අපි පසුගිය දවසක ‘සති’ ටෙලිනාට්‍යය ගැන විශේෂ ලිපියක් පළකළා. එහි එන විශේෂ චරිතයක් ගැනත් අපි එහිදී සඳහන් කළා. ඉතින් ඒ විශේෂ චරිතයට පණ පොවන මායා ගැනයි මේ කතාබහ. මායා චරිතයට ජීවය දෙන ජනප්‍රිය රංගන ශිල්පිනි උමයංගනා වික්‍රමසිංහ සමග ‘හාට්’ අපි මේ විදියට කතාබහක නියැලුණා.Sri Lanka Latest News
ඉතින් කොහොමද උමයංගනා?
සතුටින් ඉන්නවා අයියේ. මේ දවස්වල නම් වේදිකා නාට්‍ය වැඩකටයුතු සහ සති ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා.
‘මායා’ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර නම් හොඳයි. ලැබෙන ප්‍රතිචාරත් එක්ක ‘සති’ ටෙලිනාට්‍යය ගොඩ දෙනෙක් නරඹනවා කියලා දැනෙනවා. හැබැයි ප්‍රතිචාර විවිධ අයුරින් ලැබෙනවා. දර්ශන තලයේදී, මගතොටේදී හමුවන ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර වගේම දැන් තිබෙන තාක්ෂණික මෙවලම් හරහාත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
අතීතයේදී හසුන්පත් හරහා ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරත් අමතක කරන්න බැරුව ඇති නේද?
එහෙම කාලයකුත් කලා ක්ෂේත්‍රයේ අපි හැමෝටම තිබුණා. ඒ කාලේ ලිපි මගින් එවන ලද ප්‍රේක්ෂක ප්‍රතිචාර අද තාක්ෂණයේ දියුණුවත් එක්ක එසැණින් දැකගන්න කියවන්න ලැබිලා තියෙනවා. ඒ හරහා තිරයේ දකින්න ලැබෙන රංගන ශිල්පීන්ට විතරක් නෙවෙයි අධ්‍යක්ෂවරයා ඇතුලු සමස්ත නාට්‍ය කණ්ඩායමටම ඒ ප්‍රතිචාර අත්විඳින්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. සමස්ත පද්ධතියම එකිනෙකට බැඳුණු ජාලයක් බවට පත්වෙලා තියෙනවා. ප්‍රතිචාර විවෘතව ලැබෙනවා හැම දෙනාටම.
මායාට ලොකු අසාධාරණයක් සිදුව ඇති බව අපි දකිනවා. ඒ ගැනත් සඳහන් කළොත්?
අසාධාරණයක් වෙනවා මේ කතාවේ මායා හරහා නන්දනී ඇතුළු දරුවන්ට. හැබැයි මායාටත් අවුරුදු 20කට උඩදි සෙනරත්ගෙන් අසාධාරණයක් වෙලා තියෙනවා. හරි කවුද, වැරැදි කවුද කියන්න බැරි තරමට සංකීර්ණ වෙලා ප්‍රශ්නය.
හැබැයි මායාට වෙච්ච අසාධාරණය වෙනුවෙන් ඇය ගන්න තීන්දු තීරණ අපිට සාධාරණීකරණය කරන්නත් බැහැ. කොහොම වුණත් මේ හැම චරිතයක්ම සමාජයේ ජීවත් වෙනවා. ආදරය, කරුණාව අනෙකා කියන්නේ තමන් වගේම කෙනෙක් කියන කාරණය හිතන්න පුළුවන් වුණා නම් ප්‍රශ්න අඩුකරගන්න පුළුවන් වෙනවා. මායාට වුණත්.
මායා චරිතය ඉස්මතු වීමට තවත් කාරණාවක් ලෙස ඇඳුම් විලාසිතාවේ ලොකු ආකර්ෂණීය බවක් දකිනවා?
මායා කියන්නේ කවුද, ඇයගේ වෘත්තිය, වර්තමාන සමාජ පසුබිම වගේ කාරණා හිතලා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ඉන්දික ධර්මතිලක සහ කලා අධ්‍යක්ෂ සමග ගත් තීරණයක් තමයි ඒ ඇඳුම් විලාසිතාව.
වසන්ත විතාරණගේ











