු කළ සියලු පරිසරහිතකාමී පුරවැසියන්ටත් කැලෑ කොලමේ ප්‍රණාමය පුද කිරීමට මෙය කදිම අවස්ථාවක් කර ගනිමු. පරිසරයට ජය… සතා සීපාවන්ට රැකවරණය…

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

ඇත්තමයි මං ඔයාට ආදරෙයි…! හිරු ලොවටම කියයි! Sri Lanka Latest News

Next Post

හිතේ පැල් බැඳගෙන ඉන්නේ තවම කවිකාරයෙක්…! මගේ ගීත අහන ආදරණීය පිරිසකුත් ඉන්නවා…! ආදරය ලැබෙනකොට තවත් සම්මාන මොකටද..? ආසිරි පෙරේරා! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.