ලබන වසරේ මුල් කාර්තුව ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බව තහවුරු වීමත් සමග ඊට තරග වැදීම සඳහා සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු අතර විශාල තරගයක් මතුව ඇති බවක් දැනගන්නට තිබේ.Sri Lanka Latest News
පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් විශේෂ පුවතක් වාර්තා කරමින් අප කියා සිටියේ දැනටමත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හතර දෙනකු සිය මන්ත්‍රී තනතුරෙන් ඉවත් වී පළාත් සභාවන් සඳහා තරග වැදීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවකි.
නමුත් මේ වනවිට එම මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බව දැනගන්නට තිබේ.
මීට අමතරව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රැසක්ද මේ වනවිට තීන්දු කොට ඇත්තේ සිය මන්ත්‍රී ධුරවලින් ඉවත්ව පළාත් සභාවන්ට තරග කිරීමටය.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වශයෙන් සිටියද ජනතාවට විශාල සේවාවක් සිදුකිරීමට නොහැකි වාතාවරණයක් මතුව තිබීම හේතුවෙන් මාලිමා මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මෙම තීරණයට එළඹ ඇති බව පැවැසේ.
මීට අමතරව පොහොට්ටුවේ හිටපු ප්‍රබල මැති ඇමැතිවරුන් විශාල පිරිසක්ද ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තරග කිරීමට දැනටමත් කැමැත්ත ප්‍රකාශ කර ඇති බවක්ද දැනගන්නට ඇත.










